
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
සාමාන්‍ය පෙළ විභාගය A9 ක් සහිතව ඉහළින් සමත්ව ප්‍රතිඵල පැවසීම සදහා සිය මිත්තනියගේ නිවසට පියා සමග ගමන් කරමින් සිටි සිසුවෙකුගේ සිරුරට ලාම්පු තෙල් දමා ගිනි තැබීම සහ ඔහු බරපතල තුවාල ලැබීම , මුළු රටම කම්පනයට පත්කළ පුවතක් වුණා. මෙම සිසුවා මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙයට හේතුව කුමක්ද යන්න පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා.
මෙවන් පසුබිමක මෙම ගිනි තැබීමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් ඇති බවට පුවත්පතක පළව ඇති බවක් හැගී යනසේ සමාජ ජාලා සටහන් පැතිරුණා. ඒ සම්බන්ධයෙන් අප සිදුකල කරුණු විමසා බැලීමයි මේ.
සමාජ ජාලා සටහන්
ජනතා විමුක්ති පෙරමුණට ආධාර ලබාදීම , සිසුවාගේ පියා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ජවිපෙ කැට කණ්ඩායමේ සාමාජිකයෙක් මහමග මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට පුවත්පතක් වාර්තා කර ඇති බවට හැගී යනසේ සමාජ ජාලා සටහන් පළව තිබුණා.
“මේවත් බොරුයි කියල අපිට බයියො කියල උඹල සතුටු වෙයල්ලා උඹලගෙ දරුවොන්ටත් මෙහෙම උනදාට අපි කියපුව තේරෙයි . බෝම්බ නම් මොනවද ඉතින් පාස්කු කලෙත් ජෙප්පන්ගේ එකෙක්නේ.”

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්

Fact Check( සත්‍ය කරුණු විමසා බැලීම )
අප මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ මේ හා සම්බන්ධ බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද යන්න විමසා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එවැන්නක් වාර්තා කර නොමැති බවයි.
ඉන් අනතුරුව අප මෙම සමාජ ජාලා සටහන්වල පළකර ඇති පුවත්පත් වාර්තාව පිලිබදව අවධානය යොමු කරා. ඒ පිලිබදව වඩාත් සුපරික්ෂාකාරීව අවධානය යොමුකළ අපට දක්නට ලැබුණේ නොවැම්බර් මස 30 වනදා පලවූ මව්බිම පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය අයත් කොටස සංස්කරණයට ලක්කර මෙම සමාජ ජාලා සටහන සකසා ඇති බවයි.
මව්බිම පුවත්පතේ සදහන් සැබෑ පුවතෙහි ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධව කිසිවක් සදහන් නොවන අතර එහි දැක්වෙන්නේ අම්පිටිය ප්‍රදේශයේ මැර කල්ලියක සාමාජිකයෙක් විසින් මෙම සිසුවාගේ පියාගෙන් මුදල් ඉල්ලු අවස්ථාවේදී ඔහු මුදල් ලබා නොදුන් නිසා කෝපයට පත් මැරයකු විසින් සිසුවාගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තබා ඇති බවක්. එම සම්පුර්ණ පුවත පහතින්.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය A සාමාර්ථ නවයක් සමගින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අද (නොවැ. 29) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
“මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරන 17 හැවිරිදි එම පාසල් සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අම්පිටිය මී කණුව ප්‍රදේශයේ වෙසෙන මිත්තණියට දැනුම් දීම සඳහා තම පියා සමග මාර්ගයේ ගමන් කර ඇත.
එම අවස්ථාවේදී ඔහුගේ පියාගෙන් පුද්ගලයෙකු මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොදීම හේතුවෙන් උරන වී සිසුවාගේ ඇඟට ලාම්පුතෙල් වත්කොට ගිනි තබා ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු ඇතුළු කණ්ඩායමක් දිගු කලක සිට අම්පිටිය ප්‍රදේශයේ ජනතාව බිය වද්දමින් කප්පම් ලබාගැනීම ඇතුළු දාමරික ක්‍රියාවල නිරත වුව ද ඔවුන්ට ඇති බිය හේතුවෙන් පොලිසියට පැමිණිලි නොකරන බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ.
අම්පිටිය, දඹවෙල හා සෙමනේරිය වත්ත ආශ්‍රිත ප්‍රදේශයකදී ප්‍රදේශවාසි පිරිසකගේ ද සහය ඇතිව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අත් බෝම්බයක් හා ලාම්පුතෙල් අඩංගු වී තිබුණු බවට සැක කරන ප්ලාස්ටික් භාජනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ශරීරයේ ඇති වූ පිළිස්සීම් තුවාල හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති සිසුවා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.”
සංස්කරණය කරන ලද පුවත්පත් ශිර්ෂ පාඨයන් සහ සැබෑ ශිර්ෂ පාඨයන් අතර සංසන්දනයක් පහතින් .

එසේම මව්බිම පුවත්පතට මුල් ලිපිය සපයා තිබු කමල් සුරවීර මහතා විසින් ද තමාගේ පුවත්පත් ලිපිය යොදාගනිමින් සිදුකර තිබු සංස්කරණය පිලිබඳ ෆේස්බුක් සටහනක් තබා තිබුනේ මෙලෙසින්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය )
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූ කාරණය නම් අම්පිටියේ සිසුවාට ගිනි තැබීම මගින් බරපතල තුවාල සිදුකල කාරණාවට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බවට පළවන ව්‍යාජ සමාජ ජාලා සටහන් සකස් කර තිබුනේ නොවැම්බර් 30 මව්බිම පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය සංස්කරණය කරමින් සකස් කරන ලද සටහනක් මඟින් බවයි.

Title:මහනුවර අම්පිටියේ සිසුවෙකුට ගිනි තැබීමේ සිදුවීමට ජවිපෙ සම්බන්ධ කරමින් හුවමාරු වන ව්‍යාජ පුවත් සංස්කරණයක්!
Fact Check By: Kalana KrishanthaResult: Altered
Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,