දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
වෙනසුවෙලා ජානධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු නැවතත් මුළු ලෝකයේ ම අවදානය යොමු වූයේ, එක්සක් ජනපද හමුදාව විසින් බෙලා 1 නෞකාව අත්අඩංගුවට ගැනීමයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ලෝකයම කැළඹූ අත්ලාන්තික් සාගරයේ මෙහෙයුම! ඇමරිකාව රුසියානු ධජය යටතේ ගිය නැවක් අත්අඩංගුවට ගනී. සති දෙකක දැවැන්ත හඹා යාමකින් පසු, වෙනිසියුලාවට සම්බන්ධ “Bella 1” (Marinera) තෙල් නැව අත්ලාන්තික් සාගරයේදී අත්අඩංගුවට ගැනීමට ඇමරිකානු ආරක්ෂක අංශ සමත්ව ඇති බවට දක්වමින් එම අත්අඩංගුවට පත් වීමේ අවස්ථාව ලෙසට දක්වමින් වීඩියෝවක් සංසරණය වුණා.
එමෙන් ම මෙහි වැඩිදුරටත් දක්වා තිබුණේ,
📌 සිදුවීමේ විශේෂ කරුණු:
“• සති 2ක හඹා යාම: ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ නියෝග නොතකා සති දෙකක් පුරා මෙම නැව පලා යාමට උත්සාහ කර ඇත.
• රුසියානු මැදිහත්වීම: නැව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුසියානු සබ්මැරීනයක් ඇතුළු හමුදාමය යාත්‍රා ඒ අසල තිබී ඇති නමුත්, ඔවුන් මෙම මෙහෙයුමට බාධා කර නොමැත.
• පසුබිම: වෙනිසියුලාවට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් තෙල් ප්‍රවාහනය කිරීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවයි.
රුසියානු ධජය යටතේ ගමන් කළ නැවක් මෙලෙස බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම ඉදිරි ලෝක දේශපාලනයේ උණුසුම් තත්වයක් ඇති කිරීමට හේතු විය හැකි බව විචාරකයින් පවසති.”
මෙම වීඩියෝවේ සත්‍ය අවස්ථාවක් ද, යන්න සහ මෙහි සඳහන් ඇති කරුණු සත්‍යද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2026 ජනවාරි මස මුලදී, වෙනසුවෙලා සහ ඉරාන තෙල් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද සම්බාධක උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මීට පර බෙලා 1 ලෙස හැඳින්වූ මැරිනේරා තෙල් ටැංකිය සහිත නෞකාව සති ගණනාවක් තිස්සේ ලුහුබැඳීමෙන් පසු, එක්සත් ජනපද හමුදා විසින් රුසියානු ධජයක් යටතේ ප්‍රවාහනය කරමින් තිබියදී උතුරු අත්ලාන්තික් සාගරයේදී අල්ලා ගත් බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. එම මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
එමෙන් ම මැරානේරා තෙල් ටැංකිය අඩංගු නෞකාව අත්අඩංගුවට පත් වන අවස්ථාවේ වීඩියෝවක් ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබූ අතර එය ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝව නොවන බවට දැක ගන්නට ලැබෙනවා.
තව ත් වීඩියෝ මෙතනැන්
මේ හේතුවෙන් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝව කුමක්ද යන්න Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
එම වීඩියෝව 2025 මැයි 29 වන දින Yotube ඔස්සේ පළ කරන ලද වීඩියෝවක් බවට දැක ගන්නට ලැබුණා. එහි සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද නාවික විශේෂ යුධ සටන් ප්‍රහාරක යාත්‍රා, සටන් යාත්‍රා මාධ්‍යයක් සහ 160 වන විශේෂ මෙහෙයුම් ගුවන් සේවා රෙජිමේන්තුවට අනුයුක්ත කර ඇති එක්සත් ජනපද හමුදා MH-60 බ්ලැක් හෝක් සහ MH-47 චිනූක් හෙලිකොප්ටර් යානා යොදාගෙන 2205 වසරේ අප්‍රේල් 22 වන දින බලිකතන් උපක්‍රම පුහුණුවීමක් සිදු කළ අවස්ථාවක් බවයි.
බලිකතන් යනු පිලිපීනයේ සන්නද්ධ හමුදා සහ එක්සත් ජනපද හමුදාව අතර දිගුකාලීන වාර්ෂික අභ්‍යාසයක් වන අතර පිලිපීනයේ සුබික් බොක්කෙහි තුවාලකරුවන් ඉවත් කිරීමේ පෙරහුරුවක් මෙහි දැක්වේ.
මෙයින් ඇඟවෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝව පැරණි මෙන්ම අමෙරිකාව විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබූ නෞකාවක් නොවන බවයි.
එක්සත් ජනපද හමුදාවේ යුරෝපයේ සහ අප්‍රිකාවේ නිල වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 22 වන දින සුබික් බොක්කෙ හි තුවාලකරුවන් ඉවත් කිරීමේ පුහුණුව පිළිබද දක්වා තිබුණේ මෙලෙසින්.
ආරක්ෂක දෘශ්‍ය තොරතුරු බෙදා හැරීමේ සේවාවේ (DVIDS) නිල වෙබ් අඩවියේ ද, මෙම වීඩියෝව දක්වා තිබුණේ මේ අයුරින්.
