දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා ඇතුළු ක්‍රිකට් බලධාරීන් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයන් ද පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ද මීට ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් සටහන් වල නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් :

  1. Claim

“අනුර හැම වෙලාවකම කතාකරන්නේ හොරකමට දූෂණයට එරෙහිව ඒත් රට ම එක හඬක් කියන විශාල දූෂණ වන්චා කරපු ශම්මිලාගේ ක්‍රිකට් වලට විරුද්ධව කටක් නොහොල්ලන එක ගැනනම් මමත් පුදුම වෙනවා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය විසින් ප්‍රකාශ කළ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉහත සඳහන් ප්‍රකාශය සිදු කරා ද, යන්න පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ අප විමර්ශනයක් සිදු කළත්, අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි. එමෙන් ම මෑතකදී හරිනි අමරසූරිය සහභාගී වූ වැඩසටහන් පරීක්ෂා කිරීමේදී ද, ඇය විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවට දැක ගන්නට ලැබුණා.

තව දුරටත් මේ පිළිබඳ ව තහවුරු කර ගැනීම සඳහා අප ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ගෙන් විමසීමක් කරනු ලැබුවා ඇය සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

  1. Claim

“අර්ජුන රණතුංග ක්‍රිකට් ගැන දන්නේ නෑ. ඔහුව ක්‍රිකට් මුල් පුටුවට පත් කිරීම වැරදියි” - මාලිමාවේ මතය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී කියයි යනුවෙන් සඳහන් කළ බවක් හඟවන සටහනක් සටහනක් මේ අයුරින් හුවමාරු වුයේ පුවත්පක පළවූ පුවතක් බව හඟවමින්.

Facebook | Archived Link

  1. Claim

“අපේ පක්ෂයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල කැප කිරීමක් හා මූල්‍ය දායකත්වය ලබා දුන් ෂම්මි සිල්වා වැනි ප්‍රගතිශීලි මහත්මාවරුන්ට අපේ හෘදය සාක්ෂියට අනුව විරුද්ධය ඡන්දයක් ලබාදෙන්න තරම් පහත් තත්ත්වයට වැටෙන්න අපිට බැහැ. පක්ෂයේ නායකයාගේ උපදෙස් අනුව ඡන්දයක් විමසන අවස්ථාව පැමිණීමට පෙර අපි සභාවෙන් පිටත් වූයේ එම නිසා” විජිත හේරත් මහතාගේ තව ත් ෆේස්බුක් සටහනක් සංසරණය වූයේ, ඒ මහතා විසින් සිදු කළ කළ ප්‍රකාශයක් බවට දක්වමින්.

Facebook | Archived Link

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ඉහත සටහන් දෙකේම සඳහන් ප්‍රකාශයන් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පරීක්ෂාවක් සිදු කළා. නමුත් කිසිදු මාධ්‍යයක ඔහු විසින් එලෙසින් ප්‍රකාශයක් සිදු කරන බවට දැක ගන්නට නොලැබුණි.

එසේම පසුගිය 09 වන දා පාර්ලිමේන්තුවේදී ද, (1.30.31දී සිට 1.42.10) සිදු කරන ප්‍රකාශයන් හිදී ඔහු විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය එක එක පැත්තකින් මුදලට යට වී ඇති බවත්, එක පැත්තකින් දේශපාලනයට යට වී ඇති බවත්, ක්‍රිකට් බෝඩ් එක හරහා ක්‍රිකට් ක්‍රීඩාව මාෆියාවකට හසුවී ඇති බවත්, ක්‍රිකට් බෝඩ් එකේ පරිපාලකයෝ මුදල් ඉලක්ක කරගනිමින් ඒ වගේ ම දේශපාලනය ඉලක්ක කර ගනිමින් කටයුතු කරන බවත්, සඳහන් කරනු ලබනවා.

එමෙන් ම ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එහි ඇති වී තිබෙන දූෂණ වංචා සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයන් සිදු කරන අතර අර්ජුන දක්ෂ ක්‍රීඩකයෙකු නමුත්, පරිපාලනයට සුදුසුකම් පිළිබඳව සලකා බැලිය යුතු බවත්, ක්‍රිකට් පරිපාලන මෑතකදී පවුල් කිහිපයක පමණක් සීමා වී ඇති බවත් පෙන්වා දෙනවා. එහෙත් කිසිදු අවස්ථාවක ඉහත සඳහන් ආකාරයේ කිසිදු ප්‍රකාශයක් විජිත හේරත් දක්වන්නේ නැත. පාර්ලිමේන්තු සජීවි විකාශනය මෙතනින්.

අප මේ පිළිබඳව විජිත හේරත් මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් එම සටහන් වල දැක්වෙන ප්‍රකාශයක් තම න් විසින් කිසිදු අවස්ථාවක සිදු නොකළ බවත්, ඒවා සියල්ල අසත්‍ය බවත් ය.

  1. Claim

“ශම්මි සිල්වලාගේ වැරදි ඇති ඒත් ඒ අය පත් වුණේ, නීත්‍යානුකූල ක්‍රමවේදයකින්. අර්ජුනට එරෙහිව මේ ලැබුනු නියෝගය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයක්” යනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ’ සංගමයේ උප සභාපති නීතිඥ සුනිල් වටගල මහතා විසින් ද, ඉහත සඳහන් පරිදි ප්‍රකාශයක් සිදු නොකළ බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ, මෙන් ම ඉහත මවුරට ෆේස්බුක් පිටුව හරහා ද, පරීක්ෂා කළත්, එවැනි ප්‍රකාශයක් ඔහු විසින් සිදු කළ බවට වාර්තා නොවූ බවට දැක ගන්නට නොලැබුණු අතර, අප කළ විමසීමේදී නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේ, මෙම සටහන් අසත්‍ය බවත්, තමන් ශම්මි ගැන හෝ අර්ජුන රණතුංග සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

ක්‍රිකට් විවාදයට සහභාගී නොවීම සම්බන්ධයෙන් පසුගිය 10 වන දා පාර්ලිමේන්තු රැස්වීමේදී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, ක්‍රිකට් විවාදයට තමන් විදේශගතව සිටි නිසා සහභාගී නොවුණු බවයි.

නමුත් එහිදී ආණ්ඩු පක්‍ෂ සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා , ශම්මි සිල්වා ජනතා විමුක්ති පෙරමුණට මුදල් ලබා දුන් බවට කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙන අතර එහිදී ඔහු සඳහන් කරන්නේ,"ෂම්මි අපි දන්නෙත් නෑ. දැකලත් නෑ. රූපවාහිනියෙන් පමණයි දැක තියෙන්නේ. අපිට සල්ලි දුන්න නම් එය කප්පමක් විය යුතුයි. වහා පරීක්‍ෂණයක් තියලා නීතිය හමුවට ගෙන යන්න. පුළුන්නම් එළියට ගිහින් ඔය ප්‍රකාශය කරන්න. මම ඔහු ගැන කරන ප්‍රකාශ එළියට ගිහින් වුවත් කරන්න සූදානම්, ක්‍රිකට් බෝඩ් එකේ බහිරවයන් ගැන අපි මීට පෙර කතා කළා. සුනිල් හඳුන්නෙත්ති එදා කෝප් කමිටුවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලත් ගෙන්නුවා. ඇති තරම් ඒ ගැන අපි කතා කර තියෙනවා. ක්‍රිකට් ආයතනය විසුරුවලා අනු කමිටුවක් දාන්න කියලා මම ඇමැතිට පුද්ගලිකවම කියා තියෙනවා. ලෝක කුසලානය නිසා දැන්ම කරන්න බෑ කිව්වා." යනුවෙනි. එම කතාව මෙතනින්. (විනාඩි 02.36.16)

මීට පෙර අවස්ථාවන් වලදී ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අදහස් දැක් වූ අවස්ථා මෙතනින් සහ මෙතනින්. ඊයේ දින පුවත් විකාශයක පළ වූ වීඩියෝවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායකත්වය සිදුකළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Written By: Pavithra Sandamali

Result: False