දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් රටවල සිදුවීම්, මෑතකාලීනව මෙරට තුළ සිදු වූ ඒවා ලෙස දක්වමින් හුවමාරු කරගන්නා ආකාරය දැකගත හැකියි. තරුණයන් දෙදෙනෙකු විසින් තවත් තරුණයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන එවැනි නොමඟ යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :
මෙරටදී සිදුවූ මෑත කාලීන සිදුවීමක් ලෙස හඟවමින් තරුණයකුට පහර දෙන අදාල වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසින්.
අදාල වීඩියෝව මෑත කාලීනව මෙරට දී සිදුවූ සිදුවීමක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් එය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණේ මෙලෙසින්.

ඒ අනුව අදාල වීඩියෝව මෙරට තුළ මෑත කාලීනව සිදුවූවක්ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම)
අදාල වීඩියෝවේ දැක්වෙන්නේ, තරුණයන් දෙදෙනෙකු විසින්, අත් ගැට ගසා ගසක බැඳ සිටින තවත් තරුණයෙකුට පහර දෙන ආකාරයයි. මෙම සිදුවීම මෑතකදී මෙරට තුළ සිදුවූවක් ලෙස මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර තිබුණේ නැහැ. ඒ අනුව අප විසින් අදාළ වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා.
බංග්ලාදේශයේ රාජ්ෂාහි හිදී තරුණයෙකුට පහර දෙන වීඩියෝවක්
එහිදී 2026 මැයි 11 දින බංග්ලාදේශ මාධ්‍යයක් විසින් අදාල වීඩියෝව සම්බන්ධයෙන් පුවතක් පළ කර ඇති ආකාරය හඳුනා ගැනීමට ලැබුණා. එම පුවත තුළ දක්වා තිබුණේ, බංග්ලාදේශයේ රාජ්ෂාහි හිදී තරුණයෙකු ගසක බැඳ මුගුරුවලින් පහර දී ඇති බවයි.
මැයි 10 බංග්ලාදේශයේ මොතිහාර් (Motihar) පොලිස් බලප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුවී ඇති බවත්, මෙලෙස වධහිංසනයට ලක්ව ඇත්තේ එම නගරයේම කාජ්ලා බිල්පාරා ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මොහොමඩ් තුෂාර් නමැති තරුණයෙක් බවත් එහි වැඩිදුරටත් සඳහන් වනවා. එම පුවත් වාර්තාව මෙතනින්.

එසේම බංග්ලාදේශයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් අදාල වීඩියෝව ද ඇතුළත්ව එම සිදුවීම සම්බන්ධයෙන්, වාර්තා කර තිබුණේ මෙලෙසින්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් බංග්ලාදේශ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
අදාළ මාධ්‍ය වාර්තා මගින්ද දක්වා ඇත්තේ, බංග්ලාදේශයේ රාජ්ෂාහි ප්‍රදේශයේ සොරකම් චෝදනාවක් මුල් කරගනිමින් තරුණයෙකු ගසක බැඳ අමානුෂික ලෙස මුගුරුවලින් තලා පහර දීමේ මෙම සිදුවීමට අදාළව වහාම ක්‍රියාත්මක වූ මතිහාර් පොලිසිය විසින් ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව අදාළ සිදුවීම, ශ්‍රී ලංකාවේ සිදුවූවක් නොව, 2026 මැයි 10 වන දින බංග්ලාදේශයේ සිදුවූවක් බව පැහැදිලි වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ සිදුවූ සිදුවීමක් ලෙස හඟවමින්, තරුණයකුට පහර දෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව, මෙරට සිදුවීමක් නොවන බවයි. එය 2026 මැයි 10 වන දින බංග්ලාදේශයේ වාර්තා වූ සිදුවීමක් වන අතර, ඒ සම්බන්ධයෙන් බංග්ලාදේශ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර ඇත.


