FACT CHECK: 2021 වසරේ පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුවද?

False Social

දින දර්ශන සම්බන්ධයෙන් විව්ධාකරයේ විස්මිත ජනක නිරීක්ෂණ පිළිබඳ සටහන් විටින් විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. මේ අතර ඇතැම් විට ව්‍යාජ සටහන්ද හුවමාරු වෙනවා. වසර 823කට වරක් සිදුවන සිදුවීම් යනුවෙන් සටහන් මීට පෙර ද විවිධ අවස්ථා වලදී හුවමරු වී තිබෙනවා.

මේ ආකාරයට පසුගිය දිනක දී පළවූ සටහන් පෙළකින් දක්වා තිබු 2021 වසරේ පෙබරවාරි මාසය පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුව යන්න සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහනක් බව අප Factcrescendo විමර්ෂණයෙන් අනාවරණය වුණා.

සමාජ මාධ්‍ය සටහන්:

1000 talk “තව්සන් ටෝක්” Group නම් ෆේස්බුක් සමූහයක සත්සර විජේතුංග නම් අයෙකු විසින් මෙම වසරේ පෙබරවාරි මාසයේ සඳුදාවල් 4ක් අඟහරුවාදා දවස් 4ක් බදාදාවල් 4ක් බ්‍රහස්පතින්දාවල් 4ක් සිකුරාදාවල් 4ක් සෙනසුරාදා දින 4ක් සහ ඉරිදා දින 4ක් සහිත බවට සටහනක් එක් කර තිබුනා.මේ ආකාරයට නැවතත් වසර 823 කට පසුව එළඹෙන බවට එම සටහනේ වැඩි දුරටත් සඳහන්ව තිබුනා.

එම ෆේස්බුක් සටහන් පහතින් 

FacebookArchived

මේ හා සමාන පුවතක් Danaya-දනයා නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් ද පල කර තිබුනු අතර එම සටහන දෙදහසකට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුනා.

FacebookArchived

බොහෝ දෙනෙක් මෙම කරුණු ගැන උනන්දු වී තිබු බැවින් අප මේ පිලිබඳව වැඩිදුරටත් සොයා බැලීමට තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

අප මේ පිලිබඳව කරුණු සොයා බැලීමට මෙම වසරේ පෙබරවාරි දින දර්ශනයේ දින කෙසේ සකස් වී දැයි සොයා බැලුවා. එම දින දර්ශනය පහත පරිදියි

2021 February Calendar

මෙම වසරේ පෙබරවාරි දින මාසයේ දින දර්ශනයට අනුව සතියේ දවස් 7ම 4 බැගින් දින යෙදෙන බව අපට පෙනී ගියා.ඉන් අනතුරුව අප මෙම සටහන් වල සඳහන් පරිදි මේ ආකාරයට පෙබරවාරි මාසයක් වසර 823 කට පසුව එළඹෙන්නේ ද යන්න පිලිබඳව සොයා බැලුවා.

අපගේ සොයා බැලීමට අනුව 2022 වසරේද මේ ආකාරයට සතියේ සැම දවසක්ම 4 වරක් යෙදෙන බව පෙනී යනවා.ඒ ආකාරයට බොහොමයක් වසර වල පෙබරවාරි මාසයේ දින 4 බැගින් සතියේ දින 7 යෙදෙන බව අපට දැකගන්න පුලුවන්.

2022 February Calendar

දින 29ක් පවතින අධික වසරවල් හැර අනෙකුත් සෑම වසරකම පෙබරවාරි මාසයකම දින 28ක් තිබෙනවා. ඒ අනුව අධික අවුරුද්දක් නොවන සෑම අවුරුද්දක ම පෙබරවාරි මාසයේ  ඉරිදා, සදුදා ,අගහරුවාදා ,බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සහ සෙනසුරාදා වන දිනයන් දින 4 බැගින් ඇති බව පෙනී යනවා.

අධික අවුරුද්ද පිලිබඳ ව පැහැදිලි කිරීමක් මෙතනින්

D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\67 Feb Calendar\screenshot-www.malkakulu.com-2021.02.18-10_51_57.png

ඉන්පසුව අප සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු පරිදි සදුදා දිනයකින් ආරම්භ වී දින 28 කට පසුව ඉරිදා දිනයකින් අවසන් වන පෙබරවාරි මාසයක් මීට පෙර සහ ඉදිරියට එළැඹෙන අවස්ථාවන් පිළිබඳව ද පරීක්ෂා කළෙමු. මෙහිදී අපට දැකගන්නට ලැබුණේ එයද වසර අටසිය විසි තුනකට සැරයක් සිදුවෙන සංසිද්ධියක් නොවන බවයි. 

D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\67 Feb Calendar\screenshot-www.timeanddate.com-2021.02.18-11_40_56.png

ඉහත දක්වා ඇති පරිදි මීළඟට මෙය 2027 වසරේ සිදුවන බව අපට දැකගනන්ට ලැබුණා. එසේම මීට පෙර ද 2010 සහ 2016 යන වසර වලදී ද මෙය සිදුවී තිබෙනවා. 2010 වසරේ සිට 2100 වසර දක්වා පෙබරවාරි මාසයේ සඳුදා දිනයන් යෙදෙන දවස් දැක්වෙන සටහනක් මෙතනින්. එම කාලසීමාව තුළ එවැනි අවස්ථා 14ක් අපට දැකගනන්ට ලැබෙනවා.

මේ පිලිබඳ ලොව බොහෝ ප්‍රදේශ වල ද මීට පෙර අසත්‍ය සටහන් පළවූ අතර ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බලන කල මෙම වසරේ පෙබරවාරි මස සඳුදා සිට ඉරිදා දින දක්වා දින 4 බැගින් යෙදෙන බව සත්‍ය කරුනක් නමුත් වසර 823 කට වරක් මෙම සිදුවීම සිදුවන බවට පැවසෙන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යක්. අධික අවුරුද්දක් නොවන සෑම වසරකම මෙය සිදුවේ.

එසේම පෙබරවාරි මස 01 වැනිදා සඳුදා දිනයක් වීමද වසර 823 කට සැරයක් සිදුවන්නක් නොවේ. මෙය මීට පෙර 2016 වසරේ සිදුවූ අතර නැවත වරක් 2027 වසරේ ද සිදුවෙයි.

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:2021 වසරේ පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුවද?

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply