Fact Check : කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

Misleading Social

ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මෙන්ම රස වැඩි කිරීමට ආකලන සහ රසකාරක භාවිතය පිලිබඳ නිදසුන්  ඈත අතීතයේ පවා ලොව විවිධ ශිෂ්ඨාචාරවලින් දැකගනන්ට පුළුවන්. පසුකාලීනව මෙලෙස එකතු කරන ඇතැම් ආකලන සහ රසකාරක හේතුවෙන් නොයෙකුත් අතුරු අබාධ තත්වයන් ඇතිවිය හැකි බව හඳුනා ගැනීමත් සමඟම ඒ පිළිබඳව ලොව බොහෝ රටවල් සැලකිලිමත් වෙමින් එලෙස පිළියෙල වන ආහාරවල ඇසුරුම්වල නීති රාමු පද්ධතියක් තුළ අඩංගු වර්ණක සහ ආකලන ඇතුළු තොරතුරු පෙන්නුම් කිරීමට කටයුතු කර ඇත.

මෙවන් පසුබිමක නුවන් නිරෝධ නැමැත්තෙක් විසින් මේ බිස්කට් එකම නේද අපි ළමයින්ට කන්න දෙන්නේ. කටාර් වල නම් ඔන්න ළමයින්ට සුදුසු නැහැ කියලා ස්ටිකරයක් අලවලා. එතකොට අපේ ළමයි ළමයි නෙමෙයිද යන තේමාව යටතේ ඉදිරිපත් කර තිබු සටහනක් බොහෝ පිරිසක් අතර මෙසේ හුවමරු වී තිබු අයුරු දැකගන්නට ලැබුණි

C:\Users\Prabuddha Athukorala\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\screenshot-www.facebook.com-2020.09.26-13_46_09.png
LinkArchived Link
LinkArchived Link
LinkArchived Link

සැප්තැම්බර් මස මුල් සතියේ සිටම මෙවැනි සටහන් රැසක් වෙනත් ෆේස්බුක් පිටුවල සහ පුද්ගලික ගිණුම්වල ද ඉදිරිපත් වී තිබු අතර  ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර එම සටහන් සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේ මෙලෙසින්

ට්විටර් වැනි වෙනත් සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේද එවැනි සටහන් සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය.

LinkArchived

මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර සටහන් වල මෙය අසත්‍යක් ලෙස සඳහන්ව තිබීම නිසා සහ බොහෝ දෙනෙකු මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කරන මෙන් ඉල්ලා තිබූ නිසාත්, මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය 

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

මෙම ආන්දෝලනාත්මක සටහන් වලට මුල් වූ මන්චි චොකලට් බිස්කට් පැකට්ටුවේ සඳහන් වී තිබු නිවේදනය අප පරීක්ෂා කළෙමු. “Sunset Yellow (E110) and Carmosine (E122) : May have an adverse effect on activity and attention in children” (ළමුන්ගේ ක්‍රියාකාරකම් හා අවධානය කෙරෙහි අහිතකර ලෙස බලපායි) යනුවෙන් එම ස්ටිකරයේ දක්වා තිබෙනු අපට දැකගනන්ට හැකිවිය. එබැවින් අප මුලින්ම මෙම E අංක (කේත අංක) පිළිබඳව විමසුමක් කළෙමු.

1960ශකයේ යුරෝපීය හා එක්සත් ජනපද රජයන් විසින් ආකලන නියාමනය කිරීම සහ ඇතැම් හානිකර ද්‍රව්‍ය ආහාරවලට භාවිතා කිරීම තහනම් කිරීම සඳහා ස්වාභාවික ප්‍රභවයන්ගෙන් හෝ රසායනිකව ව්‍යුත්පන්න කර ඇති අනුමත ආහාර ආකලන (Permitted Additives) ලැයිස්තුවක් හඳුන්වා දෙන ලදී. යුරෝපයේ, මේවා E අංක සමඟ කේතනය කර ඇති අතර, එක්සත් ජනපදයේ සහ වෙනත් තැන්වල INS කේත අංකයක් හෝ සම්පූර්ණ නම ලේබල්වල භාවිතා වේ. මෙලෙස අනුමතවු ආකලන සහ රසකාරක හඳුන්වන E හෝ INS කේත අංක දහසකට (1000)  අධික ප්‍රමාණයක් තිබෙනවා.

උදාහරනයක් ලෙස විටමින් සී යුරෝපයේ E300 ලෙස හැඳින්වේ. සමහර රටවල එය INS 300 “ආහාර අම්ලය 300”,ඇස්කෝර්බික් අම්ලය (300)” හෝ “විටමින් සී (300)” වැනි අංක 300 කේතය සහිත ලේබලවල සොයාගත හැකිය.

ලංකාවේද ආහාරවලට එකතු කරන ආකලන සහ රසකාරක නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආහාර පාලන පරිපාලන ඒකකයක් (Food Control Administration Unit) ඇත. දිවයිනේ වෙළඳපලෙ ඇති සියළුම පිළියළ කරන ලද ආහාර (Processed Food), (උදා: බිස්කට් වර්ග, පැණිබීම, අසුරණ ලද කිරි, වියළි කිරිපිටි,) සියල්ලම සඳහා අන්තර්ගත කර ඇති ආකලන සඳහා කේත අංක ඇසුරුමේ මුද්‍රණය කිරීම අනිවාර්යය වේ. ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයේ 1980 අංක 26 දරණ ආහාර පනත යටතේ මෙලෙස සකස්කරන ආහාර නියාමනය වේ. 2006 නොවැම්බර් මස 23 නිකුත් කර ඇති අංක 1472/19 දරණ ගැසට් පත්‍රයේ සිට ඉන් අනතුරුව ඒ සඳහා නිකුත්වන සංශෝධන මඟින් මෙම ආකලනද නියාමනය කරනු ලබයි. ලංකාවේ මෙය INS කේත අංකයක් ලෙස භාවිතා වේ.එම ගැසට් පත්‍රයේ තොරතුරු පහතින්

C:\Users\Prabuddha Athukorala\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\screenshot-eohfs.health.gov.lk-2020.09.26-14_15_03.png
Link

ආහාර පාලන පරිපාලන ඒකකයේ නිලධාරියෙකු සමඟ අප දුරකතනයෙන් සම්බන්ධ වූ විටද මෙම තොරතුරු සනාථ කරන ලද අතර වර්ණක විශාල සංඛාවකින් මෙසේ ලංකාවේ අවසර ලබාදී ඇති අනුමත වර්ණක කිහිපයක් පමණක් බවත් එම අනුමත ලයිස්තුවේ ඉහත පෙන්නුම් කරන පරිදි E122 සහ E110 අඩංගු බවත් පැහැදිලි කර සිටියා. 

මෙරට නිෂ්පාදනය වන ආහාර ඇසුරුම් ලේබල්වල මෙලෙස නියමිත ප්‍රමිතීන්ට අනුව යොදන වර්ණකරක වලට අදාළ කේතාංකකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක්ද සහිතව පිලිබඳ පළවූ මෙම ලිපියෙන්ද ඒ පිලිබඳ විස්තරයක් ලබාදී තිබෙනවා. එම ඡායාරූප කිහිපයක් පහතින්. බොහෝ ආහාර ඇසුරුම් වල මෙම කේත අංකයන් ඇතුලත් සටහන් පැහැදිලිව දක්වා තිබුනද සමහර ඇසුරුම් වල මෙම සටහන් කුඩා අකුරින් දක්වා ඇති අයුරුද අපට පෙනී ගියා. 

කෙසේවෙතත් සමාජ මාධ්‍ය ජාලයෙහි සැරිසරන මෙම සටහන පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස මන්චි චොකලට් පෆ් නිෂ්පාදනය කරන සිමාසහිත ලංකා බිස්කට් සමාගමේ ( Ceylon Biscuits Ltd) ඩිජිටල් සහ විදෙස් අලෙවි අංශයේ කළමනාකරු සමඟ සම්බන්ධ වූයෙමුලංකාවේ මෙන්ම දියුණු රටවල් වලද සකස් කරන ලද ආහාර වෙළඳපලට නිකුත් කිරීමේදී එම ආහාරයේ අඩංගු ද්‍රව්‍යය සහ ආකලන පිළිබඳව ඇසුරුමේ සඳහන් කිරීම අනිවාර්ය බවත්, කටාර් රාජ්‍යයේ ආහාර පාලන අධිකාරියද මෙම නීතිය ක්‍රියාත්මක කරන බව පැවසීය. 

ඒ අනුව මංචි චොකලට් පෆ් බිස්කට්වල අන්තර්ගත ආකලන පිළිබඳව උපදේශන සටහනක් ඔවුන් විශාල අකුරින් මුද්‍රණය කරන ලද ස්ටිකරයක් මඟින් කටාර් වෙත ආනයන කරන බිස්කට් පැකට් වල අලවන බවද පැවසීය. මෙය ඔවුන් බිස්කට් අපනයනය කරන අනෙකුත් රටවලටද ඔවුන්ගේ නීති රීති අනුව සිදුකරන බවත් පවසා සිටියා. එසේම කටාර් රාජ්‍යයේ ඇති සෑම සකස් කරන ලද ආහාරයකම වාගේ එයට අදාළ කේත අංක දක්වා ඇති බවත්, බොහෝ විට එය ඔවුන් මෙන් විශාලව ප්‍රදර්ශනය නොකරන බවත් අවධාරනය කළේය. ඉතා උසස් තත්වයෙන් යුත් මංචි බිස්කට්හි ආකලන අන්තර්ගතව ඇත්තේ අනුමත නීති රීති වලටත් වඩා අඩු ප්‍රමාණයක බවද, එම බිස්කට් පරිභෝජනය නිසා ළමුන්ගෙ අධි ක්‍රියාකාරිත්වයක් ඇති වී බවට මේ වන තෙක් ලංකාවේ හෝ ඔවුන්ගේ නිෂ්පාදන අපනයන කරන වෙනත් කිසිඳු රටකින් වාර්තා වී නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. කටාර් රාජ්‍යයේ ඇති සකස් කළ දොඩම් බීම ඇසුරුමක ලේබලයක්ද ඔවුන් අප වෙත ඉදිරිපත් කර සිටියා. එහිද එම E කේත අංක ඇතුළත් වූ අතර E110 වර්නකයද අඩංගු බව දැකගනන්ට ලැබුණු අතර *This material may be having a negative effect on activity and concentration in children (මෙහි ඇති ද්‍රව්‍ය මඟින් ළමුන්ගේ ක්‍රියාකාරිත්වය හා අවධානය පවත්වා ගැනීම කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති විය හැක) යනුවෙන් ද සටහන් වී තිබුණි

මේ අනුව මන්චි බිස්කට් පමණක් නොව මෙම වර්ණ ඇතුලත් අනෙකුත් නිෂ්පාදන වලද මෙවැනි උපදේශන සටහන් ඇතුලත් බව අපට පෙනී ගියා. තවද කටාර් රජය විසින් නිකුත්කරන ලද ආහාර හා කෘෂි ආනයන රෙගුලාසි සහ ප්‍රමිති (Food and Agricultural Import Regulations and Standards) ලේඛනයේද අවසරලත් ආකලන අතරට E110 සහ E122 වර්ණක අඩංගු බව අපට මෙසේ දැකගන්නට හැකිවිය 

C:\Users\Prabuddha Athukorala\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\screenshot-apps.fas.usda.gov-2020.09.26-15_12_27.png

ඉන් අනතුරුව කේත අංක E110 සහ E122 සහිත වර්ණක අඩංගු ආහාර පරිභෝජනය කිරීම සහ ළමුන් අධික්‍රියාකාරීත්ව අතර ඇති සම්බන්ධතාවය පිලිබඳ අප ගූගල් සෙවීමක් කළෙමු. 

බ්‍රිතාන්‍යයේ  සවුතැම්ප්ටන්  විශ්ව විද්‍යාලයේ (University of Southampton) පර්යේෂක කණ්ඩායමක් විසින් 2007 වසරේදී සිදුකරන ලද අධ්‍යයනයකදී, කේත අංක E110 සහ E122 ඇතුළු තවත් වර්ණද අන්තර්ගත බිස්කට් වර්ග ආහාරයට ගැනීමෙන් ළමයින්ගේ අධි ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි බව නිරීක්ෂණය වී තිබු අතර එම අධ්‍යයනය පාදක කරගනිමින් යුරෝපා සංගමය විසින් 2010 ජනවාරි මස සිට මෙම වර්ණක අඩංගු බිස්කට් වර්ගයන්හි may have an adverse effect on activity and attention in children.” යන ලේබලය යෙදීමට තීරනය කළද, එම අධ්‍යයනයේදි පරීක්ෂණයට යොමුකළ කාලය තුළ ළමුන් අස්වාභාවික බිස්කට් ප්‍රමාණයක් අනුභව කිරීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව වෙනත් එබඳුම පසුකාලීන අධ්‍යයනයන් මඟින් ප්‍රශ්න කර තිබු අයුරුද මෙසේ අපට දැකගන්නට හැකි විය.

