ශ්‍රීලංකන් අලුතින්ම City of Yalpanam නමින් ගුවන් යානයක් නම් කළා ද? 

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ශ්‍රීලංකන් ගුවන් සේවය යනු විටින් විට සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ වේදිකාවල කතිකාවන් නිර්මාණය කරනු ලබන මෙරට ප්‍රමුඛ පෙළ රාජ්‍ය ආයතනයකි. ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක් මේ.   

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“1st Time in Sri Lankan Airlines History! (A320 Airbus) City of Yalpanam (Jaffna) ” පසුගිය ද අගෝස්තු 01 වැනිදා ඉතිහසයේ පළමු වරට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් A320-200 ගුවන් යානය යාපනය නගරය නමින් නම් කර ඇතැයි, සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ අදාළ ගුවන් යානයේ ඡායාරූපයක් ද සහිතව සටහනක් පළ කර තිබිණ. අදාළ ගුවන් යානය  අදාළ සටහන පළ කර තිබුණේ මීට අදාළව  , පසුගිය ජූලි 07 වනදා Debasa.lk වෙබ් අඩවියේ පළ කරන ලද පුවතක ප්‍රවේශයක් ද සහිතවයි. 

Facebook | Archived Link

ඉහත ෆේස්බුක් සටහනව අනුව එකවරම හැඟී යන්නේ ශ්‍රීලංකන් සමාගම අදාළ නාමකරණය මෑතකදී සිදුකර ඇති බවයි. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට City of Yalpanam ලෙස ශ්‍රීලංකන් සමාගම මෑතකදී ගුවන් යානයක්  එලෙස නම් කළේ ද යන්න පිළිබඳව අප කරුණු විමසීමක් සිදු කළේ ය. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඒ අනුව අප මුලින්ම සමාජ මාධ්‍ය සටහන පළ කරමින් දී තිබූ වෙබ් අඩවි වාර්තාවේ අන්තර්ගතය පැහැදිලිව නිරීක්ෂණයට ලක් කළේ ය.  SriLankan Airlines Names Aircraft “City of Yalpanam” — A Moment of Pride for Jaffna යන ශීර්ෂය යටතේ මෙම පුවත් වාර්තාව පළ කර තිබිණ.  ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර් බස් A320-200 ගුවන් යානය City of Yalpanam ලෙස නම් කර ඇති බවත් එය යාපනයේ ජනතාවට මහත් ආඩම්බරයක් බවත් අදාළ පුවත් වාර්තාවේ සඳහන් ය. 

තව ද බටහිර රටවල නිවාඩු කාලය ආරම්භ වී  ඇති බැවින්, නල්ලූර් උත්සවයට සහභාගීවීම සඳහා පිටරටවල සිටින හින්දු භක්තිකයින් රැසක් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිත කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එහි සඳහන් කර තිබිණ.

කෙසේ වෙතත් තවමත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර සෘජු ගුවන් ගමන් නොමැතිවීම හේතුවෙන් ගුවන් මගීන් අපහසුතාවට පත් වන බව සහ කටුනායක – යාපනය සෘජු ගුවන් ගමන් හඳුන්වා දෙන්නේ නම්, ඒ හරහා උතුරට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගත හැකි බව ද සඳහන් වේ. එමෙන්ම එයාර්බස් A320-200 City of Yalpanam ලෙස නම් කිරීමට ගත්  ශ්‍රීලංකන් තීරණය පැසසුමට ලක් කරමින් එම පුවත් වාර්තාවේ තවත් බොහෝ කරුණු  ඇතුළත් විය.   

කෙසේවෙතත් පුවත් වාර්තාවේ අවසනයේදී යාවත්කාලීක කිරීමක් යනුවෙන් සටහනක් පළ කර තිබූ අතර එහි සඳහන් වූයේ, දත්තවලට අනුව,  අදාළ ගුවන් යානය City of Yalpanam යනුවෙන් නම් කිරීම 2011 වසරේදී සිදුව ඇති බවත් එය නල්ලූර් උත්සව සමයේ යළිත් සමාජයේ අවධානය යොමු වූ, කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වීම විශේෂත්වයක් බවයි. තව ද 2011 වසරේදී ඒ හා සමානවම තවත් ශ්‍රීලංකන් යානා 8ක් රටේ වැදගත් ස්ථාන නාමයන් යටතේ නම් කර ඇති බව ද  එම සටහනේ වැඩිදුරටත් සඳහන් වේ. 

ඒ අනුව අප මෙම ගුවන් යානය City of Yalpanam ලෙස නම් කරනු ලැබුවේ, 2011 වසරේදී ද නැත්නම් මෑතකදී  ද යන්න නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අප ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂාවට ලක් කළේ ය. එහෙත් මෑතකදී එවැනි නම් කිරීමක් සිදුකළ බවට කිසිදු පුවතක් අපට හමු නොවී ය.  

ඒ අනුව ගුවන් යානා පිළිබඳ තොරතුරු ඇතුළත් ලොව පිිළිගත් planespotters.net වෙබ් අඩවිය හරහා අදාළ ගුවන් යානය පිළිබඳ තොරතුරු පරීක්ෂාවක් සිදු කළේ , මේ පිළිබඳව තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව මතයි. එහිදී තහවුරු වූයේ, ශ්‍රීලංකන් ගුවන් සේවයට බදු පදනම යටතේ 2011 වසරේදී ලබාගත්  එයාර්බස් A320-200 යානය City of Yalpanam ලෙස නම් කර ඇත්තේ,  2015 වසරේදී බවයි. 

planespotters.net

මේ අතර පසුගිය වසරවලදී පළ කරන ලද අදාළ ගුවන් යානයේ  ඡායාරූප කිහිපයක් පරීක්ෂා කිරීමේදී,  2015 වසරේ අගෝස්තු 15 වැනිදා පළ කරන ලද අදාළ ගුවන් යානයේ ඡායාරූපයක එහි ඉදිරිපස කොටසේ City of Yalpanam යනුවෙන් සඳහන්ව තිබෙනු දැක ගත හැකි විය.  jetphotos.com

මීට අමතරව  ශ්‍රීලංකන් ගුවන් සේවය  තවත් නගර කිහිපයක නමින් සිය ගුවන් යානා නම් කර ඇති ආකාරය ද මෙලෙස දැකගත හැකියි. 

planespotters.net

මේ අතර 2023 පෙබරවාරී මාසයේදී ද City Of Yalpanam ලෙස නම් කරන ලද ශ්‍රීලංකන් ගුවන් යානයේ ඡායාරූප ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ මේ ආකාරයෙනි.   

Facebook

 මේ අතර මෑතකදී ශ්‍රීලංකන් ගුවන් යානයක් City of Yalpanam   ලෙස නම් කළේ ද යන්න පිළිබඳ තවදුරටත් කරණු  දැනගැනීම සඳහා අප ගුවන්තොටුපළ මාධ්‍යවේදියෙකු සම්බන්ධ කර ගත්තේ ය.  ඔහු කියා සිටියේ, ශ්‍රීලංකන් යානයක්  මෑතකදී City of Yalpanam  ලෙස නම් කිරීමක් පිළිබඳ තොරතුරු වාර්තා නොවන බවයි.  තව ද  ගුවන්යානයකට City of Yalpanam  යනුවෙන් සඳහන් අලුත් ස්ටිකරයක්  ඇලවීමක් හෝ සිදු කළේ දැයි අප විමසා සිටි අතර ඔහු පැවසුවේ,  එවැනි කිසිදු වෙනසක් මෑතකදී සිදු කර නොවූ බවයි.  

මෙම සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු  තහවුරු කර ගැනීම සඳහා අප ශ්‍රීලංකන් ගුවන් සේවයේ වගකිවයුතු නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. 

සමාජ මාධ්‍ය සටහන පළ කරමින් ප්‍රවේශයක් ලබාදී තිබූ වෙබ් පුවත් වාර්තාවේ දැක්වුණේ මෙම යානය 2011 වසරේදී  City of Yalpanam  ලෙස නම් කළ බවයි. එය මෙම යානය මෙටරටට ගුවන් සේවයට ලබාගත් දිනය වරදවා වටහා ගැනීමක් බව පැහැදිලි ය. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් Airbus A320-200 යානය මෑතකදී City of Yalpanam ලෙස නම් කළ බවට හඟවමින් පළ කරන ලද සමාජ මාධ්‍ය සටහන් සත්‍ය තොරතුරු මත පදනම්ව පළ කරනල ලද්දක් නොවන බවයි. ඒ අනුව 2011 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සේවයට එකතු වූ Airbus A320-200 දරන  ශ්‍රීලංකන් ගුවන් යානය City of Yalpanam ලෙස නම් කරන ඇත්තේ, මෑතකදී නොව, 2015 වසරේදී බව පැහැදිලි ය.  

Avatar

Title:ශ්‍රීලංකන් අලුතින්ම City of Yalpanam නමින් ගුවන් යානයක් නම් කළා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: Misleading


Leave a Reply