දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බත්තරමුල්ලේ සීලරතන හිමි සම්බන්ධයෙන් වැඩි කතාබහ ගොඩනැඟෙන්නේ 2024 පසුගිය ජනාධිපතිවරණයේදී ය. උන් වහන්සේ ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකරන අතර පසුව මහ මැතිවරණය සඳහා ද ඉදිරිපත්වන නමුත් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට ප්‍රමාණවත් ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට උන්වහන්සේට නොහැකිවනවා.මෙම මැතිවරණ ද්විත්වයේදීම උන්වහන්සේ සිදුකරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ඇතැම් අවස්ථාවල සීලරතන හිමි සම්බන්ධයෙන් උපහාසාත්මක ලෙස ද සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීම සිදුවුණා.
ඒ අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදිත් උන්වහන්සේගේ ජනසෙත පෙරමුණට එකඳු ඡන්දයක්වත් දිනාගැනීමට නොහැකි වූ බවට ඇඟවෙන අයුරින් සමාජ මාධ්‍යයේ සටහන් සංසරණය වී තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
Claim 01:
‘ප්‍රතිඵල ආවම එකක්වත් නෑනේ අපිලගේ සාධුට’ යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් පළකර තිබුණේ මෙලෙසින්.
උපහාසාත්මක අයුරින් මාධ්‍යවේදියෙක් නඟන ප්‍රශ්නයකට උන්වහන්සේ ආවේගශීලීව ලබාදෙන පිළිතුරක් සහිත වීඩියෝවක් මෙසේ පළකර තිබුණේ 2025 පළාත් පාලන මැතිවරණයෙන් ද බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනසෙත පෙරමුණට එකඳු ඡන්දයක් හෝ ලබාගැනීමට නොහැකි වූ බවට ඇඟවෙන අයුරිනි.
මෙම වීඩියෝව මැයි 6 වන දින පළකරනු ලැබූවකි. කෙසේ වෙතත් පළාත් පාලන ඡන්දයෙන් සීලරතන හිමිගේ ජනසෙත පක්ෂයට එක් ඡන්දයක් හෝ නොලැබුණේ ද? අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදුකළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මෙවර බත්තරමුල්ල සීලරතන හිමි 2025 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙස තරඟ නොවැදුණු නමුත් උන් වහන්සේ ආරම්භ කළ ජනසෙත පෙරමුණෙන් අපේක්ෂකයින් මෙවර පළාත් පාලන ඡන්දය සඳහා තරඟ වැදීම සිදුවුණා.
ඒ අනුව අප පළමුව ජනසෙත පෙරමුණ මෙවර පළාත් පාලන ඡන්දයෙන් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය විමසා බැලීමක් කළා. ඒ අනුව මැතිවරණ කොමිසම මඟින් ඉදිරිපත් කළ නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනසෙත පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රමාණයන් මෙසේ ය.
දිස්ත්‍රික්කය | පළාත් පාලන ආයතනය | ඡන්ද ප්‍රමාණය | ඡන්ද ප්‍රතිශතය | ආසන |
කොළඹ | කොළඹ | 337 | 0.15% | 0 |
කඩුවෙල | 129 | 0.11% | 0 | |
කොලොන්නාව | 38 | 0.15 | 0 | |
මහරගම | 81 | 0.10% | 0 | |
ගම්පහ | වත්තල -මාබෝල | 31 | 0.24 | 0 |
වත්තල | 364 | 0.52% | 0 | |
අත්තනගල්ල | 175 | 0.19% | 0 | |
කළුතර | බණ්ඩාරගම | 203 | 0.34% | 0 |
නුවර | ගඟවට කෝරලේ | 117 | 0.42% | 0 |
උඩුනුවර | 507 | 0.89% | 0 | |
ගාල්ල | හික්කඩුව | 45 | 0.31% | 0 |
හම්බන්තොට | වීරකැටිය | 686 | 1.44% | 1 |
අම්පාර | දෙහිඅත්තකණ්ඩිය | 79 | 0.24% | 0 |
අනුරාධපුර | නුවරගම්පළාත | 418 | 1.45% | 0 |
කහටගස්දිගිලිය | 59 | 0.25% | 0 | |
රත්නපුර | රත්නපුර | 45 | 0.18% | 0 |
කෑගල්ල | දැරණියගල | 108 | 0.47% | 0 |
මොනරාගල | කතරගම | 65 | 0.62% | 0 |
ඒ අනුව මැතිවරණ කොමිසම මඟින් ඉදිරිපත් කළ නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනසෙත පෙරමුණෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය සභාව සඳහා පමණක් එක් හිමිකරගෙන තිබෙනවා.වීරකැටිය ප්‍රාදේශීය සභාව සඳහා ජනසෙත පෙරමුණ ඡන්ද 686ක් දිනාගෙන ඇති අතර ලබාගත් ඡන්ද ප්‍රතිශතය 1.44%කි. එය එම පක්ෂය ලබාගත් වැඩිම ඡන්ද ප්‍රමාණය ද වනවා.
වීරකැටිය ප්‍රාදේශීය සභාව සඳහා කොට්ඨාස 20ක් අයිතිවන අතර එම එක් එක් කොට්ඨාසයෙන් තරඟවැදි අපේක්ෂකයින් මෙසේ ය.
ඒ අනුව වීරකැටිය ප්‍රාදේශීය සභාව සඳහා බත්තරමුල්ලේ සීලරතන හිමි තරඟ වැදී නොමැති අතර වීරකැටිය ප්‍රාදේශීය සභාව සඳහා ලැබී ඇති ආසනය සඳහා මෙම කොට්ඨාසවලින් තරඟවැදි අපේක්ෂකයින්ගෙන් එක් අයෙක් එම පක්ෂයේ තීරණය මත පත්වනු ඇත.
කොළඹ නගර සභාවේ පුරපති ලෙස තරඟ වැඳුණු ජනසෙත පෙරමුණේ අපේක්ෂක අසේල සම්පත්
අප ජනසෙත පක්ෂයේ කොළඹ නගර සභාව සඳහා තරඟ කළ අසේල සම්පත්ගෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු ද තහවුරු කළේ, එකඳු ඡන්දයක් හෝ නොමැති බවට සඳහන් වන තොරතුරු අසත්‍ය බවයි.
ජනසෙත පෙරමුණ මෙවර පළාත් පාලන ඡන්දයෙන් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ අසනයක් පමණක් දිනාගත් බවත් ඔහු අප වෙත සඳහන් කළා.
ඒ අනුව මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන්, ජනසෙත පෙරමුණ එකඳු ඡන්දයක් හෝ ලබානොගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් නොමඟ යවන සුළු බව ඒ අනුව පෙනී යනවා.
බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනසෙත පෙරමුණට මෙවර පළාත් පාලන ඡන්දයෙදිත්, කිසිඳු ඡන්දයක් හිමි නොවූ බවට ඇඟවෙන අයුරින් පළකර තිබූ වීඩියෝව
බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනසෙත පෙරමුණට 2025 පළාත් පාලන ඡන්දයෙදිත් කිසිඳු ඡන්දයක් හෝ හිමි නොවූ බවට ඇඟවෙන අයුරින් පළකර තිබූ වීඩියෝවේ දක්වෙන්නේ, උන් වහන්සේ පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහසක් නොවේ.
එම වීඩියෝව මෙම වසරේ අප්‍රේල් 21 වන දින පළාත් පාලන ඡන්දයට පෙර සීලරතන හිමි මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුකරන අවස්ථාවක මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට ලබාදෙන පිළිතුරක වීඩියෝවකි.
ඒ අනුව එම වීඩියෝව නැවත මැයි 6 වන දින පළ කරමින් මෙවර පළාත් පාලන ඡන්දයේදීවත් එක් ඡන්දයක් හෝ ලබාගැනීමට ජනසෙත පක්ෂයට නොහැකි වූ බවට දැක්වීමට දරපු, උපහාසාත්මක උත්සහයක් බව පෙනී යනවා.
එනමුත් බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනසෙත පෙරමුණ මෙවර පළාත් පාලන ඡන්දයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වීරකැටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද 686ක් දිනාගනිමින් එක් ආසනයක් පමණක් හිමිකරගෙන ඇත.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
Claim 02:
“දැන් සුළු මොහොතකට පෙර බත්තරමුල්ලේ අපිලගේ සාදුගේ පන්සලේ තත්වේ..!
වෙසක් පෝයට උඹ බණ කියනවද මම බණ කියනවද කියා පොඩි බහින්බස්වීමක්.. !”
යනුවෙන් සඳහන් කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමි තවත් හිමිනමක් සමඟ කෝලහාල කරගන්නා බවට ඡායාරූපයක් පළකර තිබුණේ මෙලෙසින්.
මේ සඳහා ඇතමුන් දක්වා තිබූ අදහස්වලින් පෙනී යන්නේ ඔවුන් මෙය සත්‍ය සිදුවීමක් බවට විශ්වාස කර ඇති බවයි. එබැවින් අප මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සීලරතන හිමි යනු මාධ්‍ය අවදානය දිනාගත් චරිතයක් වන බැවින් මෙවැනි සිදුවීමක් සිදුවූයේ නම් එය මෙරට මාධ්‍ය තුළ වාර්තා වනු ඇත. එනමුත් උන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් සමඟ බහින් බස් වීමක් හෝ කළකෝලහාල කරගත් බවට තොරතුරු වාර්තා වී නොමැත.
එමෙන් ම කිසිඳු වීඩියෝවක් හෝ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වී නොතිබුණි.
එබැවින් අප මෙම ඡායාරූපය කුමක් ද යන්න සම්බන්ධයෙන් පළමුව විමසා බැලීමක් කළා.
Reverse Search Image ඔස්සේ සිදුකළ නිරීක්ෂණයේදී පෙනීගියේ මෙය 2023 වසරේ තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර සිදුවූ ගුටි බැට හුවමාරුවක ඡායාරූපයක් බවයි.
ඒ අනුව මෙම ඡායාරූපයේ දැක්වෙන සිදුවීම තායිලන්තයේ 2023 වසරේදී අවමංගල්‍ය උත්සවයක පාංසකූල අවස්ථාවක සිදුවූ සිදුවීමකි. එක් භික්ෂුවක් ඉදිරිපස පුටුවේ අසුන් ගැනීම හේතුවෙන් ඊට කිපී තවත් භික්ෂුවක් ඉදිරිපස අසුන්ගත් එම භික්ෂුව සමඟ මෙලෙස කලහකාරී අයුරින් හැසිරී තිබෙනවා. ඉහත ලිපියේ සඳහන් වන ආකාරයට මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙම පාංසකූලයට සහභාගී වූ ආරාමයේ ආරාමාධිපති හිමියන් විසින් සහ පහර කෑමට ලක් වූ හිමි නම විසින් මෙම සිදුවීම විස්තර කර තිබෙනවා.
තායිලන්ත භාශාවෙන් පළ වූ තවත් ලිපියක මෙම සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව පළ කර ඇති අතර මෙම සිදුවීමට අදාළ තවත් ඡායාරූප පළකර තිබුණේ මේ අයුරින්.
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර සීලරතන හිමිගේ පන්සලේ තත්වය ලෙස සඳහන් කරමින් පළකර තිබූ ඡායාරූපය මෙරට සීලරතන හිමි සහ තවත් භික්ෂුවක් අතර සිදුවූ කලහකාරී අවස්ථාවක එකක් නොව 2023 වසරේ තායිලන්තයේ සිදුවූ සිදුවීමක අවස්ථාවකි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනසෙත පෙරමුණ පක්ෂය මෙවර පළාත් පාලන ඡන්දයෙන් එකඳු ඡන්දයක් හෝ හිමි කර නොගත් බවට ඇඟවෙන අයුරින් පළකර තිබූ වීඩියෝව සහ සටහන් නොමඟ යවන සුළු වේ.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය සභාව සඳහා පමණක් ජනසෙත පෙරමුණ ඡන්ද 686ක් දිනාගනිමින් එක් ආසනයක් පමණක් හිමිකරගෙන ඇත.
එමෙන් ම උන්වහන්සේ තවත් භික්ෂුවක් සමඟ කලහකාරී ලෙස හැසිරුණු බවට සඳහන් කරමින් පළකර තිබූ ඡායාරූපය ද අසත්‍ය වන අතර එම ඡායාරූපය 2023 වසරේ තායිලන්තයේ සිදු වූ සිදුවීමක ඡායාරූපයකි.

Title:බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ජනසෙත පෙරමුණ පක්ෂයට පළාත් පාලන ඡන්දයේදී එක් ඡන්දයක්වත් ලැබී නැද්ද?
Fact Check By: Piumika LakshaniResult: Misleading
