දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය නොවැම්බර් මස අවසන් දින කිහිපයේ ශ්‍රී ලංකාව හරහා හමාගිය දිට්වා සුළි කුණාටුවත් සමග මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකටම අධික වර්ෂාපතනයක් පතිත වූ අතර ඒ සමගම ඇතිවූ ආපදා ත්තත්වය හමුවේ ප්‍රදේශ රැසකින් නායයෑම් ද වාර්තා විය. ඒ අතර ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල කන්දේ ද නායයාමක සලකුණු දක්නට ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවී තිබූ අතර මේ ඒ පළිබඳව සිදුකළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ශ්‍රීපාදස්ථානයේ කොටසක් නාය යාමකට ලක්වී ඇති බව සඳහන් කරමින් සම්පූර්ණයෙන්ම කෑළෑවලින් වැසී ගිය ශ්‍රී පාද අඩවියේ උඩමළුවෙන් තරමක් පහළට වන්නට දුඹුරු පැහැයෙන් යුුතුව පහළට පස් සොදාගෙන ඇති ආකාරයක් පෙන්නුම් කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණා.

ශ්‍රී පාද උඩ මලුව ආසන්නයේ පෙනෙන මේ වෙනස මොකක්ද..? යන තේමාවෙන් පළ කර තිබූ පහත සටහනේ දැක්වෙන්නේ, clean sri lanka වැඩසටහන යටතේ ශ්‍රී පාදය මළුවේ කසල බැහැර කරන ස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමෙන් පසුව ඇතිවූ වර්ෂාවෙන් එම ප්‍රදේශය සේදී යාමෙන් පසුව දිස්වෙන අයුරු මිසක් එම ප්‍රදේශය නාය යෑමක් නෙවන බවයි.

අධික වැස්ස නිසා හැටන් මාර්ගයේ ඇහැල කණුව අසල නාය යාමෙන් පසු මතුවූ අතීතයේ සිරිපා කරුණා කරන්න තිබූ පඩිපෙළ යනුවෙන් සඳහන් කරමින් තවත් ෆේස්බුක් සටහනක් මෙලෙස පළ කර තිබුණා.
උතුම් වූ ශ්‍රීපාදස්ථානයේ නායයෑමක් සිදුව ඇති බව කියමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ දර්ශන පෙළක් මෙලෙස පළ කර තිබූ අතර එම දර්ශනවලට අනුව අපද්‍රව්‍ය ද සහිතව පස් කඩා වැටී ඇති ආකරයක් දැකගත හැකියි.
වාර 4ක් 5ක් වත් සිරිපාදය තහනම් කලේ නැත්නම් උඩු මළුව තියෙයි ඉදිකටුපාන හරියේ. යන සඳහන් ද සහිතව සමාජ මාධ්‍ය පරිශීලකයෙකු පළ කර තිබූ මෙහි නායයාම සිදුව ඇති බව කියන ප්‍රදේශයේ ඡායාරූප ද සහිතව මෙලෙස පළ කර තිබුණා.

ශ්‍රී පාදස්ථානයේ සිදුව ඇත්තේ, පස් සේදීයාමක් බවට පිරිසක් අදහස් පළ කර තිබීම සහ තවත් පිරිසක් එය නායයාමක් බවට පෙන්වා දී තිබූ බැවින් අප ඒ පිළිබඳව කරණු පරීක්ෂා කිරීමට මෙලෙස පියවර ගත්තා.
Explainer (කරුණු පැහැදිලි කිරීම)
මාධ්‍ය වාර්තා කිරීම්
ශ්‍රී පාද කන්දේ නායයාමක් සිදුව ඇති බවට පළවන සමාජ මාධ්‍ය වර්තාවල නිර්වද්‍යතාව විමසා බැලීමේදී අප මූලිකවම මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය වාර්තා පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත්තා. ඒ අනුව මේ පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් ම ශ්‍රී පාද කන්දේ නායයාමක් සිදුව නොමැති බවට වාර්තා කර තිබුණා. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් උපුටා දක්වමිනි එම වාර්තා පළ කර තිබූ අතර ඒවායේ සඳහන් වූයේ, ශ්‍රී පාදස්ථානයේ නායයාමක් සිදුව නොමැති බවයි. සෑම වසරකම අධික වර්ෂාව පවතින කාලයේ ශ්‍රී පාද මළුවට පහළින් පර්වතයේ වැවී ඇති ශාඛ වර්ග වර්ෂාවත් සමග පහළට කඩා වැටෙන බවයි. එය ස්වාභාවික සිද්ධියක් බවත් එම වාර්තාවල සඳහන්ව තිබුණා. මෙැතින් සහ මෙතැනින්.
මහගිරිදඹ ඇහැළකණුව ප්‍රදේශයට පස් කන්ද ඉවත් කෙරේ
ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ඇහැළකණුව ප්‍රදේශයට කඩා වැටී තිබූ පස් කන්ද ශ්‍රීපාදනස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්ම දින්න හිමියන්ගේ උපදෙස් පරිදි පොලිසිය, යුද හමුදා භට පිරිස් ජනතාවගේ ද සහය ඇතිව කපා ඉවත් කර ඇතැයි, මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. අදාළ පුවතෙහි වැඩිදුරටත් සඳහන් වූයේ, පස්කන්ද කඩා වැටීමෙන් අවහිර වී තිබූ පඩිපෙළ් මාර්ගය ද පිරිසිදු කර ඇති බවයි.
මේ අතර මහගිරිදඹ, ඇහැළ කණව ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමෙන් අවහිර වී තිබූ ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගයේ පැවති අවහිරතා ඊයේ (දෙසැම්බර් 01) සවස් කාලය වන විට ඉවත් කර ඇතැයි පොලිසිය උපුටා දක්වමින් බීබීසී පුවත් වාර්තා කර තිබුණා.
පැවති අයහපත් කාළගුණය හේතූවෙන් අවහිර වූ ශ්‍රී පාදස්ථානයේ මාර්ගයන් පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ ද මැදිහත්වීමෙන් පිළිසකර කරන අකාරය දැක්වෙන දර්ශන පෙළක් ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ මෙලෙස පළ කර තිබුණා. එම දර්ශන පෙළට අනුව ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගය පස් සහ අපද්‍රව්‍යවලින් අවහිර වී තිබී ඇති බවත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මැදිහත්ව එම ස්ථානය පිළිසකර කරන ආකාරයක් දැකගත හැකියි.
මේ අතර dailymirror.lk වෙබ් අඩවිය Clearing Sri Pada landslide යන ශීර්ෂ පාඨයෙන් පසුගිය දෙසැම්බර් 1 වැනිදා ශ්‍රී පාද අඩවියේ නායයෑමට ලක් වූ ප්‍රදේශය නල්ලතන්නිය පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඉවත් කිරීම ආරම්භ කළ බව වාර්තා කර තිබුණේ, අවහිරතා ඉවත් කරන ආකාරය දැක්වෙන ඡායාරූප ද සහිතවයි.
ශ්‍රීපාද හැටන් මාර්ගයේ කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කෙරේ යන ශීර්ෂයෙන් aruna.lk ඡායාරූප ද සහිතව ශ්‍රිපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ඇහැළ කණුව ප්‍රදේශයේ කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කරන ආකාරය වාර්තා කර තිබුණා.






ශ්‍රීපාදස්ථාස්ථාන මාර්ගයේ සිදුව ඇත්තේ කුමක් ද? – ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමිගේ ප්‍රකාශය
ශ්‍රී පාදස්ථානයේ නායයාමක් සිදුව ඇති බවට පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකර තිබුණා.
එහිදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ, භගවාලෙනට ඉහළින් ස්ථානයක ගල මත පිහිටා තිබූ පස් කන්දක් හා රොඩු වර්ෂාවට ගලාගෙන විත් වැටී ඇති බවත් මෙය සෑම අවාර කාලයකම සිදුවන සාමාන්‍ය දෙයක් බවයි. ඒ අනුව මෙය නිසි බලධාරීන්ට දැනුවත් කර පස් කඳු ඉවත් කළ බවත් එය හැරෙන්නට වෙනත් කිසිදු විනාශයක්, විපතක් ඉරි තැලීමක් නොමැති බවත් උන්වාහන්සේ අවධාරණය කර තිබුණා.
“අවාර කාලයට ගල්වැටෙනවා. පස් වැටෙනවා සුද්ද පවිත්‍ර කරලා අස් කරනවා . එය හුවා දක්වමින් විශාල සිදවීමක් බවට හුවා දක්වමින් මාධ්‍යගත කර තිබීම පව්කාර වැඩක්” යනාදී වශයනේ උන්වහන්සේ සිදුකළ අදහස් දැක්වීම් මෙතනින්.
