දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

2023 ලෝක කුසලානයේ මුලික වටයේ තරඟ 9න් තරඟ 7ක්ම පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විශාලය පිලිබඳ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය සටහන් බහුලව මේ දිනවල සංසරණය වනවා. 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. 

සමාජ මාධ්‍ය සටහන් :

මහේල ජයවර්ධන මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

“ඔව් මන් හිතන්නේ වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලට එක්ක වැඩ කරන්න ලේසියි. මට වුනත් වැඩ කරන්න උපරිම බලතල, නිදහස දුන්නා. අපි LPL කළා. T10 එකක් ගෙනල්ලා තියෙනවා. හොඳ කේචස්ලා ගෙනාවා. දැන් ක්‍රිකට් හරි ට්‍රැක් එකක යනවා. මම හදපු ක්‍රිකට් සැලසුම ක්‍රියාත්මක කරන්න තව කල් ඕන. මේ වෙලාවේ ක්‍රිකට් පාලනය වෙනස් කරන එක ස්මාර්ට් ඩිසිෂන් එකක් නෙවෙයි. මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි.”

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

අප ප්‍රථමයෙන් ම මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන් ම, වෙනත් වැඩසටහනකදී හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ පරීක්ෂා කළා. නමුත් අපට එවැනි ප්‍රකාශයක් ඔහු විසින් සිදු කළ බවට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප මහෙල් ජයවර්ධන මහතාගේ කළමණාකරුගෙන් මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කළේ, මහේල විසින් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත්, මෙය අසත්‍ය තොරතුරු ඇතුළත් සටහනක් බවයි.

එමෙන් ම මහේල ජයවර්ධන මීට පෙර LPL හෝ T10 සමඟ කිසිදු වැඩකට එකඟ වී නොමැති බවත්, ඔහුගේ කාර්යභාරය වන්නේ ජාතික ව්‍යුහයට සහාය වීම පමණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් මහේල සහ ක්‍රිකට් පරිපාලන කණ්ඩායම පිලිබඳ අදහස් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර තිබූ තරඟයේ දී , මහේල ජයවර්ධන විසින් ටොස් එක දින්නත් පන්දුවට පහරදීමේ වාරය ඉන්දියාවට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාට පවසා තිබු බවත් ඒ පිලිබඳ විමර්ශනයක් සිදුවිය යුතු බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මෙලෙසින්.

එසේම පසුගිය සමයේ ලංකාව ලැබූ පරාජයන් සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සහ තාක්ෂණ කණ්ඩායමේ සාමාජිකයින්ගේ මාසික වැටුප් පිළිබඳව ද දැඩි කතාබහක් ඇති වී තිබුණා. 

තවද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට චෝදනා එල්ල කිරීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් ශී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යෝජනාවක් සම්මත වූ අතර මෙම තත්වය හමුවේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටින්නේ තමන්ට එරෙහි චෝදනා පදනම් විරහිත බවයි. කෙසේවෙතත් ලංකාවේ ක්‍රිකට් පරිපාලන පිළිබඳව ද උද්ගත වී ඇති මෙම ප්‍රශ්නකාරී තත්වය හමුවේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනයක් පසුගිය දා නිකුත් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සිදුකළ ප්‍රකාශයක් බවට හුවමාරු වන සටහන් මහෙල් ප්‍රතික්ෂේප කරයි!

Written By: Fact Crescendo Sri Lanka

Result: Insight