දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මේ දිනවල සමාජයේ කතාබහට ලක් වුණු පුවතක් වුණේ, ජාතික ජන බලවේගයට අයත්වන ප්‍රශ්න කිහිපයක් පාසල් වාර විභාගයක ප්‍රශ්න පත්‍රයක් සඳහා ඇතුළත් කර තිබීමයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වූ අතර අප ඒ පිළිබඳව සොයා බැලීමක් කිරීමට තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
වට්ස්ඇප් ඔස්සේ බොහෝ දෙනා හුවමාරු කරගන්නා ලද සටහනක් මඟින් ප්‍රශ්න කර තිබුණේ, ජාතික ජන බලවේගය සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් ඇතුළත් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයකට ඇතුළත් කර තිබීමේ සිදුවීමක්. මෙම ප්‍රශ්න පත්‍රයත් සමඟ එහි සටහන් කර තිබුණේ, “සිස්ටම් චෙන්ඡ් කෙසේ වෙතත්, බ්‍රේන් වොෂ් ඒකක් නම් නියතයි” යනුවෙනි.
එම සටහන පහත පරිදි ය.
ෆේස් බුක් ඔස්සේ ද මෙම ප්‍රශ්න පත්‍රය උපුටා දක්වමින් සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරිනි.
බොහෝ දෙනා මෙම ප්‍රශ්න පත්‍රය ජාතික ජන බලවේගය පක්ෂයේ සම්බන්ධයක් සහිත වූවක් බවත්, අධ්‍යාපනය දේශපාලනීකරණය වූ බවටත් අදහස් හුවමාරු කරගෙන තිබුණා.
එබැවින් මෙම ප්‍රශ්න පත්‍රයේ සත්‍ය අසත්‍යතාව අප විසින් විමසා බැලීමට පියවර ගනු ලැබුවේ මේ අයුරිනි.
කරුණු විමසා බැලීම : (Explainer)
සමාජ මාධ්‍යයේ සංසරණය වන ප්‍රශ්න පත්‍රය දැක්වෙන ඡායාරූපය පරික්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබෙන්නේ එහි සඳහන් වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර පරීක්ෂණය සඳහා ලබා දුන් අනුමාන සාමාන්‍ය පොදු පරීක්ෂණ පත්‍රයක් බවටයි
පසුගිය ඔක්තෝබර් මස ලබාදුන් බව දැක්වෙන එම ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුව පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර එහි පෙනෙන ප්‍රශ්න 7 කින්, ප්‍රශ්න 05 ම වත්මන් රජය හා බැඳුණු සහ ජනාධිපතිවරණ මැතිවරණය හා සම්බන්ධව යොමු කළ ප්‍රශ්න වන බැවින්, ඒ පිළිබඳව පසුගියදා සමාජය තුළ දැඩි කතාබහක් මතු වී තිබුණා.
විශේෂයෙන් ඊයේ දිනයේ දී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැඩි ලෙස මෙම ප්‍රශ්න පත්‍රය පිළිබඳ හෙළා දකිමින් අදහස් දැක් වූ අතර ඔහු පැවසුවේ පාසල් අධ්‍යාපනය දේශපාලනීකරණය වී ඇති බවයි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් පාසල ද මෙම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය වන බවයි. පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බව එහිදී ඔහු විමසා සිටියා.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය
අප මුලින් ම මෙවන් ප්‍රශ්න පත්‍රයක් අදාළ පාසල විසින් සත්‍ය වශයෙන් ම උසස් පෙළ සිසුන් වෙත ලබා දී තිබේ ද යන්න විමසා බැලූ අතර එහිදී අප එම පාසලේ විදුහල්පති සම්බන්ධ කරගනු ලැබුවා. එහිදී අපට දැනගත හැකි වුණේ මෙම ප්‍රශ්න පත්‍රය එම පාසල විසින් උසස් පෙළ සිසුන්ගේ දෙවන වාර පරීෂණය සඳහා ලබාදුන් අනුමාන සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක මුල් පිටුව වන බවයි.
එම ප්‍රශ්න පත්‍රය පාසල විසින්ම සකස් කර සිසුන් වෙත ලබාදුන් ප්‍රශ්න පත්‍රයක් වන බවත්, එම අනුමාන ප්‍රශ්න පත්‍රයේ කාලින තොරතුරු සහිත ප්‍රශ්නවල කොටසක් මෙහි දැක්වෙන බවත් අපට මෙහිදී දැනගත හැකි වුණා.
අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුව
මෙම ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අද (11) අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත් ව තිබීම පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට තමන් නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
එමෙන්ම අදාළ ප්‍රශ්න පත්‍රය කලාපයෙන් හෝ අමාත්‍යාංශ මට්ටමින් හෝ සැකසුණු එකක් නොව පාසලෙන්ම සැකසූ එකක් බවටත් ඊට කිසිදු ආකාරයේ රාජ්‍යය මැදිහත් වීමක් අමාත්‍යාංශයෙන් හෝ අධ්‍යාපන කලාපයෙන් හෝ සිදුව නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනය මගින් දන්වා තිබෙනවා.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රය සඳහා ප්‍රශ්න සකස් කිරීමේ ක්‍රමවේදය
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය සකස් වන ආකරය පිළිබඳව දක්වා තිබෙන අතර එහි දැක්වෙන්නේ, සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 50කින් සමන්විතවන බවයි. එම ප්‍රශ්න බහුවරණ ප්‍රශ්න වන අතර ඒ සඳහා පිළිතුරු සටහන් කිරීමට සිසුන්ට පැය දෙකක කාලයක් හිමිවනවා.
එම ප්‍රශ්න 50 සෑදෙන්නේ,
ප්‍රශ්න අංක 1 සිට 10 දක්වා ප්‍රශ්න කාලීන සිදුවීම් ආශ්‍රිතවත්, ප්‍රශ්න අංක 11 සිට 20 දක්වා සිසුන්ගේ තාර්කික කුසලතා බැලීමට සංඛ්‍යාත්මක ප්‍රශ්න වලිනුත්, ප්‍රශ්න අංක 21 සිට 35 දක්වා ගැටලු විසඳීමේ කුසලතා මැනීමේ ප්‍රශ්න වලිනුත් 36 සිට 50 දක්වා ප්‍රශ්න සිසුන්ගේ අවබෝධය සහ සන්නිවේදන කුසලතා මැනීම සඳහා සකස් කරන ප්‍රශ්නවලිනුත් සමන්විතවයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
ඒ අනුව පැහැදිලි වන්නේ මෙම ප්‍රශ්න පත්‍රය සත්‍ය ලෙසම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය විසින් උසස් පෙළ සිසුන්ගේ දෙවන වාර පරීෂණය සඳහා ලබාදුන් අනුමාන සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක පළමු පිටුවේ දැක්වෙන ප්‍රශ්න බවයි. එය එම පාසල විසින් සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයක් වන අතර එම ප්‍රශ්න පත්‍රය සකස් කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශය හෝ කිසිඳු කලාපයක් සම්බන්ධයක් නොමැති බව ද පැහැදිලි වනවා.

Title:කන්නන්ගර විද්‍යාලයේ උසස් පෙළ වාර විභාගය ප්‍රශ්න පත්‍රයේ ඇත්ත කතාව!
Written By: Fact Crescendo TeamResult: Insight
