දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ආහාර සහ බීම වර්ගවල ගුණ-අගුණ මෙන්ම ඒ හා සම්බන්ධ සිදුවීම් පිලිබදව බොහෝ දෙනා දක්වන්නේ දැඩි අවධානයක්. සමාජ ජාලා වල මේ සම්බන්ධයෙන් බොහෝ කතාබහට ලක්වෙනවා. කෙසේ වෙතත් මේ හා සම්බන්ධ සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
ජින්ජර් බියර් පානය කිරීම නිසා තරුණියක් දැඩි ලෙස රෝගාතුරවූ බවත් සහ අදාළ ජින්ජර් බියර් පානය තුල ඇසිඩ් අධික සාන්ද්‍රණයකින් මිශ්‍රව පැවති බවක් සමාජ ජාලා සටහන්වල දැක්වුණා.
මේ සිදුවීම පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ව්‍යාප්ත වී තිබුනේ මෙලෙසින්.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
සත්‍ය කරුණු විමසා බැලීම (Fact Check) :
සමාජ ජාලා සටහන්වල දැක්වෙන කාරණයේ මුලාරම්භය පිලිබදව සොයා බැලූ අපට දක්නට ලැබුණේ නොබෝදා තරුණියක් විසින්, පිටකොටුවේ පීපල්ස් පාර්ක් හි (People’s Park ගොඩනැගිල්ලේ) මිහිරි ෆුඩ්ස් ආපනශාලාව මගින් ලබාදුන් එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් ලේබලය සහිත බෝතලයක් පානය කිරීමෙන් පසු අසනීප තත්ත්වයට පත්ව ඇති බවයි.
19 හැවිරිදි තරුණියක් පීපල්ස් පාර්ක් හි මිහිරි ෆුඩ්ස් වෙතින් ආහාර ලබාගැනීමේදී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම පිලිබදව අද දෙරණ වාර්තාව මෙතනින්
සිදුවීමට මුහුණදුන් තරුණියගේ සොහොයුරා
මේ පිලිබදව ඇයගේ සොහොයුරා විසින් සමාජ ජාලාවල පළකරන ලද සටහනක් ඔස්සේ සැකසුනු වෙනත් සමාජ ජාලා සටහන් බහුලයි. ඔහු විසින් ද සටහන් කිහිපයක්ම පළකර තිබු අතර මුල් සටහනකින් දැක්වුණේ, පසුගිය දෙසැම්බර් මස 31 වනදා කොටුවේ, පීපල්ස් පාර්ක් හි පිහිටි මිහිරි ෆුඩ් කෑම කඩයකින් එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් පැණි බීම බෝතලයක් මිලදී ගත් බව ත්, එම අවස්ථාවේදී එහි පළමු උගුර පානය කිරීමේදී සිය නැගණියට ශරීරය ඇතුලතින් පිලිස්සෙන අයුරින් දැනුනු බව ත්, ඉන් පසු එම බෝතලෙන් වෙනත් වීදුරුවකට එම පානය වත්කළ බැලූ විට මිලදී ගත් එම පානයේ තිබී ඇත්තේ ඇසිඩ් වැනි දියරයක් බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ එම සටහන මෙතනින්.
ඉන්පසුව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කර පසුව සාමාන්‍ය වාට්ටුවක් කරා මාරු කර තිබෙනවා.
පසුව තවත් සමාජ මාධ්‍ය සටහනක් යොමු කරමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගතියටපත් තරුණියගේ සොහොයුරා සඳහන් කර තිබුණේ, එම බෝතලේ තිබී ඇත්තේ ආම්ලික (ඇසිඩික්) රසායනයක් බවයි.
මෙවැනි බෝතලයක් එම කඩයට පැමිණ ඇත්තේ කෙසේ ද යන්න පොලීසිය, පාරිභෝගික අධිකාරිය හා PHI මහත්වරුන් පරීක්ෂණ පවත්වා ඇති බව ත්, මිහිරි ෆුඩ් ප්‍රධාන ශාඛාවේ මෙලෙසින් හිස් බීම බෝතල් වල ඇසුරූ පිරිසිදු කාරක රසායන දියර හොයාගෙන ඇති බවත්, එම ප්‍රධානා ශාඛාව විසින් මිහිරි ෆුඩ් අනෙකුත් ශාඛාවන්ට බීම බෝතල් බෙදා දීම සිදුකරන බවත්, එැලෙසින් අසුරා ඇති බෝතලයක් මෙලෙසින් ශීතකරණයේ තිබූ විකුණා ඇති බව ද, ඔහු තවදුරටත් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
මේ පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා අප අදාළ ප්‍රදේශයේ පොලිසිය ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ අනෙකුත් අංශ සම්බන්ධ කරගත්තා.
මහජන සෞඛ්‍ය පරික්ෂක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා අප සමග පැවසුවේ පොලිස් මිහිරි ෆුඩ් මාර්ට් පීපල්ස් පාර්ක් ශාඛාවේ සේවකයන් අතින් සිදුවූ අත්වැරැද්දක් නිසා මෙය සිදුව ඇති බව පෙනී යන බවයි.
අලියා ජින්ජර් බියර් ආයතනය හෝ එහි බෙදාහැරීමේ ජාලය අතින් වරදක් සිදුවූ බවක් නෙපෙනෙන අතර අදාළ මිහිරි ෆුඩ් මාර්ට් ආයතනය මේ වන විටද මෙය තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් බව පවසන බවත් ඔහු සදහන් කළා. එමෙන්ම ඔහු සදහන් කලේ මේ බෝතල්වල ඇත්තේ කඩ කාමර වල ටයිල් පිරිසුදුකිරීමට යොදාගන්නා පිසිදුකාරක වර්ගයක් බව වෙලදසලෙන් පැවසූ බවයි.
එසේම, ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයාද අප සමග අදහස් දැක්වූ අතර ඔහු අප සමග පැවසුවේ ජින්ජර් බියර් බෝතලයක අසුරන ලද ජින්ජර් බියර් නොවන පානයක් පානය කිරීම නිසා තරුණියක් අසනීප වී රෝහල්ගත කර ඇති බව සහ එම පානයේ ඇත්තේ මොනවාදැයි සොයා බැලීම සදහා පොලිසිය මගින් රස පරික්ෂකව්රයට එම පානය යොමුකර ඇති බවයි. මේ සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය මෙය වන් අතර රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් අනතුරුව වැඩිදුර කරුණු පැහැදිලි කල හැකි බවත් ඔහු පැවසුවා.
වේල්ලවත්ත පොලිසිය
ඉන් අනතුරුව අප මෙම ප්‍රදේශය භාරව තිබෙන වේල්ලවත්ත පොලිසියෙන් මේ පිළිබඳව කරුණු විමසා බැලුවා.
එහි ස්ථානාධිපතිවරයා අප සමග පැවසුවේ ද මිහිරි ෆුඩ් මාර්ට් ප්‍රධාන ආයතනයේ සිට එහි පීපල්ස් පාර්ක් සහ ශාඛා ආයතන සදහා යොමුකරන ලද අලියා ජින්ජර් ලේබල සහිත හිස් බෝතලවල ඇසුරු පිරිසුදුකාරක වර්ගයක් පීපල්ස් පාර්ක් ආයතනයේ සේවකයන් පිරිසකගේ ඇත වැරැද්දක් නිසා සැබෑ ජින්ජර් බියර සමග මුසුකර ශීතකරණයේ තැබීම නිසා මෙම තත්ත්වය ඇතිව ඇති බවයි.
එමෙන්ම මේ සදහා එලිෆන්ට් හවුස් සමාගමේ සම්බන්ධයක් හෝ ඔවුන්ගේ වගකීම් කඩකිරීමක් සිදුව ඇති බවක් නොපෙනෙන බව මෙන්ම මෙය මිහිරි ෆුඩ් මාර්ට් ආයතනයේ පීපල්ස් පාර්ක් ශාඛාවේ සේවකයන්ගේ අත්වැරැද්දක් නිසා සිදුව ඇති බවක් පෙනෙන බවයි.
කෙසේ වෙතත් මෙම ආයතනයේ අනෙත් ශාඛාවල මෙම තත්ත්වය දක්නට නොලැබෙන බවක් ඔහු පැවසුවා. මෙම ශාඛාව වෙනත් ශාඛා සිල් කිරීමක් සිදුව නොමැති බවත් එවැන්නක් කිරීම අනවශ්‍ය බවත් ඔහු පැවසුවා.
මිහිරි ෆුඩ්ස් ආයතනය
මේ සිදුවීම සිදුවූ මිහිරි ෆුඩ්ස් ආයතනයේ පීපල්ස් පාරක් ශාඛාව ද අප සම්බන්ධ කරගත් අතර ඔවුන්ද ඉහත පාර්ශව සඳහා ලබාදී තිබු තොරතුරු අනුව අපට පැවසුවේ තමන් සිය ප්‍රධාන ශාඛාවෙන් මෙම සියලුම බීම වර්ග ලබාගන්නා බවත්, එහිදී සිදුවූ අත්වැරදීමකින් මෙම අවාසනාවන්ත තත්වය උද්ගත වූ බවයි.
මේ පිළිබඳව අප මිහිරි ෆුඩ්ස් ආයතනයේ පාලනාධිකාරියෙන් ද විමසීමක් සිදුකළ අතර අපට මෙතෙක් වැඩිදුර තොරතුරු ලබාදුන්නේ නැති අතර, එම තොරතුරු ලැබුණහොත් මෙම ලිපිය යාවත්කාලින කිරීමට ද බලාපොරොත්තු වෙමු.
එලිෆන්ට් හවුස් ආයතනය
අප මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට එලිෆන්ට හවුස් ආයතනයේ තත්ත්ව පාලක අංශයේ ප්‍රධාන නිලධාරියාවද දුරකථනය ඔස්සේ සම්බන්ධකරගත් අතර තම ආයතනය නිසි ප්‍රමිතිනට අනුකුලව බිම වර්ග නිෂ්පාදනය කරන බවයි.
එමෙන්ම මෙහි දැක්වෙන බිම බෝතලය අඩංගු ඛාණ්ඩයේ වෙනත් කිසිදු බීම බෝතලයකින් හෝ කිසියම් හෝ ආකාරයේ පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, මෙම සිදුවීමට අදාළ වෙළදසැල මෙම තත්වය සඳහා සම්පුර්ණ වගකිව යුතු බවත්, මේ සම්බන්ධයෙන් තමන්ද විමසා බැලීමක් සිදුකර ඇති බවත්, ඔහු අවධාරණය කරා.
එලිෆන්ට් හවුස් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිල ප්‍රතිචාරය සිය සමාජ ජාලා ගිණුම් හරහා පළකර තිබුනේ පහත අයුරින්.
පාරිභෝගික අධිකාරිය
අප මේ පිළිබඳ පාරිභෝගික අධිකාරියෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ සිදු වන්නේ අදාළ ප්‍රදේශයේ පොලීසියේ සහ PHI මහත්වරුන් යටතේ බවයි.
කෙසේ වෙතත් මීට පෙර එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් සන්නාමය යටතේ මෙම පානයේ නිකුත් කර ඇති කාණ්ඩ අංකය(Batch No) යටතේ මෙලෙසින් ඇසිඩ් වැනි රසායන මිශ්‍ර වූ පානය ඇති බවට මහජන පැමිණිලි ලැබී ඇත්දැයි යන්න අප විමසා සිටියා.
ඔවුන් තහවුරු කළේ, එවැනි පැමිණිල්ලක් පාරිභෝගිකයන් විසින් පැමිණිලි නොලැබුණු බවයි.
කෙසේවෙතත් ඉහත සන්නාමයේ එම කාණ්ඩ අංකයේ පැණි බීම වෙළඳපොළේ ඇත්දැයි යන්න පරීක්ෂා සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ වද, අප විමසූ අතර ඔවුන් පැවසුවේ, එම කාණ්ඩ අංකයේ පැණි බීම මේ වන විට අවසන් වී ඇති බවත් වෙළඳ පොළේ කළ පරීක්ෂාවේදී එම කාණ්ඩ අංකයට පසු කාණ්ඩ අංක වලින් එම පැණි බීම වර්ගය වෙළඳපොළේ ඇති බව ත්, ඉහත පරිදි කිසිදු රසායනයක් එක් කළ බවට තහවුරු නොවූ බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වන්නේ EGB හෙවත් එලිෆන්ට් හවුස් ජිනජර් බියර් වල ඇසිඩ් අධික සාන්ද්‍රණයකින් ඇති බවට සමාජ ජලාවල හුවමාරුවන සටහන් නොමගයවන සුළු බවයි.
මෙම සිදුවීමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් මේ වන විට තහවුරු කරන පරිදි මෙය මිහිරි ෆුඩ් ආයතනයේ සේවකයන් අතින් සිදුවූ අතපසුවීමක් නිසා සිදුවූ සිදුවීමක්. පිරිසිදුකාරක ද්‍රවයක්, මිහිරි ෆුඩ් මාර්ට ප්‍රධාන ශාඛාව විසින් EGB හිස් බෝතලයකට දමා භාවිතා කරමින් සිටියදී, එහි සේවක අත්වැරදීමකින් අදාළ බෝතලය, විකිනීමට ගෙනැවිත් තිබෙන EGB බෝතල් සමඟ මිශ්‍ර වීම නිසායි මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ. සිදුවීමට මුහුණදුන් තරුණිය මේ වන විට සුව අතට හැරෙමින් පවතිනවා.

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,