රනිල් අත්අඩංගුවට ගැනීම සමඟ NPP ප්‍රබලයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීල ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳ අප්‍රසාදයට පත් රජයේ පාර්ශවයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට ලබා දුන් බවට දක්වන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇති බවත්, ලබන අඟහරුවාදා රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩු විභාගය අවසන් වන තෙක් ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම පිළිගැනීම ප්‍රමාද කරන බවත් සඳහන් කරමින් ‘X’ ඔස්සේ පණිවිඩයක් හුවමාරු වී තිබුණා.

X

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා ද, ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණා.

Facebook | Archived Link

මේ පිළිබඳ ඇතැම් වෙබ් අඩවිද, වාර්තා කර තිබුණේ මේ අයුරින්.

lankacnews

මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය ඉල්ලා අස්වීම ලිපිය භාර දී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා කිසිවක් වාර්තා කර නොමැති අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් හෝ ඒ පිළිබඳ කිසිදු නිවේදනයක් ඉදිරිපත් කර නොතිබුණි.

අප මේ පිළිබඳ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරියගෙන් ද, විමසා සිටි අතර ඒ මහත්මිය සඳහන් කළේ මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය තොරතුරක් බවයි.

එමෙන් ම ජනාධිපති මාධ්‍ය අංශය ද, තහවුරු කළේ, අග්‍රාමාත්‍යවරිය විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිට භාර නොදුන් බව ත්, මෙය අසත්‍ය තොරතුරක් බව ත් ය.

Also read : අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ආව ද?

අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය ඉවත්කරන ලෙසට JVP මන්ත්‍රිවරුවරුන්ගෙන් ඉල්ලීමක්?

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂාවක් සිදු කළා. නමුත් ඒ මහතා ඉල්ලා අස් වූ බවට හෝ ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපති වෙත භාර දුන් බවට හෝ පුවතක් වාර්තා වී නොතිබුණි.

හනිෆ් යූසුෆ්ගේ මාධ්‍ය අංශය

මේ හේතුවෙන් අප හනිෆ් යූසුෆ් මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, මෙය අසත්‍ය තොරතුරක් බව ත්, ඒ මහතා තවමත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය හොබවන බව ත්, තව දුරටත් ජාතිය නැවත ගොඩනැගීමේ මෙහෙවරට ඔහු සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් සඳහන් කළා. එමෙන් ම ජනාධිපති අනුර කුමාර මහතාට යූුසුෆ් මහතා විසින් ඉල්ලා අස්වීමේ ලිපියක් ද, යොමු නොකළ බව ත්, ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්නා.

A person sitting in a chair reading a book

AI-generated content may be incorrect.

මේ ගැන හනිෆ් යූසුෆ් මහතාගේ නිල X ගිණුමේ ද භාෂා තුනෙන්ම සටහනක් පළකර තිබුනේ මෙලෙසින්.

ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති මාධ්‍ය අංශය ද, පවසා සිටියේ ජනාධිපති අනුර කුමාර මහතාට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපියක් භාර නොදුන් බව ත්, එම පුවත අසත්‍ය බවත් ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Avatar

Title:හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමත් සමග NPP රජයේ ප්‍රබලයන් සිට ඉල්ලා අස්වීමේ ලිපි භාර දීලද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply