
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කලින් කලට සිදුවන ආන්දෝලනාත්මක සිදුවීම් හා සම්බන්ධ පුද්ගලයින් සහ සිදුවීම් ඇතැම් දේශපාලනික චරිත හා ඈදා ගනිමින් සමාජය නොමග යවන සුළු පුවත් නිර්මාණය කර ඒවා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීම බහුලව දැකගත හැකි තත්ත්වයක්. මේ එලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් “සෙව්වන්දි ඇල්ලුවා කියලා ජනතාවට ලැබෙන දෙයක් නෑ” යනුවෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සිදු කළ බව කියමින් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර තිබේ.
‘හිරු පුවත්’ ලාංඡනය ද සහිතව සංසරණය වන මෙම සටහන නිල ෆේස්බුක් පිටුවේ සටහන් ආකෘතියට සමානව ඔක්තෝබර් 14 වැනිදා මෙම සටහන පළ කර ඇති බව බැලූ බැල්මට පෙනී යයි.

තවත් සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ, ද ‘සෙව්වන්දි ඇල්ලුවා කියලා ජනතාවට ලැබෙන දෙයක් නෑ’ යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බවට වන මෙම සටහන සටහනක් පළවී තිබුණා. Facebook | Archived Link
මන්ත්‍රීවරයා සිදු කළ බව කියන ප්‍රකාශය සහිත මෙම සමාජ මාධ්‍ය සටහනට විශාල පරිශීලකයින් පිරිසක් අදහස් දක්වා තිබූ අතර තවත් විශාල පිරිසක් අතරේ හුවමාරු වී තිබූ ආකාරයක් ද දැකගත හැකියි.
ඒ අනුව ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය අත්අඩංගුවට ගැනීමට අදාළව මෙම සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් අකාරයේ ප්‍රකාශයක් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් සත්‍ය ලෙසම සිදුකර තිබේ ද යන්න පිළිබඳව අප මෙලෙස කරුණු පරීක්ෂාවක් සිදු කළේ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මේ පිළිබඳ තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේ අරමුණින් අනෙකුත් පිළිගත් මාධ්‍ය නාලිකාවක් හෝ ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සිදු කළ බවට සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ පුවතක් පළවී තිබේ දැයි අප විමසා බැලූ අතර ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යක් ද මෙවැනි පුවතක් වාර්තා කර නොතිබිණ.
ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට අදාළව මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා සිදු කළ බව කියන ඉහත ප්‍රකාශය සහිත සටහනක් හිරු පුවත් නිල ෆේස්බුක් ගිණුමේ හෝ දැකගන්නට ලැබෙන්නේ නැති අතර එම සටහන සඳහා ‘හිරු ප්‍රවෘත්ති’ ලාංඡනය යොදා ගෙන තිබුණ ද ‘හිරු ප්‍රවෘත්ති’ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් පළ කරන ආකෘතිය සහ වයිරල් සමාජ මාධ්‍ය සටහනේ ඇති ආකෘතිය අතර වෙනස්කම් ද නිරීක්ෂණය විය. තවද එවැනි පුවතක් පළ නොකළ බව ‘හිරු’ ඩිජිටල් අංශය ද අප වෙත තහවුරු කර සිටියා.
එසේම එම පුවත ඔක්තෝබර් 14 මාධ්‍ය සාකච්ඡාවක දී සිදුකළ බව ඒත්තු ගන්වමින් පළකර තිබුණ ද එහි ඇතුළත් ඡායාරූපයේ දක්වෙන්නේ ද මීට වසර කිහිපයකට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් බව ද පෙනී යනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්
ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළව සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ දැයි, අප මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අතර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍ය එකක් බවත් ය. තව ද මේ දිනවල තමන් විදෙස්ගතව සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ද ප්‍රතිචාර දක්වා තිබුණා. එහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසා තිබුණේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, තමන් ප්‍රකාශ නොකළ දෙයක් ආණ්ඩුවේ ෆේස්බුක් පිටුවක පළ කර ඇති බවත්, තමා මේ වනවිට විදෙස්ගතව සිටින බවත් එහි සඳහන් කර තිබුණා.
මීට අමතරව facebook live video ඔස්සේ ද මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍යක් බව පවසමින් ඊට ප්‍රතිචාර දක්වා බව දැකගත හැකි විය.
අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් දිවයිනට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ‘ගණේමුල්ල සංජීව’ ඝාතන සිද්ධියේ සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සහ නේපාලයේදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් පිරිස ඊයේ (ඔක්තෝබර් 15) මෙරටට රැගෙන ආවේ ය.
පසුගිය ඔක්තෝබර් 13 වැනිදා නේපාලයේ බක්තපූර්හිදී අත්අඩංගුවට ගත් ඉෂාරා මෙරටට රැගෙන ඒමෙන් පසු විමර්ශන සඳහා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට භාරදී තිබුණා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නේපාල රජයේ සහාය ඇතිව සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව මෙම සැකකරුවන් මෙරටට භාර දී ඇති බවයි.
2025 පෙබරවාරි 19 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ ප්‍රධාන සැකකාරිය ලෙස ඉෂාරා සෙව්වන්දි නම් කර තිබූ අතර, සිද්ධියෙන් පසු ඇය විදේශයකට පලා ගොස් තිබුණා. ඉෂාර සෙව්වන්දි ඇතුළු සැකකරුවන් මෙරටට රැගෙන ඒමට අදාළ දර්ශන සහිත (ඔක්තෝබර්15) අද දෙරණ පුවත් වාර්තාව පහතින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පසුගියදා නොපාලයේදී අත්අඩංගුවට ගත් “සෙව්වන්දි ඇල්ලුවා කියලා ජනතාවට ලැබෙන දෙයක් නෑ” යනුවෙන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. ඒ අනුව මෙම සටහන සමාජය නොමග යැවීමේ සහ අරමුණින් ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති නාලිකාවක ලාංඡනය යොදා ගනිමින් සකසන ලද ව්‍යාජ සටහනක් බවයි.

Title:“සෙව්වන්දි ඇල්ලුවා කියලා ජනතාවට ලැබෙන දෙයක් නෑ” මන්ත්‍රී මුජුබර්ගෙන් ප්‍රකාශයක් ?
Fact Check By: Sagarika ChathumaliResult: False
