පලස්තීන සරණාගතයින් ගුවන් යානයක් මෙරටට පැමිණි බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

Insight Internatioanl Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පලස්තීන සරණාගතයින් විශාල ප්‍රමාණයක්  ලංකාවට පැමිණීමට, මැද පෙරදිග සිට ගුවන් යානයකින් පිටත් වූ බවට හුවමාරු වූ සටහන් පෙළක් පිලිබඳ ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු තොරතුරු විමසා තිබු අතර ඒ ගැන මෙතෙක් ලැබී ඇති තොරතුරු සමග කරන පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අද දින පලස්තීන සරණාගතයන් 500කට වැඩි පිරිසක් ශ්රී ලංකාවට භාර ගැනීමට සිදු වුනි. අද දින Eliat හි Ramon airport එකෙහි jambo jet යානයක සිට ඔවුන් ලංකාවට ළගා වනු ඇත. තවත් සරණාගතයින් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්යයට හා ජෝර්දානයට පිටවුනි

ත්රස්තවාදී සරණාගත කණ්ඩායම් ලංකාව තුලට ගෙන්වා ගැනීම හෙළා දැකිය යුතුය. මන්ද යත් ඩෙන්මාර්ක් රජයද ප්රතික්ෂේප කල පලස්තීනුවන් ලංකාවට ගෙන්වා ගැනීම පිලිබඳ මහත් ප්රශ්නයක් මතුව ඇත. මන්ද යත් මීට පෙර ඩෙන්මාර්ක් රටතුලට ගන්නා ලද පලස්තීන සරණාගත්යින් 321දෙනෙකුගෙන් 70% ප්රතිශතයක් නීතිවිරෝධී කටයුතුවලට අත්තඩන්ගුවට ගැනුනේ සොරකම් කිරීම, ඩෙන්මාර්ක් ජාතික කාන්තාවන් හා පාසල් ලමුන් දූෂණය කිරීම වැනි කාරනා නිසාවෙනි.” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එමෙන් ම මේ පිළිබඳ ඔස්සේ ද, WhatsApp පණිවිඩයක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

YouTube ඔස්සේ ද, දීර්ඝ විස්තර කිරීමක් සහිතව වීඩියෝ ද පළකර තිබිණි. මෙහිද ද සඳහන් වන්නේ පලස්තීන ජාතිකයින් දෙදහසක් පමණ ලංකාවට දෙන ඒමේ සුදානමක් ඇති බවත්, එයිනුත් මුල් කොටස මේ ආකාරයට ලංකාව ඒමට කටයුතු කර ඇත්ද යන්න විමසීමක්. 

මෙම සටහන් සඳහා මුල් වී තිබුණේ පසුගිය සැප්තැම්බර් 17 වන දා Open Source Intel නමැති X ගිණුම් හසුරුවකින් පළ වී තිබූ ඡායාරූප සටහනකි.

X| Archived Link

මෙහි දැක්වෙන්නේ පලස්තීන ජාතික සරණාගතයින් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ශ්‍රී ලංකාවට පිටත් කිරීම සඳහා 747 ජම්බෝ ජෙට් ගුවන් යානා ඊශ්‍රායලයේ ඊශ්‍රායලයේ එයිලාට් නරගයේ රාමොන් ගුවන් තොටුපළට ගොඩ බැස ඇති බවයි.  මෙය Yeshiva world News වෙබ් අඩවියේ මෙන් ම Instagram නිල ගිණුමේ ද, සඳහන් වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.  මෙම කරුණු අයත් තව ත් වෙබ් ලිපියක් මෙතනින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

ඉහත සඳහන් සටහන් වල එකම කරුණු පමණක් යළි යළි නොයෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වී තිබුණත්, ඊට අමතරව ගුවන් යානයක ඡායාරුපයක් හැරුණු කොට නිසි අයුරින් තහවුරු වූ තොරතුරු කිසිවක් ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය හරහා හෝ වාර්තා වී ඇති බවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

මේ හේතුවෙන් ඉහත සටහන්හි පෙන්වා දෙන ගුවන් යානය දැක්වෙන ඡායාරූපයේ මුල් විස්තර සොයා බලද්දී , එම ඡායාරුපය යොදාගනිමින්, පලස්තීන සරණාගත පිරිසක්, ඊශ්‍රායලයේ රමොන් ගුවන් තොටුපලේ සිට ගමන් ගන්නා අයුරු යනුවෙන් සටහනක් මෙසේ පළකර තිබෙනු දැකගන්නට ලැබෙනවා. 

Archived

එහි දැක්වෙන්නේ ගසාහි අවතැන් වූ සරණාගත පිරිසක් රැගත්, Boeing 747 වර්ගයේ මේ කාර්ය සඳහාම වෙන්කළ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ගුවන් යානයක්  රමොන් ගුවන තොටුපොලෙන් පිටත් වූ බවත් එම යානයේ අංකය TVR4732 බවත් ය.

ඒ අනුව මෙම යානයේ තොරතුරු (TVR4732) අප flightradar24.com වෙබ් අඩවිය ඔස්සේ පරික්ෂා කළ අතර, එහිදී අදාළ ගුවන් යානයේ පියාසර දත්ත පහත පරිදියි දැකගන්නට ලැබෙන්නේ.

ඒ අනුව සැප්තැම්බර් 17 වැනිදා ඊශ්‍රායලයේ එයිලාට් නගරයේ රාමොන් ගුවන් තොටුපළේ සිට මෙම ගුවන් යානය ගමන් කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත බවත්, ඉන්පසුව අදාළ ගුවන් යානය ගොස් ඇත්තේ කොළඹ වෙත නොව, එක්සත් ආරාබි එමීර් රජයේම ෆුජාරා නගරය වෙත බවත් පැහැදිලිය.

කෙසේවෙතත්, සැප්තැම්බර් 17 දින ආසන්නයේ, වෙනත් මේ ආකාරයට වෙන්කළ Boeing747 වර්ගයේ ගුවන් යානයක් හෝ මෙරටට පැමිණ ඇත්දැයි යන්න ද අප flightradar24.com වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂාවට ලක් කළා.

සැප්තැම්බර් 17 හෝ ඒ ආසන්න දිනයන්හිදී ඊශ්‍රායල් සිට ශ්‍රී ලංකාවට, මේ ආකාරයට ලැයිස්තු ගත නොවූ Boeing 747 වර්ගයේ ගුවන් යානයක් පැමිණ තිබු බවට එහි දැක්වෙන්නේ නැහැ. 

ලංකාවට සතියක කාලයක දී මගී ගුවන් යානා රැසක් ඩුබායි, ශාර්ජා, අබු ඩාබි ඇතුළු මැද පෙරදිග නගර වල සිට පැමිණෙන බැවින්, ඊට අදාළ, Emirates, Ethihad, FlyDubai ඇතුළු ගුවන් සේවා ඔස්සේ ගමන්වාර රැසක් සිදුකර ඇති අයුරු එහිදී දැක ගත හැකියි. ඒ පිළිබඳව විස්තර මෙතනින්.

තවද සමාජ මාධ්‍ය සටහන් අනුව ගමන් වාර සිදුවූ වා නම්, රමොන් ගුවන් තොටුපෙලේ සිට,  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් තොටුපළක් වෙත ගොස් එතනින් ලංකාවට මේ ආකරයේ ගුවන් වාරයක් සිදුවියි යුතු බැවින්, අප ඩුබායි , ශාර්ජා, අබුඩාබි ඇතුළු නගරවල සිට ලංකාවට පැමිණි, මගී ගුවන් යානා සන්නාමයක් යටතේ ලැයිස්තුගත නොවී තිබු ගුවන් ගමන් පරික්ෂාවට ලක් කළා. 

එහිදී ද සැප්තැම්බර් 17 හෝ ආසන්න දිනක එවැන්නක් දැක ගන්නට ලැබෙන්නේ නැති අතර, Boeing 747 වර්ගයේ වෙන්කළ ගුවන් යානයක් බවට සැලකිය හැකි යානයක් පසුගිය 22 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සිට මෙරටට පැමිණිය ද, එහි ගමන් වාර පිළිබඳව ඉතිහාස දත්ත පරික්ෂා කිරීමේ දී ද එය ලිබියාවේ ට්‍රිපොලි සිට ශාර්ජා වෙතත්, එතනින් කොළඹටත් පැමිණි බවක් දැක ගන්නට ලැබේ.

අප යාපනය, මත්තල වැනි අනෙකුත් ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හෝ මේ ආකාරයේ ගුවන් යානාවක් පැමිණියේ ද යන්න ද පරික්ෂා කළ ද එවැන්නක් හෝ දැක ගන්නට ලැබුනේ නැහැ.

