ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ මෑතකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආලෝකමත් වුණා ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙරටට මුහුණ පෑමට සිදු  වූ ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල මානුෂීය ආධාර මෙරටට හිමි විය. එමෙන් ම මෙරට ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අතර ද, වැඩි ඉඩක් හිමිව තිබුණා. මේ අතර ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණේ මෙරට ධජය දිස්වන බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

දිට්වා සුළි කුණාටුවෙන් රට තුළ දරුණු ගංවතුර හා විනාශයක් සිදු වූ පසු, ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මෑතකදී “ශ්‍රී ලංකාව වෙනුවෙන් යාඥා කරන්න(Pray for Sri Lanka)” යනුවෙන් පණිවිඩයක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවට සහාය දක්වමින් වර්ණවලින් ආලෝකමත් කළ බව සමාජ මාධ්‍ය සටහන් ඡායාරූප මෙන් ම වීඩියෝ ද, දක්වමින් පළ කර තිබුණා.

Facebook | Archived Link Facebook| Archived Link

එමෙන් ම තව ත් වීඩියෝවක් පළ වී තිබුණේ මේ අයුරින්

 

Facebook | Facebook

තව ත් ඡායාරූප සටහන් පහතින්.

Facebook

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා / මෙරට මාධ්‍ය වාර්තා නැහැ

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩුබායි හි ප්‍රසිද්ධ බර්ජ් කලීෆා කුළුණ ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි මෑතකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආලෝකමත් වී තිබුණේ, නම් ඒ පිළිබඳ මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, එරට මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කිරීම සිදු කරන බැවින් අප ඒ හරහා පරීක්ෂාවක් කළ ත්, එවැනි වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

විශේෂයෙන් ම මීට පෙර 2019 වසරේ, මෙරටට එල්ල වූ පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහි කරමින් බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා ධජයේ වර්ණවලින් ආලෝකමත් වී තිබුණා. මේ පිළිබඳව එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link. ඉන්දීය මාධ්‍ය වාර්තාවක් මෙතනින්. මෙරට මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ද, 2020 වසරේ, පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සංවත්සරය සැමරීම සඳහා බර්ජ් කලීෆා සහ අබුඩාබි හි ඇඩ්නොක් කුළුණ ශ්‍රී ලංකා ජාතික ධජයෙන් ආලෝකමත් කළ බවට දක්වා තිබුණේ මේ අයුරින්. Archived Link

ඉන්පසු බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා ධජයෙන් වර්ණවත් වූ බවට කිසිදු නිල සඳහනක් දැක ගන්නට නොමැත. බර්ජ් කලීෆා කුළුණේ, මීට පෙර ලෙබනනය, පකිස්ථානය, ලිබියාව, බංග්ලාදේශය ආදි රටවල් සඳහා ආලෝකමත් කළ සෑම අවස්ථාවකම, එය කලාපීය මාධ්‍ය විසින් වාර්තා කර සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරගෙන තිබුණා. මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කුළුණ ආලෝකමත් වූ බවට කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

AI ඔස්සේ ජනනය කරන ලද වීඩියෝ

එමෙන් ම ඉහත ඡායාරූප, වීඩියෝ වල මෑතකදී බර්ජ් කලීෆා කුළුණේ, ශ්‍රී ලංකා ධජය දක්නට ලැබුණු ආකාර 3කින් පෙන්වා දී තිබුණා. එමෙන් ම ඇතැම් වීඩියෝ වල කුළුණ ආලොකමත් වීම චලනය වන අයුරු වීඩියෝවේ   ගන්නට ලැබුණ ද, පහළ දැක්වෙන එම අවස්ථාව වීඩියෝ කරන පිරිසේ කිසිදු සෙලවීමක් දක්නට නොලැබේ. අප එවැනි වීඩියෝවකින් ලබා ගත් ඡායා තිර පිටපතක්(screen shot) AI හඳුනා ගැනීමේ මෙවලමකට යොමු කළ අතර එම අවස්ථාව AI ඔස්සේ ජනනය කරන ලද බවට ප්‍රතිඵල මගින් දැක ගන්නට ලැබුණි.

ඩුබායි හි වෙසෙන ශ්‍රී ලංකානුවන්

සැබැවින් ම මේ දිනවල බර්ජ් කලීෆා කුළුණේ ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය වූවානම්, එරට සිටින ශ්‍රී ලංකානු පුරවැසියන් එහි වෙනත් කෝණවලින් ලබා ගන්නා ඡායාරූප හෝ වීඩියෝ පළ කර යුතුව තිබුණත්, අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබු‍ණේ, එකම කෝණයෙන් ලබා ගත් ඉහත ඡායාරූප, වීඩියෝ පමණක් සංසරණය වී ඇති බවයි.

අප මේ පිළිබඳ බර්ජ් කලීෆා කුළුණ අවට සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ද,විමසීම් කළ අතර ඔවුන් පැවසුවේ, ශ්‍රී ලංකා ධජයෙන් කුළුණ මේ දිනවල ආලෝකමත් කළ බවට දැක ගන්නට නොලැබෙන බවයි.

පසුගිය දෙසැම්බර් 1 වන දා  බර්ජ් කලීෆා කුළුණ සිය ජාතික දිනය වෙනුවෙන් ආලොකමත් වී තිබුණේ මෙලෙසින්. මෑතකදී ඩුබායි ෆවුන්ටන් ප්‍රදර්ශනයත් සමඟ බර්ජ් කලීෆා ආලෝකමත් වී තිබූ අයුරු ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකිය්න සමාජ මාධ්‍ය වේදිකාවල පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

විපතට පත්වූවන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත මානුෂීය ආධාර එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් 

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන C-17 වර්ගයේ ගුවන් යානා අබුඩාබි නුවර සිට ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් එම ගුවන් යානා හරහා ශ්‍රී ලංකාවේ විපතට පත් වී සිටින ජනතාව සඳහා තාවකාලික නිවාස, ආහාර ඇසුරුම්, කූඩාරම්, ගලවා ගැනීමේ භට කණ්ඩායම් සඳහා යොදා ගන්නා වාහන, දුෂ්කර මාර්ගවල ධාවනය කළ හැකි යතුරු පැදි, විශේෂ ගලවා ගැනීමේ භට කණ්ඩායමක් සහ වැළලී ඇති මිනිසුන් සෙවීම සඳහා ඉව ඇති සුනඛයින් ද ඇතුළුව භාණ්ඩ විශාල තොගයක් එවා තිබුණා. ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

Also Read :

මෙරට විරෝධතාවයට සහය පළ කරමින් බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වුණාද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි ලංකාවේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ මෑතකදී ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකමත් වූ බවට පළ වන ඡායාරූප සහ වීඩියෝ නොමග යන සුළු අතර ඒ බවට සනාථ කෙරෙන කිසිදු නිල මූලාශ්‍රයක් දැක ගන්නට නොලැබේ.

Avatar

Title:ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ මෑතකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආලෝකමත් වුණා ද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *