දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය පීඨය පිහිටුවීමත් සමඟ ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ කතාබහක් ඇති විය. ඒ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ මෙම පුවත වාර්තා කර තිබූ ආකාරයත් සමඟයි. ඒ අනුව ඒ පිළිබඳව නිවැරදි කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
මෙම පුවත පිළිබඳව බොහෝදෙනා වාර්තා කර තිබුණේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය, එම විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය පීඨය බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවෙදනයක් නිකුත් කර ඇති බව දක්වමින්, පුවත් වාර්තා ද පළකර තිබුණා.
තවත් එවැනි සමාජ මාධ්‍ය සටහන් පළ කර තිබුණේ මේ අයුරිනි.
මෙලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය පීඨය බවට ශ්‍රී පාලි මණ්ඩපය පත් කර ඇති බවට තොරතුරු වාර්තා කිරීමත් සමඟ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් සංවාදයක් නිර්මාණය වීමක් සිදුවිය.
බොහෝ දෙනා මේ පිළිබඳව අදහස් දක්වා තිබුණේ ශ්‍රී පාලි මණ්ඩපය ජනමාධ්‍ය පීඨයක් කිරීම මඟින් සිදුවන්නේ, පහළ ශ්‍රේණිගත වීමක් වන බවයි.
එනම් බොහෝ දෙනා මෙම පුවත වටහාගෙන තිබෙන්නේ ශ්‍රී පාලි මණ්ඩපය ජනමාධ්‍ය පීඨයක් වීමක් සිදුවූ බවට වන අතර එමඟින් ශ්‍රී පාලි මණ්ඩපය අහෝසි වීමක් සිදුවන බවට බොහෝදෙනා අදහස් දක්වා තිබුණා.
එසේම දැනට ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා උපාධිය ලබන උපාධිදාරීන්ට කුමක් සිදුවේද යන්න පිළිබඳවත් ඇතමුන් අතර සංවාදයක් ගොඩ නැඟී තිබුණා. එනම් ජන මාධ්‍ය පීඨයකින් ප්‍රාසාංගික කලා උපාධියක් ලබාගන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි. එම අදහස් දැක්වීම් මෙසේ ය.
ඒ අනුව අප විසින් ශ්‍රී පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය පීඨය පිහිටු වම පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් සිදුකිරීමට පියවරගනු ලැබුවේ මේ අයුරිනි.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්‍රීපාලි මණ්ඩපය ස්ථාපිත කිරීම සහ එහි ඉතිහාසය
ප්‍රවීන දේශපාලනඥයකු මෙන්ම දානපතියෙකු වූ, දිවංගත විල්මට් ඒ පෙරේරා මහතා, මහා කවි රබීන්ද්රනාත් තාගෝර් මුණ ගැසී, එදා භාරතයේ ශාන්ති නිකේතනයේ ඇසුරද ලබා, 1934 වසරේ දී හොරණ ශ්‍රී පාලී අධ්‍යාපන ආයතනය පිහිටුවීමට කටයුතු කළා.
විල්මට් ඒ පෙරේරාගේ මරණයෙන් පසු, 1976 දී ඔහුගේ පවුලේ අය විසින් මෙම ගොඩනැගිලි සහ භූමියෙන් කොටසක්, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට පරිත්‍යාග කරන ලදී.
කොළඹ විශ්ව විද්‍යාල යටතේ ස්ථාපිත වීම
එවකට අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ විසින් නිකුත් කළ 1996 ජූනි 20 වැනි දින ශ්‍රී ලංකා රජයේ අංක 928/16 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්, මෙම අධායපනයාතනය කොළඹ විශ්වවිද්‍යාලයේ “Western Campus” ලෙස ස්ථාපිත කෙරුණි.
තවද 1998 වසරේ දී අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ මහතා විසින්ම, 1978 අංක 16 විශ්වවිද්‍යාල පනතේ 27(1) යටතේ “Western Campus” යන්න “Sri Palee Campus” නැතහොත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය ලෙසට නම වෙනස් කරන ලදී. එම ගැසට් නිවේදනය මෙතනින්.
මේ අනුව දැක්වූ 1996 ගැසට් නිවේනදය යටතේ සඳහන් වන්නේ, ශ්‍රි පාලි මණ්ඩපය යටතේ පීඨ ද්විත්වයක් ( ජන මාධ්‍ය පීඨය – Faculty of Mass Media සහ ප්‍රසංග කලා පීඨය – Faculty of Performing Arts ) ක්‍රියාත්මක විය යුතු බවයි.
ජනමාධ්‍ය පීඨය යටතේ, ජනමාධ්‍ය දෙපාර්තමේන්තුව (Department of Mass Media) , භාෂා අධ්‍යනය දෙපාර්තමේන්තුව (Department of Languages) සහ පරිඝණක අධ්‍යනය දෙපාර්තමේන්තුවත් (Department of Information Technology) ලෙස දෙපාර්තමේන්තු තුනක් ලෙස ගැසට් කෙරී තිබේ.
එහෙත්, පසු කාලීනව ජනමාධ්‍ය දෙපාර්තමේන්තුව පමණක් සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වන තත්වයේ තිබුණ ද ඉතිරි කොටස් දෙක, භාෂා ඒකකය සහ තොරතුරු තාක්ෂණ ඒකකයන් ලෙස සුළුවට ක්‍රියාත්මක විය.
තවද ප්‍රසංග කලා පීඨය යටතේ ප්‍රසංග කලා අධ්‍යනය දෙපාර්තමේන්තුවත්(Department of Performing Arts) ක්‍රියාත්මක වෙනවා.
මේ ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේ ශ්‍රී පාලි කැම්පස් ගැන දැක්වෙන විස්තරය මෙතනින්.
අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ කුමක් ද?
අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් නිකුත් කළ 2024 නොවැම්බර් 29 වන දිනැති අංක 2412/35 රජයේ අති විශේෂ ගැසට් නිවේදනයෙන් සිදු කර ඇත්තේ ජන මාධ්‍ය පීඨය – Faculty of Mass Media සහ ප්‍රසංග කලා පීඨය – Faculty of Performing Arts, යන පීඨ ද්විත්වය එකතු කරමින් ජන මාධ්‍ය පීඨය (Faculty of Mass Media) යටතේ ක්‍රියාත්මක කිරීමට තීන්දු කිරීමකි. Eng Gazette | Sin Gazette
එනම් මෙම ගැසට් නිවේදනයේ පැහැදිව දක්වන ආකාරයට සිදුව ඇත්‍තේ, 1996 ගැසට් නිවේදනයේ සඳහන් වූ පීඨ දෙක ද (ජනමාධ්‍ය පීඨය සහ ප්‍රසංග කලා පීඨය), ජනමාධ්‍ය පීඨය යටතේ නම් කිරීමයි.
1996 Gazette | 2024 Nov Gazette |
ඊට පෙර ක්‍රියාත්මක වූ දෙපාර්තමේන්තු එලෙසම තිබෙන බව ද 1996 සහ 2024 නොවැම්බර් ගැසට් නිවේදනයන් පරික්ෂා කිරීමේ දී ද දැක ගන්නට ලැබෙනවා.
එනම්, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පීඨය සහ ඒ යටතේ ක්‍රියාත්මක වන අධ්‍යනාංශ ලෙස ජන මාධ්‍ය අධ්‍යනාංශය, ප්‍රාසාංගික කලා අධ්‍යනාංශය, භාෂා අධ්‍යනාංශය සහ පරිගණක අධ්‍යනාංශය නිෂ්චිතව දැක්වීමක් මෙහිදී සිදුව තිබෙනවා.
ඔබට මෙය වඩාත් පැහැදිලි කර දක්වන්නේ නම් මෙසේ සඳහන් කළ හැකිය.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පීඨය මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක පළමු ජනමාධ්‍ය පීඨය බවට පත් වනු ඇත.
විශ්ව විද්‍යාල පද්ධතියේ ශාස්ත්‍ර පීඨ ආශ්‍රිතව කෙතරම් සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනයට අදාළ පාඨමාලා රැසක් ඉගැන්වුවද මාධ්‍යටම විශේෂ කොට ශාස්ත්‍රීය ජනමාධ්‍ය පීඨයක් කිසිදු විශ්ව විද්‍යාලයක මෙතෙක් ස්ථාපිත වී තිබී නැත.
ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා
ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් ද අප මේ පිළිබඳව විමසීමක් සිදුකළ අතර එම මහතා මෙම ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පීඨය ක්‍රියාත්මක කිරීම පැහැදිලි කළේ මේ අයුරින් ය.
“ශ්‍රී පාලි මණ්ඩපය ස්ථාපිත කළේ 1996දී. ඒ ස්ථාපිත කරන්නේ ජනමාධ්‍ය පීඨය සහ ප්‍රාසාංගික කලා පීඨය ලෙසයි. අවශ්‍ය සම්පත් නොතිබුණ නිසා තමයි මේ දක්වා ජනමාධ්‍ය දෙපාර්තමේන්තුව සහ ප්‍රාසාංගික කලා දෙපාර්තමේන්තුව ලෙස ක්‍රියාත්මක වුණේ.
අපිට විවිධ අවස්ථාවලදී විගණන වාර්තාවලින් අහනවා ඇයි පීඨයන් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියලා. දැන් අපිට අවශ්‍ය සම්පත් ලැබිලා තියෙනවා.
2022දී අපි යෝජනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ කවුන්සිලය මාර්ගයෙන් අපට ශ්‍රී පාලි මණ්ඩපයට පීඨ දෙකක් දෙන්න කියලා. එතකොට එක පීඨයකට අපට අවශ්‍ය දේවල් තිබුණා. අනිත් පීඨය තවම හදාගෙන යනවා. ඉදිරියේදී එම පීඨයත් ක්‍රියාත්මක කරනවා.
මේ ගැසට් එක අද ඊයේ නෙවේ, අවුරුදු ගණනාවක් තිස්සේ සිදුකළ සාකච්ඡාවලින් පසුවයි නිකුත් කලේ. ඒ ගැසට් එක හරියට කියවන්න. කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ පීඨ සහ අංශ නිශ්චය කිරීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරලත් නෑ. මේක උසස් කිරීමක්. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට, ජන මාධ්‍ය පීඨයක් ලබාදීමකුයි මෙතනදී සිදුකරලා තියෙන්නේ. එම නිසා මෙය මාධ්‍ය හරහා නොමඟ යවන සුළු ලෙස වාර්තා කර තිබෙනවා.
එම මහතා වැඩිදුරටත් සඳහන් කළේ පරිපාලනමය වශයෙන් ජන මාධ්‍ය පීඨයට ඉදිරියේදී පීඨාධිපති කෙනෙක් පත්වනු ඇති බවයි.
ඒ අනුව පැහැදිලි වන්නේ, පීඨයකට අවශ්‍ය කරන තරම් ප්‍රමාණවත් මානව සම්පත් (මහාචාර්‍යවරු,ආචාර්‍යවරු,කථිකාචාර්‍යවරු) සහ යටිතල පහසුකම් (දේශන ශාලා පහසුකම්, තාක්ෂණික පහසුකම්) සම්පූර්ණවීම නිසා ශ්‍රී පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය පීඨය ක්‍රියාත්මක කිරීම සිදුව ඇති බවයි.
එනම් එහිදී ශ්‍රී පාලි මණ්ඩපය අහෝසි වීමක් හෝ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමක් සිදුව නොමැත.
ගැසට් නිවේදනය පැහැදිලිව සඳහන් වන පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ පීඨ ලෙස ජනමාධ්‍ය පීඨය සහ අධ්‍යයන අංශ 4ක් නිශ්චිතව නම් කිරීමක් සිදුව තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ, විශ්වවිද්‍යාල රූපවාහිනිය වන UCN ඔස්සේ ද එම පුවත නිවැරදි ලෙස දක්වා තිබුණේ මේ අයුරිනි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclution)
2024 නොවැම්බර් 29 වන දිනැති අංක 2412/35 රජයේ අති විශේෂ ගැසට් නිවේදනයෙන් සිදු කර ඇත්තේ, ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පීඨය සහ අධ්‍යයන අංශ ලෙස, ඒ යටතේ ක්‍රියාත්මක වන අධ්‍යයන අංශයන් සඳහන් කිරීමකි.
එමඟින් ශ්‍රී පාලි මණ්ඩපය අහෝසි කිරීමක් හෝ කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨයක් ලෙස ඊට අනුබද්ධ කිරීමක් හෝ පහළ ශ්‍රේණිගත වීමක් සිදුව නොමැත.
මෙය සැබවින් ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය පීඨයට අවශ්‍ය නිසි සම්පත් සම්පූර්ණ වීම මත එහි ජන මාධ්‍ය පීඨය ක්‍රියාත්මක කිරීමකි.

Title:කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය පිහිටුවීමෙන්, ශ්‍රී පාලි මණ්ඩපය අහෝසි වීමක් හෝ පහළට ශ්‍රේණිගත වීමක් සිදුවනවා ද?
Fact Check By: Piumika LakshaniResult: Insight
