දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය 12 වැනිදා ඉන්දියාවේ අහමදාබද් ගුවන් අනතුර පිළිබඳ කතාබහ තවමත් සමාජයේ උණුසුම් මාතෘකාවක්. ගුවන් කාර්ය මණ්ඩලය, මගීන් මෙන්ම මෙම අවාසනාවන්ත අනතුරින් දිවි අහිමි වූ ගුවන් යානය කඩා වැටුණු ස්ථානයේ සිටි වෛද්‍ය සිසුන් ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වෙනවා. එලෙස හුවමාරු වන වීඩියෝවක සත්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඛේදජනක අහමදාබාද් ගුවන් යානා සිද්ධියේදී මිනිස්සු බිල්ඩින් එකෙන් පනිනවා යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව පළ කර ඇති අතර දර්ශන පෙළට අනුව මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලක් ගිනිගන්නා ආකාරය දැකගත හැකි අතර ගිනි ගන්නා අවස්ථාවේ අදාළ ගොඩනැගිල්ල තුළ සිට පුද්ගලයින් කිහිපදෙනෙකු බිමට පනින ආකාරය ද දැකගත හැකියි.
මෙම වීඩියෝව බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මේ අතර මෙය සත්‍ය වීඩියෝවක් බව සිතමින් බොහෝ පිරිසක් අදහස් පළ කර ඇති ආකාරයක් ද දැක ගත හැකි වුණා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඒ අනුව මෙම වීඩියෝව සත්‍ය ලෙසම (12) වැනිදා එයාර් ඉන්දීය ගුවන් යානය කඩා වැටුණු වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලේ හටගත් ගින්නක් ද සහ එහි සිටි පිරිස් බිමට පනින වීඩියෝවක් ද යන්න පිළිබඳව සොයා බැලුවා.
එයාර් ඉන්ඩියා සමාගමට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය ගුවන්ගත කර සුළු වේලාවකින් අහමදාබාද්හි වෛද්‍ය විද්‍යාලය සිසු නේවාසිකාගාරයක් මතට කඩා වැටුණා. එහෙත් යානය කඩාවැටීමත් සමග ඉහත දර්ශනවල දැක්වෙන පරිදි පුද්ගලයින් ගොඩනැගිල්ලෙන් පනින ආකාරයක් හෝ යානය කඩා වැටීමෙන් පසු අදාළ ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බවක් විදෙස් මාධ්‍ය ඇතුළු ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යක් මේ වන තෙක් වාර්තා කර නොමැත. මේ අනුව අප තවදුරටත් මෙහි කරුණු විමර්ශනය කළා.
ඛේදජනක අහමදාබාද් සිද්ධිය යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති මෙම වීඩියෝවේ දැක්වෙන්නේ මහල් ගොඩනැගිල්ලක් එයාර් ඉන්ඩියා ගුවන් යානය කඩා වැටුණු වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරය මෙම දර්ශනවල පෙන්නුම් කරන ගොඩනැගිල්ල හා සමාන නොවන බව ද පැහැදිලිව පෙන්නුම් කරයි. වැඩිදුර තොරතුරු මෙතැනින්.
මේ අතර අප තවදුරටත් සිදු කළ විමර්ශනයේදී පැහැදිලි වූයේ, අහමදාබාද් ගුවන් ඛේදවාචකය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති මෙම වීඩියෝව පසුගිය ජුනි 10 වැනිදා, එනම් අහමදාබාද් ගුවන් අනතුරට දින දෙකකට පෙර, දිල්ලියේ ද්වාරකාහි මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට අදාළ දර්ශන පෙළක් බවයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්.
දිල්ලියේ ද්වාරකාහි ගින්න
පසුගිය 10 වැනිදා උදෑසන 10.00 ට පමණ දිල්ලියේ ද්වාරකාහි ගොඩනැගිල්ලක මෙම හටගෙන තිබූ අතර ඉන් පියෙකු සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගින්නක් හටගැනීමත් සමග ජීවිත බේරා ගැනීමේ අරමුණින් ඔවුන් මෙම මහල් නිවාසයෙන් බිමට පැන්න ද ඔවුන්ට ජීවිත බේරා ගැනීමට නොහැකි වුණා. අදාළ ගොඩනැගිල්ලේ 8 වන සහ 9 වන මහල්වල මෙම ගින්න හටගෙන තිබුණා. වැඩිදුර තොරතුරු මෙතැනින් සහ මෙතැනින්.
එයාර් ඉන්ඩියා ගුවන් අනතුර
ඉන්දියාවේ අහමදාබාද්හි පසුගිය 12 වැනිදා සිදුවු බිහිසුණු ගුවන් අනතුරින් ගුවන් මගීන් 241 දෙනෙකු ඇතුළු 274 දෙනෙකුට ජීවිත අහිමි වුණා. යානය කඩා වැටුණු ස්ථානයේ සිටි පුද්ගලින් ද ඒ අතර වනවා.
එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI171 දරන ගුවන් යානය අහමදාබාද් සිට බ්‍රිතාන්‍යෙය් ලන්ඩන්හි ගැට්වික් දක්වා පියාසර කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වුණා.
යානය වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් මතට කඩා වැටී තිබූ අතර ඒ වනවිට යානය තුළ කාර්ය මණ්ඩලය ද ඇතුළුව ගුවන් මගීන් 242 දෙනෙකු ගමන් කරමින් සිට තිබුණා. අනතුරින් එක් මගියෙකු හැර අනෙකුත් සියලු දෙනාම මෙන්ම යානය කඩා වැටුණු ස්ථානයේ සිටි කිහිප දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ඛේදජනක අහමදාබාද් ගුවන් යානා සිද්ධියේදී මිනිස්සු බිල්ඩින් එකෙන් පනිනවා යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව පළ කර මෙම වීඩියෝව එයාර් ඉන්ඩියා ගුවන් යානය කඩාවැටුණු වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගරයේ හටගත් ගින්නක වීඩියෝවක් නොව එය මීට දින කිහිපයකට පෙර දිල්ලියේ ද්වාරකාහි මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නට අදාළ දර්ශන පෙළක් බවයි.

Title:ගුවන් යානය කඩාවැටුණු ගොඩනැගිල්ලේ සිසුන්, දිවි ගලවගන්න බිමට පනින වීඩියෝවක් ද ?
Fact Check By: Factcrescendo TeamResult: False
