Update 12/06/2022

මේ අතර දිවයින පුවත්පතේ පළවූ පුවතක් ලෙස සදහන් සමාජ ජාලා සටහන් පැතිරුනේ ජපන් කාටුන් චරිත ලෙස දැක්වෙන රූප උපයෝගී කර ගනිමින් බුදුන් වහන්සේට අපහාස කිරීමේ වෑයමක් පිලිබදව සිහල බොදු සංගමය සහ ඩෑන් ප්‍රියසාද් පොලිස්පතිවරයාව දැනුවත් කල බවයි.ඒ සම්බන්ධ පුවතක් දිවයින පුවත්පතේ පළවුණු බවක් හැගවිමට උත්සාහ කර තිබුණේ.

නමුත් දිවයින පුවත්පතේ එවැනි පුවතක් පළ නොවුණු බව සහ මෙම සමාජ ජාලා සටහනේ ඇත්තේ ව්‍යාජව සංස්කරණය ලද පුවත්පත් වාර්තාවක් ලෙස හැගීයන ලෙස සැකසු සේයාරුවක් බව අපට තහවුරු කර ගැනීමට හැකිවුණු අතර ,සිහල බොදු උපාසක සංගමය නමින් ක්‍රියාකාරී සංවිධානයක් නොමැති බව සහ එවන් සංවිධානයක් සහ ප්‍රියසාද් අතර සම්බන්ධයක් නොමැති බව අප මීට පෙර තහවුරු කරන ලදී.

එම අසත්‍ය සහ නොමගයවන සුලු සමාජ ජාලා සටහනක්  පහතින්.

Facebook | Archived

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

“ කොළඹ සිංහල බොදු උපාසක සංගමය” යන නම සහිතව විවිධ තේමා ඔස්සේ සකස් කල මාධ්‍ය නිවේදන ලෙස හැඟවෙන සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරුවනවා. මෙහි සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ ආන්දෝලනාත්මක චරිතයක් වන ඩෑන් ප්‍රියසාද්වයි.

බහුලව හුවමාරු වී තිබු මෙම සටහන් සඳහා බොහෝ දෙනෙක් උපහාසයෙන් ප්‍රතිචාර දක්වා තිබු අතර ඇතැමුන් මෙවැනි සංවිධානයක් ඇත්තටම තිබේ ද යන්න ද විමසා තිබු බැවින් මේ පිලිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදුකිරීමට අප අදහස් කළා.

සමාජ ජාලා සටහන්

“කොළඹ සිහල බොදු උපාසක සංගමය” නමැති සංවිධානයක් විසින් නිකුත්කරන ලද නිවේදන ලෙස හුවමාරු වූ ෆේස්බුක් සටහනක් පහතින්.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙම සංවිධානයේ නම සදහන් මාධ්‍ය නිවේදන ලෙස වට්ස්ඇප් හරහා ව්‍යාප්තව තිබු සටහනක් මෙලෙසින්.

කරුණු විමසා බැලීම:

ඉන් මුලින්ම පරික්ෂා කලේ මෙම සමාජ ජාලා සටහන් කිහිපයක දක්නට ලැබුණු රාජගිරිය ප්‍රදේශයේ ලිපිනය පිළිබඳව සොයා බැලුවා. එහිදී දක්නට ලැබුණේ එය බොදු බල සේනා සංවිධානයේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන විහාරස්ථානයේ ලිපිනය බවයි. එම සටහන්හි සඳහන් දුරකථන අංකය ද බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය අංශයට අයත් දුරකථන අංකයක්.

අප ඔවුන්ගෙන් මේ පිළිබඳව විමසා බැලු විට බොදු බල සේනා සංවිධානය පැවසුවේ “කොළඹ සිහල බොදු උපාසක සංගමය” ලෙස සදහන් සංගමයක් පිළිබඳව තමන් නොදන්නා බව සහ එවන් සංගමයක් බොදු බල සේනා සංවිධානයේ මුලස්ථානයේ සිට ක්‍රියාත්මක නොවන බව තහවුරු කළ හැකි බවයි.

අනතුරුව අප මේ සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් ගෙන් විමසා බැලු විට ඔහු පැවසුවේ ද මෙවැනි සංවිධානයක සභාපති ධුරය දැරීම තබා, සැබැවින්ම මෙම නම ඇති සංවිධානයක් පවතිනවාද යන්න පවා තමන් නොදන්නා බවයි. එසේම තමා විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදන ලෙස කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් තමාට අපහාස කිරීමේ චේතනාවෙන් මෙම ව්‍යාජ සටහන් සකසන බවයි ඔහු පැවසුවේ.

අප විසින්ද මෙවන් සංවිධානයක් සක්‍රීය තත්ත්වයේ පවතිනවාද යන්න සොයා බැලු අතර අපට දක්නට ලැබුණේ , ඩෑන් ප්‍රියසාද් ගේ සභාපතිත්වයෙන් යුතු එවන් සක්‍රීය සංවිධානයක් නොමැති බවයි.

එම නම යටතේ ‘සිහල බොදු උපාසක සංගමය’ නමින් මීට දින කිහිපයකට පෙර, එනම් මැයි මස 17 වැනිදා ආරම්භ කර තිබු ෆේස්බුක් පිටුවක මෙම සටහන මුලින් පළවී තිබුනේ මෙලෙසින්. එම ෆේස්බුක් පිටුවේ ද නම ‘සිහල බොදු උපාසක සංගමය’ බවට වෙනස් කර තිබුනේ මෙම සටහන පළකර තිබු මැයි 28 දිනයේ ද බව දැක ගන්නට ලැබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුයේ ඩෑන් ප්‍රියසාද් ගේ සභාපතිත්වයෙන් යුතු ‘කොළඹ සිහල බොදු උපාසක සංගමය’ ලෙස හැදින්වෙන සංවිධානයක් නොමැති බවයි. නිවේදන ඇති දුරකතන අංක සහ ලිපිනද වෙනත් සංවිධානකට සහ පුද්ගලයන්ට අයත් ඒවාවේ.

Avatar

Title:“කොළඹ සිංහල බොදු උපාසක සංගමය” නම භාවිතා කරමින් හුවමාරුවන උපහාසාත්මක සමාජ ජාලා සටහන් පෙළක්!

Written By: Fact Crescendo Team

Result: Satire