ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ දිනවල පැතිරෙන ලැව්ගිනි නිසා මේ වන විට පුද්ගලයන් 15 දෙනෙක් පමණ මියගොස් ඇති අතර නිවාස 10,000 ක් පමණ විනාශ වී තිබෙනවා.ලැව්ගිනි අවදානම මත කැලිෆෝර්නියා වාසින් ලක්ෂ 2 ක් පමණ මේ වන විට කැලිෆෝර්නියා නගරය(California City) ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් කිරීමට ඇමරිකානු බලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා.
ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටා ඇති සුප්‍රකට නගරයක් වන ලොස් ඇන්ජලිස් වටා පිහිටි Pallisades, Eaton ,Kenneth,Hurst ආදී ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි ඇතිවී තිබෙන අයුරු Google Maps වල සදහන්ව තිබුනේ පහත අයුරින්
පසුගිය අගහරුවාද (ජනවාරි 7 ) පැතිරීම ආරම්භවූ ලැව්ගිනි කැලිෆෝර්නියා ප්‍රාන්තයට විශාල විනාසයක් ඇතිකර තිබෙනවා.ලැව්ගිනි මෙතරම් වේගයෙන් ව්‍යාප්තවී යාමට මේ දිනවල කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පවතින වේගවත් සුළං ප්‍රවාහයන්ද හේතුවී තිබෙනවා.
ලැව්ගිනි ව්‍යාප්ත වන ආකාරය සහ ඒවා නිවාදැමීමට බලධාරීන් විසින් හෙලිකොප්ටර් වලින් ගිනි නිවන ද්‍රව්‍ය ඉසිමින් උත්සාහයක නිරතවන අයුරු පහතින්
කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලැව්ගිනි සාමානයෙන් ඇතිවන්නේ ජූනි සහ ජුලි මාසවල වන අතර කෙසේ වෙතත් මෙවර එම තත්ත්වය වෙනස්ව තිබෙනවා.
කැලිෆෝර්නියා ප්‍රාන්තයට මාස කිහිපයකින් වැසි ලැබී නොමැති අතර එම තත්ත්වය හමුවේ වර්තමානයේ පවතින ශ්‍රිත ඍතුව මැද වුවත් මෙම ලැව්ගිනි ඇතිවී ප්‍රදේශයේ ඇති වේගවත් සුළං ප්‍රවාහයන් නිසා වේගයෙන් පැතිරෙනවා .ශිත ඍතුව වුවත් ලොස් ඇන්ජලිස් සහ ඒ අවට ලැව්ගිනි ඇතිව තිබෙන ප්‍රදේශවල මේ දිනවල හිම පතනයක් දක්නට නොලැබෙන අතර සෙල්සියස් අංශක 10-20 පමණ උෂ්ණත්වයක් දක්නට ලැබෙනවා. ශිත ඍතුවේ මේ ආකාර ලැව්ගිනි මිට පෙර පවා ඇතිවී තිබුනත් මෙවර එය වඩාත් විනාශකාරී සහ දරුණු වී තිබෙනවා. කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක මෙම ලැව්ගිනි තත්ත්වයන් ඇතිව ඇති අතර එයට ඍජුව බලපාන ලද ආසන්නතම හේතුව කුමක්ද කියා මෙතෙක් සොයා ගැනීමට හැකිව නැහැ.එය මිනිසුන් විසින් යම් ප්‍රදේශයකට ඕනෑකමින්ම ගිනි තැබීම නිසා /නොසැලකිලිමත් කම නිසා නිසා ඇතිවුවත්ද ,එසේ නොමැතිනම් 100% ස්වභාවික හේතුන් මතම ඇතිවුවක්ද යන කාරණය ඇමරිකානු බලධාරීන් තවමත් විමර්ශනය කරමින් සිටිනවා.
ලැව් ගිනිවලට දේශගුණික විපර්යාස දායකවී ඇති අයුරු
විද්‍යාඥයන් විසින් පවසන පරිදි ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලැව්ගිනි වලින් බලපෑම් ඇතිව ඇති භුමියේ ප්‍රදේශය /ප්‍රමාණය 1970 ගණන්වලට සාපේක්ෂව 172 % කින් පමණ වැඩිවී තිබෙනවා.එමෙන්ම මෙය ඉදිරි දශකවල තවදුරටත් වැඩිවෙනු ඇති බවට අනුමාන කරනවා.
ඇමරිකාවේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියක් වන Jennifer Blach විසින් EuroNews වෙත පවසන්නේ කෙටි ,සහ වේගවත් ලැව්ගිනි ඇතිවීම පසුගිය දශක කිහිපය පුරා වේගයෙන් වැඩිවෙමින් ඇති බවයි.2001 වසරේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවූ ලැව්ගිනි තත්ත්වයන් 60,000 ක් පමණ පිලිබදව අධ්‍යනයක නිරතවූ ඇය පවසන්නේ වඩාත් කුඩා ,එමෙන්ම වේගවත් ,විනාශකාරී ලැව්ගිනි ඇතිවීම මේ වන විට 2001 වසරේ තිබුණු තත්ත්වය හා සසදා බැලූ විට දෙගුණයකින් පමණ වැඩිව ඇති බවයි.එමෙන්ම ඒවා මගින් සිදුකෙරෙන විනාශය සෙමින් පැතිරෙන විශාල ලැව්ගිනි වලට වඩා වැඩි බවයි ඇය පවසන්නේ .මෙයට හේතුවන ප්‍රධානතම සාධකය ලෙස ඇය පවසන්නේ ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ ඇතිව ඇති තත්ත්වයයි.ඇය විසින් සිදු කරන ලද පර්යේෂණය කියවිය හැකියි මෙතනින්
ලැව්ගිනි පැතිර පවතින දකුණු කැලිෆෝර්නියා ප්‍රදේශයට මාස කිහිපයකින් වැසි ලැබී නැහැ. US Drought Monitor සකසන ලද නවතම දත්ත වාර්තාවන්ට /සිතියම් වලට අනුව ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ වන විට නියග තත්ත්වයක් දක්නට නොලැබෙන ප්‍රදේශ ලෙස නම් කල හැක්කේ එහි භුමි ප්‍රමාණයෙන් 39% වන සුළුතර ප්‍රදේශයක් පමණයි. ඉතිරි 61% ටම මේ වන විට නිය කාලගුණ තත්වයක් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් පසුගිය වසරේ මේ වකවානුව වන විට නියග සහිත ප්‍රදේශ ලෙස හදුනාගෙන තිබුනේ මුළු ප්‍රාන්ත භූමියෙන් 3.4% වන භුමි ප්‍රමාණයක් පමණයි.නමුත් මේ වසරේ එම භුමි ප්‍රමාණය අප ඉහතින් සදහන් කල ආකාරයට 61% ක් තරම් ඉහල අගයකයි පවතින්නේ .ප්‍රාන්තයේ විශාල ප්‍රමාණයක් පුරා පැතිර පවතින මෙම නියග/වැසි රහිත තත්ත්වය නිසා ගහකොළ වියලී ඇති අතර ඒ නිසා ශිත ඍතුවක් පවතින මෙම වකවානුවේ පවා ලැව්ගිනි හටගෙන වේගයෙන් පැතිර දහස් ගණන් නිවාස විනාශ කර ලක්ෂ ගණන් ජනතාව අවතැන්වීමට හේතුවී තිබෙනවා. මේ ආකාරයේ වියලි ආකාරයට ගහකොළ පැවතීම නිසා අපරික්ෂාකාරී එක් කුඩා සිගරට්ටුවකින්/ගිනි පුලිගුවකින් වුවත් දැවැන්ත ලැව්ගින්නක් ජනිත වීමේ හැකියාව පවතිනවා. මේ පිලිබදව වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්
ලැව් ගින්නෙන් පසුව මතුවිය හැකි සෞඛ්‍ය සහ නිවාස ගැටළු
ලැව් ගින්නෙන් පසුව ඇතිවිය හැකි නිවාස සහ සෞඛ්‍ය ගැටළු පිලිබදව බර්ක්ලි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකගේ අවධානය යොමුව ඇති අතර බර්ක්ලි විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියේ ඔවුන්ගේ අදහස් ඉදිරිපත්කර තිබෙනවා.
