දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමගි ජන බලවේගයේ (SJB) සහ විපක්ෂ නායක වන සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ඔහු විසින් සිදු කරන ප්‍රකාශයන්ට වෙනත් අර්ථකතන ලබාදෙමින්, නොමග යන සුළු අන්දමින් නිර්මාණය වන සමාජ මාධ්‍ය සටහන් පෙළක්ම පසුගිය කාලයේ සීග්‍රයෙන් සංසරණය වනු ලබනවා. එලෙසින් සංසරණය වූ වීඩියෝවක සත්‍යතාවය සොයා අප සිදු කඛ කරුණු පර‍ීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ව‍ීරකැටිය රාජපක්ෂ විද්‍යාලය ගොඩ ගැනීමට උපකාර පංති පැවැත්වීමට සූදානම් බවට දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශයක් සිදු කරන බවට දක්වමින් වීඩියෝවක් සංසරණය වුණා.

FB | Archived

මේ පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

විපක්ෂ නායකවරයා විසින් සත්‍ය වශයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප පර‍ීක්ෂා කළ අතර එවැනි ප්‍රකාශයක් දැක ගන්නට නොලැබුණි.

රටේ විපක්ෂ නායක වරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ නම්, දේශපාලනික වේදිකාව තුළ මෙය උණුසුම් මාතෘකාවක් වන බැවින් මේ පිළිබඳ වෙනත් පක්ෂ නියෝජිතයින් විසින් ප්‍රකාශයක් සිදු නොකර ඇති බවට ද අප කළ විමර්ශනයේදී තහවුරු වුණා.

මේ හේතුවෙන් අප ඉහත වීඩියෝව පිළිබඳ පර‍ික්ෂා කිරීමේදී අනාවරණය වූයේ, ඉහත වීඩියෝට පාදක වී තිබුනේ, මෑතක දී මැදමුලන වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ අවස්ථාවක් බවයි.

මැයි මස 30 වැනිදා මෙහිදී විපක්ෂ නායක සිදුකළ සම්පූර්ණ කතාව වෙත අපගේ අවධානය යොමු කිරීමේදි පැහැදිලි වූයේ ඉහත සමාජ මාධ්‍ය වීඩියෝව, සම්පූර්ණ මුල් වීඩියෝවේ කොටස් තැනින් තැන ගෙන වෙනත් අර්ථකථනයක් ලබා දීමට සංස්කරණය කර ඇති බවයි.

මෙම වීඩියෝවේ සජිත් ප්‍රේමදාස මහතා ජාතික ජන බලවේගය (NPP) පක්ෂය විවේචනය කරමින් පවසන්නේ, එම පක්ෂයේ නිසි ආර්ථික ප්‍රතිපත්ති සහ විශේෂඥයන් නොමැති බවයි. එමෙන්ම ඒ මහතා තව දුරටත් උපහාසාත්මක ස්වරූපයෙන් සඳහන් කරන්නේ, තම පක්ෂය වන සමගි ජන බලවේගයට (SJB) ජාතික ජන බල වේගයේ සමාජිකයින් ට ආර්ථික විද්‍යාව පිළිබඳ උපකාරක පන්ති පැවැත්විය හැකි බවයි. මෙම ප්‍රකාශය සඳහන් කරන්නේ උපහාසාත්මක ස්වරූපයෙන් NPP සාමාජිකයින්ට මිස රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හෝ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලොයේ සිසුන්ට උපකාර පවත්වන බවට නොවේ. එම අවස්ථාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් සඳහා පසුබිම

සජබ (SJB) සහ ජාජබ (NPP) දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් පසුගිය සමයේ දැඩි කතා බහට ලක්වු‍‍‍ණා. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ විවාද පමණක් සිදුවන බවක් දැක ගන්නට ලැබේ.

මෙම විවාදයට පහසුකම් සැපයීමට ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක්ම කැමැත්ත පළ කර තිබෙන අතර, එය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්විය යුතු බවට සමගි ජන බලවේගය යෝජනා කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

මේ අතර විවාදය සඳහා සජීවී මාධ්‍ය ආවරණය ලබාදීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සූදානම් බවට ලිඛිතවම අදාළ පක්ෂ නායකයින් දෙදෙනා වෙත දැනුම් දීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු කළ බවත්, ජුනි මස 06 වන දා සජිත් – අනුර විවාදයට ITN HD මැදිරිය සූදානම් බව එම මාධ්‍ය ආයතනය පළකර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

සජිත් ප්‍රේමදාස මහතා විසින් NPP නායකයින්ට ආර්ථිකය සම්බන්ධයෙන් ඉගැන්වීමට උපකාර පංති පවත්වමින් සහය ලබා දීමේ හැකියාව පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් සිදුකළ කතාවක කොටස් කිහිපයක් සංස්කරණය කරමින් නොමග යන සුළු අන්දමින් මෙම වීඩියෝන නැවත නිර්මාණය කර තිබුණා.

Avatar

Title:ව‍ීරකැටිය රාජපක්ෂ විද්‍යාලය ගොඩ නැගීමට උපකාර පංති පවත්වන බවට ප්‍රකාශයක්, සජිත් ප්‍රේමදාස සිදු කළා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Altered