ජනපති අනුරගේ සහ නාමල්ගේ පැරණි ඡායාරූප යොදාගනිමින් සිදුකළ ව්‍යාජ සංස්කරණ පෙළක්!

AI Altered Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

දේශපාලනික විරුද්ධ පාර්ශවයන්ට විවිධාකරයේ මඩ ප්‍රහාර දියත් කිරීමට නොයෙකුත් ඡායාරූප, වීඩියෝ සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ නිතර හුවමාරු කර ගන්නා අතර, මේ දිනවල බොහෝ දෙනෙක් ඒ සඳහා යොදාගන්නේ කෘතිම බුද්ධිය යොදා ගන්නවා. ඒ ආකාරයෙන් පළ වූ ඡායාරූප කිහිපයක් පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ “අහම්බෙන් හම්බ වුන සිරිපාල මාමා සමග නැවතිලා කතා කරලා යන්න තරමට ඔහු නිහතමානි වුනා” යන ශීර්ෂ පාඨයෙන්.

Facebook | Archived Link Facebook | Archived Link FB

“මේ නාන නෑමට ඉතිම් වයසක උන් ටිකක් හරි රවට්ට ගන්න එපැයි..– – නෑමොල් ප්රොඩක්ෂන්” යන තේමාවෙන් ද මෙම ඡායාරූප සටහන් වයිරල් වී තිබු අතර එමගින් පෙන්වීමට උත්සහ දරා ඇත්තේ, නිෂ්පාදන කාර්ය මණ්ඩලයක් සමඟ කලින් සැලසුම් කර, මෑතක දී ලබාගත් ඡායාරුපයක් මෙහි දැක්වෙන බවක්. 

මේ ආකාරයේ ම අර්ථයක් හඟවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද, ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වූයේ “දැන්නම් මෑන්ට මීඩියා ටීම් එක නැතුවම බැරි සීන් එකක් වගේ තියෙන්නේ” යන ශීර්ෂ පාඨයෙනි.

Facebook | Archived Link

මෙම ඡායාරූප වල නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඡායාරූපය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉහත ඡායාරූපය පිළිබඳ අප පරීක්ෂා කිරීමේදී එම ඡායාරූපයේ මෑතක දී පළකර තිබු සටහනකින් දැක්වුයේ, එහි ඡායාරූප අවස්ථාව ගෙන ඇත්තේ, Dylan Mark නමැති පුද්ගලයෙක් බවක්.

Facebook | Archived Link

අප ඉහත ඡායාරූපය ගෙන තිබූ ඩිලාන් මාර්ක් නමැති ඡායාරූප ශිල්පියා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, මෙහි මුල් ඡායාරූපය, දැනට වසර කිහිපයකට පෙර තමන් විසින් ලබා ගත් ඡායාරූපයක් වන බවයි. 

මෙහි පසුබිම පැහැදිලි කරමින් ඔහු පවසන්නේ, හම්බන්තොට ප්‍රදේශයේ නාමල් රාජපක්ෂ මහතා සමගින් රැස්වීමකට යන විට නාමල් රාජපක්ෂ මහතාගේ සීයාගේ(ඩී. ඒ. රාජපක්ෂ යනු) කාලයේ සිට තමන්ට ලැදි පාක්ෂකයෙකු වන, අදාළ ඡායාරූපයේ දැක්වෙන සීයාව දැක, වාහනයෙන් බැස ඔහු සමග නමාල් රාජපක්ෂ මහතා සුහද කතා බහක යෙදුනු බවයි.  

නාමල් රාජපක්ෂ මහතාගේ වාහනයට පිටු පස වාහනයෙන් පැමිණි ඩිලාන් මාර්ක් විසින් වාහනයේ සිටම ලබා ගත් ඡායාරූපයක් සංස්කරණය කරමින්, එම ඡායාරූපය ලබා ගැනීමට කැමරා කණ්ඩායමක් පිටුපස සිටිමින් සැලසුම් කළ අවස්ථාවක් ලෙස මේ දිනවල වෙනත් අර්ථයෙන් පළ වන බව ඔහු සදහන් කරනු ලැබුවා.

මෙහි මුල් ඡායාරූපය 2020 වසරේ ජූලි මස නාමල් රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කර තිබූ අතර Instagram සහ X ඔස්සේ එම අවධියේ දී පළ වී තිබූ ඡායාරූප පහතින්.

Instagram X

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ ඡායාරූපයේ පසුබිම දැක්වෙන බවට හඟවා තිබූ ඡායාරූප අවස්ථාවේ ඇති අස්වාභාවික පිහිටීම හේතුවෙන් සහ කෘතිම බුද්ධිය ඔස්සේ මෙවැනි ඡායාරූප නිර්මාණය කළ හැකි නිසා අප මේ පිළිබඳව පරීක්ෂා කිරීමට කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප හඳුනා ගැනීමේ මෙවලකට යොමු කරනු ලැබුවා. 

එහි ලැබූ ප්‍රතිඵල මගින් පෙන්නුම් කරනුයේ මෙම කොටස කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපය

‘ඉදල්ගස්හින්නේ ජොගිං ගිය ජනපති – අතරමගත් ජනහමු’ යනුවෙන් ජනපති ජෝගින් ගිය අවස්ථාවක් ගැන ද මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළවී තිබුනේ මෙලෙසින්. නමුත් එහි ජනපති ඇඳ සිටින ඇඳුම් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඡායාරූපයට වඩා වෙනස්ය.

එසේම ජනාධිපතිගේ ඇවිදිමින් සිටින විට තරුණයෙකු සමඟ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයේ ද, පසුබිමින් දැක්වෙන කැමරා කණ්ඩායමේ අස්වභාවික පිහිටීම හේතුවෙන් අප මෙම ඡායාරූපයේ මුල් ඡායාරූපය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී මෙම ඡායාරූපයේ මුල් අවස්ථාවේ ඡායාරූපය දැක ගැනීමට හැකි වුණා. එය මීට වසරකට පෙර, ඔහු ජනපති ලෙස තේරී පත්වූ අලුත, එනම් 2024 ඔක්තෝබර් මස ලබාගත් ඡායාරුපයක් බවක් දැක ගන්නට ලැබෙන අතර, එම අවධියේ සමාජ මාධ්‍ය වේදිකාවන්හි පළ කර තිබුණේ මෙලෙසින්.

elakiri.com FB 

මෙම මුල් ඡායාරූපවල පසුබිම පරීක්ෂා කිරීමේදී , මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ පසුබිමට වඩා වෙනස් බව දැක ගන්නට ලැබෙනවා.

එම ඡායාරූප අතර සංසන්දය පහතින්.

සංස්කරණය කරන ලද ඡායාරූපයසත්‍ය ඡායාරූපය

එමෙන් ම අප මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ ද, ජනාධිපති සම්බන්ධ ඉහත ඡායාරූපය සංස්කරණය කරන ලද අවස්ථාවක ඡායාරූපයක් බව ත්, ජනාධිපති මේ ආකාරයෙන් නිල නොවන අවස්ථා වලදී කැමරා කණ්ඩායම් ගෙන නොයන බවයි.

එසේම මේ ඡායාරූපයේ කැමරා කණ්ඩායම් පසුබිමෙන් දැක්වෙන කොටස AIපරික්ෂා කරන මෙවලම් ඔස්සේ පරික්ෂා කිරීමේ දී ද එය කෘත්‍රීම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ බවට ඉහළ සම්භාවිතාවයක් ඇති බව පෙනී යනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

නිගමනය (Conclusion): 

අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ, පා.ම. නාමල් රාජපක්ෂ සහ ජනපති අනුර කුමාර, කැමරා බොහොමයක් සහිත නිශ්පාදන කණ්ඩායමක් පසුබිමින් හිඳිමින් ලබාගත් ඡායාරූප ලෙස හුවමාරු වන්නේ, පිළිවෙලින් මීට වසර පහකට සහ එකකට කලින් ලබාගත් සත්‍ය ඡායාරූප දෙකක පසුබිම, AI (කෘතීම බුද්ධිය) ඔස්සේ ජනනය කිරීමෙන් බවයි..

Avatar

Title: ජනපති අනුර සහ නාමල් රාජපක්ෂගේ ඇත්ත ඡායාරූප යොදාගනිමින් සිදුකළ සංස්කරණ පෙළක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Altered


Leave a Reply