දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගියදා ඉන්දුනීසියාවේ බාලි නුවරදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊලොන් මස්ක් අතර පැවති හමුවෙන් පසු ‍ඔවුන් අතර සිදු ක‍‍ළ සාකච්‍‍‍ඡා ඔස්සේ ගත් ත‍ීන්දු තීර‍ණ ලෙස සඳහන් කරමින් සමාජ මා‍‍‍‍‍‍ධ්‍ය ඔස්සේ නොයෙකුත් නොයෙකුත් නො මග යවන සු‍‍ළු සටහන් සංසර‍ණය වු‍ණා. එවැනි සටහනක නිරවද‍්‍යතා ව සොයා අප සිදු ක‍ළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ශ්‍රී ලංකාවේ දේශපාලකයෙකු තමාට "ආර්ථික අපරාධකරුවෙකු" ලෙස ලේබල් කිරීම හේතුවෙන් තමන් කම්පනයට පත් වූ බව ඊලොන් මස්ක් ප්‍රකාශ කළ බව පවසමින් පසුගියදා සමාජ මාධ්‍ය ‍ඔස්සේ සටහනක් පළ වුණා. සුනිල් හඳුන්නෙත්ති මහතා සිදු කළ චෝදනා වට පිළිතුරු දෙමින් ඊලොන් මස්ක් එලෙසින් ප්‍රකාශ කළ බවයි ඉන් අඟවා තිබුණේ. ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය සහ වෙබ් ප්‍රවෘත්ති නාලිකාවක් වන "දසත" නිල ‍ෆේස්බුක් පිටුවේ මෙම පුවත පළ කළ බවට ඇතැම් සටහන් පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

FB | Archived

මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනය සිදු කිර‍ීමට පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා/ ඊලෝන් මස්ක්ගේ සමාජ මාධ්‍ය ගිණුම්

ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් මෙරට දේශපාලඥයෙක් විසින් තමන් ආර්ථික ඝාතකයෙක් ලෙස හැඳින්ව‍ීම සම්බන්ධයන් පිළිතුරු ලබා දුන් බවට ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා අප ප්‍රථමයෙන් පරීක්ෂාවක් සිදු කළා. නමුත් එවැනි සමාජ මාධ්‍ය සටහනක් පළ වී නොතිබුණු අතර ඊලෝන් මස්ක් විසින් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳව ද, අප විමර්ශනය කළ මුත් එවැනි පුවතක් ද, අපට දැක ගන්නට නොලැබුණි.

‘දසත’ පුවත්

‘දසත’ පුවත් නිල ෆේස්බුක් පිටුවේ හෝ ඔවුන්ගේ නිල වෙබ් අඩවියේද, ඉහත සඳහන් අයුරින් පුවතක් පළ වී නොමැති හෙයින් අප ඒ පිළිබඳ ව දසත ප්‍රවෘත්ති කර්තෘගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ද, එවැනි පුවතක් පළ කර නොමැති බව ත්, එය එම පුවත් ආයතනයේ ලාංඡනය ආකෘති අවභාවිත කරමින් වෙනත් පාර්ශවයක් විසින් අසත්‍ය තොරතුරක් සමාජ ගත කර ඇති බවයි.

පසුබිම් කතාව

ජාතික ජන බලය (NPP) විධායක කමිටු සාමාජිකයෙකු වන සුනිල් හදුන්නෙත්ති මහතා විසින් පසුගිය මැයි 28 වන දා බදුල්ලේ පැවති ව්‍යාපාරික හමුවකදී “ඊලෝන් මස්ක් වැනි හාදයන් සහ ජේම්ස් ෆැකර් හා ජෝර්ජ් සොරෝස් වැනි ආර්ථික ඝාතකයන්, ආර්ථික මංකොල්ල කරුවන්” මෙරටට ගෙන්වන බවට එහිදී සඳහන් කරනු ලැබුවා. එම අවස්‍ථාව මෙතනින්.(10.27 සිට)

ඊලොන් මස්ක් සම්බන්‍‍‍‍‍‍‍‍ධයෙන් තමන් සිදු කළ ප්‍රකාශය වෙනස් විදියට අර්ථකතනය කර ඇති බවත්, සඳහන් කරමින් තමන් ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් බවට හැඳින්වූයේ නැති බවත්, ජේම්ස් ෆැකර් හා ජෝර්ජ් සොරෝස් වැන්නවුන් එලෙසින් ආමන්ත්‍රණය කළ බවත්, කෙසේ වෙතත් ඊලෝන් මස්ක් ට ‘හාදයා’ ලෙසින් හැඳීන්වීම සම්බන්ධයෙන් තමන් සිය කණගාටුව පළ කරන බවත්, ඔහු සඳහන් කර තිබුණේ මෙලෙසින්. මේ හේතුවෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කර ඇති බවට පැවසිය හැක.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

එලොන් මස්ක් "ආර්ථික අපරාධකරුවෙකු" ලෙස නම් කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඔහු කම්පනයට පත් වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවූ පළ කිරීම් අසත්‍ය වේ. මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා, Elon Musk ගේ සමාජ මාධ්‍ය ගිණුම් හෝ ජාත්‍යන්තර මාධ්‍ය ඇතුළු විශ්වාසදායක මූලාශ්‍රවලින් කිසිදු සාක්ෂියක් හමු නොවන අතර මෙම පුවත පළ කළ බවට දක්වා තිබූ මෙරට මාධ්‍ය ආයතනය ද, තහවුරු කළේ, එම ආයතනය විසින් එවැනි පුවතක් පළ කර නොමැති බවයි.

Avatar

Title:හදුන්නෙත්තිගේ ප්‍රකාශය හේතුවෙන් තමා කම්පනයට පත් වූ බව ට ඉලෝන් මස්ක් ප්‍රකාශයක් සිදු කර නැහැ!

Written By: Fact Crescendo Team

Result: False