දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රුධිර පාරවිලයනය යනු ලංකාව තුල නිතර සිදුවන ක්‍රියාවලියක්.මෙහිදී සිදුවන්නේ රුධිරය පරිත්‍යාග කිරීමට කැමති රුධිර පරිත්‍යාගශීලින් විසින් පරිත්‍යාග කරන රුධිරය, සිරුරට රුධිරය අවැසි ගිලන් පුද්ගලයන්ට ලබාදීමයි.රුධිරය පරිත්‍යාග කරන වැඩසටහන් ආදිය සදහා සමාජ ජාලා මගින් ඉමහත් ප්‍රචාරයක් ලබාගන්නා ආකාරය දැකගත හැකියි.කෙසේ වෙතත් සමාජ ජාලාවල වල පැතිරෙන ඇතැම් ප්‍රචාර නිසා රුධිර පරිත්‍යාගශීලින් මෙන්ම රුධිරය ලබාගන්නා රෝගීන්ද අපහසුතාවයන්ට හෝ අධෛර්යමත කිරීමට ලක්වන අවස්ථාද දැකගත හැකියි.මේ එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන් මගින් හැගවිමට උත්සාහ කරන්නේ රුධිරය පරිත්‍යාග කරන අවස්ථවලදී ගත් රුධිර පරික්ශාවලදී,කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් ඒඩ්ස් රෝගීන් 1700 ක් පමණ හමුවූ බවයි.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check සත්‍ය කරුණු විමසා බැලීම
අප මුලින්ම විමසා බැලුවේ සමාජ ජාලාවල සදහන් ආකාරයේ පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක වාර්තා කර ඇතිද යන කාරණයයි.එහිදී අපට දක්නට ලැබුණේ සමාජ ජාලාවල දැක්වෙන අපැහැදිලි පුවත් සටහන ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් වන දිනමිණ පුවත්පතට අදාළ වන්නක් බවයි.එම පුවත පහත පරිදියි.
රුධිර පාරවිලයන කටයුතුවලදී පමණක් පසුගිය වසරේදී ඒඩ්ස් ආසාදිතයන් 1327 දෙනකු මෙරටින් අලුතින් වාර්තා වී ඇති බව වයඹ පළාත් ඒඩ්ස් මර්දන කමිටුවේ ලේකම් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේය. ජාතික ඒඩ්ස් මර්දන දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද වයඹ පළාත් ඒඩ්ස් මර්දන වැඩසටහනට සහභාගි වෙමින් වෛද්‍ය හතුරුසිංහ මහතා මේ තොරතුරු සඳහන් කළේය.
වයඹ පළාත් සභාවේ ලිච්ඡවී ශාලාවේදී පැවති මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා සහභාගි විය. දිවයිනේ ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනක් සඳහා පළාත් ආණ්ඩුකාරවරයකු සහභාගි වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හතුරුසිංහ මහතා,
“පසුගිය 2023 වසරේදී දිවයිනේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය සීයට 27කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම රෝගයට වයස අවුරුදු 15 සිට 29 දක්වා වයස්වල තරුණයන් ගොදුරු වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව පේනවා. පසුගිය දෙදහස් තුන වසරේ සිට එච්අයිවී ඒඩ්ස් රෝග ව්‍යාප්තිය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. රුධිර පාරවිලයන කටයුතුවලදී පමණක් මෙවැනි ආසාදිතයන් 1327ක් හඳුනාගෙන තිබෙනවා. වසර 2030දී මෙම රෝගය තුරන් කිරීම සඳහා අප හඳුනාගත්තු ක්‍රමවේදයක් තිබෙනවා. පළමු අවස්ථාවේදීම අපි රෝගය හඳුනාගත්තොත් මේ රෝගීන්ගෙන් සීයට 95ක් පමණ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අපට හැකියාව තිබෙනවා. මේ රෝගීන්ගෙන් සීයට 95ක්ම රෝගී වයිරසය බින්දුව බවට පත් කර ගත්තොත් අපට සාර්ථක වෙන්න පුළුවන්. නමුත් අපි මෙවැනි රෝගීන් හඳුනා ගැනීමේදී අප ඉන්නේ සීයට 82ක පමණ සීමාවකයි. ඒඩ්ස් රෝග ආසාදිතයන් පමණක් නොවෙයි උපදංශය වැනි සමාජ රෝගවලට ගොදුරුවූවන් ද රුධිර පාරවිලයන කටයුතුවලදී හමුවී තිබෙනවා. වෛද්‍ය වෘත්තිකයන් විදිහට මේ රෝග තත්ත්වයන් වළක්වා ගැනීමට කොපමණ මහන්සි ගත්තත් වැඩක් නැහැ, ඒ සඳහා අවශ්‍ය දේශපාලන සහාය නොලැබෙනවා නම්. මෙවැනි වැඩසටහනක් සාර්ථක කර ගැනීමට නම් ඒ සඳහා දේශපාලන සහාය ද අවශ්‍යමයි.
