දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මේ දිනවල ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවල පමණක් නොව ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයිගේ ද අවධානය යොමු වී ඇත්තේ, දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ඊශ්‍රායල – ඉරාන යුද්ධය වෙතයි. මේ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් යුද ගැටුම්වලට අදාළ සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් නිර්මාණය කරන ලද විවිධ වීඩියෝ මෙන්ම ඡයාරූප ද පළ වනු දක්නට ලැබෙනවා. එලෙස හුවමාරු වන වීඩියෝ දර්ශනයක් පිළිබඳව අප සිදුකළ කරුණු විමර්ශනයක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඉරානය භූගත න්‍යෂ්ටික අවි ගබඩාවෙන් මිසයිල එලියට ගෙන එන Video කිපයක් අන්තර් ජාලයට මුදා හැර ඇතැයි පවසමින් මෙම වීඩියෝව පළකර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉරානය මේ සූදානම් වන්නේ, ලෝක බලවතාටත් අභියෝග කරන්න ද යනුවෙනි. තත්පර කිහිපයක කුඩා වීඩියෝවක් කිසියම් භූගත ස්ථානයක් හරහා එක පෙළට යුද අවි ප්‍රවාහනය කරන ආකාරයක වීඩියෝවකි.
මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ ආකාරයෙන්.
![]() | ![]() |
සැබෑ ලෙසම මෙය අදාළ සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වන පරිදි මෙය ඉරානය විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති භූගත න්‍යෂ්ටික අවි ගබඩාවෙන් මිසයිල එලියට ගෙන එන ආකාරයේ වීඩියෝවක් ද යන්න පිළිබඳව සොයා බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මේ පිළිබඳ කරුණු විමසා බැලූ අප මුලින්ම අවධානය යොමු කළේ, ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් ආරම්භ වූ දිනයේ සිට අඛණ්ඩව තෙරතුරු වාර්තා කරන ඉරාන ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය මෙවැනි වීඩියෝවක් පළ කර තිබේද යන්නයි. හෝ දේශීය මාධ්‍ය නාලිකා විසින් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ දර්ශන වාර්තා කර තිබේ ද යන්නයි. එහෙත් කිසිදු මාධ්‍යක් මේ ආකාරයේ විඩියෝවක් විකාශය කර ඇති බව අපගේ විමර්ශනයට හසු නොවීය. ඒ අනුව මෙම වීඩියෝවේ රූපරාමු අප Reverse Image සෙවුමක් වෙත යොමු කළ කළේ ය. එහිදී මෙම දර්ශන පෙළ youtube ඔස්සේ මෙලෙස පළ කර තිබෙනු දැක ගත හැකිවුණා.

කෙසේ වෙතත් මෙම වීඩියෝව පිළිගත හැකි ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාවට අයත් youtube නාලිකාවක් ඔස්සේ පළ කර තිබෙනු දක්නට නොහැක. කෙසේවෙතත් මෙම දර්ශන පෙළ ගමන් ගන්නා රථ පමණක් නොව නිශ්චලව තිබිය යුතු මාර්ගයේ ඇතැම් ස්ථාන ද සෙලවෙන ආකාරයක් නිරීක්ෂණය කළා. මේ හේතුවෙන් මෙම දර්ශන AI ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවට අනුමාන කිරීම මත අප මෙම වීඩියෝවේ රූප රාමු AI පරීක්ෂක මෙවලම් වෙත යොමු කළා.
එහි ප්‍රතිඵලය අනුව මෙය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවට අපට තහවුරු වුණා.

තව ත් මෙවලමක් හරහා ද, මෙය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද බවට තවදුරටත් තහවුරු වුණා.

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුමේ අලුත්ම තත්ත්වය
ඊශ්‍රායල – ඉරාන යුද්ධයට දැන් සතියක් ඉක්මවා ගොස් අවසන්. තවදුරටත් රටවල් දෙක එකිනෙකාට ප්‍රහාර එල්ල කරගනිමින් සිටී. ඊශ්‍රායලය පවසන්නේ ඉරානයේ මිසයිල නිෂ්පාදන ස්ථාන ඇතුළු ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බවයි. මේ අතර ඊශ්‍රායලයේ තාක්ෂණික උද්‍යානයක් වෙත ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මේ වනවිට ඊශ්‍රායල – ඉරාන යුද්ධය තරමටම ලෝකයේ අවධානය යොමු වී ඇත්තේ, අමෙරිකාව මෙම යුද ගැටුමට මැදිහත්වන්නේ කෙසේ ද යන කාරණය සම්බන්ධවයි.
ඉරානය – ඊශ්‍රායලය යුද උපකරණ යොදාගනිමින් යුද්ධයේ නිරතව සිටින වටපිටාවකදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වාග් යුද්ධයක නිරතවන ආකාරයක් පසුගිය දින කිහිපයේම පෙන්නුම් කළා.
මේ අතර ධවල මන්දිර මාධ්‍ය ලේකම් පවසා තිබුණේ, ඉරානය – ඊශ්‍රායල යුද්ධයට එක්සත් ජනපද මැදිහත්වනවාද නැද්ද යන තීරණය සති 2ක් ඇතුළත ඩොනල් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවයි.
මෙවන් පසුබිමක් තිබියදී අද දින ඉරානයේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දුන් බව ඇමෙරිකානු ජනපති නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා. ඉරානයේ ෆෝඩෝ සහ අනෙකුත් න්‍යෂ්ටික ස්ථානවලට බෝම්බ හෙලූ බවත් මෙම ප්‍රහාර “ඉතා සාර්ථක” බවයි ඇමරිකානු ජනාධිපති පවසා සිටියේ.
එවන් පසුබිමක මෙම ප්‍රහාරවලට ඉරානය ප්‍රතික්‍රියා කරන්නේ කෙලෙස ද යන්න පිලිබඳ බොහෝ දෙනා අවධානයනේ සිටිනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය): ඉරානය භූගත න්‍යෂ්ටික අවි ගබඩාවෙන් මිසයිල එලියට ගෙන එන Video කිපයක් අන්තර්ජාලයට යනුවෙන් පළ කර ඇති මෙම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් සකස් කරන ලද වීඩියෝවක් බවයි. තවද එය ඊශ්‍රායල – ඉරාන යුද ගැටුමට අදාළව ඉරානයට පක්ෂපාති වන ආකාරයට සමාජ මාධ්‍යට මුදා හැර ඇති බව ද පැහැදිලි වේ.

Title:ඉරානය භූගත න්‍යෂ්ටික අවි ගබඩාවෙන් මිසයිල එළියට ගෙන එන වීඩියෝවක් ද?
Fact Check By: Fact Crescendo TeamResult: False
