ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින මේ වකවානුවේ, ආහාර වේල් දුෂ්කරතා මධ්‍යයයේ සපයාගන්නා ජනතාව හා සම්බන්ධ විවිධ කරුණු මාධ්‍ය ඔස්සේ නිතරම ප්‍රචාරය වනවා. එම කරුණු වේගයෙන් සමාජ ජාලා හරහා ද පැතිරෙනවා.

මේ, සමාජ ජාලා ඔස්සේ එසේ පැතිරුණු, දිවා ආහාර වේල සඳහා කලටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිලිබඳ පළවූ පුවත් වාර්තා පිලිබඳ විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

සමාජ ජාලා සටහන්

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසලක පාසල් දැරියක්, දිළිදුකම නිසා සහ ආර්ථික ගැටළු නිසා , පාසල් විවේක කාලයේදී අනුභවයට , පොල් මද ගෙන ආ බවට වන පුවතක් සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරී ගොස් තිබුණා.

හිරු පුවත් නිල ෆේස්බුක් පිටුවේ මෙම පුවත පළවී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙවන් සටහන් සමාජ ජාලාවල පැතිර තිබුණේ මේ අයුරින්.

එවන් තවත් සටහන් සමාජ ජාලාවල පැතිර ඇති අතර , මේ ඒ අතරින් එකක්.

Facebook | Archived

තවත් සමාජ මාධ්‍ය සටහනක් මෙතනින් | Archived

මේ සම්බන්ධයෙන් පළවූ වෙබ් පුවත් වර්තාවක් මෙතනින් | Archived මෙහි දී ඉහත සිදුවීම සිදුවූ පාසලේ ම සිදුවියන් සඳහා ව්‍යංජන කිසිවක් නොමැතිව බත් පමණක් ලබාදීම පිළිබඳව ද සඳහන් වෙනවා.

සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වූ පුවත් වාර්තා:

සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබුනේ ප්‍රධාන මාධ්‍ය කිහිපයකම පළවී තිබු පුවතක් බව අපට දැක ගන්නට ලැබුණා.

හිරු වෙබ් අඩවියේ මේ පිළිබඳව සඳහනක් පැවතියේ මේ ආකාරයෙන්.

“ආහාරය සඳහා කලටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිළිබද අද මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වුණා.

පවතින ආර්ථික අපහසුතා හමුවේ දරුවන් මුහුණදෙන ප්‍රශ්න අනන්ත බව සැගවීමට කරුණක් නොවේ .

කුසගින්න නිසා පාසලේ බුද්ධ පුජාව අනුභව කල දරුවන් දෙදෙනක් ගැන මෙන්ම මිරිස් කුඩු පමණක් ඉස බත් ආහාරයට ගත් සිසුවියක පිළිබද වාර්තාවී තවම වැඩි දිනක් ගතව නැහැ.

එවන් වටපිටාවක් තුළ පාසල් දිවා ආහාරය සඳහා කලටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිළිබඳව තොරතුරු මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ දිවිතික පාසලකින් වාර්තා වෙනවා.

පාසලේ ශිෂ්‍ය නායිකාවක් වන ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇගේ පියා කුලී රැකියාවක නිරතවන බව සදහන් .

ඊයේ පාසල් දිවා ආහාර කාලය තුළ මෙම සිසුවිය මිතුරියන් සමග එක්ව කලටි පොල්මද ආහාරයට ගන්නා ආකාරය දැක ඇත්තේ පන්තිභාර ගුරුතුමිය විසින්.

පසුව එම ගුරුතුමිය පාසලේ අනෙකුත් ගුරුභවතුන් සම්බන්ධව මේ පිළිබඳව සාකච්චා කර පාසලේ සිටින එවැනි ළමුන් කිහිප දෙනෙකුට ආහාර සපයා දීමටද කටයුතු කර තිබෙනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දෙමාපියන් රැසකගේ දරුවන් පැමිණෙන්නේ මෙම කනිෂ්ඨ දිවිතික පාසල වෙතයි.

මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මකයි.

ඒ අනුව ඊයේ එම පාසලේ සිසුන්ට දිවා ආහාරය සඳහා බත් සමග පරිප්පු ලබාදී ඇති අතර පසුව පරිප්පු අවසන් වීම නිසා 3 ශ්‍රේණියේ දරුවන්ට බත් පමණක් ලබාදී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.”

හිරු | Archived එම පුවත සමග පැවති වීඩියෝව මෙතනින්

මේ පිළිබඳව ස්වර්ණවාහිනි පුවත් වාර්තා කර තිබුණු ආකාරය මෙතනින් .Archived Live @8 එය වාර්තා කර තිබුණේ මෙලෙසින් | Archived

මෙම පුවත සැප්තැම්බර් 22 (අද) Daily News පුවත්පතේද වාර්තාකර තිබුණේ මෙලෙසින්. Archived එසේම Daily Mirror සහ ලංකාදීප පුවත්පතේ ද ඒ පිලිබඳ පුවත් මේ වන විට ඉවත් කරගෙන තිබෙනවා

මෙම පුවත් වාර්තා සියල්ලම පරික්ෂා කිරීමේ දී පැහැදිලිවම පෙනෙන කාරණය නම් මිනුවන්ගොඩ කනිෂ්ඨ පාසලක් යනුවෙන් සඳහන් කර තිබුණ ද එකඳු හෝ මාධ්‍ය වර්තාවක මෙම සිදුවීම සිදුවූ පාසල කුමක්ද යන්න නම් කර නොතිබීමයි. සාමන්‍යයෙන් එවැනි සිදුවීම් සම්බන්ධව වාර්තාකරණයේදී අදාල සිදුවීම සිදුවූ ස්ථානය කුමක්ද යන්න පැවසීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

අප මේ පිළිබඳව විමසීම සඳහා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා මහතාව මුලින්ම සම්බන්ධ කරගත්තා. ඔහු අප සමග පැවසුවේ මෙවැනි සිදුවීමක් සැප්තැම්බර් 21 හෝ ඊට ආසන්න දිනක දී මිනුවන්ගොඩ කලාපය තුළ පාසල් කිසිවක හෝ සිදුව නොමැති බවයි. ඒ පිළිබඳව ඉතාම වගකීම් සහිතව පැවසිය හැකි බවත් ඔහු අවධාරණය කළා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් එම පුවත වාර්තා කළ මාධ්‍ය ආයතනය වෙත, සිය නිල ලිපි ශීර්ෂය භාවිතා කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණේ මෙලෙසින්.

අප මේ පිළිබඳව තවදුරත් සිදුකළ පරික්ෂාවේ දී මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය තුළ පාසල් රැසක් තිබෙන බවත් එසේම කණිෂ්ඨ විද්‍යාල ද කිහිපයක් ම තිබෙන බව දැක ගන්නට ලැබුණා.

මෙම පුවත වාර්තාකළ ප්‍රාදේශීය වාර්තාකරු සම්බන්ධ කරගැනීමට අපට මෙතෙක් හැකියාවක් නොලැබුණු අතර තවදුරටත් විමසීමේ දී ස්ථාන කිහිපයක මෙම සිදුවීම සිදුවීම හා සම්බන්ධ පාසල ලෙස මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් දිවුලපිටිය කොට්ඨාශයේ , කෝංගොඩමුල්ල ශාන්ත අන්තෝනි කණිෂ්ඨ විද්‍යාලයේ නම දක්වා තිබෙන බව දැකගන්නට ලැබුණා.

ඒ පිළිබඳව සොයා බැලු අපට එම පාසලේ විදුහල්පතිවරිය පැවසුවේ මෙවන් සිදුවීමක් කිසිසේත්ම සිදු නොවූ බවයි. එමෙන්ම ඇය පැවසුවේ 9 වසරේ දැරියක් පොල් මද කෑම හෝ 3 වසරේ දරුවන්ට හොදි රහිතව බත් පමණක් ලබාදීමක් සිදු නොවූ බවයි. තම පාසල ඉලක්කකරගනිමින් පැතිරෙන කටකතා සම්පුර්ණ අසත්‍ය බවත් ඇය පැවසුවා.

ජනපති මාධ්‍ය ඒකකය

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ද පාසල් දරුවෙකු දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන ඒමේ පුවත අසත්‍යයක් ලෙස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ, කෙසේ වෙතත් රටේ මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රටේ ඕනෑම තැනක යම් දරුවෙක්, පුද්ගලයෙක් හෝ පවුලක් මෙවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන බවයි.

ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ ද ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙන අතර 0114354647 හෝ 0114354354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ වෙමින් තොරතුරු ලබාදිය හැකි බවත් දක්වා ඇති එම සම්පුර්ණ නිවේදනය මෙතනින් | Archived

ලංකාවේ ඉහළ යමින් පවතින ළමා මන්දපෝෂණ තත්වය

කෙසේනමුත් ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මුහුණදෙමින් පවතින අධික උද්ධමන ඔස්සේ පසුගිය කාලය පුරාවට ම ළමා මන්දපෝෂණ තත්වය ඉහළ ගොස් තිබෙන අතර ඒ පිළිබඳව පළවූ පුවත් වාර්තාවක් මෙතනින් කුඩා දරුවන් දෙදෙනකු මුහුණ දුන් තවත් අපහසු තත්වයක් පිලිබඳ වාර්තාවක් මෙතනින්

උදෑසන රැස්වීම් වල දී ක්ලාන්ත වී ඇද වැටෙන සිසුන් සංඛ්‍යාව ද වැඩි වී ඇති බවට සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබු අතර බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා එම කරුණු පිළිබඳවත් අදහස් දක්වමින් තවදුරටත් පවසන්නේ ළමා මන්දපෝෂණ වාර්තා බොරු බව පෙන්වීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ ගත්ත ද එය ලංකාවේ බොහෝ ප්‍රදේශ සහ පවුල් මුහුණ දෙන යතාර්ථය බවයි.

ආහාර උද්ධමනය හේතුවෙන් දැඩි ලෙස පහර වැදී ඇති රටවල් පිලිබඳ ලෝක බැංකු නවතම වාර්තාවේ ලංකාව සිව්වන ස්ථානය තෙක් ඉහළ ගොස් සිටින අතර ලෝක ආහාර වැඩසටහනේ ආසියානු පැසිෆික් කාලාපයේ අධ්‍යක්ෂක ද පවසා සිටින්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් වූවන් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් මානුෂීය ආධාර සැපයිය යුතු බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:පාසල් සිසුවියක් දිවා ආහාරය සඳහා කලටි පොල් මද ගෙන ආ පුවත පිළිබඳව කරුණු විමසීමක් !

By: Kalana Krishantha

Result: Explainer