වයඹ ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න, වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් ඩී.එච්.එම්.එන්.පී දසනායක, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහතා ද අදහස් දැක්වීය. කුලියාපිටිය, හලාවත රෝහල්වල අධ්‍යක්ෂවරුන්, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්, උසස් පොලිස් නිලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන අංශයේ උසස් නිලධාරීන්, ඒඩ්ස් මර්දන නිවාරණ කටයුතු සඳහා ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයන්හි නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම පුවතේ දැක්වෙන්නේ සමස්ත රටෙහිම සිදු කරන ලද රුධිර පාරවිලයනය කටයුතුවලදී ඒඩ්ස් රෝගීන් 1327 දෙනෙක් 2023 වසර තුලදී හදුනාගත් බවයි.ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ ජාලා සටහන්වල සදහන් ආකාරයට 2023 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය තුලදී පමණක් 1327 දෙනෙක් රුධිර පාරවිලයනය කටයුතුවලදී හදුනාගත් බවට වන ප්‍රකාශ සාවද්‍ය බවයි.
මේ පිලිබදව අප වැඩිදුර තොරතුරු ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් විමසු අතර ඔවුන් තහවුරු කළේ, මෙම සංඛ්‍යාව සමස්ත ම රටේම සංඛ්‍යාව බව ත්, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පමණක් නොවන බවයි.
මේ සම්බන්ධයෙන් අප ජාතික රුධිර පාරවිලයන සේවයෙන්ද අප විමසා බලන ලදී. ඔවුන් පැවසුවේ මෙම සමාජ ජාලා සටහන් මගින් අනවශ්‍ය බියක් රුධිර දායකයන් අතර මෙන්ම පරිග්‍රාහකයන් අතර ඇති කර ඇති බවයි.ඔවුන් පැවසුවේ සියලු උපකරණ ජීවානුහරණය කර ඇති නිසා රුධිර දායකයන් ට රුධිරය පරිත්‍යාග කරන මධ්‍යස්ථාන වලදී ඒඩ්ස් වෛරසය වැළදීමේ අවදානමක් නොමැති බවයි.එමෙන්ම රුධිර දායකයන්ගෙන් ලබාගත් රුධිරය ,ප්‍රතිග්‍රාහකයන්ට ලබාදීමට පෙර පරීක්ෂණවලට ලක්කරන බවත්, ඒ අනුව HIV වෛරසය සදහා ද පරික්ෂාවට ලක්කර රුධිරයේ අදාල වෛරසය පවතින බව තහවුරු වුවහොත් රෝගීන්ට අදාළ රුධිරය ලබානොදෙන බවත් ඔවුන් පැවසුවා.ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරේ මෑතකාලීනව රුධිර පාරවිලයනය තුලින් ඒඩ්ස් වැළදුණු හෝ HIV ආසාදිත රෝගියෙක් ජාතික රුධිර පාරවිලයන සේවයට හමු නොවූ බවයි.
පර්යේෂණ පත්‍රිකාවල ඇති කරුණු
කෙසේ වෙතත් සමහර පර්යේෂණ පත්‍රිකාවල දැක්වෙන්නේ HIV ආසාදිත පුද්ගලයෙක්ගේ රුධිරය පරිත්‍යාග කිරීම හරහා සිදුකරන පරීක්ෂණවලට හසු නොවී යම් රුධිර පරිග්‍රාහකයෙක්ට HIV ආසදනයවී ඒඩ්ස් රෝගය වැළදීමේ සම්භාවිතාවක් පවතින බවයි.ඒ පිලිබදව කරුණු විමසා බලමු .
ඒ අනුව ආසාධිත රුධිර දායකයෙක්ගේ රුධිරයෙන් ප්‍රතිග්‍රහකයෙක්ගේ රුධිරයට වෛරසය අසාදනය වීමට සාධක ගණනාවක් හේතු විය හැකියි.ඒවා නම් ,
ඒවා නම් ,
- රුධිර දායක ප්‍රජාව තුල පවතින HIV සුලබතාව
වෛරසය සුලබව පැතිර ඇති ප්‍රජාවක් තුලින් පැමිණෙන රුධිර දායකයන් ගේ රුධිරයේ වෛරසය පැවතීමේ වැඩි ප්‍රවනතාවයක් පවතී.
- වෛරසය සදහා දේහය නිසි ආකාරව ප්‍රතිදේහ නිපදවා නැති රුධිර දායකයෙක් විසින් සිදු කරන රුධිර දන්දිමකදී
වෛරසය සදහා දේහය නිසි ආකාරව ප්‍රතිදේහ නිපදවා නොමැති අවස්ථාවලදී හෝ පරීක්ෂණයේ සංවේදීතාවය අනුව ප්‍රතිදේහ හදුනාගත නොහැකි තත්ත්වයන් යටතේ ආසාදිත දායකයෙක්ගේ රුධිරය ප්‍රතිග්‍රාහකයා වෙත ඇතුල් විය අහක.
- ප්‍රතිදේහ හදුනාගැනීම සදහා සිදුකරන පරීක්ෂණයේ සංවේදීතාවය
කිසිදු පරීක්ෂණයකින් 100% නිවරදිතාවයකින් යුක්තව ප්‍රතිදේහ හදුනාගැනීම සිදුකල නොහැක .එවන් අවස්ථාවක පරීක්ෂණයේ සංවේදීතාව අනුව දායකයාගේ රුධිරයේ වෛරසය සදහා ඇති ප්‍රතිදේහ හදුනා නොගැනීම ඔස්සේ ප්‍රතිග්‍රහකයට රුධිරය ලබාදීමේ කිරීමේ හැකියාවක් ඇත
- ප්‍රතිග්‍රාහකයා විසින් ලබාගන්නා රුධිර ඒකක ප්‍රමාණය
ප්‍රතිග්‍රාහකයා මගින් ලබාගන්නා රුධිර ප්‍රමාණය මත ,එම රුධිරයට වෛරසය ආසධිතව ඇත්නම් කෙතරම් වෛරස ප්‍රමාණයක් රුධිරයට ඇතුළු වනවාද යන කරුණ තිරනයවේ
ඒ සම්බන්ධයෙන් වන පර්යේෂණ පත්‍රිකා දෙකක් කියවිය හැකියි මෙතනින් සහ මෙතනින්
ඒ අනුව පැහැදිලි වන කාරණය නම් කොතරම් ආරක්‍ෂිත ක්‍රම වේද ඔස්සේ වුවත් රුධිර පාරවිලයනය ඔස්සේ HIV වෛරසය රුධිරයට ඇතුළු වීමේ හැකියාවක් පවතින බවයි.නමුත් එවන් සිදුවීම් ඉතා විරල අතර සුලබව සිදුවන කරුණු කරණා නොවේ.
බොහෝ දෙනා තවත් අවධානය යොමුකරන කාරණයක් වන්නේ රුධිරය පරිත්‍යාග කරන අවස්ථාවලදී භාවිතා කරන සිරින්ජ ආදිය මගින් මෙම වෛරසය රුධිරයට ආසාදනය විය හැකිද යන කාරණයයි.සත්‍ය වශයෙන්ම එය එසේ සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත්ම අඩුයි.එයට හේතුව වන්නේ ඒ සදහා භාවිතා කරන උපකරණ ආදිය බොහෝ අවස්ථාවලදී ජීවානුහරණය කිරීමෙන් අනතුරුව භාවිතා කිරීම සහ එක රුධිර දායකයෙක්ගෙන් රුධිරය ලබාගැනීමට භාවිතා කරන උපකරණ ජීවානුහරණය කිරීමෙන් තොරව වෙනත් රුධිර දායකයෙක්ගෙන් රුධිරය ලබාගැනීමට භාවිතා නොකිරීමයි.ඒ සම්බන්ධ විස්තර මෙතනින්
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
