21 රැලියට ගෙනාපු මත්පැන් වල ඡායාරූප ද?

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

දේශපාලනමය වශයෙන් සැලකිල්ලට බදුන් වන සිදුවීම් වන දින වකවාණුවල දේශපාලනික වාසි තකා අසත්‍ය හෝ නොමග යන සුළු තොරතුරු ඒවා සම්බන්ධයෙන් පැතිරවන අවස්ථා බහුලව දක්නට ලැබේ. ඒ ආකාරයෙන් පසුගිය 21 වන දා පැවති නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් පළ වන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිර්වද්‍යතාව සොයා බැලීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

නුගේගොඩ රැලියට ගෙන ආ මත්පැන් වල ඡායාරූපයක් බවට දක්වමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Facebook| Facebook |Facebook | Archived Link

Youtube ඔස්සේ මේ සම්බන්ධ වීඩියෝවක් පළ වී තිබුණා.

21 වන දා පැවති රැලියේ අවස්ථාවක් බවට හඟවමින් නාමල් රාජපක්ෂ මහතා රැලියට පැමිණි ආකාරය බවට වීඩියෝවක් පළ කර තිබුණා.

ඉහත වීඩියෝවේ සහ ඡායාරූප වල නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

නොවැම්බර් 21 වන දා විපක්ෂයේ පක්ෂ කිහිපයක් එකතු වී වත්මන් ආණ්ඩුවට විරුද්ධව සිදු කරන ලද පළමු ජන රැලිය නුගේගොඩදී ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත් වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මෙම රැලිය වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬයනුවෙන් නම් කර තිබුණා.

මෙම රැලියට ගෙන ආ මත්පැන් බවට දක්වා තිබූ ඉහත ඡායාරූප ප්‍රධාන මාධ්‍ය විසින් වාර්තා කර නොතිබුණි.

මේ හේතුවෙන් අප මෙම ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

ඒ අනුව මෙම ඡායාරූප 2022 වසරේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන සුදු ප්‍රාඩෝ ජීප් රථයක් විරෝධතාකරුවන් විසින් නවතා විනාශ කර තිබූ අවස්ථාවේ ඡායාරූප බවයි. ඒ පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

X

ඒ අනුව මෙම ඡායාරූපය නුගේගොඩ රැලියේ අවස්ථාවක් නොවන බවට දැක ගන්නට ලැබේ.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා පසුගිය 21 වන දා නුගේගොඩ රැලියට පැමිණි අවස්ථාව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්.

මෙම වීඩියෝව පරීක්ෂා කිරීමේදී ඉහත සඳහන් වීඩියෝව නොවන බව ත්, නාමල් රාජපක්ෂ මහතා පසුගිය 21 වන දා රැලියට ඇඳ සිටි ඇදුම ද, වෙනස් බව දක්නට ලැබෙනවා.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ වීඩියෝව පරීක්ෂා කිරීමේදී එම වීඩියෝව මීට ඉහතදී ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබෙනු දැක ගන්නට ලැබේ.

Facebook | Archived Link

එමෙන් ම පසුගිය මැයි 1 වන දා මැයි රැලියේදී ලබා ගත් වීඩියෝවක් බවට පැවසිය හැක.

21 වන දා පැවති ආණ්ඩු විරෝධතා රැලිය

විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක් ව සංවිධානය කර තිබූ මෙම විරෝධතා රැලිය ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරවා ගැනීම වෙනුවෙන් හඬ නැගීමට හේතු 21ක් මූලික කරගෙන පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසා තිබුණා.

එම කරුණු නම්, සැකකටයුතු කන්ටේනර් නිදහස් කිරීම, ඉන්ධන මිල පොරොන්දු වූ පරිදි අඩු නොකිරීම, විදුලි බිල 1/3කින් අඩු නොකිරීම, ‘සහල් මාෆියාවආරක්ෂා කිරීම, බදු බර වැඩි කිරීම, ජාතියේ අභිමානය බිඳ හෙළීම, මිතුරු සංග්‍රහය, මැති ඇමතිවරුන්ගේ වත්කම් වංචා, උපාධිධාරීන්ට සහ සුදුස්සන්ට රැකියා නොදීම, ගොවීන් අසරණ තත්ත්වයට පත්කිරීම, ජීවන වියදම් ඉහළ දැමීම, නීතියේ ආධිපත්‍යය බිඳ දැමීම, වෛරය පැතිරවීම, සියල්ල දේශපාලනීකරණය කිරීම, දේශීය සංස්කෘතිය විනාශ කිරීම, රණවිරු දඩයම, බෙදුම්වාදීන් සමග හිතවත්කම් පෑම, වංචනික ගිවිසුම්වලට එළඹීම, අසත්‍ය පැවසූ බව හෙළිවීම, රටට වැඩක් නොකිරීම සහ ඉදිරි වැඩපිළිවෙළක් නොතිබීමයන ඒවා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජනතා සේවක පක්ෂය, නව ජනතා පෙරමුණ යන පක්ෂ ඇතුළු බහුජන සංවිධාන 17කට  වැඩි සංඛ්‍යාවක් මෙම ජන රැලියට සහභාගී වුණා‍.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

 

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Avatar

Title:21 රැලියට ගෙනාපු මත්පැන් වල ඡායාරූප ද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *