දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
විශේෂයෙන් මෙරට දක්නට නොලැබෙන චුම්භක ධ්‍රැව අසල ඉහළ අක්ෂාංශ ප්‍රදේශවලට අයත් වන රටවල අහසේ විශේෂයෙන් ශීත ඍතුවල හොඳින් දැක ගන්නට ලැබෙන උතුරු ආලෝක, දකුණු ආලෝක විශේෂයෙන් අවදානයට ලක් වන්නේ එහි ඇති අලංකාරත්වය නිසාමයි. මෙම ආලෝක නැත්නම් අවුරෝරා වල ඡායාරූප සහ වීඩියෝ බොහෝ අවස්ථාවන් වල සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යන අන්දමින් පළ කරනු ලබනවා. එම ව්‍යාජ සටහන් වලට හසුවීමට වැඩි ඉඩක් ඇත්තේ අවුරෝරා වල සත්‍ය වශයෙන් ම ඇති විශ්මයජනක බව හේතුවක් වී ඇති බව නොඅනුමානයි. ඒ ආකාරයෙන් පළ වූ නොමග යවන සුළු ඡායාරූපයක් සම්බන්ධයෙන් Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ෆින්ලන්තයට ඉහළින් දක්නට ලැබුණු අතිශය දුර්ලභ සුදු පැහැති අවුරෝරා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පෙළක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම ඡායාරූප සත්‍ය අවස්ථාවක ඡායාරූප ද, යන්න පිළිබඳ අප පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ෆින්ලන්තයේ උතුරු ආලෝකය (Aurora Borealis) සාමාන්‍යයෙන් අගෝස්තු අවසාන සිට අප්‍රේල් ආරම්භ දක්වා දැකිය හැකි වනවා. උතුරු ආලෝක දැකීමේ උසස් කාලය නම් සැප්තැම්බර් සිට මාර්තු අතර වන අතර සරත් ඍතුවේදී (සැප්තැම්බර්-ඔක්තෝබර්) සහ වසන්ත ඍතුවේදී (මාර්තු-අප්‍රේල්) වැඩි වශයෙන් උතුරු ආලෝකය ෆින්ලන්තයේ ගුවනේ දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ඡායාරූප සහ වීඩියෝ
ඊයේ(02) දිනයේ ෆින්ලන්තයේ නොයෙකුත් ප්‍රදේශ වල දක්නට ලැබුණු උතුරු ආලෝකය පිළිබඳ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඡායාරූප සහ වීඩියෝ එක් කර තිබුණා.


වීඩියෝවක් පහතින්.
තවත් වීඩියෝ සහ ඡායාරූප මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ෆින්ලන්තයේ Jyväskylä වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ද, උතුරු ආලෝකයේ ඡායාරූප එක් කර තිබුණේ මේ අයුරින්.

මීට පෙර සිටම උතුරු ආලෝක කොළ, නිල්,දම්, රෝස වර්ණයන්ගෙන් දිස්වන බව gettyimages මෙන් ම shutterstock ඡායාරූප ගොනුවල ද, දැක ගන්නට ලැබෙන නමුත් ඉහත සුදු පැහැති උතුරු ආලෝක වර්ණයන් දැක ගන්නට නොලැබුණු අතර එහි සඳහන් රටාව ද, දැක ගන්නට නොලැබුණි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයට නිල මූලාශ්‍ර නැහැ
මේ හේතුවෙන් මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගැනීමට හැකි වුණේ, මෙම ඡායාරූප මීට මාස 9කට පෙර සිට ම සමාජ මාධ්‍ය වේදීකාවල හුවමාරු වී තිබූ බවයි.

උතුරු ආලෝක/ දකුණු ආලෝක/අවුරෝරා
සූර්යයා (සූර්ය සුළඟ) මගින් විමෝචනය වන ආරෝපිත අංශු (ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන) ධ්‍රැවීය ප්‍රදේශ දෙසට පැමිණ පෘථිවියේ ඉහළ වායුගෝලයේ ඇති පරමාණු සමඟ ගැටීමෙන් උතුරු ආලෝකයන් (අවුරෝරා බොරියාලිස්) සහ දකුණු ආලෝකයන් (අවුරෝරා ඔස්ට්‍රේලිස්) ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන අවුරෝරා සෑදේ. මෙම ඝට්ටනයෙන් ඔක්සිජන් සහ නයිට්‍රජන් වැනි වායූන් උද්දීපනය කරන අතර පසුව ඒවා ඉතා නිශ්චිත වර්ණවලින් ආලෝකය නිකුත් කරනු ලබනවා. ඒවා ඉතා අලංකාර ලෙස ඉහළ අහසේ කොළ පැහැයෙන් වඩාත් සුලභ ව දැකගන්නට ලැබෙන අතර රෝස සහ රතු පැහැයෙන් ද, උතුරු, දකුණු ආලෝක දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
සුදු මිශ්‍ර අළු පැහැති උතුරු අලෝක කලාතුරකින් දක්නට ලැබී ඇති අතර ඒ පිළිබඳ මෑත කාලීන නිරීක්ෂණවලින් හෙළි වන්නේ මෙම සුදු පැහැති ලප වායුගෝලීය උණුසුමෙන් ඇති විය හැකි බවයි. කෙසේ වෙතත් මෙහි පිටුපස ඇති නිශ්චිත තාපන යාන්ත්‍රණ සහ රසායනික ක්‍රියාවලීන් අපැහැදිලිව පවතින අතර තවමත් ක්‍රියාකාරී විමර්ශනය යටතේ පවතී. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අධික සුදු පැහැයෙන් යුතු උතුරු සහ දකුණු අලෝකයන් දක්නට නැහැ
නමුත් මෙම පර්යේෂකයින් පවසන්නේ ඉහත සඳහන් ලෙස අධික සුදු පැහැයෙන් යුතු උතුරු සහ දකුණු අලෝකයන් නොවන බවට පැහැදිලි වේ.

සමාජ මාධ්‍ය ඡායාරූප AI ඡායාරූප පෙළක්
අප මෙම ඡායාරූප කෘතිම බුද්ධිය(AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප ද, යන්න පරීක්ෂා කිරීම සඳහා AI හඳුනා ගැනීමේ මෙවලම් ඔස්සේ පරීක්ෂා කරනු ලැබුවා. එහිදී ලැබුණු ප්‍රතිඵල වලින් , මෙය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කර ඇති බවට සඳහන් වී තිබුණා.



සුදු පැහැති උතුරු ආලෝක පිළිබඳ මීට පෙර පළ වූ අසත්‍ය ඡායාරූප
මේ ආකාරයෙන් ෆින්ලන්තයේ සුදු පැහැති උතුරු ආලෝක ලෙසට දක්වමින් නොමග යවන සුළු ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.

මෙම ඡායාරූප සත්‍ය උතුරු ආලෝක අවස්ථාවක් නොව 2010 වර්ෂයේ දී රුසියානු සංසදයක “ප්‍රතිදීප්ත ලාම්පුව සහ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය” යන මාතෘකාව යටතේ පළ කරන ලද ප්‍රතිදීප්ත ආලෝකයක් භාවිතා කරමින් රූප නිර්මාණය කර ඇති ඡායාරූප පෙළකි. මෙම රූප 12 නිර්මාණය කර ඇත්තේ රුසියාවේ “NeverSmile” යන පරිශීලක නාමය ඇති පුද්ගලයෙකු විසිනි. ඒ ඡායාරූප ඔහු පළ කර තිබුණේ මේ අයුරින්.

SpaceWeather හි ආචාර්ය ටෝනි පිලිප්ස් පවසා ඇත්තේ, “අවුරෝරා ඒවායේ වර්ණ ලබා ගන්නේ පෘථිවියේ ඉහළ වායුගෝලයේ ඇති නිශ්චිත මූලද්‍රව්‍ය වලින් වන අතර උදාහරණයක් ලෙස හරිත අවුරෝරා පැමිණෙන්නේ පරමාණුක ඔක්සිජන් වලින් බව ත්, නිල් පැහැය අණුක නයිට්‍රජන් සමඟ සම්බන්ධ වී බව ත්, කිසිදු මූලද්‍රව්‍යයක් සුදු පැහැයක් නිපදවන්නේ නොමැති බව ත්, සඳහන් කර තිබුණා. එම වාර්තාව මෙතනින්.
නිසි මූලාශ්‍රයක් නොමැති ඉහත සමාජ මාධ්‍ය ඡායාරූප පෙළ පිළිබඳ සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කර සිටින අතර ඇලස්කාවේ උතුරු ආලෝක ඡායාරූප ගත කරන ඡායාරූප ශිල්පියෙකු මෙන් ම අභ්‍යවකාශ භෞතික විද්‍යාව ආචාර්ය උපාධි ශිෂ්‍යයෙකු සඳහන් කර තිබුණේ, AI ඡායාරූප පැහැදිලිවම කෘතිම බුද්ධියෙන් ජනනය කර ඇති බව සැමටම හඳුනා ගැනීමට නොහැකි නිසා සැබෑ අවුරෝරා ඡායාරූපයකන්ට ද, හානි සිදු කරන බවයි.
Also Read : The Northern Lights: A Spectacular Display Influenced by Climate Change
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Title:ෆින්ලන්තයට ඉහළින් දක්නට ලැබුණු අතිශය දුර්ලභ සුදු පැහැති අවුරෝරා ?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
