දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජනතා ආදරය දිනාගත් ගායකයෙලු ලෙස ප්‍රසිද්ධියක් උසුලන, ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දෙසැම්බර් මස මුල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවතී සංගීත ප්‍රසංගයකට සහභාගී වුයේ අතිමහත් ජනතා ප්‍රසාදය සමගින්.

එම උණුසුම වියැකෙන්නටත් ප්‍රථම එම අසහය ගායකයා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ පුවත සමගින් සියලු රසිකයන්ට ඉමහත් කණගාටුවට පත් වුණා. ඔහුගේ සුවදුක් විමසීමට වැල නොකැඩී ජනතාව රෝහල කරා පැමීණීම හේතුවෙන් රෝහල් කාර්යමණ්ඩලයට ද, ජනතාව දැනුවත් කරමින් එසේ නොපැමිණෙන ලෙසට දැනුම් දෙන්නට සිදු වූවා.

මේ අතරතුර චාමර වීරසිංහ මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වූ අතර එහි නිරවද්‍යතාව විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබීය.

සමාජ මාධ්‍ය සටහන් :

චාමර වීරසිංහ ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන් ම මෙම පණිවිඩය WhatsApp ඔස්සේ හුවමාරු වී තිබුණේ දෙරණ මාධ්‍ය ධාරාව විසින් පළ කරන ලද ප්‍රවෘත්ති SMS සේවාව මගින් සපයන ලද පුවතක් ලෙසින්.

YouTube ඔස්සේ වීඩියෝවක් ද, පළ වී තිබුණේ මෙලෙසින්.

කලාකරුවෙකු මෙන් ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි මහතා විසින් චාමර වීරසිංහ මහතාගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් සිරස News1st නිල වෙබ් පිටුවේ පළ කරන ලද පුවතක් ලෙසින් සංසරණය වූ සටහනක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මේ අයුරින්.

Facebook | Archived Link

මෙම සටහන තුළින් ද, චාමර වීරසිංහ මහතා මිය ගිය බවටත්, ඔහුගේ දේහය දැඩි සත්කාර ඒකකයේ තබා ජීවිතය දෙන බවට සුදත්ත තිලකසිරි පැවසූ බවට බොහෝ දෙනෙකු උපකල්පනය කරමින් මෙම සටහන සඳහා ෆේස්බුක් පරිශීලකයින් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

ඉහත සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂාවක් සිදු කළ අතර එවැනි පුවතක් වාර්තා වී නොතිබුණු බවට තහවුරු කර ගත්තෙමු.

ඒ අනුව, චාමර වීරසිංහ මහතා ට සුවය පතා ඊයේ(22) දින බෙල්ලන්විල රජමහා විහාරයේ සිදු කළ ආශිර්වාද පූජාව සඳහා චාමර වීරසිංහ මහතාගේ පවුලේ සාමාජිකයින් සමග ප්‍රධාන වශයෙන් කටයුතු සංවිධානය කළ, හිටපු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න මහතාගෙන් අප චාමරගේ සෞඛ්‍ය තත්ත්වය විමසා සිටියා. ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන චාමර වීරසිංහ ජීවිතක්ෂයට පත්වූ පුවත අසත්‍ය බවත්, චාමර වීරසිංහ කෙමෙන් කෙමෙන් සුවය ලබමින් සිටින බවයි. කෙසේ වෙතත් ඔහු තවමත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා නිරෝශන් ප්‍රේමරත්න අපට තහවුරු කර සිටියා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරන්නේ, පසුගිය 17 වන දා ඇති වූ ශ්වසන ආබාධයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා ඇතුළත් කළ බවයි.

ඔහුට මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වය පවතින බවත් ඔහුට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බවත්, ඔහු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු බැවින් ටික කලක් රෝහල්ගතව සිටින්නට සිදුවනු ඇති බවත් ඇය තවදුරටත් පවසා තිබුණා. මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා පළ කළ වාර්තාවක් මෙතනින්.

එමෙන් ම කලාකරු සුදත්ත තිලකසිරි මහතා විසින් චාමර වීරසිංහ මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගැනීම වීවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කර ඇත් ද යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, News1st නිල ෆේස්බුක් පිටුව හරහා ද, Talk With Sudaththa ෆේස්බුක් පිටුව හරහා ද, පරීක්ෂා කළත්, එවැනි ප්‍රකාශයක් පිළිබඳ කිසිදු සඳහනක් අපට දැක ගන්නට නොලැබුණි.

Talk With Sudaththa ෆේස්බුක් පිටුව හරහා මීට පෙර පළ වී තිබූ සුදත්ත මහතාගේ ඡායාරූපයක් බවට පමණක් දැක ගන්නට ලැබුණේ මෙලෙසින්. Archived Link

කෙසේ වෙතත් අප මේ පිළිබඳව සුදත්ත තිලකසිරි මහතාගෙන් විමසීමක් කොට මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

එමෙන්ම, චාමර වීරසිංහ මහතා සුව කිරීමට මුදල් අවශ්‍ය බවට පවසමින් මුදල් එකතු කිරීමේ වංචනික ක්‍රියාවක් ද, සිදු වන බවට ත්, ඒ අයුරින් කිසිදු අරමුදලක් එකතු කිරීමේ කටයුත්තක් සිදු නොවන බවට සඳහන් කරමින් ඔහුගේ නිල ෆේස්බුක් පිටුව මගින් එහි ඇඩ්මින්වරයා ද, දැනුවත් කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ජනප්‍රිය ගායක චාමර වීරසිංහ මහතා ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. ඒ බවට එම රෝහලේ අධ්‍යක්ෂිකා මෙන් ම, ඔහුගේ හිතමිත්‍රාදින් විසින් තහවුරු කරනු ලබයි.