එහි පර්යේෂිකාවක් වන Lara Schwarz පවසන්නේ ලැව් ගින්නෙන් ඇතිවූ තත්ත්වය නිසා ගින්නෙන් දැවී ගිය කොටස්වල අවශේෂ ලෙස ඇතිවුණු 2.5 මයික්‍රෝ මීටර පමණ වන අංශුමය සංගටක ( Particles) ශ්වසන පද්ධතියට ඇතුළුවීම නිසා ශ්වසන ආබාධ මෙන්ම, දිගුකාලීනව ගත කල පිළිකා තත්ත්ව ආදියද ඇතිවීමේ ප්‍රවණතාවයක්දක්නට ලැබෙන බවයි.එමෙන්ම නිවාස සහ දේපොළ වලට ගින්න නිසා ඇතිවූ හානිය නිසා ඇතිවූ කම්පනය නිසා යම් මානසික පිඩනයන්ටද මුහුණදීමේ ප්‍රවණතාවයක් ගින්නට මුහුණදුන් ප්‍රදේශවල ජනතාවට ඇතිවිය හැකි බවත් ඇය පවසනවා.
කෙසේ වෙතත් මෙවැනි ලැව්ගිනි තත්ත්වයන් අතීතයේ ද ඇතිවී තිබෙන නිසා සහ වර්තමානය වන විට මෙම තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවනතාවයන් ආදිය ඉහල ගොස් තිබෙන නිසා මෙම ප්‍රදේශවල නිවාස ඉදිකිරීමේදී වඩාත් ගින්නට ඔරොත්තු දෙන ආකාරයේ අමුද්‍රව්‍ය වලින් නිවාස සැකසිය යුතු බව සහාය මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන Michael Gollner පවසනවා.ඔහු පවසන්නේ එමගින් ලැව්ගිනි මගින් දේපොළවලට සිදුවන දරුණු හානි වළකාගත හැකි බවයි.බර්ක්ලි විශ්ව විද්‍යාලයේ වියතුන් මේ සම්බන්ධව දක්වන අදහස් කියවිය හැකියි මෙතනින්
ලොස් ඇන්ජලිස් ගිනි නිවන පද්ධතියේ ඇතිවූ ජල හිගය
ලොස් ඇන්ජලිස් ගිනි නිවන පද්ධතියේ ඇතිවූ ජල හිගය (Shortage of Water for Hydrants ) නිසාද පසුගිය දිනවල හටගත් ලැව්ගිනි නිවීම සදහා බාධාවක් ඇතිව තිබුණා.ඇතැම් පිරිස් මෙහි සම්පුර්ණ වගකීම ලොස් ඇන්ජලිස් නගරාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට පැටවීමට උත්සාහ කලත් මෙම විෂය පිළිබද මනා අවබෝධයක් ඇති විද්වතුන් බොහෝ දෙනෙක් පවසන්නේ මෙය කලින් මෑත කාලයේ ඇති වූ ලැව් ගිනි වලට වඩා දරුණු ලැව්ගිනි තත්ත්වයක් නිසා බලධාරීන් මෙවන් තත්ත්වයන්ට මුහුණ දීමට සුදානම්ව නොසිටින්නට ඇති බවයි .කෙසේ වෙතත් ඇතැම් කණ්ඩායම් විසින් චෝදනා කරන්නේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජල සංරක්ෂණය සදහා වන නීති රෙගුලාසි ආදිය දුර්වල නිසා මෙවන් හදිසි අවස්ථාවක් සදහා භාවිතා කිරීම සදහාද ජල හිගයක් ඇතිවී ගිනි නිවන භටයන් සහ සාමාන්‍ය මහජනතාවට දැඩි පිඩාවන්ට පත්වන්නට සිදුව ඇති බවයි.මේ සම්බන්ධයෙන් විවිධ ආකාරයේ යෝජනා ,චෝදනා සහ අදහස් ඉදිරිපත් වෙමින් තිබියදී කැලිෆෝර්නියා ලැව්ගිනි තත්ත්වය මෙම සටහන ලියන මොහොත වන විටත් පැතිරෙමින් පවතිනවා.ජල හිගය පිළිබද වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්
ලැව් ගිනි තත්ත්වය සම්බන්ධයෙන් ,එහි ආරම්භය ,විකසනය සම්බන්ධ සංක්ෂිප්ත වීඩියෝවක් පහතින්.

Title:කැලිෆෝර්නියා ප්‍රාන්තය වෙලා ගනිමින් පැතිරෙන ලැව්ගිනි
Fact Check By: Kalana KrihanthaResult: Insight

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,