දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පවතින වියලී කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. අප සමග අදහස් පළකරමින් කාර්යභාර කාලගුණ විද්‍යාඥ ජනක කුමාරගේ පැවසුවේ, පෙබරවාරි ,මාර්තු සහ අප්‍රේල් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලී කාලගුණ තත්ත්වයක් සාමාන්‍යයෙන් පවතින නමුත් මේ දශක කිහිපය තුල උෂ්ණත්වය අනෙත් කාලවලට වඩා වැඩිවූ බවත් මෙන්ම එයට දේශගුණික විපර්යාස වල බලපෑමද යම් තරමකට හේතු වී ඇති බවයි. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ අප්‍රේල් වන විට ලංකාවට ඉර මුදුන් වීම සිදුවන නිසා එම වකවානුව වෙන තෙක් උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කල හැකි බවයි.කෙසේ වෙතත් මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ සංවහන වැසි ඇතිවිය හැකිනිසා එය පවතින වියලී කාලගුණ තත්ත්වය සමනය වීම සඳහා යම් පිටුවහලක් ඇතිකරලිය හැකි බවත් ඔහු සදහන් කර සිටියා. මේ වසරේ සංවහන වැසි අපේක්ෂාව සාමාන්‍ය මට්ටමක පවතින බවත් ඔහු සදහන් කර සිටියා. එමෙන්ම ඔහු වැඩිදුරටත් අප සමග පවසා සිටියේ, නමුත් Extreme Weather Events හෙවත් ආන්ත්‍රික කාලගුණ තත්ත්වයන් සංවහන කාලයේදී වුවත් අපේක්ෂා කල හැකි බවත් එක්වරම මහා වැසි ඇතිවීම් අපේක්ෂා කල හැකි බවයි.
මේ අතර මේ දිනවල පවතින උෂ්ණත්වය නිසා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු හැගවීමේ නිවේදනද නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් Normal, Caution, High Caution, Danger යන වර්ගීකරණ අතරින් දැනට ලංකාවේ බොහෝ ප්‍රදේශ පවතින්නේ Normal සහ Caution යන වර්ගීකරණ තුලයි.
High Caution සහ Danger යන වඩාත් දරුණු තත්ත්වයන්ට මේ වන තෙක් උෂ්ණත්වය පත්ව නැහැ. මේ අතර අප වෙත අදහස් පලකල ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කර සිටියේ මේ දිනවල ළමුන් නිවාසාන්තර ක්‍රීඩා ආදී එළිමහන් ක්‍රියාකාරකම් වෙත නිරත වෙද්දී ඒ පිලිබදව බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතු අතර වතුර වැඩියෙන් පානය කල යුතු බවයි. එමෙන්ම ළමුන් පමණක් නොව අනෙත් එලිමහනේ ක්‍රියාකාරකම්වල නිරතවන ගොවින් ආදීන්ද ජලය වැඩියෙන් පානය කල යු බවයි. එසේ නොමැති වුවහොත් විජලන තත්ත්වයන් ආදිය ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා. දිගින් දිගටම ජලය පානය කිරීමෙන් තොරව වෙහෙසීම නිසා Heat Stroke/ ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බවත් ඔහු සදහන් කර සිටියා.
එමෙන්ම පසුගිය වසරවල 2014 සිට 2024 දක්වා පෙබරවාරි මාසවල උපරිම උෂ්ණත්ව විචලනයන්ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ලබාගත් දත්ත අනුව අප විසින් පරික්ෂා කල අතර එම දත්ත ඇතුලත් ප්‍රස්ථාරය පහතින්. මෙහි නුවර ,කොළඹ සහ ගාල්ල යන නගරවල පසුගිය වසර 10 තුල පෙබරවාරි මාස වලදී උපරිම උෂ්ණත්වයන් විචලනය වූ ආකාරය දැක්වෙනවා.
ඒ අනුව පැහැදිලි වන්නේ පසුගිය දශකය සලකා බැලූ විට කොළඹ සහ ගාල්ල යන නගර ද්විත්වයේම වැඩිම උෂ්ණත්වය පෙබරවාරි මාසය තුල වාර්තා වන්නේ 2024 පසුගිය වසරේ බවයි. කෙසේ වෙතත් මහනුවර සලකා බැලූ විට 2016 සහ 2020 වසරවල වැඩි උෂ්ණත්වයන් වාර්තා වෙනවා.
2024 වසරේදී කොළඹ වාර්තාවූ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5 ක් වෙනවා. එය පසුගිය දශකයේම පෙබරවාරි මාසවල එම නගරයෙන් වාර්තාවූ උපරිම උෂ්ණත්වයයි. මේ වසරේ පෙබරවාරි මාසයෙන් තවම ගෙවී ඇත්තේ දින 19 ක් පමණයි. එම කාල වකවානුව තුල කොළඹ ඒ ඒ දිනවල උපරිම උෂ්ණත්වය කෙබදු විද යන්න අප සොයා බැලුවා. එම දත්ත පහතින් .
Date | Temperature (Celcius ) |
3-Feb | 32.2 |
4-Feb | 31.6 |
5-Feb | 32.2 |
6-Feb | 32.2 |
7-Feb | 32.2 |
8-Feb | 33.8 |
9-Feb | 33.8 |
10-Feb | 32.7 |
11-Feb | 33.3 |
12-Feb | 33.3 |
13-Feb | 32.7 |
14-Feb | 27.2 |
15-Feb | 27.7 |
16-Feb | 28.3 |
17-Feb | 27.7 |
18-Feb | 27.7 |
දත්ත මුලාශ්‍රය : මෙතනින්
මේ අනුව පෙනී යන්නේ පසුගිය වසරේ පෙබරවාරි වල වාර්තාවූ උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 33.5 ට වඩා වැඩි අගයක් මේ වසරේ පෙබරවාරියෙදී මේ වන විටත් වාර්තාවී ඇති බවයි. එනම් පසුගිය දශකයක දත්ත සලකා බැලූ විට උණුසුම්ව පෙබරවාරිය කොළඹ නගරය අත්විදෙන්නේ මේ වසරේදීයි.
මිට පෙර අවස්ථාවක පසුගිය වසරේ උෂ්ණත්වය ඉහල ගිය අවස්ථාවක Climate Fact Checks වෙබ් අඩවියේ පලවූ ලිපියක් කියවිය හැකියි මෙතනින්
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:පවතින වියළි කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා …මාර්තුවල සංවහන වැසි නිසා යම් සහනයක් !
Written By: Kalana KrishanthaResult: Insight

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,