ජැකී චෑන් මිය ගිය බව පළවන පුවත් අසත්‍යයි!

False International

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජාත්‍යන්තර මෙන් ම මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් මිය ගිය බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල අසත්‍ය තොරතුරු සංසරණය වනවා බහුලව දැක ගන්නට ලැබෙනවා. ඒ ආකාරයෙන් පළ වූ සටහනක සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මිනිත්තු 15 කට පෙර බීජිංහි ඇති වූ දැවැන්ත ගංවතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර වඩාත් හද කම්පා කරවන කරුණ නම්, ඔවුන්ගෙන් එක් අයෙක් 2016 ජනප්‍රිය ඔස්කාර් සම්මානලාභී ජැකී චෑන්ගේ මිය යෑම බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සමගින් සටහනක් සංසරණය වී තිබුණා. එමෙන් ම ඔහු මියගිය බවට දැක්වීමට ඔහුගේ දේහයේ ඡායාරූපයක් ද, මෙම සටහන සමගින් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් විදේශීය සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ද, පළ කර තිබුණා.

මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජැකී චෑන් යනු ලෝක ප්‍රකට හොංකොං නළුවෙක්, සටන් කලාකරුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ ස්ටන්ට්මන්වරයෙක්. ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඔහුගේ ඇදහිය නොහැකි ස්ටන්ට්, ක්‍රියාදාම හාස්‍ය චිත්‍රපට සහ නැගෙනහිර සහ බටහිර සිනමාවට කළ දායකත්වයන් සඳහා ය. 

ජැකී චෑන් මිය  ගිය බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා නැහැ

කෙසේ වෙතත් ලෝක ප්‍රසිද්ධ ජැකී චෑන් මිය ගියා නම් ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ තිබිය යුතු බැවින් අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා කළ පරීක්ෂාවේදී තහවුරු වුණේ, එවැනි පුවතක් වාර්තා කර නොමැති බව දැක ගන්නට ලැබේ.

සමාජ මාධ්‍ය ගිණුම්

Golden State Warriors හි ජිමී බට්ලර් පසුගිය අගෝස්තු 04 වන දා චීනයේ බීජින් හි ජැකී චෑන් සමඟ ගත් ඡායාරූපයක් ඔවුන්ගේ X සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණේ, ජිමී බට්ලර් මෑතකදී දියත් කළ ඔහුගේ පාවහන් ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියාව පුරා සංචාරය කරන අතරතුරය. මේ පිළිබඳ පළ වූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

Archived Link

ජැකී චෑන් මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අගෝස්තු 03 වන දා පළ කර තිබූ අතර ඉහත ඡායාරූපය ජැකී චෑන් සමග ගෙන තිබුණේ අගෝස්තු 04 බැවින තවදුරටත් තහවුරු වන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ ව්‍යාජ සටහනක් බවයි.

අවමංගල්‍ය රූපය AI-ජනනය කරන ලද ඡායාරූපයක්

ඉහත සටහන සඳහා යොදා ගෙන ඇති ඡායාරූපය ජැකී චෑන්ට සමාන මුහුණේ ලක්ෂණ ඇති ඡායාරූපයක් වූවත්, එම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නොව ජනනය කරන ලද ඡායාරූප වලට පොදු ලක්ෂණ වල සමානකමක් ඇති බව දැක ගන්නට ලැබේ.

ඒ අනුව අප ඒ පිළිබඳව තහවුරු ක ගැනීමට AI ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප හඳුනා ගැනීමේ මෙවලමකට යොමු කරන ලදී. ඒ අනුව මෙම ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද තහවුරු වේ.

ජැකී චෑන්ගේ මෑත කාලීන තොරතුරු

2025 පෙබරවාරි 7 වන දින කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා හි බාර්කර් හැන්ගර් හි පැවති 30 වන වාර්ෂික විචාරක තේරීම් සම්මාන උළෙලේදී ජැකී චෑන් විචාරක තේරීම් සම්මාන රාත්‍රියේ පෙනී සිටි අතර එහිදී හොඳම විදේශීය චිත්‍රපටය සඳහා වන සම්මානය හඳුන්වා දීම සිදු කර තිබුණා. 

1954 අප්‍රේල් 7 වන දින උපත ලැබූ ජැකී චෑන්, ලෝක ප්‍රකට සටන් කලාකරුවෙකු, නළුවෙකු සහ ස්ටන්ට් රංගන ශිල්පියෙකු වන අතර ඔහුගේ වෘත්තීය ජීවිතය වසර 60 කට වඩා වැඩි කාලයක් පුරා දිව යයි. දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් සමඟින්, ජැකී චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක පෙනී සිට ඇති අතර 2016 වසරේ දී ඔහුගේ ජීවිත කාලය පුරාම ලැබූ ජයග්‍රහණ වෙනුවෙන් ගෞරව ඔස්කාර් සම්මානයකින් ද, පිදුම් ලැබීය. ඔහු “ජීවමාන නළුවෙකු විසින් කරන ලද වැඩිම ස්ටන්ට්” සඳහා ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත.

මෑත කාලීන ව්‍යාපෘති අතරට Panda Plan (2024), Hidden Strike (2023) සහ 2025 චිත්‍රපටයේ “Karate Kid: Legends” හි රඟපාන අතර, Ralph Macchio සමඟ Mr. Han ලෙස ඔහුගේ චරිතය නැවත රඟපානු ලැබේ. සැලසුම් කළ පරිදි රූගත කර නිකුත් කරන ලද මෙම චිත්‍රපටය ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙන බව වාර්තා වේ. 

චීනයේ ගංවතුර තත්ත්වය

2012 වසරෙන් පසු ජූලි 23 සිට 29 දක්වා චීන අගනුවර බීජිං හි බලපෑ මාරාන්තිකම ජලගැල්මෙන් ඇද හැලුණු අධික වර්ෂාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් තිබුණා. මෙම ව්‍යසනකාරී ගංවතුරෙන් සතියකට පසු, මේ මස (අගෝස්තු) පසුගිය 04වන සඳුදා පස්වරුව වන විට බීජිං වැසියන් 70,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර, ඉදිරියේදී ද, අධික වර්ෂාපතනයකට සූදානම් වන ලෙස ජනතාවට අනතුරු අඟවා තිබුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජැකී චෑන් මිය ගිය බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන අතර ඔහු මේ වන විටත් හොඳින් සිටින බවට මෑතකදී චෑන් සහභාගි වන වැඩ සටහන් පරීක්ෂා කිරීමේදී පෙනී යයි. එමෙන් ඔහු මිය ගිය බවට කිසිදු ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍යක් වාර්තා කර නොමැති අතර ඔහු මිය ගිය බවට පෙන්වීමට යොදාගෙන තිබූ ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප වේ.

Avatar

Title:ජැකී චෑන් මිය ගිය බව පළවන පුවත් අසත්‍යයි!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply