සිම්බාබ්වේ යනු දශක කිහිපයක් තිස්සේ අධි උද්ධමනයෙන් පිඩා විදින රටක්. ආර්ථික විද්‍යාඥ ස්ටීවන් හැන්ක්ගේ ගණනය කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ලෝක උද්ධමන දර්ශකයන්ගේ දෙවන ස්ථානය හිමිකර ගන්නේ සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් දෙවැනි වෙමින්.

මේ හේතුවෙන් දිගු පෝලිම්, විදුලි කප්පාදු ,අධික උද්ධමනය නිසා පිඩාවට පත්ව සිටින ලංකාව මුහුණ පා සිටින තත්වය, සිම්බාබ්වේ දේශයට සමාන කරමින් ද බොහෝ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. සිම්බාබ්වේ රාජ්‍යය සිය මූල්‍ය ඒකකය අහෝසි කර රන් කාසි වලට මාරුවූ බවට වූ සමාජ ජාලා සටහන් පැතුරුණා . මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් :

සිම්බාබ්වේ රාජ්‍යය විසින් එහි මුදල් ඒකකය අවලංගු කල බවට වන සමාජ ජාලා සටහන් ජූලි මස 6 වනදා පැතිර ගියේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived

ඒ හා සමාන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

ඒ හා සමාන තවත් සටහන් පැතිර පැවතියේ මෙලෙසින්.

අසීමිත ලෙස මුදල් අච්චු ගැසිමත් අදුරදර්ශී පාලනයත් හමුවේ වසර ගණනාවක් තිස්සේ අධි උද්ධමනයෙන් බැට කමින් සිටි සිම්බාබ්වේ රජය විසින් මීට සුලු මොහොතකට පෙර සිය නිල මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලරය අහෝසි කරනු ලැබුවා . ඒ වෙනුවට ඔවුන් රන් කාසිය භාවිතා කරන බවට එරට රජය විසින් දන්වා ඇත.”

Facebook | Archived

එම සටහන ෆේස්බුක් පරිශිලීකයින් විසින් හුවමාරු කර ගෙන තිබුණේ මෙලෙසින්.

මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

සමාජ ජාලා වල සදහන් පරිදි , සිම්බාබ්වේ රජය විසින් ඔවුන්ගේ මුදල් ඒකකය අහෝසි කර රන් කාසි වලට මාරු වූ බවට ජාත්‍යන්තර මාධ්‍ය වල වාර්තා පළ වී ඇද්ද පිළිබදව සොයා බැලුවා. එහිදී අපට නිරීක්ෂණය වූ කාරණය වූයේ එලෙස පුවතක් ජාත්‍යන්තර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා වී නොමැති බවයි.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් වාර්තා වූ පුවත්හි දක්වා තිබුනේ, දේශීය මුදලට බාධාවක් වී ඇති උද්ධමනය මැඩපැවැත්වීම සඳහා සිම්බාබ්වේ රජය විසින් රන් කාසි (Gold Coins) විකිණීම ආරම්භ කිරීමට ඉදිරි දිනයන්හි පියවර ගන්නා බවයි.

ආර්ථික ගැටලු මධ්‍යයේ සිම්බාබ්වේ මහ බැංකු අධිපති ජෝන් මංගුඩියා පසුගිය දා මෙම පියවර ප්‍රකාශයට පත් කර තිබුණා.

වික්ටෝරියා දිය ඇල්ල නමින් නම් කර ඇති මෙම රන් "Mosi-oa-tunya" කාසිවල රත්‍රන් ට්‍රෝයි අවුන්සයක් (ග්‍රෑම් 31 ක් පමණ) අඩංගු වන අතර ජාත්‍යන්තර රත්‍රන් මිල සහ නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ මිලකට මෙම කාසි 2022 ජූලි 25 සිට විකිනීමට තබන අතර දේශීය මුදල් ඒකකයෙන් , ඇමෙරිකානු ඩොලර් ආදී වෙනත් මුදල් ඒකකවලින් ද මිලට ගැනීමට හැකි බවට මාධ්‍ය වාර්තා පලවුවේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

සිම්බාබ්වේ සංචිත බැංකුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Facebook | Archived Link

කෙසේනමුත් මෙය දැනට භාවිතා වන සිම්බාබ්වේ ඩොලර් (ZWL) මුදල් ඒකකය වෙනුවට හඳුන්වා දුන් මුදල් ඒකකයක් නොවේ. සිම්බාබ්වේ රාජ්‍යය මෙම තීරණය ගෙන ඇත්තේ, මැයි මාසයේ 132% ලෙස වාර්තා වී තිබු එරට උද්ධමන වේගය, ජුනි මාසය වන විට 191% දක්වා වර්ධනය වීම නිසා, එයට දක්වන ලද හදිසි ප්‍රතිචාරයක් ලෙසයි. ආයෝජකයන් සිම්බාබ්වේ ඩොලර් වලින් අමෙරිකානු ඩොලර් මිලදී නොගෙන මෙම රන් කාසි මිලදී ගනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

අවශ්‍ය අයෙකුට Zimbabwe හි දැන් USD නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස භාවිතා වන්නා සේ මෙම Gold Coins ද භාවිතා කල හැකිය. ඒ අනුව සැබෑවින්ම රන් කාසි හදුන්වා දීම මගින් සිම්බාබ්වේ රාජ්‍යය සිදු කිරීමට යන්නේ ZWL සිම්බාබ්වේ මුදල ඒකකය අහෝසි කිරීමට කටයුතු කිරීමක් නොවන අතර උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කිරීමයි.

ආයෝජකයන් විසින් කාලයක සිටම යුද්ධ වලදී ඇතිවන අස්ථායි ආර්ථික තත්ත්වයන් වලදී මෙන්ම අධි උද්ධමන තත්ත්වයන්ට විසදුමක් ලෙස රන් කාසි භාවිතයට ගැනීම සිදු කරයි. ඒ සම්බන්ධයෙන් වන රොයිටර්ස් සහ අල් ජසිරා වාර්තා කියවිය හැකියි මෙතනින් සහ මෙතනින්. Archived & Archived.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝවක් පහතින්.

https://youtu.be/dS5Ce1s7m58

සිම්බාබ්වේ ඩොලරය

සිම්බාබ්වේ ඩොලරය(ZWD) 1980 සිට 2009 අප්‍රේල් 12 දක්වා සිම්බාබ්වේ නිල මුදල් ඒකකය වනවා.

එම කාලය තුළ, අධි උද්ධමනය නිසා ඇති වූ ඉහළ මුහුණත වටිනාකමින් යුත් කඩදාසි නිකායන් සමඟ කටයුතු කිරීම සඳහා මුදල් විශාල වශයෙන් ප්‍රතිනිර්මාණය කිරීම් තුනකට ලක් විය. එක් අවස්ථාවක සිම්බාබ්වේ ඩොලරිය ට්‍රිලියන 100 මුදල් නෝට්ටුවක් මුද්‍රණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු රැන්ඩ්, බොට්ස්වානා පුලා, බ්‍රිතාන්‍ය පවුම්, යුරෝ සහ එක්සත් ජනපද ඩොලරය වැනි පරිවර්තනය කළ හැකි මුදල් වර්ග දැන් සිම්බාබ්වේ හි සියලුම ගනුදෙනු සඳහා භාවිතා වී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

2009 වසරේදී සිම්බාබ්වේ රාජ්‍යයට ZWD මුදල් ඒකකය අහෝසි කිරීමට සිදු වෙනවා. ඒ සිම්බාබ්වේ රාජ්‍යය මුහුණ දුන් අධි උද්ධමන තත්ත්වය නිසා. එහිදී ඒ වෙනුවට ඉහත දක්වන ලද ආකාර කලාපිය සහ ගෝලීය මුදල් ඒකක රාශියක් සිම්බාබ්වේ තුළ භාවිතයට පටන් ගත්තා.

කෙසේ වෙතත් 2019 වසරේදී සිම්බාබ්වේ ඩොලරය නව මාදිලියකින් ZWL ඩොලරය ලෙස භාවිතයට පැමිණියා. මෙය මෙය RTGS( Real Time Gross Settlement) dollar ලෙසද හැදින්වෙනවා. මේ සමගම බහු මුදල් ඒකක භාවිතය 2019 තාවකාලිකව නැවතුණ ද ඉහල යන උද්ධමනය නිසා 2020 වසරේදී ZWL ඩොලරය භාවිතා කරන අතරම බහු මුදල් ඒකක භාවිතය නැවත හදුන්වාදීමට සිම්බාබ්වේ රාජ්‍යයට සිදුවුණා.

2022 වසර පමණ වන විට බොහෝ දෙනෙක් ඇමෙරිකානු ඩොලරය හරහා ගනුදෙනු සිදු කිරීම නිසා ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය අනුමාන කලේ සිම්බාබ්වේ ජාතික මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලරයේ දෙවන වරට භාවිතයෙන් ඉවත්ව යාමක් ද සිදුවිය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් වන වාර්තා කියවිය හැකියි මෙතනින් , මෙතනින් සහ මෙතනින්. Archived & Archived

මේ සම්බන්ධයෙන් සිම්බාබ්වේ මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන්.

සිම්බාබ්වේ ප්‍රධාන පුවත්පතක් වන හෙරල්ඩ් පුවත්පතේ නිල වෙබ් අඩවිය පවසන්නේ සැබැවින්ම මෙම රන් කාසි හදුන්වා දීම මගින් සිම්බාබ්වේ මුදල් ඒකකය වන ඩොලරයේ පැවැත්මට/ස්ථායි බවට යම් රුකුලක් ලබාදෙනු ඇති බවයි. මෙම රන් කාසි පහසුවෙන්ම මුදල් බවට පරිවර්තනය කල හැකි බවටත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වෙළෙද කටයුතු වලදී භාවිතා කල හැකි බවටත් ඔවුන් පවසනවා. මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් කියවිය හැකියි මෙතනින්. Archived

නිව්ස් ඩේ පුවත්පතේ වෙබ් අඩවිය සදහන් කරන්නේ ජූලි මස 25 වනදා සිට රන් කාසි දේශීය මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය ඒකක මගින් මිලදී ගැනීමට හැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් සමහර ආර්ථික විශ්ලේෂකයින් මෙන්ම විපක්ෂ දේශපාලන නායකයන් පවසන්නේ මෙය මගින් රටේ ආර්ථික ගැටළු විසදීම සදහා සුබවාදී ප්‍රවේශයක් ඇතිවන බවට බලාපොරොත්තු තැබිය නොහැකි බවයි. ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින්. Archived.

දැනට, රත්‍රන් මිල ඩොලර් 1,600 පමණ වීමත් සමඟම දුෂ්කර ආර්ථික තත්වයන් තුළ , ඉතා පහළ දරිද්‍රතා මට්ටමක ජනගනයනේ ඉහළ ප්‍රතිශතයක් සිටින සිම්බාබ්වේ ජනතාවට මෙම රන් කාසි මිලට ගැනීමට හැකිවේද සහ ඒ අතර මැදි ගණුදෙනු සඳහා මෙය යොදා ගන්නේ කෙසේද යනාදී ප්‍රශ්න ද ගණනාවක් මතුවනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා වෙනවා

එසේම උද්ධමනය මැඩපවත්වා නොගතහොත් සිම්බාබ්වේ හි දේශීය මුදල් ඒකකය, ඉදිරියේ දී අහෝසි වීමේ අවධානමක් පවතින බව රටේ විශාලතම ව්‍යාපාරික කණ්ඩායම පවසා තිබෙනවා.

බැංකු ණය ලබා දීම තාවකාලිකව තහනම් කිරීම සහ අන්තර් බැංකු විනිමය අනුපාතිකයක් පැනවීම වැනි දේශීය මුදල් ආරක්ෂා කිරීම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් පසුගිය මාස හය තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් මෙතෙක් අසාර්ථක වී ඇති බව සිම්බාබ්වේ කර්මාන්ත සම්මේලනය පැවසූ බවට විදෙස් මාධ්‍ය වාර්තා මෙලෙසින් පෙන්වා දී තිබුණා

Also Read: 2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ සමාජ ජාලා සටහන් වල සදහන් ආකාරයට සිම්බාබ්වේ රාජ්‍යය මගින් එහි මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලර් (ZWL) භාවිතයෙන් ඉවත් කිරීමක් හෝ ඒ වෙනුවට රන් කාසි භාවිතය හදුන්වාදීමක් සිදු කර නොමැති බවයි. ආයෝජකයින් විවිධ අවස්ථාවල දී උද්ධමනයට එරෙහිව ආරක්ෂාව සපයාගැනීම ක්‍රමයක් (hedge) වශයෙන් යොදා ගන්නා රත්‍රන් ගොදාගැනීම සේ ජුලි 25 වනදා සිට රන් කාසි හඳුන්වාදීම මඟින් සිම්බාබ්වේ රාජ්‍යය අපේක්ෂා කරන්නේ, එරට උද්ධමනය පාලනය කිරීම රුකුලක් වනු ඇති බවයි.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයින් විවිධ මත දරන අතර ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉතා පහළ දරිද්‍රතා මට්ටමක ජනගනයනේ ඉහළ ප්‍රතිශතයක් සිටින සිම්බාබ්වේ ජනතාවට මෙම රන් කාසි භාවිතය ප්‍රායෝගිකව කෙතරම් දුරට සාර්ථක වේද යන්නයි. එසේම උද්ධමනය මැඩපවත්වා නොගතහොත් සිම්බාබ්වේ හි දේශීය මුදල් ඒකකය, ඉදිරියේ දී අහෝසි වීමේ අවධානමක් පවතින බවට ද එරට ව්‍යාපාරික කණ්ඩායම් පවසා තිබෙනවා.

Avatar

Title:සිම්බාබ්වේ එහි මුදල් ඒකකය අහෝසි කර, රන් කාසි වලට මාරු වුණා ද?

Fact Check By: Kalana Krishantha

Result: Misleading