දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ඉස්ලාම් භක්තිකයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා අභිනව නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සමග ජාතිවාදය ඇවිස්සීම පෙරදැරිකරගෙන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීම මේ දිනවල දක්නට ලැබෙනවා. එවැනි වීඩියෝවක සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශන වාර්තාවයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අභිනවයෙන් පත්වූ බෞද්ධ හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති මොහොමඩ් මුනීර් මහතාට ජයවේවා!” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වූයේ එම වීඩියෝවේ සිටින්නේ, නියෝජ්‍ය අමාත්‍යවරයා බවට හඟවමින්.
එම තේමාවෙන් පළ වූ තවත් වීඩියෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්.






‘ගෝඨා ගොබ්බයා ගෝඨගේ ෆැමිලි ගොබ්බයා’ යනුවෙන් පවසමින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කළ යුතු බව කියමින්, මීට වසර තුනකට පෙර අරගල භුමියේ දී ක්‍රියාකාරී ව සිටි පුද්ගලයෙකු ට මෙලෙසින් ආගමික කටයුතු සම්බන්ධ අමාත්‍යංශයක් ලබාදීමෙන් සිංහලයින්ගේ සහ බෞද්ධයින්ගේ සිත් රිදවන්නට ජාතික ජන බලවේග රජය කටයුතු කරමින් සිටින බවට ද අදහස් දැක්වූ වීඩියෝවක් පහතින්.
මෙම වීඩියෝවේ සිටින්නේ, වත්මන නියෝජ්‍ය අමාත්‍ය එම්. මොහොමඩ් මුනීර් මහතා ද, යන්න අප පරීක්ෂා කිරීමට කටයුතු කළේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මොහොමඩ් මුලෆ්ෆර් මොහොමඩ් මුනීර් මහතා පසුගිය දා වත්මන් රජයේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් වුණා.
නියෝජ්‍ය අමාත්‍යවරයා බවට පැවසූ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන පුද්ගලයා කවුරුන් ද, යන්න අප පරීක්ෂාවට ලක් කළා.
එහිදී ‘go home gota ismath moulavi style’ එනම් ‘ගෝඨා ගෝ හෝම්’ යනුවෙන් ඉස්මත් මවුලවි පවසන අයුරු ලෙස දක්වමින්, මේ දිනවල නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වයිරල් වන වීඩියෝව, මීට වසර තුනකට පෙර 2022 අප්‍රේල් මස, අරගල සමයේ දී පළවී තිබුනේ මෙලෙසින්.

මේ අනුව ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසණය වූ වීඩියෝ අවස්ථාව, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති ධුරයෙන් ඉවත් වෙන ලෙසට බල කරමින් සිදු වූ අරගල සමයේ ගනු ලැබූ වීඩියෝවක් වන අතර ඉහත අවස්ථාවේ වෙනත් කෝණ වලින් පළ වී තිබූ ඉස්මත් මව්ලවිගේ ඡායාරූප ඇතුළත් වීඩියෝවක් මෙතනින්.
එමෙන් ම ඉස්මත් නමැති ඉස්ලාම් මව්ලවි කෙනෙක් ලෙස හඳුන්වා ඇති මෙම පුද්ගලයා අරගලය පැවති සමයේදී ක්‍රියාකාරීව එහි කටයුතු කළ බවට ද, දැක ගන්නට ලැබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. තවත් වීඩියෝවක් මෙතනින්. තවත් අවස්ථා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
‘ඉස්මත් මව්ලවි’ සම්බන්ධ සටහන්, වීඩියෝ ෆේස්බුක් ඔස්සේ ද, හුවමාරු වී තිබුණේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුලෆ්ෆර් මොහොමඩ් මුනීර් මහතා නොවන බවට නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පහත දැක්වෙන සමීප ඡායාරූප නිරීක්ෂණයෙදී ද, පැහැදිලි වනවා.


‘ඉස්මත් මව්ලවි’ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සමීප රූප සංසන්දනයක් පහතින්.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක
අප මේ පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍ය වීඩියෝවේ සිටින්නේ නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා නොවන බවයි.
අරගල සමයේ ක්‍රියාකාරී සාමාජිකයින්
එමෙන් ම අප අරගල සමයේ ක්‍රියාකාරීව කටයුතු කළ කිහිපදෙනෙකුගෙන් ද, ඉහත විඩියෝවේ සිටින පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් ද, සනාථ කළේ, ඉහත වීඩියෝවේ සිටින්නේ, ‘ඉස්මත් මව්ලවි’ නමැති පුද්ගලයෙකු බව ත්, එම වකවාණුවේ ඔහු අරගල භූමියේ ජනප්‍රිය චරිතයක් බව ත් ය.
අරගලය සමයේදී දානිෂ් අලි සහ ඉස්මත් මව්ලවි ද, වරකදී පොලීසිය අත්අඩංගුවට පත් වූ අතර නීතිඥවරුන්ගේ මැදිහත්වීම මත ඇප ලබා ගත් බව ද, ඔවුන් පැවසුවා. ඒ සම්බන්ධයෙන් එම නීතිඥවරුන් දක්වා තිබූ අදහස් මෙතනින්.
අප ඉස්මත් මව්ලවි යන අය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත්, එම අවස්ථාව ව්‍යර්ථ වූ අතර ඔහුව සම්බන්ධ කර ගත්වහාම ඔහුගේ පිළිතුර සමගින් මෙම පුවත් ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
තවද ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි බෞද්ධ හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති ලෙස මොහොමඩ් මුනීර් මහතා පත් නොවූ අතර ඔහු පත්වීම ලැබුවේ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පමණ.
බෞද්ධ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා වේ. ඒ සම්බන්ධයෙන් Factcrescendo අප සිදු කළ කරුණු විමර්ශන වාර්තාව පහතින්.
මොහොමඩ් මුනීර්, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, නව පත්වීම් ලද නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා අරගලය සමයේදී ක්‍රියාකාරීව සිටිඅයුරු දැක්වෙන වීඩියෝවක් බවට ඒත්තු ගන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සිටින්නේ, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් නොව, ‘ඉස්මත් මව්ලවි’ නමැති පුද්ගලයෙක් බවයි.

Title:අලුතින් පත්වූ ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති, අරගලය සමයේ ක්‍රියාකාරී වූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?
Fact Check By: Pavithra SandamaliResult: False