රුසියානු ධජය සහිතව අත්අඩංගුවට පත් බෙලා 1 තෙල් නෞකාව
අනුමත තෙල් ප්‍රවාහනය කරන ඊනියා සෙවනැලි බලඇණිය සමඟ දිගු කලක් සම්බන්ධ වූ බව කියන ඉතා විශාල බොරතෙල් නෞකාවක් වන බෙලා 1 තෙල් ටැංකිය, වෙනසුවෙලා සහ ඉරාන බොරතෙල් ප්‍රවාහනය කිරීම සහ හිස්බුල්ලා සහ ඉරානයේ IRGC වැනි කණ්ඩායම්වලට සම්බන්ධ පෙරමුණු සමාගම් සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් 2024 දී එක්සත් ජනපද සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කරන ලදී.
2025 දෙසැම්බර් අගභාගයේදී, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් වෙනසුවෙලා වෙත තෙල් අපනයනය කරමින් සිටි බෙලා 1 නෞකාව අවහිර කිරීමක් ලෙස, එක්සත් ජනපද වෙරළාරක්ෂක හමුදා එක්සත් ජනපද ෆෙඩරල් අල්ලා ගැනීමේ වරෙන්තුවක් යටතේ වෙනිසුවෙලාවෙන් බෙලා 1 නෞකාවට ගොඩවීමට උත්සාහ කළ නමුත්, නෞකාව ඊට අනුකූල වීම ප්‍රතික්ෂේප කර, ගමන් මාර්ගය ආපසු හරවා, උතුරු දෙසට අත්ලාන්තික් සාගරයට පලා ගොස් තිබුණා. සති ගණනක් පුරා පැවති ලුහුබැඳීමේදී, නෞකාවේ ක්‍රියාකරුවන් එහි නම මැරිනෙරා ලෙස වෙනස් කර, රුසියානු ධජයක් බඳට යොදන ලද අතර, රුසියානු ආරක්ෂාව යටතේ සිටින බව අඟවා තිබුණා.
මුහුදක දියත් වන නැවක ධජය වෙනස් කිරීම ජාත්‍යන්තර නාවික නීතිය යටතේ සාමාන්‍යයෙන් නීත්‍යානුකූලව වලංගු නොවේ. සමුද්‍ර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) යටතේ, යාත්‍රාවක් එහි ධජ රාජ්‍යය සමඟ අව්‍යාජ සම්බන්ධයක් පවත්වා ගත යුතු අතර, නැව වරායේ පවතින අතරතුර ලියාපදිංචියේ යම් වෙනසක් නිසි ලෙස ලේඛනගත කර නිල නාවික බලධාරීන් හරහා සම්පූර්ණ කළ යුතුය. බෙලා 1 සම්බන්ධයෙන් ගත් කල, ටැංකිය එහි නම වෙනස් කර රුසියානු ධජයක් යටතේ දියත් කොට තිබේ.
එක්සත් ජනපද හමුදා සැතපුම් දහස් ගණනක සිට ටැංකිය නිරීක්ෂණය කරමින් සිට ඇති අතර, 2026 ජනවාරි 7 වන දින එක්සත් ජනපදය උතුරු අත්ලාන්තික් සාගරයේ ජාත්‍යන්තර මුහුදේදී සම්බාධක උල්ලංඝනය කිරීම් සඳහා අධිකරණ නියෝගයක් යටතේ යාත්‍රාව අත්අඩංගුවට ගත් අතර, එහි රැවටිලිකාර ක්‍රියාවන් සහ අඛණ්ඩ මගහැරීමෙන් පසු බෙලා 1 නෞකාව අයත් රාජ්‍යයක් නොමැති බව දැක තිබේ. විදේශීය ධජය සහිත නෞකාවක් සමඟ නීති විරෝධී මැදිහත්වීමක් ලෙස රුසියාව මේ සිදුවීම හෙළා දැක තිබේ. එක්සත් ජනපද බලධාරීන් සම්බාධක ක්‍රියාත්මක කිරීම සහ පුළුල් අවහිර කිරීම් ක්‍රියාත්මක වන බවත්, එක්සත් ජනපද නීතිය යටතේ කාර්ය මණ්ඩලයට නඩු පැවරිය හැකි බවත් සඳහන් කරනු ලබයි. මේ පිළිබඳව වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Also Read : වෙනිසියුලානු ජනාධිපති “නිකලස් මදුරෝ” අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් කිහිපයක්!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, “Bella 1” (Marinera) තෙල් නෞකාව අත්ලාන්තික් සාගරයේදී අත්අඩංගුවට ගත් අවස්ථාව බවට දක්වා ඇති සමාජ මාධ්‍ය වීඩියෝව එම අවස්ථාවේ වීඩියෝවක් නොව 2025 අප්‍රේල් 22 වන එක්සත් ජනපද නාවික විශේෂ යුධ සටන් ප්‍රහාරක යාත්‍රා, සටන් යාත්‍රා මාධ්‍යයක් සහ 160 වන විශේෂ මෙහෙයුම් ගුවන් සේවා රෙජිමේන්තුවට අනුයුක්ත කර ඇති එක්සත් ජනපද හමුදා MH-60 බ්ලැක් හෝක් සහ MH-47 චිනූක් හෙලිකොප්ටර් යානා යොදාගෙන පිලිපීනයේ සන්නද්ධ හමුදා සහ එක්සත් ජනපද හමුදාව අතර දිගුකාලීන වාර්ෂික අභ්‍යාසයක් පුහුණුවීමක් සිදු කළ අවස්ථාවක් බවයි.
Title:අමෙරිකාව රුසියානු ධජය සහිත තෙල් නැව අල්ලා ගත් අවස්ථාවේ වීඩියෝවක් ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading


