දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
නන්දන ගුණතිලක මහතාගේ අභාවය සමගින් මෙරට සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ තේමා ඔස්සේ කතා බහක් දැඩිව ඇති වෙද්දී, දේශපාලනික වාසි තකා ව්‍යාජ පුවත් ද, පැතිරෙනු ලබනවා. එලෙසින් පළ වූ සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“නන්දන ගුණතිලකගේ රෝහල් බිල ඔහුට ගෙවාගන්න බැරි වෙන්නෙ සල්ලි නැති නිසා නෙවෙයි.ඔහුගේ සියලු හොරාකාපු මහජන මුදල් ඇතුළු මුළු ධනස්කන්දයම විදේශ ගිණුම් වල තැම්පත් කරගෙන හිටපු නිසා.” යනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ බවට දක්වමින් සටහනක් පළ කර තිබුණා.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() |
WhatsApp ඔස්සේ ද එම සටහන් වයිරල් වී තිබුනේ මෙලෙසින්.

සත්‍ය වශයෙන් ම අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙවැනි ප්‍රකශයක් කර තිබේ ද යන්න පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
නන්දන ගුණතිලක මහතාගේ අභාවය
මෙම වසරේ(2026) ජනවාරි මසදී රෝගාතුරුව ප්‍රතිකාර ගන්නා බවට සිය ෆේසබුක් ගිණුමේ ද මීට දින කිහිපයකට පෙර මෙලෙසින් පළකර තිබු නන්දන ගුණතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව රාගම රෝහලට මාරු කර යවා තිබුණා. එම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඒ මහතා ඊයේ (18) අභාවප්‍රාප්ත වුණා. ජීවිතක්ෂයට පත්වන විට ගුණතිලක මහතා 63 වියේ පසුවූවා.
නන්දන ගුණතිලක මහතාගේ රෝහලේ බිල ගෙවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් පැනනැගී තිබු බවත්, ප්‍රතිකාර සඳහා අය කරන මුදල්, ඔහු සාමාජිකත්වය දැරූ පක්ෂ වලින් ගෙවීමට ඉදිරිපත් වී තිබුනේ නැති බවටත්, සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ චෝදනා ද ඉදිරිපත් වී ද තිබුණා.
ඉහත නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන්නේ ද එවැනි පසුබිමකයි.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රකාශයක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ
කෙසේවෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අයුරින් ප්‍රකාශයක් අමාත්‍යවරයා විසින් සිදු කර ඇත්ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් වාර්තා කර නොතිබුණි.
සිරස News1st හි මේ ආකාරයේ පුවතක් පළ කර නැහැ
එමෙන් ම එම සමාජ මාධ්‍ය සටහන සිරස News1st පුවත් ෆේස්බුක් පිටුවේ පළ කර ඇති පුවතක් ලෙස දක්වා තිබුණද, එවැනි පුවතක් එහි ද වාර්තා කර ඇති බව දක්නට නොලැබුණි.
අප ඒ පිළිබඳ එහි පුවත් කළමණාකරුවෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, මෙවැනි පුවතක් ඔවුන් පළ නොකළ බවත්, මෙය News1st පුවත් ආකෘතියට සමාන වන ලෙස නිර්මාණය කර ඇති ව්‍යාජ සටහනක් බවයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස එවැනි ප්‍රකාශයක් සිදුකර නැහැ
අමාත්‍යවරයා විසින් “නන්දන ගුණතිලකගේ රෝහල් බිල ඔහුට ගෙවාගන්න බැරි වෙන්නෙ සල්ලි නැති නිසා නෙවෙයි. ඔහුගේ සියලු හොරාකාපු මහජන මුදල් ඇතුළු මුළු ධනස්කන්දයම විදේශ ගිණුම් වල තැම්පත් කරගෙන හිටපු නිසා.” යනුවෙන් බවට වෙනත් ස්ථානයකදී හෝ ප්‍රකාශයක් සිදු කර නොමැති බවට අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.
මේ පිළිබඳව වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා අප අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පවසා සිටියේ තමන් කිසිලෙසකත් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්, මෙය ව්‍යාජ පුවතක් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අසත්‍ය බවට අමාත්‍ය නලින්දගේ නිල ෆේස්බුක් පිටුවේ ද සටහනක් පළකර තිබුනේ මෙලෙසින්.
නන්දන ගුණතිලකගේ පුත්‍රයා
එම්.ඩී. නන්දන ගුණතිලක මහතාගේ පුත්‍රයාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තම පියාට කිසිදු විදේශීය රටක ගිණුම් හෝ මුදල් තැම්පතු නොමැති බවයි. ඔහුට මෙරට හෝ එවැනි වත්කම් නොමැති බවත්, ඔහු පවසා සිටියා.
එමෙන් ම තම පියාට අක්මාවට රුධිරය සැපයෙන නාලයක රුධිර කැටිවීමක් ඇතිවීම හේතුවෙන් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී පසුව ප්‍රගතියක් නොමැති වීම හේතුවෙන් රාගම රෝහලට මාරු කර යැවීමට තීරණයක් තිබුණත්, ඒ වන විට මුදල් ගෙවීමේ අසීරුවකට මුහුණ පා තිබුණු බවත්, බිල නොගෙවීම මත දින දෙකක කාලයක් ප්‍රතිකාර නවතා තිබූ බවත්, ඔහු සඳහන් කළා.
පසුව, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහ මහතා බිල ගෙවීමට උපකාර කළ බවත්, පසුව රාගම රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර තම පියා ජීවිතක්ෂයට පත් වූ බවත්, මේ දක්වා මරණයේ වැඩකටයුතු වලට සියලු පක්ෂවලින් විශාල සහයක් ලබා දෙන බවත්, පුත්‍රයා වැඩිදුරටත් සඳහන් කළා.
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු එළැඹෙන බදාදා (21) ප.ව. 4.00ට වාද්දූව මහජන ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා අද (19) පානදුර නගර සභාවේ තැන්පත් කරනු ලැබුවා. ඉන් අනතුරුව දේහය එළැඹෙන 21 වන දා දක්වා වාද්දූව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.
නන්දන ගුණතිලක මහතාගේ දේශපාලන දිවිය
නන්දන ගුණතිලක මහතා සිය ජීවිතයේදී එක් එක් පරිච්ඡේදයන් හි ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින්, දේශපාලනයේ නියැලුනු ප්‍රකට දේශපාලනඥයෙකු වූ අතර අවසන් වශයෙන් 2024 මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කය සඳහා ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වැදී තිබුණා.
වාමාංශික කඳවුරින් දේශපාලන දිවියට පිවිසි නන්දන ගුණතිලක මහතා, 1999 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ ජනපති අපේක්ෂකයා ද වූ අතර, ජාතික නිදහස් පෙරමුණ ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය (2009-2010) , සංචාරක අමාත්‍ය (2009) යන තනතුරු දරමින් රාජ්‍ය පාලනයට ද දායක වී තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් දෙවරක් පානදුර නගර සභාවේ නගරාධිපති ධූරයට ද ඒ මහතා තේරී පත් විය. මේ සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රකට දේශපාලඥයෙකු වන නන්දන ගුණසේන මහතාගේ අභාවයෙන් පසුව, ඔහු ප්‍රතිකාර ලබා ගත් රෝහලේ බිල ගෙවීමට නොහැකි වූයේ මුදල් නොමැති වීම නිසා නොව ඔහුගේ මුදල් විදේශ ගිණුම් වල තැම්පත් කර ඇති නිසා බවට, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ News1st ආකෘතිය යොදාගනිමින් සිදුකර ඇති ව්‍යාජ පුවත් සංස්කරණයක් බවත්, අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.
Title:අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ රෝහල් බිල ගෙවාගන්නට බැරි වීමේ හේතුව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Pavithra SandamaliResult: False








