Update:

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. විභාග දෙපාර්ත මේන්තුව සඳහන් කළේ, www.donets.lk වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

Update :

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වනදාට පෙර අනිවාර්යෙන්ම නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ප්‍රධාන පාසල් විභාග වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග යනාදිය අවසන් කර මාස කිහිපයක් අවසන් වූ පසු, රජයේ පාර්ශව මඟින් ප්‍රතිඵල ලබාදීම සම්බන්ධයෙන් සඳහන් කරන අපේක්ෂිත කාල වකවානු උපයෝගී කරගනිමින්, අදාළ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇති බවට නොමග යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ විට සංවරණය වනවා. 2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

2022 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් සංසරණය වී තිබූ තව ත් අවස්ථා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link | Archived Link

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂාවක් සිදු කළේ, 2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ බවට පුවත් වාර්තා වූ වී ඇත් ද යන්නයි. නමුත් අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

අප මේ හේතුවෙන් මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, 2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල මෙතෙක් (අගෝස්තු 12) නිකුත් කර නොමැති බවයි.

උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට සියලු උත්සහයන් දරන බවත්, මෙය සංකීර්ණ ක්‍රියාවලියක් බව ද, ඒ මහතා සඳහන් කළා. අගෝස්තු මස අවසන් සතිය තුළිදී හෝ ප්‍රතිඵල ලබා දීමට කටයුතු කිරීමට පියවර ගන්නා බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියා.

කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මීට පෙර පවසා තිබුණේ, 2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල අගෝස්තු මැද භාගයේදී නිකුත් කරන බවත්, 2023 උසස්පෙළ විභාහය නත්තලට පෙර පැවැත්වෙන බවත් ය. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. | Archived Link

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ වසරේ(2023) ජනවාරි 23 වන දා සිට පෙබරවාරි 17 තෙක් පැවැත්වුණා. පාසල් අයැදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 53,513 ක් මෙවර විභාගය සඳහා පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200 ස්ථාපිත කර තිබුණා.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන පිලිබඳ පරික්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුනේ මීට පෙර 2022 වසරේ දී සැකසු සටහනක්, මේ දිනවල නැවත හුවමාරු වී ඇති අයුරුයි. 2022 අගෝස්තු 28 දින පළකර තිබු එම සටහනින් දැක්වුණේ, 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බවට එම සටහන පළවී තිබුනේ මෙලෙසින්. නමුත් එම වසරේදී නම් ඇත්ත වශයෙන්ම එම දිනයේදීම සවස් භාගයේ දී ප්‍රතිඵල නිකුත් කළ බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි. මෙතෙක් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළ අතර අගෝස්තු මස අවසන් සතිය තුළිදී හෝ ප්‍රතිඵල ලබා දීමට කටයුතු කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩි දුරට ත් සඳහන් කළේ.

Avatar

Title:2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ!

Written By: Pavithra Sandamali

Result: Misleading