දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව යටත්කර ගෙන සිටීම සම්බන්ධව ඔවුන්ගෙන් වන්දි ලබා ගන්නා බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශයක් සිදුකර ඇතැයි කියමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වෙමින් පවතී. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අපව යටත් කර ගෙන සිටියාට බ්‍රිතාන්‍යයෙන් වන්දි ගන්නවා’’ යනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසා ඇතැයි මෙම සටහනේ සඳහන් ය. මුන් ඡන්දේ දීපූ උන්ගෙන් ගන්නේ වෙනම ආතල් එකක් යනුවෙන් සඳහන් කර තිබීම තුළ මෙය උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කර ඇති බවක් පෙනී යයි.

තවද මෙම සටහනට පළ වී ඇති අදහස් දෙස බැලීමේදී ඇතැමුන් මෙය විනෝදය සපය ප්‍රකාශයක් බවටත්, යථාර්ථයක් බවට පත් කළ නොහැක්කක් ලෙසටත්, තවත් සමහරු ආමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු නොකරන්නට ඇති බවටත් ආදී වශයෙන් අදහස් පළ කර තිබුණා.

විශාල පරිශීලකයින් පිරිසක් මෙම සටහන සිය ගිණුම් වෙත ද හුවමාරු කර ගෙන තිබූ අතර ඇතැමුන් මෙය හුවමාරු කරගෙන තිබුණේ, උපහාසය දනවන සඳහන් ද සහිතවයි.

මෙය සත්‍ය ප්‍රකාශයක් දැයි පාඨකයින්ගෙන් ලද ඉල්ලීම් ද සලකා අප මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට මෙලෙස පියවර ගත්තා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
1505දී පෘතුගීසින්ගේ ද, 1658දී ලන්දේසින්ගේ ද යටත් රාජ්‍යයක්ව තිබූ ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස ලබන තුරුම මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතිණ. ඒ අනුව ශ්‍රී ලංකාව පසුගිය 04 වැනිදා 78 වන ජාතික නිදහස් දිනය සැමරූ අතර විදේශ අමාත්‍යවරයා වන්දි ලබාගැනීමක් පිළිබඳ ප්‍රකාශයක් කර ඇති බවට වන සටහන් හුවමාරු වන්නේ, නිදහස් දින සැමරුම පවත්වා දින කිහිපයකට පසුවයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පසුගිය දින කිහිපයේ මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබුණේ දැයි, අප පරීක්ෂාකර බැලූ අතර පසුගිය 6 වැනිදා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී මීට අදාළ අදහස් පළ කිරීමක් සිදු කර ඇති ආකාරයක් දැකගත හැකිවුණා.
අමාත්‍යවරයා මීට අදාළ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ යෝජනාවකට පිිළිතුරු දැක්වීමක් ලෙස වන අතර සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ප්‍රකාශයට එහා ගිය කරුණු පැහැදිලි කිරීමක් අමාත්‍යවරයා විසින් සිදු කරන අයුරු දැකගත හැකියි.
අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත ලෙස පැවති රටවල් එම රටවලට සිදු වූ ආර්ථික, සම්පත් හානිය මෙන්ම සම්පත් සූරාකෑම හා මංකොල්ලකෑම්වලට එම රටවලින් වන්දි ලබා ගැනීමට උත්සාහ දරන බවත් ඒ අනුව ශ්‍රී ලංකාව ද ඒ සඳහා උත්සාහයක් ගැනීම සුදුසු බවට මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනා කරයි. සිය යෝජනාවේදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටින්නේ, අප්‍රිකාවේ ඇතැම් රටවල් ඒ සඳහා උත්සාහයට දරන බවත් අප රට ද යටත්විජිත සමයේ සිදු වූ විශේෂිත අපරාධ කේන්ද්‍ර කර ගනිමින් වන්දි ලබා ගැනීමේ වැඩපිළිවෙළකට ප්‍රවේශ විය හැකි බවයි.
ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විපක්ෂ නායකයාගේ එම වැදගත් යෝජනාව සම්බන්ධව දැනටමත් කටයුතු කරමින් සිටින බවයි. තව ද ක්‍රමානුකූලව, රාජතාන්ත්‍රිකභාවය ද ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි කාලය තුළදී මෙරටින් පැහැර ගනු ලැබූ පුරාවස්තු සහ විනාශ කළ දේපළ, ජීවිත වෙනුවෙන් වන්දි ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඉදිරියේදී ආර්ථික වශයෙන් වන්දි ලබා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට ද සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
ශ්‍රී ලංකාව පෘතුගීසීන්ට යටත්ව වසර 500ක් පිරීම නිමිත්තෙන් 2005 රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ සැමරුමක් පැවැත්වීම සඳහා පෘතුගාල තානාපතිවරයා ගෙනා යෝජනාව , එවක සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති ලෙස තමන් ප්‍රතික්ෂේප කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා. තව ද එම අවස්ථාවේ යටත් සමයේ මෙරටින් ගෙන ගිය පුරාවස්තු ජීවිත හානි, දේපළ හානි සඳහා වන්දි ලබා දෙන ලෙස අනිවාර්ය යෝජනාවක් ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා සිය අදහස් දැක්වීමේදී වැඩිදුරටත් කියා සිටියා. ඒ අනුව පුරාවස්තු නැවත ලබාදීමට එකඟතාව පළ වූ බවත් නෙදර්ලන්ත රජය ද අවස්ථා 2කදී මෙරටින් ගෙන ගිය පුරාවස්තු යළි ලබාදුන් බවත් තවත් ඉතිරිවී ඇති පුරාවස්තු ලබාදීමට එකඟතාව පළ කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අනුව අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි කාලය තුළදී මෙරටින් පැහැර ගනු ලැබූ පුරාවස්තු සහ විනාශ කළ දේපළ, ජීවිත වෙනුවෙන් වන්දි ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවට වන ප්‍රකාශය සිදු කරන්නේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා සිදු කළ යෝජනාවකට අදාළ කරුණු පැහැදිලි කිරීමක් ලෙසයි. එය කිසිවෙකුට විනෝදාස්වාදය සැපයීමේ අරමුණින් හෝ හුදකලා ප්‍රකාශයක් ලෙස සිදුකරන අදහස් පළ කිරීමක් නොවන බව පැහැදිලි වේ.
මේ අතර විපක්ෂ නායකවරයා පවසන ආකාරයට අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත ලෙස පැවති රටවල් එම රටවලට සිදු වූ ආර්ථික, සම්පත් හානිය මෙන්ම සම්පත් සූරාකෑම හා මංකොල්ලකෑම්වලට එම රටවලින් වන්දි ලබා ගැනීමේ උත්සාහයන්හි නිරතව සිටින්නේ ද යන්න සම්බන්ධව ද අප කරුණු සොයාබැලීමක් සිදු කළා.
වන්දි ඉල්ලා ඇති බිත්රාන්යයෙ යටත්විජිත වූ රටවල් මොනවාද?
යටත්විජිත සමයේ සිය රටවල සිදුවූ ඉඩම්, ජනතා ශ්‍රමය සූරාකෑම, සම්පත් කොල්ලකෑමට එරෙහි මහා බිත්රාන්යයෙන් වන්දි ඉල්ලීම සඳහා සූදානමක් පවතින බවට පසුගිය වසරේදී The telegraph වාර්තා කර තිබුණා. 2025 සැප්තැම්බර් මාසයේදී ඉතියෝපියාවේ අඩිස් අබාබාහි පැවති අප්‍රිකානු සහ කැරිබියන් නායකයින්ගේ සමුළුවකදී අප්‍රිකානු සංගමයේ ප්‍රධානියා වන්දි යුක්තිය සහ සැබෑ විමුක්තිය ඉල්ලා සිටි බව එහි සඳහන් ය. කැරිබියන් දූපත් රාජ්‍යයන් මේ වනවිටත් ටිල්රියන ගණනක වන්දි ඉල්ලා ඇති බවත් අප්‍රිකානු සංගමය ඉදිරියේදී සිය වන්දි ඉල්ලීම් ඉදිරිපත් කරනු ඇති බව ද එහි සඳහන් ය. කැරිබියන් රටවල වන්දි ඉල්ලීම් අතර මූල්‍ය වන්දි පමණක් නොව, සමාව අයැදීම්, ණය සහන, ආර්ථික සංවර්ධනය සහ අධ්‍යාපනික සහන ද ඇතුළත් ය. කෙසේ වෙතත් ඉල්ලන ආකාරයේ වන්දි ලබාදීමක් සිදුව නොමැති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.
මේ අතර තවත් විදෙස් පුවත් වාර්තාවක දැක්වෙන්නේ, ඇල්ජීරියාවේ පැවති සමුළුවකදී අප්‍රිකානු කලාපයේ නායකයින් යටත් විජිත සමයේ වින්දිතයින්ට යුක්තිය සහ වන්දි ලබා දෙන ලෙසට සම්මත කරන ලද අප්‍රිකානු සංගමයේ යෝජනාව ඉදිරියට ගෙන යාම සඳහා රැස්වූ බවයි. එම වාර්තාවේ දැක්වෙන්නේ, එම රැස්වීමදෙී ඇල්ජීරියාව ප්‍රංශයේ පාලනයට යටත්ව පැවති සමය වෙනුවනේ වන්දි , රැගෙන ගිය දේපළ යළි ලබා ගැනීම අවශ්‍යතාව අල්ජීරියානු විදේශ අමාත්‍යවරයා අවධාරණය කළ බවයි.
අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න
Facebook| Twitter| Instagram| Google News| TikTok| YouTube
Title:යටත් විජත සමය වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙන් වන්දි ගන්නා බවට විදේශ ඇමති කළ ප්‍රකාශය කුමක්ද?
Fact Check By: Sagarika ChathumaliResult: Insight


