දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
වසර කිහිපකකට පෙර සිට, ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ, රටේ ඩොලර් සංචිත අඩු වීම වැලැක්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් වාහන ආනයන තහනම් කිරීමට රජය පියවර ගත්තා. විවිධ භාණ්ඩ සඳහා පනවා තිබූ ඇතැම් ආනයන සීමා වරින් වර ඉවත් කෙරුණත්, වාහන සඳහා පවතින ආනයන සීමා, අද දක්වාම නොවෙනස්ව පවතිනවා.
නමුත් මෑතකාලීනව සිදුවූ සමාජ කතාබහ ඔස්සේ රටේ ආර්ථික තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ උපායමාර්ගික උත්සාහයක් ලෙස, මෙම වාහන ආනයන තහනම තරමක් දුරට ලිහිල් කිරීම පිළිබඳව රජය සලකා බලමින් සිටිනවා. මේ සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් වල සත්‍ය අසත්‍යතාවය විමර්ෂණය කිරීමට අප පියවර ගත්තා.
සමාජ මාධ්‍ය සටහන්:
එන්ජින් ධාරිතාවය 1000cc සහ 1300cc අතර වන සැහැල්ලු වාහන ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය අවසර දීමට කටයුතු කරන බව ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පෙන්වා දෙනවා.
ඇතැම් පුවත්පත් වැනි, සමහර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා මීට සමාන පුවත් පල කර තිබුණා, ඒ පිළිබඳව මෙතනින්. Archived Link
ෆේස්බුක් සමාජ මාධ්‍යයේද මීට සමාන පලකිරීම් අපට සොයා ගැනීමට හැකි වුණා.

ඒ අනුව මේ පිළිබඳව කරුණු විමර්ෂණයක් සිදු කිරීමට අපි තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ෂණය):
මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය:
2024 ජනවාරි 8 වනදා කොළඹ පිහිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ පිළිබඳව කරුණු දැක්වූවා. මෙහිදී එතුමා පැහැදිලිව ප්‍රකාශ කළේ නිශ්චිත පරාසයක එනම් 1000cc සහ 1300cc අතර එන්ජින් ධාරිතාවක් සහිත වාහන ආනයනය කිරීම සඳහා රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. නමුත් මේ සම්බන්ධව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව එතුමා පෙන්වා දෙනවා. කෙසේ නමුත් මෙම කමිටුවේ වාර්තාව ඉදිරියේදී ලැබීමට නියමිත බවත්, එතෙක් කිසිදු තීරණයක් නොගන්නා බවත් එතුමා පැවසුවා. ඒ අනුව ඉදිරිපත් කර ඇති කරුණු අර්ධ වශයෙන් සත්‍ය වෙනවා.
කමිටුවක් පත් කිරීම:
අමාත්‍යවරයාගේ ඉහත ප්‍රකාශයෙන් පෙන්වා දෙන පරිදි මේ පිළිබඳව සොයා ගැනීමට කමිටුවක් පත් කර තිබීමෙන් පෙනී යන්නේ, කිසිදු තීරණයකට රජය එල්බ නැති නමුත්, රජය මේ පිළිබඳව සක්‍රියව සලකා බලමින් සිටින බවයි.
රජයේ අරමුණ:
දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙම ආනයන සීමාවන් පවත්වා ගැනීමට රජයට අවශ්‍ය නොවන නමුත්, මෙම ආනයන සීමාවන් ඉවත් කිරීම සඳහා ඉක්මන් සැලැස්මක් රජයට නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඒ අනුව, මෝටර් රථ ආනයන සීමා ඉවත් කිරීම ඉදිරි අනාගතයේදී සිදු වනු ඇති නමුත්, මෑත අනාගතයේදී මෙය සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි,
අමාත්‍යවරයාගේ මාධ්‍ය හමුව පහතින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
2024 ජනවාරි 8 වනදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අනුව 1000cc සහ 1300cc අතර එන්ජින් ධාරිතාවයක් සහිත සැහැල්ලු වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. නමුත් මේ සම්බන්ධව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Title:ශ්‍රී ලංකා රජය මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවසර දීමට තවමත් තීරණය කර නැහැ!
Written By: Fact Crescendo teamResult: Missing Context
