ආහාර පිළියෙළ කිරීම සම්බන්ධව කුරාණයේ සඳහන්යැයි සංසරනය වන වෛරී සහගත, සාවද්‍ය පුවතක්.
ඇතැම් ආගමික කරුනු විවිධ ස්වරූපයෙන් අර්ථ දක්වමින් මුහුනුපොතේ සංසරනය වීම අපට නිතර දැකගත හැකිය. ආගමික ශාස්තෘවරුන් කල දේශනා මෙන්ම ආගම් වල විස්තරාත්මක සාධක ඇතුලත්ව ලියන ලද පොත පත මුල් කරගෙන එහි ඇතැම් කොටස් මූලික කරගනිමින් විවිධ සංවාද විවාද සමාජ මාධ්‍ය තුල ඇතිවන බව අපිට නිතර දැකගන්නට පුලුවන්.
පසුගිය දිනෙක එසේ පලවූ සටහනක් දෙස අපගේ අවධානය යොමු වුනා.ප්‍රභා මාන්නප්පෙරුම නම් අයෙකු විසින් පලකරන ලද එම පුවත පන්සියයකට අධික පිරිසක් හුවමාරු කරගෙන තිබුනා. එහි මූලිකවම සටහන්ව තිබුනේ
"ඔබ දන්නවාද කුරානයට අනුව අනෙක් ජාතින් වෙනුවෙන් සාදන ආහාර සඳහා තුන් වරක් කෙළ ගසන බව." යනුවෙනි,
Original Link | Archived Link |
එහි වැඩිදුරටත් සටහන්ව තිබුනේ “මේක අත්තක් කියලා විශ්වාස නොකරයි හැමෝම. එත් ඇත්ත මේක තමා. මෙහෙම ආහාරවලට කෙලගසා දීමෙන් ඒ ආහාර ගන්නා අය වශීවෙන බව උන්ගේ විශ්වාසයයි. ඒ නිසා හොරෙන්ම ආහාරවලට චුට්ටක් කෙල ගහනවා. එහෙම වශීවෙන නිසා නැවත නැවත කඩේට එනවබ උන්ගේ විශ්වාසයයි.”
මෙම පුවත පල කර ඇති ආකාරය අපහාසත්මක වෛරී ආකාරයෙන් නිසාත් කුරානයේ සටහන්ව ඇති දෙයක් යැයි පවසා ඇති කරුනක් නිසාත් මේ සම්බන්ධ කරුනෙහි සත්‍ය අසත්‍යතාවය පිලිබඳව සොයා බැලීමට අප කටයුතු කලා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ කරුන සම්බන්ධව අප මූලිකව සමස්ත ලංකා ජමියතුල්ලා උලමාවරුන්ගේ සංගමයේ ප්රධානියෙකුගෙන් ගෙන් කරුනු විමසුවා.එහිදී ඔහු අවධාරණය කර සිටියේ එලෙස කුරානයට අනුව අනෙක් ජාතීන් වෙනුවෙන් සාදන ආහාර සඳහා තුන් වරක් කෙල ගැසිය යුතුයැයි පවසන කරුන සම්පූර්නයෙන්ම වැරදි ජනතාව මුලා කරවන ප්‍රකාශයක් බවයි.
වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් එතුමා අපට පවසා සිටියේ ඉස්ලාම් දහමේ කිසිදු ස්ථානයක මෙබඳු පිළිකුල් සහගත ක්‍රියාවක් සම්බන්ධයෙන් සඳහනක් හෝ නැති බවය. කුරානයේ හෝ නබි සල් තුමාගේ ඉගැන්වීමේ ද මෙබඳු කරුණක් ප්‍රකාශව නැති බව තහවුරු කළ එතුමා මෙබඳු ජාතීන් අතර වෛර සිතුවිලි ඇති කරන සටහන් පළකරන පුද්ගලයන් තරයේ හෙළා දකින බවද අවධාරණය කර සිටියා.
මේ කාරනය පිලිබඳව වැඩි දුරටත් සලකා බැලීමේදී සිංහලෙන් ලියවී ඇති කුරානයේ පිටපතක් පරිශීලනය කල අතර එහි කිසිඳු ස්ථානයකද ඉහත සටහනේ දක්වා තිබු පරිදි අනෙක් ජාතීන් වෙනුවෙන් සාදන ආහාර සඳහා තුන් වරක් කෙල ගසනා බවක් හෝ ඊට අදාල ප්‍රකාශයක් සටහන්වී තිබුනේ නැත. කුරානයේ සිංහල පිටපත සඳහා මෙතනින් යොමුවෙන්න.
පසුගිය දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වලද හුවමාරු වූ වීඩියෝ පටයක් මුල් කරගෙන මෙම ව්‍යාජ පුවත නිර්මානය ව ඇති බවක් අනුමාන කලහැකියි.ඉන්දියාවේ පලතුරු වෙලදාමේ නියුතු වන වෙලෙඳෙක් තම කෙල එම පලතුරු වලට එකතු කරන බවක් දැක්වෙන වීඩියෝ පටයක් මෙලෙස පසුගිය කාලයේ බහුල ලෙස සංසරනය උනා.
මෙම වීඩියෝ පටයට අදාල සිදුවීම ඉන්දියාවේ Raisen ප්‍රදේශයේ සිදුව ඇති බවත් එය පැරනි වීඩියෝ පටයක් බවත් සනාත කර තිබෙන අතර එම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා
මේ සිදුවීමට අදාල වීඩියෝ පට්යට අදාල පුවත පහලින්.
එසේම තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේදී මෙසේ මුස්ලිම් පිරිස් ආහාරවලට කෙල එකතු කරන බවට නොමඟයවනසුළු සටහන් රැසක් ඉන්දියාවෙන් පසුගිය කාලවකවානුවේදී වාර්තා වී තිබු අයුරු දැකගනන්ට හැකිවුනා.
අවසාන නිගමනය
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කුරානයට අනුව වෙනත් ජාතීන් වෙනුවෙන් සාදන ආහාර සඳහා තුන් වරක් කෙල ගැසිය යුතු යැයි පලකර ඇති ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති වෛරී සිතුවිලි ඇතිකරන සටහනක් බවයි
.hocal-container {
border: 2px solid #000;
background-color: #eee;
border-radius: 5px;
padding: 16px;
margin: 16px 0
}
.hocal-container::after {
content: "";
clear: both;
display: table;
}
.hocal-container img {
float: left;
margin-right: 20px;
border-radius: 50%;
}
.hocal-container span {
font-size: 20px;
margin-right: 15px;
}
@media (max-width: 500px) {
.hocal-container {
text-align: center;
}
.hocal-container img {
margin: auto;
float: none;
display: block;
}
}
Title:ආහාර පිළියෙළ කිරීම සම්බන්ධව කුරාණයේ සඳහන්යැයි සංසරනය වන වෛරී සහගත, සාවද්‍ය පුවතක්.
Fact Check By: Sahan Perera
Result: False