ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් දිනුවොත් තමන් අගමැති බව රවී කරුණානායක පැවසුවාද ? 

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට සියලු සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන තොරතුරු රැල්ලක් දක්නට ලැබේ. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ නිවැරදි සහ විශ්වාසදායක තොරතුරු සහතික කිරීම වෙන කවරදාටත් වඩා තීරණාත්මක වේ.

සමාජ මාධ්‍ය පළ කිරීම් 

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, තමන් අගමැති වන බව, හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක ප්‍රකාශ කළ බව දක්වන සටහන් පෙළක් ෆෙස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වුණා. මෙම ප්‍රකාශය, පුවත්පත් වාර්තාවකින් ලබාගත් ස්ක්‍රීන් ෂොට් එකක් ලෙස නිර්මාණය කර තිබුනේ මෙලෙසින්.

FB | Archived 

අපි මේ ගැන කරුණු පරීක්‍ෂාවක් සිදු කිරීමට තීරණය කරනු ලැබුවා .

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම

එවැනි ප්‍රකාශයක් කිසියම් ප්‍රවෘත්තියක හෝ සමාජ මාධ්‍ය ප්‍රවාහයක පළ වී ඇත්දැයි සොයා බැලීමක් සිදු කළද, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට  සඳහනක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

එසේම, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළ පුවත්පත් මුල් පිටුවකින් උපුටා ගත් ආකාරයක් ඒත්තු ගන්වා තිබු බැවින්, ජූලි අවසාන සතියේ සිට අගෝස්තු පළමු සතිය දක්වා ශ්‍රී ලංකාවේ සියලුම සිංහල භාෂා ජාතික පිටු වල මුල් පිටු පරීක්ෂාවක් සිදු කිරීමට අප උත්සුක වුණා. කෙසේ වෙතත්, ඉහත දක්වා ඇති ආකාරයේ කිසිදු පුවත්පත් වාර්තාවක් සොයාගැනීමට ලැබුනේ නැහැ.

පුවත්පත් කතුවරුන්ගේ  පැහැදිලි කිරීම්

එසේම සමාජ මාධ්‍ය පොස්ට් හි යොදා ගෙන තිබු අකුරු පෙළ (ෆොන්ට් එක)  මව්බිම පුවත්පතේ ෆොන්ට් එකට සමාන බැවින්, අප කර්තෘවරයා සම්බන්ධ කර ගත් අතර ඔහු ද එවැනි ලිපියක් හෝ ප්‍රකාශයක් තම පුවත්පතේ පළ වී නොමැති බව තහවුරු කළේය.

රවී කරුණානායක මහතාගේ  ප්‍රකාශය

අප කළ විමසීමකදී රවී කරුණානායකගේ මාධ්‍ය සම්බන්ධීකාරක චානක සිරිවර්ධන ද තහවුරු කර සිටියේ, ෆෙස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද අසත්‍ය සටහනක් බවයි. 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් අග්‍රාමාත්‍යවරයා වීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා එවැනි කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවද ඔහු පැහැදිලි කළේය.

පසුබිම් සන්දර්භය

රවී කරුණානායක මහතා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ට සක්‍රීයව දායක වී සිටීම මෙවැනි ව්‍යාජ සමාජ ජාලා සටහන්  නිර්මාණය වීමට  එක් හේතුවක් ලෙස සැලකිය හැකිය.

තවද මේ පිළිබඳව වැඩිදුර පරික්ෂාවේ දී අපට දැක ගන්නට ලැබුනේ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සම්බන්ධයෙන් ද මේ හා සමාන පුවත්පත් ආකෘතියක්ම යොදා ගත තවත් සමාජ ජාලා සටහනක් කිහිපයක් හුවමාරු වී තිබු ආකාරයයි.

මෙම සටහන්වලින්  පෙන්නුම් කිරීමට උත්සාහ කර තිබුණේ  ඉදිරි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බව වජිර අබේවර්ධන සඳහන් කර ඇති බවයි.

Archived

කෙසේ වෙතත්, කරුණු සෙවීමේදී , අපට කිසිදු ප්‍රධාන ධාරාවේ පුවත්පතක, මේ ආකාරයේ පුවත්පත් වාර්තාවක් මෑතක දී පළවී තිබුනේ නැති අතර හෝ එම නම සහිත මාධ්‍යවේදියෙකු සොයා ගැනීමට නොහැකි විය- වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය ද ඔහු එවැනි ප්‍රකාශයක් කිරීම ගැන පළ වන ප්‍රකාශ අසත්‍ය බව පැවසිය .

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සදහන් කර තිබුණේ ,තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස සහ තමන් ජයග්‍රහණය කළහොත් සියලුම දේශපාලන පාර්ශවන් සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Read in English: Ravi Karunanayake Said That He Would Be Prime Minister if Ranil Wins the Upcoming Presidential Election? Find out the facts…

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

නිගමනය

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් තමන් අගමැති වන බවට රවී කරුණානායක මහතා ප්‍රකාශ කළ බවට කෙරෙන ප්‍රකාශය අසත්‍යයක් බවයි.

මෑත කාලීන පුවත්පත් ප්‍රකාශනයක ද මෙම ප්‍රකාශය සනාථ කිරීමට සාක්ෂි නොමැති අතර රවී කරුණානායකගේ මාධ්‍ය ඒකකය ඔහු එවැනි ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

Avatar

Title:ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් දිනුවොත් තමන් අගමැති බව රවී කරුණානායක පැවසුවාද ?

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply