දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

Update: 12/9/2023

මේ අතර තවත් සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාවද වසා දැමෙන බවක්.

Facebook | Archived

මෙම සටහනේ පවතින වෙබ් සබැදියට පිවිසිය හැකියි මෙතනින්

මේ පිලිබදව අප සමග අදහස් පලකල Brandix ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ මිනුවන්ගොඩ පිහිටි සිය ආයතනයට අයත් ඇගලුම් කම්හල වසා දැමීම පිලිබදව කිසිදු ආකාරයක කතා බහක් /සංවාදයක් මෙතෙක් ඇතිව නොමැති බවයි.මෙම කර්මාන්ශාලාව සදහා ලබන වසරේ මාර්තු මාසය දක්වා ඇණවුම් ලැබී ඇති බවත් පැවසූ ඔහු වැඩිදුරටත් සදහන් කලේ ලැබී ඇති ඇණවුම් ප්‍රමාණය නිසා සති අන්තයේ ද ඇතැම් අවස්ථාවල කර්මාන්තශාලාවේ වැඩ කටයතු සිදුවන බවයි.අප මේ පිලිබදව කර්මාන්තශාලාව හා සම්බන්ධ වෙනත් මුලාශ්‍ර ඔස්සේද කරුණු විමසා බැලු අතර එහිදීද තහවුරු වුවේ මෙම කර්මාන්ශාලාව වසා දැමීමේ සුදානමක් නොමැති බවයි.

මිහින්තලයේ MAS කර්මාන්ශාලාව ස්ථිරව වසා දැමීමේ සුදානමක් නොමැති බව සහ සැප්තැම්බර 1 වනදා සිට තාවකාලිකව වසා දමන ලද කර්මාන්ශාලාවේ සේවකයන් සදහා මාස කිහිපයක් සදහා මාසික වැටුප් ලබාදීමට කටයුතු සකසා ඇති බව MAS සන්නිවේදන අංශය සහ මිහින්තලයේ කර්මාන්ශාලා කළමනාකාරිත්වය හරහා අප කරන ලද විමසීමේදී තහවුරු වුණා.

*************************************************************************

පසුගිය කාලයේ ජනතාවට අති මහත් පිඩා ගෙනදුන් අර්බුදකාරී තත්වය යම්තාක් දුරකට අඩු වී තිබුණ ද ඇතැම් සමාජ ජාලා සටහන් මගින් සමාජය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අනියත බියක් ඇති කෙරෙනවා. විශේෂයෙන්ම කර්මාන්තශාලා වැසියාම් ආදිය සම්බන්ධයෙන් අතිශයෝක්තිජනක ප්‍රවෘත්ති පළකෙරෙනු විටින් විට දැක ගන්නට ලැබෙනවා. මේ එවන් සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

MAS ආයතනය මගින් මිහින්තලය ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්තශාලා දෙකක් ස්ථිරව වසා ඇති බවට සදහන් සමාජ ජාලා සටහන් පැතිර ගියේ මෙලෙසින්.

FB | Archived

මේ පිලිබඳ විස්තරාත්මක පුවත් සහිත සටහන් පෙළක් ද හුවමාරු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

වසර 36කට ආසන්න කාලයක් මෙරට විශාලතම ඇඟළුම් අපනයන සමගමක් ලෙස සැලකූ මාස් (MAS) හෝල්ඩිංග්ස් සමූහයට අයත් මිහින්තලේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීමට ‌තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. මේ තීන්දුවත් සමඟ එහි සේවය කළ දහසකට ආසන්න පිරිසකගේ රැකියා අහිමිවන බවයි කියන්නේ. එහි බලධාරීන් සේවකයන් දැනුවත් කර ඇත්තේ අදාළ ඇඟළුම් කර්මාන්ත ශාලා මාස 4කට තාවකාලිකව වසා දමන බවයි. ඇතැම් වාර්තා සඳහන් කරන ආකාරයට අදාළ මාස හතරට ද සේවකයන් වෙත වැටුප් ගෙවන බවට ආයතන බලධාරීන් පවසා තිබෙනවා.

ඇඟලුම් නිෂ්පාදන වෙනුවෙන් සුපුරුදු පරිදි ඇණවුම් නොලැබීම මෙලෙස කර්මාන්තශාලා තාවකාලිකව වසාදැමීමට හේතුවී ඇති බව මේ පිළිබඳව විමසීමේ දී ඇඟළුම් නිෂ්පාදකයින් සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය නිසා පැනනැගී ඇති ඩොලරයේ අස්ථාවරභාවය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට සෘජුව බලපා ඇතැයි ඔවුන්ගේ මතය යි.

ඇතැමෙක් පවසන්නේ මේ ආයතන වසා දමන්නේ ඒවා සඳහා ලැබෙන ඇනවුම්වල අඩුවක් නිසා නොව ලංකාවේ විදුලිය ඇතුළු සේවාවන්වල මිල ඉහලයාම නිසා ලංකාවේ ඇඟළුම් නිෂ්පාදනය කිරීමේ පිරිවැය ඉහල යාම නිසා බවයි. නිෂ්පාදකයින් ලංකාවෙන් පිට පිරිවැය අඩු ඔවුන්ගේම කර්මාන්ත ශාලාවෙත අදාළ ඇනවුම් ලබාගනිමින් පාඩු ලබන ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා වසා දැමීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.

ලංකාවේ ඇඟළුම් නිෂ්පාදනයේ නියැලී සිටින මාස් (MAS) හෝල්ඩිංග්ස් යනු දකුණු ආසියාවේ විශාලතම යට ඇඳුම් නිෂ්පාදකයා බවයි කියන්නේ. 1987 දී මහේෂ්, ෂේරාඩ් සහ අජේ අමලීන් විසින් ආරම්භ කරන ලද අතර එහි නම සහෝදරයන් තිදෙනාගේ මුලකුරු වලින් ලබා ගන්නා ලද MAS ලෙස නම්කර තිබුණා.

මාස් (MAS) හෝල්ඩිංග්ස් රටවල් 17 ක නිෂ්පාදන පහසුකම් 53 ක් ඇති ගෝලීය වශයෙන් 93,000 කට අධික පිරිසක් සේවය කරන ආයතන සමූහයක්.

Facebook | Archived

මේ පිලිබදව පලව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම විමසා බැලුවේ මේ ආකාරයට මිහින්තලයේ ප්‍රදේශයේ පවතින කර්මාන්තශාලා දෙකක් වසා දමන බවට MAS ආයතනය නිවේදනය කර ඇති බවට හෝ එවන් සිද්ධියක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන්නයි. මිහින්තලේ MAS කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දැමීමක් පිලිබඳ පුවත් කිහිපයක් අපට දැක ගන්නට ලැබුණා.

අප MAS ආයතනයේ සන්නිවේදන අංශයෙන් මේ පිළිබඳව වැඩිදුර විමසා බැලුවා. ඔවුන් තහවුරු කර සිටියේ MAS සතුව මිහින්තලය ප්‍රදේශයේ පවතින්නේ එක කර්මාන්ශාලාවක් පමණක් බවත්, එම ප්‍රදේශයේ කර්මාන්තශාලා දෙකක් පවතින බවට වන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි. මිහින්තලයේ සහ ඒ අවට පවතින්නේ එක කර්මාන්ශාලාවක් පමණක් බව MAS වෙබ් අඩවියේ ඇති සිතියමේ ලකුණු කර ඇත්තේ මෙලෙසින්.

එසේම මිහින්තලයේ කර්මාන්ශාලාව තාවකාලිකව නවතා ඇති බව සත්‍යක් බවත් එසේ සිදුකරන ලද්දේ ගෝලීයව ඇඟලුම් ක්ෂේත්‍රයේ උද්ගතව පවතින ඇණවුම් අඩුවීමේ තත්ත්වය නිසා බවයි, ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ. එසේම මිහින්තලේ කර්මාන්තශාලාව තාවකාලිකව වසා තිබෙන මාස කිහිපයේ දී සේවක වැටුප් ලබාදෙන බවත් පාලනාධිකාරිය පවසයි.

මේ පිලිබදව තවදුරටත් කරුණු විමසා බැලීම සදහා අප මිහින්තලය MAS කර්මාන්තශාලාවේ නිලධාරියෙකුට කතා කළ අතර ඔහු ද පැවසුවේ ද මිහින්තලයේ ඇත්තේ එක කර්මාන්ශාලාවක් පමණක් බවයි. එමෙන්ම ඊයේ (සැප්තැම්බර් 1) දිනයේ සිට එම කර්මාන්ශාලාව මාස කිහිපයක කාලයක් සඳහා තාවකාලිකව වසා දමා ඇති බවට ආයතනයේ පරිපාලනය දන්වා ඇති බවත් ඔහු පැවසුවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ සේවකයන් සියලු දෙනාට, මෙම මාස කිහිපයක කාලය සදහා අඛණ්ඩව වැටුප් ලබාදෙන බවට ආයතනය සහතික වී ඇති බවයි.

නිමි ඇදුම් සදහා ඉල්ලුම අඩුවීම නිසා ඇගලුම් කර්මාන්තය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත, යම් පසුබෑමකට ලක්ව තිබීම ලංකාවේ පමණක් නොව මේ දිනවල ගෝලීයව දක්නට ලැබෙන ප්‍රවණතාවයක් .ඒ සම්බන්ධ විස්තර මෙතනින් ,මෙතනින් සහ මෙතනින්

ගෝලීයව ඇගලුම් ක්ෂේත්‍රය මුහුණපාන ගැටළු පිලිබදව තොරතුරු මෙතනින්

Also Read : Brandix සහ Hirdaramani ඇඟළුම් ආයතන, ලංකාව හැරයන බවට පළවන පුවත් අසත්‍යයි !

වසා දැමීමට තීරණයවූ මීපේ හයිඩ්රාමනි කර්මාන්තශාලාව, ජවිපෙ බලය හිමි, මහව සමුපකාරයෙන් මිලට ගෙන නැහැ !

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ මිහින්තලයේ MAS ආයතනයට සම්බන්ධ කර්මාන්ශාලාවන් 2 ක් වසා දමා ඇති බවට පළවන සමාජ ශාලා සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි. මිහිනන්තලයේ පවතින්නේ එක MAS කර්මාන්ශාලාවක් පමණි. එය තාවකාලිකව වසා දමා ඇත්තේ ගෝලීයව ඇගලුම් ක්ෂේත්‍රයේ ඇතිව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ බවත් මිහින්තලේ කර්මාන්තශාලාව තාවකාලිකව වසා තිබෙන මාස කිහිපයේ දී සේවක වැටුප් ලබාදෙන බවත් පාලනාධිකාරිය පවසයි.

Avatar

Title:MAS ආයතනය මිහින්තලයේ ප්‍රදේශයේ කර්මාන්තශාලා දෙකක් ස්ථිරව වසා දැමීමේ සුදානමක් නැහැ!

Written By: Fact Crescendo Team

Result: Insight