
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.</p
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල කප්පාදු කිරීමේ තීරණයට විරෝධය දක්වමින් ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වන බවට දැනුම් දීමත් සමග ඉන්ධන සම්බන්ධයෙන් රට පුරා කතාබහක් ඇති වී තිබෙනවා. එම වාතාවරණය තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුනොකරන ඉන්ධනහල් හමුදාභාරයට ගන්නා බවට පුවත් පළවීම හේතුවෙන් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media)
“තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාව භාරයට” යනුවෙන් සඳහන් වන, සිරස මාධ්‍යයේ ‘ News 1st’ පුවත් ඔස්සේ ප්‍රකාශ කරන ලද පුවතක් ලෙස සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.
එම සටහනේ News 1st ලාංඡනය සහිතව ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් බෙදා හරින ආකෘතිය භාවිතාකරමින් මෙම පුවත පළකර තිබුණා.

මේ අතර තව ත් සටහනක් පළ වී තිබුණේ, කොමිස් ලබා නොදෙන අතර තෙල් ලබා නොදෙන ඉන්ධන පිරවුම්හල් රජයට භාර ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.
ඉන්ධන සම්බන්ධයෙන් යම් අර්බුධකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති මොහොතක මෙවන් පුවතක් පළ වූ සැණින් නැවතත් යම් කලබලකාරී වටපිටාවක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බැවින් අප මෙම පුවත් සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ මෙම සටහන News 1st පුවතක් ලෙස පළ කර තිබූ බැවින් අප පළමුව News 1st නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කර බැලීමක් සිදුකළේ මෙවැනි පුවතක් එහි පළ කර තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහයි. නමුත් News 1st නිල ෆේස් බුක් පිටුවේ මෙවැනි පුවතක් පළකර නොතිබුණි.
අනතුරුව ඊයේ දිනයේ (1) සහ අද (2) දිනයේ සිරස නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය මෙන් ම සිරස රූපවාහිනී පුවත් ද අප පරීක්ෂා කර බැලූ නමුත් එවැනි පුවතක් සිරස මාධ්‍යයේ පුවත් ඔස්සේ පළ කර නොතිබුණි.
අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා ද පරීක්ෂා කර බැලු නමුත් තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාභාරයට ගන්නා බවට පුවතක් හෝ ඉන්ධන හල් රජයට පවරා ගැනීමට ජනාධිපති අනුර පැවසූ බව ක් එම මාධ්‍ය ධාරා ඔස්සේ පළ කිරීමක් හෝ දැකගත නොහැකි විය.
එබැවින් News 1st ලාංඡනය සහිතව පළවන මෙම සටහන් සම්බන්ධයෙන් News 1st ඩිජිටල් කළමනාකරුගෙන් අප විමසීමක් සිදුකළ අතර ඔහු අප වෙත තහවුරු කරනු ලැබුවේ, News 1st පුවත් ඔස්සේ මේ ආකාරයේ පුවතක් වාර්තා නොකළ බවයි.
අප මේ සම්බන්ධයෙන් Reverse Search Image ඔස්සේ වැඩි දුරටත් කළ සොයා බැලීමේදී පැහැදිලි වුණේ, පසුගිය පෙබරවාරි 24 වන දින රටේ පැවති පාතාලයට සම්බන්ධ පුද්ගලයන් ඝාතන රැල්ලත් සමඟ ආරක්ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවෙන් පලා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කළ බවට News 1st විසින් පළකළ පුවතට සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන සංස්කරණය කරමින් මෙම ඉන්ධන නොබෙදන ඉන්ධනහල් හමුදාබාරයට ගන්නා බවට පළවන සටහන නිර්මාණය කර ඇති බවයි.
නිවැරදි පුවත ![]() |
සංස්කරණය කළ පුවත![]() |
කෙසේ නමුත් තෙල් නොබෙදෙන ඉන්ධනහල් හමුදාව භාරයට ගන්නා බවට පළවන මෙම සමාජ මාධ්‍ය සටහන් සම්බ්න්ධයෙන් වැඩිදුරත් තහවුරු කර ගැනීම සඳහා අප ආරක්ෂක අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම් බී බී නලින් හේරත්ගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ අතර එම මහතා තහවුරු කරනු ලැබුවේ, තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාභාරයට ගන්නා බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවත්, එවැනි කිසිඳු තීරණයක් ආරක්ෂක අමාත්‍යංශයෙන් ගෙන නොමැති බවත් ය.
එමෙන් ම යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේගෙන් සහ ජමාධිපති මාධ්‍ය අංශයේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ ඉසුරු අනුරාධ විජේසිංහගෙන් ද අප මේ පිළිබඳව සිදුකළ විමසීමේදී තහවුරු කරනු ලැබුවේ, තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාභාරයට ගන්නා බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි එමෙන් ම ජනාධිපති විසින් හෝ එලෙසින් ක්‍රියාත්මක වීමට අණ දී නොමැති බවයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ඒ. රාජකරුණා
ඉන්ධන බෙදාහැරීමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා මෙතෙක් ලබාදුන් 3%ක කොමිස් මුදල අහෝසි කිරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා විසින් අද (2) මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී කිසිසේත් ම තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාභාරයට ගන්නා බවට කිසිඳු සඳහනක් නොකරන ලදී.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ.රාජකරුණා මහතා සඳහන් කරන්නේ, සාමාන්‍යයෙන් ඉරිදා දිනයන්හි ඉන්ධන ඇනවුම් නිකුත් කිරීම සිදු නොවන නමුත් අද (02) දින ඉන්ධන ඇනවුම් ක්‍රියාපටිපාටිය අඛන්ඩව සිදුවන බවත්, මේ තත්ත්වය තුළ ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් සැපයුමක් පවතින බැවින් අනවශ්‍ය ලෙස කලබලවීමේ කිසිම හේතුවක් නොමැති බවත් ය.
එම මහතා වැඩිදුරටත් පැවසුවේ පසුගිය දින දෙක තුළ අඛණ්ඩ ඉන්ධන පරිභෝජනයෙන් පසුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද දින අවශ්‍ය ඇණවුම් ප්‍රමාණය සපුරාලීමට පූර්ණ සූදානමින් සිටින බවය.
ඊයේ (01) සවස් වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇණවුම් 1000 කට අධික ප්‍රමාණයක් සකස් කර ඇති බවත්, ත්ව සති තුනකට සරිලන ඉන්ධන ගබඩා පහසුකම් අනුව මෙරට ගබඩා කර ඇති බවත්, ඒවා බෙදා හැරීම නියමිත පරිදි සිදුවෙමින් පවතින බවත් ඔහු පැවසීය. හදිසි අවස්ථාවක් උද්ගතවී කඩාකප්පල්කාරී සිදුවීමක් සිදුවුවහොත් ආණ්ඩුව මැදිහත් වී තෙල් බෙදාහැරීමට සූදානම් බවත්, ඊට අවශ්‍ය සැලසුම් පවතින බවත්, ඒවා සාකච්ඡා කර ඇති බවත්, අවස්ථානුකූලව එම පියවර ගැනීමට සූදානම්බවත් සභාපතිවරයා පවසනවා.
දෛනික ඇණවුම් සැකසීම සහ බෙදා හැරීම බාධාවකින් තොරව ක්‍රියාත්මක වන අතර ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවට සභාපතිවරයා ජනතාවට සහතිකවනවා.
අනවශ්‍ය කලබලයකින් වළකින ලෙස ද සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්ධන බෙදාහරින්නන්, ඉන්ධන සඳහා නව ඇණවුම් ලබාදීම නැවැත්වීමේ ගැටලුව
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි නව ඉන්ධන මිල සූත්‍රය යටතේ ඉන්ධන බෙදාහරින්නන්ට ලබා දෙන 3% ක කොමිස් මුදල 1.7% කට ආසන්න ප්‍රමාණයකට අඩු කිරීමට තීරණය කිරීමත් එම තීරණයට ඉන්ධන බෙදුම්කරුවන් විරෝධය පළකිරීමත් සමග ඉන්ධන සම්බන්ධයෙන් මෙම ගැටලුව උද්ගතව තිබෙනවා.
කොමිස් ගෙවීම් අඩුකිරීමට විරෝධය පළකරමින් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය නව ඉන්ධන ඇණවුම් අත්හිටුවන බව පසුගිය සිකුරාදා නිවේදනය කරනු ලැබුවා.
විරෝධතාවයේ නිරත බෙදාහරින්නන් පවසන්නේ, තම තීරණයට LIOC, Sinopec සහ R.M. Park යන විදේශීය සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන පිරවුම්හල් මගින් සහාය ලැබුණු බවයි. එහෙත් ඛනිජ තෙල් සංස්ථාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනු ලබනවා.
කෙසේවෙතත්, තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රකාශ කරනු ලබන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් සීමිත සංඛ්‍යාවක් පමණක් විරෝධතාවයට එක්ව ඇති බවයි.
රජයේ සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන ඇති බවට ඔහු සහතිකවනු ලැබේ. මුළු වසරටම ප්‍රමාණවත් ඉන්ධන රජය සතුව ඇති බවත්, ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් කලබල නොවන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අවම වශයෙන් ලෝඩ් 15ක් (ඉන්ධන ලීටර් 99,000ක්) අලෙවි කරන පිරවුම්හලකින් මසකට රු. 62,333ක් පමණක් උපයා ගත හැකි බවට බෙදුම්කරුවන් කරන ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කරනු ලබනවා.
ඒ වෙනුවට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගණනය කිරීම්වලට අනුව, ඉන්ධන ලීටර් 99,000ක් අලෙවි කරන ඉන්ධන පිරවුම්හලකින් නව සූත්‍රය යටතේ අවම වශයෙන් රු. 683,415ක් උපයාගත හැකි බව ඔහු පෙන්වාදෙනවා.
2022 දී, විගණකාධිපතිවරයා ඇස්තමේන්තු කර ඇත්තේ, 2022 ජූලි 17 වැනිදා වන විට තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරුවන්ගේ කොමිස් මුදල් වශයෙන් රුපියල් බිලියන 4.349ක් වැඩිපුර ගෙවා ඇති බවත්, එය අයකරගෙන නොමැති බවත්ය.
කෙසේවෙතත් අලෙවිකරුවෝ පසුගිය සතියේ අවධාරණය කළේ 3% කොමිස් මුදල ආදායමක් නොවන බවයි.
සභාපතිවරයා පෙන්වාදෙන්නේ, අතීතයේ දේශපාලන අනුග්‍රහයෙන් ප්‍රයෝජන ගනිමින් සහ ඒවා පිහිටා ඇති ස්ථානය දැන ගැනීමට කිසිදු ක්‍රමයක් නොමැතිව, සමහරුන් ලෝඩ් 15ක් විකුණන පිරවුම්හල් පවා විවෘත කර ඇති බවයි. මාසයකට ලෝඩ් 15ක් විකුණන පිරවුම්හලක් දුර්වල පිරවුම්හලක් ඉන්ධන සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.
ලෝඩ් 15ක් සහ 30, 60, 90 සහ 120 වශයෙන් පිරවුම් පිරවුම්හල් කාණ්ඩ පහක් ඇති බව ඔහු පැහැදිලි කරනවා. පිරවුම්හල් ක්‍රමානුකූලව ස්ථානගත කිරීම සඳහා සිතියමක් සම්පාදනය කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා ඇති බව ඔහු පවසනවා.
කිලෝමීටර් 15ක අරයක් තුළ ක්‍රියාත්මක වන වෙනත් පිරවුම්හලක් නොමැති නව පිරවුම්හලකට රු. 100,000 ඉක්මවන දිරි දීමනාවක් ද ලබාදෙන බව ඔහු සඳහන් කරනවා.
ලෝඩ් 30ක් විකුණන අලෙවිකරුවකුට රු. මිලියන 1.3කට වඩා උපයා ගත හැකි බවත්, සියලු වියදම් හැර, එවැනි අලෙවිකරුවකුට රු. 300,000 ඉක්මවන ශුද්ධ ලාභයක් උපයාගත හැකි බවත් ඔහු පෙන්වාදෙනවා.
ලෝඩ් 60ක් විකුණන පිරවුම්හලකින් අවම වශයෙන් රුපියල් මිලියන 2.3 කට වඩා උපයා ගත හැකි බවත්, එහිදී ශුද්ධ ලාභය රුපියල් 750,000 කට වඩා වැඩි වනු ඇති බවත් ඔහු සඳහන් කරනවා. ලෝඩ් 90 ක් විකුණන පිරවුම්හලකට රුපියල් මිලියන 3.2 කට වඩා උපයා ගත හැකි අතර ශුද්ධ ලාභය රුපියල් මිලියන 1.2 ඉක්මවනු ඇත.
ලෝඩ් 120 ක් විකුණන අලෙවිකරුවකුට රුපියල් මිලියන 4.1 කට වඩා උපයාගත හැකි අතර, බදු ඇතුළුව වියදම් ලෙස රුපියල් මිලියන 3.8 ක් අඩු කළහොත් ශුද්ධ ලාභය රුපියල් මිලියන 1.6 ඉක්මවනු ඇත.
කෙසේවෙතත් අලෙවිකරුවන් පවසන්නේ, ලෝඩ් 15 ක් විකුණන පිරවුම්හලකින් රුපියල් මිලියන 1.1 ක් හෝ රුපියල් 900,000 ක් උපයා ගත හැකි බවයි. එහිදී වියදම් හැර, මේ මොහොතේ ආදායම රුපියල් 300,000 සිට රුපියල් 350,000 දක්වා වේ. ඔවුන් පවසන්නේ මෙය දැන් රුපියල් 62,500 දක්වා අඩුකර ඇති බවයි.
සංශෝධිත නව කොමිස් ප්‍රතිශතයට විරුද්ධ වන අලෙවිකරුවන් නිවේදනය කර ඇත්තේ, ෂෙඩ් ක්‍රියාකරුවන් 1,400 ක් විකුණුම් තාවකාලිකව නැවැත්වීමේ තීරණයට සහාය දක්වන බවයි. සෙනසුරාදා සඳහා ඉන්ධන සිකුරාදා උදේ 8 වන විට ගෙවා ඇණවුම් කර ඇති අතර, සෙනසුරාදා වන විට ඉන්ධන හිඟයක් අපේක්ෂා කරන බවත් ඔවුහු පවසනු ලැබුවා.
මේ අතර අලෙවි නියෝජිත කොමිස් මුදල් නිසා ශ්‍රී ලාංකික ජනතාවට ඉන්ධන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවී ඇති බව විගණනයකින් හෙළිව තිබෙනවා.2022 දී, අලෙවි නියෝජිත කොමිස් මුදලේ ඉහළ සීමාව ඉවත් කිරීමෙන් පසු ඉන්ධන පිරිවැය ලීටරයකට රුපියල් 10 කින් වැඩි වී ඇති බව ජාතික විගණකවරයා පසුගියදා පවසනු ලැබුවා.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 මිල පිළිවෙලින් රුපියල් 8.64 කින් සහ රුපියල් 11.10 කින් ඉහළ ගොස් ඇති අතර, ලංකා ඔටෝ ඩීසල් සහ ලංකා සුපර් ඩීසල් මිල පිළිවෙලින් රුපියල් 9.27 කින් සහ රුපියල් 10.95 කින් ඉහළ ගොස් තිබෙනවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, තෙල් නොබෙදෙන ඉන්ධනහල් හමුදාව භාරයට ගන්නා බවට පළවන මෙම සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවත්, ආරක්ෂක අමාත්‍යංශයෙන් එවැනි නිවේදනයක් නිකුත් කර නොමැති බවයි. එමෙන් ම නිව්ස් ෆර්ස්ට් ලාංඡනය සහිතව සංස්කරණය කර මෙම අසත්‍ය සමාජ මාධ්‍ය සටහන පළ කර ඇති අතර නිව්ස් ෆර්ස්ට් ආයතනයෙන් එවැනි පුවතක් වාර්තා කර නොමැත.
