
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් ඔහු මේ වන විට (ජුලි 04) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන අලියාගේ ඡායාරූපයක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
“ජැකාට ඉක්මන් සුවය පතන්න දාහක් හිටියට සතාට ඉක්මන් සුවය පතන්න හිටියේ අතලොස්සයි.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් හුවමාරු වූයේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම අලියාගේ ඡායාරූපය සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ, මෙම අලියා ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථය වැදුණු සත්ත්වයා බවට බොහෝ පිරිසක් උපකල්පනය කර ඇති බවටයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
පසුගිය 02 වන දා රාත්‍රියේ අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේ 7 කණුව ආසන්නයේදී ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ කැබ් රථයට වන අලියෙකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ඇන්තනී මහතා ඇතුළු කැබ්රථයේ ගමන් ගත් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.
අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඒ මහතා ඊයේ(03) අලුයම කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබුණා. ඒ බවට සඳහන් කරමින් පළ වූ ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link
වීඩියෝවක් මෙතනින්.
කෙසේ වෙතත් මෙම අනතුරින් තුවාල ලැබූ වන අලියාගේ ඡායාරූපයක් ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා හෝ ඡායාරූපයක් මෙතෙක් දක්වා නොමැති බවට අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණා.
ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර අපට දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපයේ දැක්වෙන්නේ, 2019 වර්ෂයේ සැප්තැම්බර් මස ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ ජලපටිගුරි දිස්ත්‍රික්කයේ, දුම්රියේ එන්ජිමක ගැටීමෙන් වන අලියෙකු අසාධ්‍ය ලෙස තුවාල ලබා ඇති අයුරුයි.
කෙසේ වෙතත් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ එම වන අලියා ජීවතක්ෂයට පත් වී ඇති බවත් වනජීවි බ්ලොග් අඩවියක් පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

Protectallwildlifeblog| Archived Link
එම අනතුරට මුහුණ දුන් අවස්ථාවෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තිබූ එම වන අලියාගේ වීඩියෝවක් පහතින්.
මෙම අනතුර සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ සටහනක් මෙතනින් සහ මෙතනින් තවත් පුවත් වාර්තාවක් මෙතනින්. එම අලියාගේ අවාසනාවන්ත මරණය පිලිබඳ පළවූ තවත් සටහනක් මෙතනින්
එසේම මෙසේ තුවාල ලබා තුබූ අලියාගේ ඡායාරුපය මීට පෙර ද අවස්ථා ගණනාවාක දී ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු අතර එවැනි එක් අවස්ථාවක් සම්බන්ධයෙන් සිදුකර තිබු AFP කරුණු විමර්ශනයක් මෙතනින්
කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ ගැටුණු වන අලියා සම්බන්ධයෙන් මැණික් හස්තීන් සුරැකීමේ සංවිධානය විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණේ, කැබ් රථයේ ගැටුණු එම හස්තියා මද වේලාව්ක් බිම වැටී සිට ඇති බවත් පසුව අපහසුවෙන් නැගිට ගොස් ඇති බවද ගම්වාසීන් පැවසූ බවයි.
අනතුරට ලක් වූ හස්තියා අසල ගමක් හරහා ගොස් මේ වන විට මොරගොඩ රක්ශිතයේ තම අලි රංචුව සමග එකතූ වී ඇති බවත්, මෙම හස්තියාගේ ඉදිරි පාද වලට වඩා හානි සිදුවී ඇති බවත්, හස්තියා සමීපයට ගොස් වැඩිදුර නිරීක්ෂණය කරන තුරු හස්තියාට සිදුවී ඇති හානිය නිවැරදිවම කිව නොහැකි බවත් සඳහන් කරනවා.
මේ වන විට වනජීවී නිළධාරීන් සහ මැණික් හස්තීන් සුරැකීමේ සංවිධානය විසින් මෙම හස්තියාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බවත් පෙන්වා දෙනවා.
එම සටහන පහතින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ ගැටුණු වන අලියාගේ ඡායාරූපය යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ 2019 වසරේ දී ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ දුම්රියේ එන්ජිමක ගැටීමෙන් අසාධ්‍ය ලෙස තුවාල ලබා, පසුව ජීවිතක්ෂකයට පත් වූ වන අලියෙකුගේ ඡායාරූපයකි.
ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ ගැටී, අනතුරට මුහුණ පෑ අලියාගේ ඡායාරූපයක් මෙතක් මාධ්‍ය වෙත නිකුත් කර නොමැති අතර මේ වන විටත් එම වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවි නිලධාරීන් ඇතුළු කණ්ඩායම් උත්සහ කරමින් සිටින බව වාර්තා වෙනවා.

Title:ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයට හසු වූ වන අලියාගේ ඡායාරූපයක් ද?
Fact Check By: Pavithra SandamaliResult: False