Clean Sri Lanka ප්‍රතිචාරය
Clean Sri Lanka වැඩසටහන යටතේ ශ්‍රී පාදය මළුවේ කසල බැහැර කරන ස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමෙන් පසුව ඇතිවූ වර්ෂාවෙන් එම ප්‍රදේශය සේදී යාමෙන් පසුව දිස්වෙන අයුරු යනුවෙන් ද සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබීම නිසා අප Clean Sri Lanka මාධ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳව විමසා සිටියේ ය.
මාධ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ, Clean Sri Lanka යටතේ පසුගිය නොවැම්බර් 25 සිට 29 දක්වා හැටන් – නල්ලතන්නි මාර්ගයේ දෙපස පොලිතීන් ඉවත් කිරීමක් සිදු කිරීමේ වැඩසටහක් ක්‍රියාත්මක කළ බවයි . ඒ අයටතේ උදළුගෑමක්, කැළෑ සුද්ධ කිරීමක් වැනි පසට හානි වන ආකාරයේ කිසිවක් එම වැඩසටහන යටතේ සිදු නොකළ බව ද මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා. තව ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ, ආරක්ෂ අංශයේ මැදිහත්වීමෙන් බව ද ඔහු සඳහන් කළා.
පස් සේදීයාම සිදුව ඇත්තේ, Clean Sri Lanka යටතේ පොලිතිනී ඉවත් කළ ප්‍රදේශයේ නොවන බව ද ඔහු සඳහන් කළා. අධික වර්ෂාවක් ලැබෙන අවස්ථාවලදී පඩිපෙළ දෙපස බැතිමතුන් දමා ගිය කසල සහිත පස සේදීයාම සිදුවන බවත් ඔහු සඳහන් කළා.
මේ අතර ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව Clean Sri Lanka ආරම්භ කළ වැඩසටහන පිළිබඳ තව ත් මාධ්‍ය වාර්තාවක් මෙලෙස වාර්තා කර තිබුණා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
ශ්‍රීපාදස්ථානයේ නායයෑමක් සිදුව ඇතැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වටපිටාවක් තුළ එහි තත්ත්වය පිළිබඳව අප ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් විමසීමක් සිදු කළා. වර්ෂා කාලයේදී බෑවුම්වල සිදුවූ ඇතැම් විපර්යාස පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තාක්ෂණික ඇඟයීමක් සිදු කර මහජනතාවට ලබාදීම සඳහා අදාළ බලධාරීන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි, ද එම සංවිධානය ප්‍රකාශ කළා. ඒ අනුව ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් ද අදාළ බලධාරීන්ට නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා. එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ, බැතිමතුන්ට කිසිදු බියකින් තොරව මෙවර ශ්‍රීපාද වන්දා ශ්‍රී පාද වන්දනාවේ නිරත වීමේ හැකියාව ඇති බවයි.
ශ්‍රී පාද කන්ද ප්‍රදේශයේ සිදුව ඇති නාය යෑම් පිළිබඳ නිකුත් කළ ලිපිය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්,ආචාර්ය(ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන මහතා විසින් ශ්‍රී පාද කන්ද ප්‍රදේශයේ සිදුව ඇති නාය යෑම් පිළිබඳ නිකුත් කළ ලිපිය සබරගමු පළාත් ආණ්ඩුකාරවර ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින්.
“ශ්‍රී පාදස්ථානයට ළඟාවීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති වී ඇති භූ අස්ථාවරතාවය පාලනය කිරීමට යෝජිත නිර්දේශ.
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා 2025 දෙසැම්බර් මස 02 දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පවතින භූ අස්ථාවර තත්වය සම්බන්ධව ගවේෂණයක් සිදු කරන ලදි.
01. එම ගවේෂණයේදි ලබාගත් මූලික නිරික්ෂණ අනුව දැනට පවතින අවධානම් තත්ත්වය අවම කිරිම සඳහා පහත නිර්දේශ ඉදිරිපත් කල හැක.
I. අස්ථාවර විම් සිදුව ඇති කොටසේ පවතින පඩි පෙලේ හානියට පත් කොටස කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් (Random Rubble Masonry) යෙදා සකස් කල යුතු අතර, එහිදි එහි පාදම මව් පාෂාණයට ලකනක (Dowel) මඟින් සම්බන්ධ කල යුතුය. (Undercutting/ damaged segment of the stair case shall be rectified using concrete or RRM work with a dowel fixed into underneath bedrock as appropriate.)
II. නාය යෑම සිදු වූ කොටසට තවදුරටත් ජලය ගලායාම වැළැක්වීම සඳහා පඩිපෙලේ දෙපසට පිහිටි පැත්තේ පැති බැම්මක් අවම මීලිමිටර් 300ක් පමණ උසකට ඉදිකල යුතුය. (Construct a side wall/kerb (300mm high) connected to the stair case at the both side across all over failed area.)
III. අස්ථාවර තත්ත්වයේ ඇති පාෂාණ කොටස් වල පවතින සියලු කුස්තුර සිමෙන්ති මිශ්‍රණයක් යොදා හොඳින් වසා දැමිය යුතුය. (Sealing of Rock joints with non- shrink cement grout.)
IV. ප්‍රවේශ මාර්ගය හරහා තවදුරටත් සුන්බුන් ගලායාම වැළැක්වීම සඳහා එහි පහළ කලාපයේ පිහිටි මාර්ග කොටසෙහි දකුණු පසට වන්න්ට මිලිමිටර් 500 ක් පමණ උසැති පැති බැම්මක් ඉදි කල යුතුය. ( Construct a 500 mm side wall at the intersecting area of the debris and walking path /stair case (lower region of the debris flow) to avoid possible damages caused by mud flow)
V. නාය යම ආරම්භ වූ කොටසේ පඩිපෙළට ඉහළින් වියනක් සේ රැඳී ඇති සියලු ශාක කොටස් /පඳුරු / පස් ප්‍රවේසමෙන් ඉවත් කළ යුතුය. (Remove displaced bushes resting over the stair case retained forming a shed.)
VI. නාය යාම සිදුව ඇති කොටසේ දෙපස රැදී පවතින අස්ථායී පඳුරුද ඉවත් කළ යුතුය. (Remove the unstable bushes currently resting at the both side of the failed mass.)
02. ඉහත ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා බැතිමතුන් පිවිසීම සිමා කල යුතුය.
තවද මෙම ස්ථානය රාත්‍රී කාලයේදී ආලෝකමවත්ව තබා ගනිමින් සහ භූමිය ඇති වෙනස්කම් සම්බන්ධව අවධානය යොමු කිරීම අනිවාර්‍ය වේ
ඉහත නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි බැතිමතුන් සඳහා හැටන් පිවිසුම් මාර්ගය විවෘත කළ හැකි බව කාරුණිකව දන්වමි.”
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න
ශ්‍රීපාදස්ථානයේ නායයාමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ, සංසරණය වන සටහන් සම්බන්ධව අප සිදු කළ විමසීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ, ශ්‍රීපාද අඩවියේ නායයෑමක් සිදුව ඇති බවට ස්ථීරවම දැනගන්නට ලැබුණු බවයි.
කෙසේවෙතත් එය නායයෑම් තත්වයක් බවත්, ඉන් විශාල හානියක් සිදුව නොමැති බවත් ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන යුහුසුළුව ක්‍රියා කරමින් එම ස්ථානය යථාතත්ත්වයට පත් කර ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළා.
මේ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරමින් මහාචාර්යවරයා කියා සිටියේ, කඳුකර ප්‍රදේශවල, කැළෑවල අස්වාභාවික ප්‍රමාණයේ වර්ෂාපතනයක් පතිතවූ පසු නායයෑම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.
පස්කඳු කඩා වැටීමක් සහ නායයාමත් අතර වෙනසක් තිබේ ද?
පස්කඳු කඩා වැටීම සහ නායයාමක් අතර වෙනසක් තිබේදැයි කළ විමසීමේදී මහාචාරයවරයා සඳහන් කළේ, එහි වෙනසක් නොමැති බවයි. අධික බෑවුම් සහිත ප්‍රදේශවල අධික වර්ෂාපතනයකට පසු ඝණකම් පස් තට්ටුවලට ජලය සංතෘප්ත වූ පසු පාෂාණ තට්ටුවේ බැඳීම් ගැලවී පාෂාණ තට්ටුව දිගේ ගලා යන බවයි. ඒ අනුව බෑවුමක් තිබීම, ඝණකම් පස්තට්ටුවක් තිබීම, එය සංතෘප්ත කර ,දරාගන්න බැරි තරමට බර වැඩි කරන වර්ෂාපතනයක් ලැබීම යන නායයාමක් සඳහා අවශ්‍ය කරන තත්ත්වයන් 3 මේ අවස්ථාවේ සම්පූර්ණ වී ඇති බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළා.
“ශ්‍රී පාද අඩවිය කියන්නේ, එැවැනි බෑවුමක් තියෙන පස්තට්ටු තියෙන වර්ෂාපතණය යහමින් ලැබෙන පළාතක් . නායයාමක් සමාන්‍ය දෙයක්. මෙවර විශේෂයි. අවුරුදු 50කින් පමණ ඒ පාළාතට වැස්සේ නැති ප්‍රමාණයක් වැහැලා තියෙනවා. කඳුතැන්වල නිරාවරණය වෙලා තියෙන තැන්වල එහෙම නායයාෑම් අනන්තවත් සිදුවෙනවා”
ශ්‍රීපාද අඩවිය ආශ්‍රිතව ප්‍රදේශයේ ජනගහනයක් ජීවත් නොවන නිසා මෙවැනි නායයාම් සාමාන්‍යයෙන් වාර්තා නොවන බවත් මෙම අවස්ථාවේ වැඩි වර්ෂාපතනයක් ලැබීම මත සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවත් කෙසේ වෙතත් උඩ මළුවට හානියක් සිදුවීමට අවස්ථාවක් නොමැති බව මහාචාරය අතුල සේනාරත්න මහතා සඳහන් කළා.
Also Read : Unique Biodiversity of Sri Pada / Adam’s Peak Is Under Risk
ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අදට (04) යෙදී තිබෙන උඳුවප් පොහෝ දිනයෙන් පොහොය දිනයෙන් ආරම්භ වන අතර ඊයේ (3) උදෑසන පැල්මඩුල්ල ගල් පොත්තාවෙල රජමහාවිහාරයේ සිට සධාතුක කරඬු, සමන් දෙවි ප්‍රතිමාවහන්සේලා සහ පූජා භාණ්ඩ රැගත් පෙරහැර රත්නපුර ශ්‍රී පලාබද්දල, රත්නපුර අවිස්සාවේල්ල හැටන්, රත්නපුර කුරුවිට එරත්න, බලංගොඩ යන මාර්ග හතර ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරා වැඩම කරවීම ආරම්භ වී තිබුණා.
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් අවසන් වීමට නියමිතයි.
Update: හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රිපාද වන්දනාවේ යන දෙස් විදෙස් වන්දනාකරුවන්ට සිමාවන් පැනවේ
ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්, මධ්‍යම පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සහ ජාතික ගොඩනැගිලි පර්යේෂනායකනයේ නිළධාරින් එක්ව ශ්‍රී පාද උඩමළුවේදි එම නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කර සියලු පාර්ෂවයන් එක්ව පොලිස් දෙපාර්තමේන්තුව හරහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන් සහ දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටු පහණෙන් ඉහළට කරුණා කිරීමට සිමාවන් පනවා ඇති අතර, එසේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් ඉදිකටු පහණ පොලිසිය අසළින් රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රී පාදස්ථාන උඩමළුවට පිවිසීමට අවස්ථාව ලැබෙන බවයි එම නිවේදනයේ සදහන් කර ඇත්තේ.
ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ පසුගිය දා සිදු වු පස් කන්දක් කඩා වැටීමත් සමග මෙම තීරණයට එළබ ඇති අතර, එම පස්කන්ද කඩා වැටුණු ස්ථානයේ ආරක්ෂාව උදෙසා ඉදිරියෙදි සංවර්ධන කටයුතු රැසක් සිදු කිරිමට නියමිතය.
පස් කනද් කඩා වැටුණු ස්ථානයේ කන්දේ තිබු ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණෘ කිරිමට උපයෝගි කර ගත් බවට සැකකරෙන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.
එම සම්පුර්ණ සාකච්ඡාව පහතින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Title:ශ්‍රී පාද කන්දේ නාය යාමක් සිදුව ඇති බවට වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!
Fact Check By: Sagarika ChathumaliResult: Insight


