දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් භාවිත කරමින් සිදු කරන ව්‍යාජ ආයෝජන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
රු.75,000ක ආයෝජනයක් සිදු කර දිනකින් රු.300,000 ක ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් සම්බන්ධයෙන් ‘WildBook’ හි චරිත් විසින් වැඩසටහනකදී කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.
රුපියල් හැත්තෑ හාරදහසක් ආයෝජනය කිරීමෙන් සතියකට රුපියල් මිලියනයක් ලබා ගැනීමට සහතික වන බවට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් තව ත් සමාජ මාධ්‍ය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.
මෙම ආයෝජන ක්‍රම සහ සත්‍ය වශයෙන් ම ඉහත සඳහන් කළ පුද්ගලයන් විසින් මෙවැනි ආයෝජන ක්‍රම ප්‍රවර්ධනයන් සිදු කර ඇත්ද යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත පළමු අවස්ථාවේ වීඩියෝවේ දැක්වෙන්නේ, මාධ්‍යවේදී ලහිරු මුදලි විසින් මෙහෙයවන Hari Tv, යූටියුබ් නාලිකාවේ පළ වූ ‘WildBook’ හි චරිත් එන්. සිල්වා විසින් සහභාගි වූ වැඩසටහනක් බව දැක ගන්නට ලැබෙනවා.
එම වැඩසටහන සිංහල බසින් මෙහෙයවන වැඩසටහනක් වන නමුත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව ඉංග්‍රීසි භාෂාවෙන් මෙහයෙවන බවක් දැක ගන්නට ලැබෙන අතර එහිදී ලහිරු මුදලිගේ සහ චරිත්ගේ ඉංග්‍රීසි බස වචන උච්චාරණය බොහෝ ඉන්දියානුවන් ඉංග්‍රීසි භාෂාව හසුරුවන ආකාරයට සමාන බව ත් දැක ගන්නට ලැබෙන බැවින් සහ මෙලෙස විශාල ප්‍රතිලාභ අත්වෙන ආයෝජන ක්‍රම සම්බන්ධ මතු වූ සැකය මත අප ඉහත වැඩසටහනේ සත්‍ය වැඩසටහනක් ද යන්න පරීක්ෂා කළා.
ඒ අනුව, චරිත් එන්. සිල්වා Hari Tv, යූටියුබ් නාලිකාවේ සත්‍ය වශයෙන් සහභාගි වූ වැඩසටහන නැරඹීමේදී එම කතා බහ සිදු කරනු ලබන්නේ, සිංහල බසින් බව ත්, එම සම්පූර්ණ වැඩසටහන තුළ කිසිදු අයෝජනයක් සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නැති බව ත්, පැහැදිලිවම දැක ගන්නට ලැබෙනවා. එම සම්පූර්ණ වැඩසටහන මෙතනින්.
මේ පිළිබඳ අප මාධ්‍යවේදී ලහිරු මුදලිගෙන් ද, විමසීමක් කළ අතර ඔහු වැඩි දුරටත් තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝව අසත්‍ය බව ත්, චරිත් විසින් ඉහත සඳහන් ලෙස ආයෝජනයක් ප්‍රවර්ධනය නොකළ බව ත්, තමන් හා චරිත් අතර සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වන ආකාරයේ ආයෝජනය සම්බන්ධ සංවාදයක් ද, ඇති නොවුණු බවයි.
මෙම වීඩියෝ කෘතිම බුද්ධිය ඔස්සේ, හඬ ක්ලෝන කරමින් නිර්මාණය කර ඇති බවට ඉහත වීඩියෝව පරීක්ෂා කිරීමේදී තවදුරටත් පෙනී යන්නේ, කෘතිම බුද්ධිය ඔස්සේ වීඩියෝ, ඡායාරූප ජනනය කිරීමේදී වචන උච්චාරණයේදී තොල් හැසිරීමේ අස්වභාවික බව ත්, ඇතැම් රූප රාමුවල මොවුන් දෙදෙනාගේ ඇති අස්වාභාවික මුහුණේ පිහිටීම් මතය.
කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවන් වලදී ද, සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් ඉතා කෙටි කලකදී වැඩි ප්‍රතිලාබ ලබා දෙන අයෝජන හඳුන්වා දුන් බව ට දක්වමින් මෙවැනි ව්‍යාජ අයෝජන ක්‍රම පිළිබඳ වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා.
මෙම ආයෝජන ක්‍රම ප්‍රසිද්ධ මාධ්‍යකදී, නිවේදකයින්, මාධ්‍යවෙදීන් ඉදිරියේදී ජනප්‍රිය පුද්ලයින් විසින් හෙළි කරන හෙළි කරන බව දැක්වීම ද, මෙම ව්‍යාජ අයෝජනය ප්‍රවර්ධනය කිරීමට සාදන ලද වීඩියෝවල දක්නට ලැබේ.
එලෙසින් පළ වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සංගක්කාර විසින් මෙවැනි අයෝජනයක් කළ බවට දැක්වීමට අද දෙරණ වෙබ්අඩවියේ පළ වූ පුවතක දක්වා ඇති බවට නිර්මාණය කර තිබූ ව්‍යාජ පුවත් ලිපිය මෙතනින්.
එම ලිපිනයේ ම සංගක්කාර සම්බන්ධයෙන් පළ වූ ව්‍යාජ ලිපිනය ඉවත් කොට මේ වන විට පළ කර ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඔටාරා ගුණවර්ධන සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාජ අයෝජනය සිදු කර ඇති බවට දක්වන තව ත් ව්‍යාජ පුවත් ලිපියක් මෙතනින්.
මේ ආකාරයෙන් සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන් භාවිත කරමින් ඔවුන් විසින් හඳුන්වා දුන් ප්‍රතිලාභ අත්වූ ආයෝජන ක්‍රම බවට පෙන්වීමට AI ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්, වීඩියෝ සම්බන්ධයෙන් අප මීට පෙර සමාජය දැනුවත් කරමින් සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තාවන් පහතින්.
යොහානි ‘ධනුට කියන්න’ වැඩසටහනේදී විශ්මයජනක ප්‍රතිලාභ හිමි වන ආදායම් මාර්ගයක් ගැන හෙළි කරයි?
ජනාධිපති අනුර විසින් විස්මිත ප්‍රතිලාභ ලැබෙන රජයේ ආයෝජන අවස්ථාවක් පිළිබඳ හෙළි කළා ද?
මෙරට සෑම පුද්ගලයෙක්ට ම මාසයකට රු.750,000ක් ලබාගත හැකි ක්‍රමවේදයක් ගැන අගමැති හරිනි පැවසුවා ද?
AI-Generated Deepfake Video of Billionaire Dhammika Perera Goes Viral on Facebook!
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් (SLCERT) අප කළ විමසීමේදී සඳහන් කළේ, මෙය වංචාවක් බවයි. එවැනි වංචනික මාර්ගගත යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාවට ප්‍රවේශම් වන ලෙස ද, ඔවුන් අනතුරු අඟවනවා.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා සඳහන් කළේ, මෙම නොමඟ යවන සබැඳි මත ක්ලික් කිරීමෙන් පරිශීලකයින් ෆේස්බුක් ඇතුළු පුද්ගලික තොරතුරු පාවා ලබා දීමට පෙළඹවන අයුරින් නිර්මාණය කර ඇති බව ත්, එවැනි පළ කිරීම් විශ්වාසදායක ලෙස පෙනෙන පරිදි සකස් කර ඇති නමුත් අවසානයේ සංවේදී තොරතුරු හෙළි කිරීමට හෝ වංචනික යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමට පුද්ගලයින් රවටා ගැනීම සිදු කරනු ලබන බවයි.
මෙවැනි වංචාවන් වින්දිතයින් ආකර්ෂණය කර ගැනීමට සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් විසන් මේවා හි ආයෝජනය සිදු කර ඇති බවට හඟවමින් මෙම වංචා බොහෝ විට ආයෝජන සඳහා පහසු, ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වී පරිශීලකයින්ට මූල්‍යමය වචයෙන් වංචාවන්ට හසු කර ගැනීම සිදු කරනු ලබයි.
මෙවැනි වංචා හඳුනා ගන්නේ කෙසේ ද?
අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ : මහ ජනයා ආකර්ෂණය වන අදැහිය නොහැකි මුදල් ප්‍රතිලාභ ලබා දෙන බවට දැක්වීම. ආයෝජනයට වඩා මසක් ඇතුළත ප්‍රතිලාභ තුන්ගුණයටත් වඩා ලැබෙන බවට පෙන්වීම.
ව්‍යාජ පුවත් ලිපි: වංචාකරුවන් බොහෝ විට මෙම වංචා නීත්‍යානුකූල බව පෙන්වීමට ව්‍යාජ පුවත්පත් කොටස් නිර්මාණය කරයි.
බාහිර සබැඳි: සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් ගිණුම් සඳහා ලොග් විය හැකි මුරපද හෝ පුද්ගලික තොරතුරු සොරකම් කරන තතුබෑම් වෙබ් අඩවි වල යොමු විය හැකි අවදානම.
පෙළඹවීම: වංචාකරුවන් බොහෝ විට “සීමිත දීමනාව” හෝ “අදම ලියාපදිංචි වන්න” වැනි වචන භාවිතා කරමින් මේ පිළිබඳ පරීක්ෂා කර තහවුරු කර ගැනීමට පෙර සත්‍යාපනයකින් තොරව ක්‍රියා කිරීමට පුද්ගලයින් යොමු කරවයි.
මෙම ආයෝජන ව්‍යාජ අයෝජන බව ත්, ව්‍යාජ ප්‍රවර්ධනයන් බව ත්, එමෙන් ම මෙම වංචාවන් සිදු කරනු ලබන්නේ එකම ක්‍රමවේදයට බව ත්, මෙම ව්‍යාජ ආයෝජන සම්බන්ධ කරුණු විමර්ශන වාර්තා කියවීමෙන් ද, පාඨක ඔබට දැක ගැනීමට හැක. ඒ අනුව මෙවැනි ඇදහිය නොහැකි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසන ව්‍යාජ ආයෝජන වලට නොරැවටෙන ලෙස ඔබ මෙන් ම ඔබේ සමීපතයින් ව මේ පිළිබඳ දැනුවත් කරන්න!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Title:රු.75,000ක ආයෝජනයක් සිදු කර දිනකින් රු.300,000 ක ප්‍රතිලාභ ලබා ගත හැකි ආයෝජන ක්‍රමයක් චරිත් හෙළි කළාද?
Fact Check By: Pavithra SandamaliResult: False