එබැවින් මේ ආකාරයේ සරණාගත පිරිසක් ලංකාවට පැමිණීම හෝ නොපැමිණිමක් ගැන රජයේ පාර්ශව හෝ මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොතිබූ බැවින් අප ඒ පිලිබඳ  පාර්ශව කිහිපයකෙන් ද විමසා සිටියා.

විදේශ අමාත්‍යාංශය

මෙලෙසින් පලස්තීන සරණාගතයින් 2000ක් හෝ 500ක් හෝ මෙරටට පැමිණ ඇති බවට පැවසෙන ඉහත සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ අප විදේශ අමාත්‍යාංශයෙන් විමසීමක් කරනු ලැබුවා. 

ඔවුන් පැවසුවේ, මෙය සම්පූර්ණ අසත්‍ය බව ත්, ඒ අයුරින් පලස්තීන සරණාගතයින් මෙරටට ගෙන්වා නොමැති බව ත්, මෙය හුදෙක් ජාතිවාදය ඇවිස්සීම සඳහා නිර්මාණය කර ඇති පදනම් විරහිත සටහනක් බවයි. 

එමෙන් ම මෙවැනි අසත්‍ය තොරතුරු නිර්මාණය කර ප්‍රචාරය කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද, ඔවුන් සඳහන් කරනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍යාංශය

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් මහතා ද, අප මෙලෙසින් පලස්තීන සරණාගතයින් මෙරටට රැගෙන එන බවට සඳහන් පිළිබඳ විමසීමක් කළ අතර ඒ මහතා ද, පැවසුවේ, මෙම සටහන් අසත්‍ය බව ත්, ඒ අයුරින් සරණාගතයින් මෙරට රැගෙන පැමිණ නොමැති බව ත්, මේ පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ත් ය.

කටුනායක ගුවන්තොටු පොළ මාධ්‍ය වාර්තාකරුවන්

මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරාවන් හි හෝ පලස්තීන සරණාගතයින් රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණි බවට හෝ ආ බවට තොරතුරු වාර්තා කර නොතිබු බැවින් අප ගුවන්තොටු පොළ මාධ්‍ය වාර්තාකරුවන්ගෙන් ද මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ ද, එවැනි සරණාගතයින් මෙරටට රැගෙන පැමිණි බවක් දැකගන්නට නොලැබුණු බවයි. 

මුජිබර් රහුමාන්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගෙන් ද, අප මේ සම්බන්ධයෙන් විමසූ අතර , ඒ මහතා ද ප්‍රකාශ කළේ, මෙය මුස්ලිම් ජාතිය සහ අනික් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට අසත්‍ය තොරතුරු පතුරුවා හරින අවස්ථාවක් බවයි.

සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමෙන් ද, අප ඉහත සටහන් වල දැක්වෙන ලෙස පලස්තීන සරණාගතයින් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

පලස්තීන අවතැන් වූ පිරිස් මුහුණදෙමින් සිටින අර්බුදකාරී තත්වයන් සහ වෙනත් රටවල පදිංචි කරවීම

මෑතක දී පලස්තීන සරණාගතයින් පෙර නොවූ විරූ අර්බුදකාරී තත්වයකට මුහුණ දෙමින් සිටිනවා.

ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් හේතුවෙන් පසුගිය මාසයක් වැනි කාලයක් ඇතුළත 250,000 කට අධික පිරිසක් ගාසා නගරයෙන් පලා ගොස් ඇති අතර, එක් පවුලකට අවතැන් වීම හේතුවෙන් සැලකිය යුතු පිරිවැය බොහෝ දෙනෙකුට දැරිය නොහැකි තත්වයක් පවතින අතර අවතැන් වූවන් විශාල පිරිසක් දැනට UNRWA විසින් පවත්වාගෙන යනු කඳවුරු වල රැඳී සිටිනවා. Situation Report

ගාසාවෙන් ඔබ්බට, ලෙබනනය නිල කඳවුරුවල පලස්තීන සරණාගතයින් 248,000 ක් පමණ සිටින අතර, මෑතකදී සිරියාවෙන් පැමිණී සරණාගත පිරිස හේතුවෙන් මෙහි අධික තදබදයක් ඩ් ඇතිවී තිබෙනවා.

මෑතකදී, ගාසා තීරයෙන් පලස්තීනුවන් භාර ගැනීම සලකා බලන රටවල් කිහිපයක් සම්බන්ධ කර ගනිමින් සාකච්ඡා සහ පැවතුනි. 

