දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයෙන් පසුව, විශේෂයෙන්ම ඉන්දියාව ඉලක්ක කරගනිමින් හුවමාරු වන විවිධ උපහාසාත්මක සහ අපහාසාත්මක සටහන් අතර, නොයෙකුත් අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු සහිත සමාජ ජාලා සටහන් ද දැකගන්නට ලැබෙනවා.

සමාජ ජාලා සටහන් 

අවසන් තරගය දක්වා අපරාජිතව සිට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරදා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලැබූ ලෝක කුසලාන ජයග්‍රහණය හමුවේ පකිස්තාන හිටපු ප්‍රබල ක්‍රීඩක වසීම් අක්‍රම් ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක්, රූපවාහිනී විකාශනයක් අතරතුර සතුටින් නර්තනයක යෙදෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වුණා.

Facebook | Archived

ඒ සම්බන්ධව පළවුණු අදහස් කිහිපයක් පහතින්.

මේ වීඩියෝව බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන ද තිබුණා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

Invid- We Verify තාක්ෂනය ඔස්සේ අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී අපට මෙහි මුල් වීඩියෝව සොයා ගැනීමට හැකිවුණා. එහිදී අපට දක්නට ලැබුණේ මෙම වීඩියෝව පසුගියදා අවසන්වූ ඉන්දීය - ඕස්ට්‍රේලියා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය හා සම්බන්ධ එකක් නොව, 2022 වසරේ අගභාගයේ පැවති 20-20 ලෝක කුසලානය හා සම්බන්ධ එකක් බවයි.

එම T20 ලෝක කුසලානයේදී නවසීලන්ත කණ්ඩායම පරදා එහි අවසන් තරගයට පකිස්තාන කණ්ඩායම සුදුසුකම් ලද අවස්ථාවේ සජීවීව තරගය නරඹමින් පටිගතකිරීම් මැදිරියක(Studio) සිටි වසීම් අක්‍රම් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ජයග්‍රහණය සැමරුවේ නර්තනයක යෙදෙමින්. The Pavilion Cricket Show නම් වැඩසටනක දී මෙම අවස්ථාව දැකගන්නට ලැබුණු අතර ඒ සම්බන්ධ වීඩියෝවක් පහලින්.

https://youtu.be/OWMasi_9PCY

ඒ සම්බන්ධයෙන් 2022 නොවැම්බරයේ පළවුණු ට්විටර් පණිවිඩයක් පහතින්.

https://twitter.com/Ruftaj/status/1590323766189752321

India Today වෙබ් අඩවිය මෙම සිදුවීම වාර්තා කර තිබුණේ මෙලෙසින්

2021 වසරේ 20-20 ලෝක කුසලානය අවස්ථාවේ දියත් The Pavilion Cricket Show නම් පකිස්තාන ක්‍රිකට් වැඩසටහන ආරම්භ කල අතර ,වසීම් අක්‍රම් ,සොයිබ් මලික්, වකාර් යුනිස් ඇතුළු හිටපු ප්‍රවීණ පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් සම්පත් දායකත්වය දක්වන මෙම වැඩසටහන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ද අන්තර්ජාලය ඔස්සේ නරඹන, ජනප්‍රිය වැඩසටහනක් බවට මේ වන විට පත්ව තිබෙනවා .ඒ සම්බන්ධ විස්තර මෙතනින් .

එසේම මේ වසරේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් තරඟය පිළිබඳව විචාර දැක්වීමට ද ඉහත ප්‍රබල හිටපු පකිස්ථාන ක්‍රීඩකයින් සමඟ මෙම වැඩසටහන පැවැත්වූ අතර තරඟයෙන් පසු පැවති විශ්ලේෂණය මෙතනින්. නමුත් මෙහි කිසිඳු අවස්ථාවකදී සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකාරයේ නර්තනයක් දක්නට ලැබෙන්නේ නැහැ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුවේ පකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක්, ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ ලද පරාජය හමුවේ නර්තනයේ යෙදෙමින් සිය සතුට පලකළ බවට සමාජ ජාලා වල වීඩියෝවක් මුලාශ්‍ර කරගනිමින් පළවන සටහන් සාවද්‍ය සහ නොමගයවනසුලු බවයි.

සැබැවින්ම මෙහි දැක්වෙන්නේ 2022 නොවැම්බර් මස T20 ලෝක කුසලාන අවසන් පුරවා තරගයක දී නවසීලන්තය පරදා අවසන් මහා තරගයට පකිස්ථානය සුදුසුකම් ලද අවස්ථාවේ, එම අවස්ථාව සමරමින්, The Pavilion Show නම් පකිස්ථාන ක්‍රීඩා වැඩසටහනේදී නර්තනයේ යෙදෙන හිටපු පකිස්ථාන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පිරිසකි.

Avatar

Title:ඉන්දියාව ලෝක කුසලාන අවසන් තරගයේ ලද පරාජය සමරනමින් හිටපු පකිස්ථාන ක්‍රීඩකයින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් ද?

Written By: Fact Crescendo Team

Result: False