සකස්කළ ආහාර සඳහා මෙසේ යොදාගනු ලබන වර්ණක සහ ළමුන්ගේ අධි ක්‍රියාකාරීත්වය පිළිබඳව පළවූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ ලිපියකද සඳහන් වී තිබුනේ අවධානය අඩුවීමේ සහ අධි ක්‍රියාකාරීත්වය ආශ්‍රිත ආබාධ (Attention deficit hyperactivity disorder (ADHD)) ඇති බවට හඳුනාගෙන ඇති කුඩා දරුවන් හට ඉහත වර්ණක දෙකද ඇතුලත්ව වර්ණක 6ක් සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටිය හැකි වුවද ආහාර වර්ණ හා අධි ක්‍රියාකාරිත්වය අතර සබැඳිය සම්පූර්ණයෙන්ම මෙතෙක් නිශ්චිත නැති බවත් එය තහවුරු කිරීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය බවත්ය.

Link | Link 2

E අංක සහ ආකලන පිලිබඳ පළවූ තවත් සටහන් කිහිපයක් මෙසේය.Link 1 | Link 2

තවද මෙසේ වර්ණක යොදාගැනීම නිසා **May have an adverse effect on activity and attention in children (ළමුන්ගේ ක්‍රියාකාරකම් හා අවධානය කෙරෙහි අහිතකර ලෙස බලපායි) යන වචන පෙළ ඇතුළත් බිස්කට් ඇතුළු සකස්කළ ආහාර රැසක සටහන් වී ඇති අයුරු ලොව විවිධ ප්‍රදේශවලින් අපට දැකගන්නට ලැබුණි. එම සටහන් සහිත ඇසුරුම් කිහිපයක් පහතින්

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලොව සම්මත නීති රීති වලට අනුව පෙර සැකසු ආහාර (processed food) ඇසුරුම් කිරීමේ දී අදාළ ඇසුරුම්වල, එම ආහාරයේ අන්තර්ගතයන්ට අදාළ ආකලනයන් සහ වර්ණකවල කේත අංකය සටහන් කිරීම අනිවාර්ය වන බවයි. කටාර් රජයේද මෙය අනිවාර්ය වන අතර එම නීති වලට අනුකුලව චොකලට් පෆ් බිස්කට් අපනයනය කිරීමට පෙර ඇසුරුමේ අදාළ උපදේශන සටහන ලංකාවේදීම අලවනු ලබයි. කටාර්හි අලෙවි වන අනෙකුත් සැකසු ආහාරවලද ඒවාට අදාල කේත අංක අඩංගු වන අතර  E110 සහ E122 සහිත වර්ණක කටාර් රජය විසින් අවසර ලබාදී ඇති ආකලන අතරට ඇතුලත්ය. මෙම වර්ණක දෙක ලංකාවේද අවසර ලබාදී ඇති වර්ණක දෙකකි. “ළමුන්ගේ ක්‍රියාකාරකම් හා අවධානය කෙරෙහි අහිතකර ලෙස බලපායි” යන වදන් පෙළ ඉහත වර්ණක දෙක ඇතුළු තවත් වර්ණක 6ක් භාවිතා කිරීමේදී බොහෝ බටහිර රටවල යොදා ගන්නා බවද පැහැදිලි විය.

එබැවින් ඉහත කේත අංක සහිත වර්ණක අන්තර්ගත මංචි චොකලට් බිස්කට් කටාර් රාජ්‍යයේ ළමුන්ට සුදුසු නැති  බවට එම රජය විසින් තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත්ව ඇති සටහන් සියල්ල නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු.

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:Fact Check : කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

Fact Check By: Sahan Perera 

Result: False


1 thought on “Fact Check : කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

Leave a Reply