නිදසුනක් වශයෙන්, සමහර පලස්තීනුවන් නැවත පදිංචි කිරීමේ හැකියාව පිළිබඳව ඊශ්‍රායලය දකුණු සුඩානය සමඟ සාකච්ඡා පවත්වා ඇති නමුත් මේවා කොතරම් දුරට ප්‍රගතියක් ලබා ඇත්ද යන්න පැහැදිලි නැත. 

එසේම, “ස්වේච්ඡා සංක්‍රමණ” විධිවිධාන යටතේ ගාසා වැසියන් පිළිගැනීමට ඊශ්‍රායලය ඉන්දුනීසියාව, උගන්ඩාව, සෝමාලිලන්තය සහ ලිබියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවල සඳහන් වේ. 

කෙසේ වෙතත්, බොහෝ පාර්ශවයන් ඊජිප්තුව, ජෝර්දානය, පලස්තීන සරණාගතයින් මහා පරිමාණ නැවත පදිංචි කිරීමේ යෝජනා ප්‍රතික්ෂේප කරමින් සිටින අතර, ඒවා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් හෝ බලහත්කාරයෙන් අවතැන් වීමක් ලෙස සලකනු ලබනවා. මේ සම්බන්ධයෙන් පළ වන වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

2023 වසරේ අගභාගයේදී ගාසා ගැටුම උත්සන්න වීමෙන් පසු, රටවල් කිහිපයක් පලස්තීනුවන්ට නවාතැන් සැපයීමට පියවර ගෙන තිබුණා. නමුත් බොහෝ රටවල් සම්පූර්ණ සරණාගතයින් නැවත පදිංචි කිරීම වෙනුවට තාවකාලික හෝ විශේෂ වීසා කාණ්ඩ හරහා නවාතැන් සපයා තිබුණා. ඕස්ට්‍රේලියාව පලස්තීනුවන්ට දහස් ගණනක් වීසා ලබා දි ඇති අතර  ඕස්ට්‍රේලියාව හැර රටවල් හතරකට වඩා ගාසා තීරයෙන් පලා යන අයට ආරක්ෂිත වීසා ලබා දී ඇති බව කරුණු සනාථ වේ. ඊට අමතරව, අයිස්ලන්තය UNHCR වැඩසටහන හරහා පලස්තීන සරණාගතයින් කුඩා සංඛ්‍යාවක් විධිමත් ලෙස නැවත පදිංචි කර ඇති අතර එය මෑත කාලීන නිල නැවත පදිංචි කිරීමේ අවස්ථාවක් විය. මේ පිළිබඳව තොරතුරු මෙතනින්.

මෙරට සිටින සරණාගතයින්

මියන්මාරයේ රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවන් අතරමං වීම මත  මෙරට මුහුදු තීරයට පැමිණ මෙරට ජීවත් වන අවස්ථා මෑතකදී ද, වාර්තා වී තිබුණා. මේ සම්බන්ධයෙන් විස්තර මෙතනින් සහ මෙතනින්.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර 

මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලයේ ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය සැප්තැම්බර් 23  සිට සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ටෙල්අවිව් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා ගමන් කරනු ඇත. එම ගුවන් යානය අද (සැප්තැම්බර් 24)  උදෑසන 06.12 ට කොළඹ කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබිණි.

ඕමානය හා මාලදිවයින ඊශ්‍රායිල් ගුවන් යානා සඳහා ගුවන් අවකාශය තහනම් කිරීම හේතුවෙන් මෙම ගුවන් යානය සීෂෙල්ස් හරහා ගොස් කොළඹට පැමිණීමට හා කොළඹ සිට ටෙල් අවිව් බලා ගමන් කිරීමට පැය නවයක පමණ කාලයක් ගතවේ. 

අද (සැප්තැම්බර් 24) රාත්‍රී 22.30 ට කොළඹින් පිටත්වන IZ 640 ගුවන් යානය බ්‍රස්පතින්දා උදෑසන 05.35ට ර්ශ්‍රයලයේ ටෙල්අවිව් බලා පැමිණීමට නියමිත ය. 

ඊශ්රායිල් සංචාරකයන් ඉලක්ක කර පියාසර කරන මෙම ගුවන් යානාව සතිපතා එක් වරක් ක්‍රියාත්මක කරන බව එහි සඳහන් වී තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Avatar

Title:පලස්තීන සරණාගතයින් ගුවන් යානයක් මෙරටට පැමිණි බවට පළවන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Insight


Leave a Reply