දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මැද පෙරදිග යුද තත්ත්වය දිගින් දිගටම උත්සන්න වෙමින් පවතිනවා. මේ අතර යුද්ධයේ සෘජු පාර්ශවකරුවකු වන ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සම්බන්ධයෙන් පල වූ අසත්‍ය සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජම්න් නෙතන්‍යාහු ම්ය ගිහින් ලු. ලොව පුරා ඇතැම් පුවත් එජන්සි මෙම තහවුරු නොකළ පුවතට අත් තටු ලබා දී තිබෙනවා” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පල වී තිබුණේ මෙලෙසින්.



එසේම මීට අදාළව තවත් සටහන් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණා.
මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
නෙතන්යාහුගේ මරණය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය තහවුරු කිරීමක් සිදු කර නැහැ
යුද තත්වය හමුවේ එල්ල වූ ප්‍රහාරයකින් කිසියම් රටක නායකයෙකුගේ ඝාතනයක් හෝ මරණයක් සිදුව ඇත්නම් එම අදාල රටේ නිල මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය මගින් ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් බෙන්ජමින් නෙතන්යාහු මිය ගොස් ඇති බවට වන මාධ්‍ය වාර්තා ඇත් ද යන්න පරීක්ෂා කළත් එවැනි මාධ්‍ය වාර්තා කිසිවක් හමු වුණේ නැහැ.
ඉරානයට පක්ෂපාතී මාධ්‍යවල සංසරණය වන වාර්තාවලින් නෙතන්යාහු මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාරයකදී මිය යන්නට හෝ තුවාල වන්නට ඇති බව දක්වා ඇති අතර, ඊශ්‍රායල බලධාරීන් මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පල වූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්. එසේම ඊශ්‍රායල අගමැති කාර්යාලය අසල පදිංචිකරුවන් කිසිදු මිසයිල ප්‍රහාරයක් හෝ පිපිරීමක් නිරීක්ෂණය නොකළ බව ද මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.
නෙතන්යාහු විසින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම සිදු කරනු ලබයි.
ඊශ්‍රායල රජයේ මාධ්‍ය කාර්යාලයේ නිල යූ ටියුබ් නාලිකාව මගින් බෙන්ජමින් නෙතන්යාහු විසින් ඊයේ දින (මාර්තු 13) සහභාගී වී ඇති මාධ්‍ය සාකච්ජාවක් මෙලෙසින් වාර්තා කර තිබෙනවා.
නෙතන්යාහු විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදු කළ එම ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
නෙතන්යාහු විසින් දිගින් දිගටම ඉරාන සහ ඊශ්‍රායල ගැටුම පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදු කරනු ලබනවා. ඒ අනුව නෙතන්යාහු අගමැති ධුරයේ සිය රාජකාරි දිගටම කරගෙන යන බව පැහැදිලි වනවා.

එසේම මාර්තු 10 වන දින නෙතන්යාහු අෂ්ඩෝඩ් වරායට ගිය සංචාරයක් සම්බන්ධයෙන් සටහනක් පල කර තිබුණේ මෙලෙසින්. ඊශ්‍රායලයේ වරාය සහ ගුවන් අවකාශය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එහි සඳහන් වනවා.

ඊශ්‍රායල රජයේ මාධ්‍ය කාර්යාලයේ නිල යූ ටියුබ් නාලිකාව මගින් නෙතන්යාහු අෂ්ඩෝඩ් වරායට ගිය ආකාරය දැක්වෙන වීඩියෝවක් පල කර තිබුණේ මෙලෙසින්.
Claim 2:සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ඉරාන ප්‍රහාර හමුවේ ඊස්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහූ මියගොස් ඇතැයි සැකයක් නැවත ඇතිවී තිබෙනවා. පහු ගියදා ඔහු ජාතිය අමතා කල කතාවේ තැන් කීපයකදී ඔහුගේ දකුණු අතේ ඇඟිලි හයක් දර්ශණය වීමත් සමග වීඩියෝව AI යොදාගෙන නිර්මාණය කරන ලද බවත් ඔහු මේ වනවිට මියගොස් ඇති බවත් සැක පහල වෙනවා .තවත් සමහරක් මාධ්‍යන් ආරක්ශයක හේතූන් මත එසේ කලායැයි අදහස්
පලකරනවා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පල වී තිබුණේ මෙලෙසින්.
එසේම මීට අදාළව තවත් සටහන් සමාජ මාධ්‍ය තුළ පල වී තිබුණා.
බෙන්ජමින් නෙතන්යාහු විසින් මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරන ලද අවස්ථාවක වීඩියෝවක ඇඟිලි 6ක් දර්ශනය වූ බව සඳහන් කරමින් ඒ අනුව
අදාල ප්‍රකාශය නෙතන්යාහු විසින් සැබෑ ලෙස පෙනී සිටිමින් සිදු කරන ලද ප්‍රකාශයක් නොව වීඩියෝව AI මගින් නිර්මාණය කරන ලද්දක් බව සඳහන් කරන අදාල සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදුකිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඊශ්‍රායල රජයේ මාධ්‍ය කාර්යාලයේ නිල යූ ටියුබ් නාලිකාව මගින් බෙන්ජමින් නෙතන්යාහු විසින් මාර්තු 13 දින සහභාගී වී ඇති අදාල මාධ්‍ය සාකච්ජාව මෙලෙසින් වාර්තා කර තිබෙනවා.
අදාල වීඩියෝවේ 34 වන තත්පරයේදී නෙතන්යාහු තම දබරැඟිලි පෙන්වා අත් දෙකෙන්ම අභිනයක් සිදු කරන අතර අභිනය අතරතුර, වීඩියෝවේ කෙටි මොහොතකට ඔහුගේ දකුණු අතේ සුළඟිල්ල ආසන්නයේ සෙවනැල්ලක් නිර්මාණය වී ඇති ආකාරය හඳුනාගත හැකියි. එම සෙවණැල්ල තවත් ඇඟිල්ලක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී ඇති බව ඒ අනුව පැහැදිලි වනවා.
එසේම සංසරණය වන දෙවන ජායාරූපය තුළ නෙතන්යාහු ගේ වම් අතෙහි ඇඟිලි හයක් නිරූපණය වන බව දක්වා තිබුණත් ජායාරූපය සමීපව නිරීක්ෂණය කිරීමේදී අතේ ඇගිලි පහක් පමණක් දර්ශනය වන බව නිරීක්ෂණය කළ හැකියි.
එසේම වීඩියෝවේ පෙර සහ පසු අවස්ථා නිරීක්ෂණය කිරීමේදී එලෙසින් ඇඟිලි 6ක් දර්ශනය වූයේ නැහැ.
එසේම නෙතන්යාහු විසින් තම ටෙලිග්‍රෑම් ගිණුම තුළ කෝපී පානය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පල කර ඇති අතර එහිදී ඔහු තම අත් දෙකෙහි ඇගිලි ද පෙන්වමින් පැතිර යන කටකතා අසත්‍ය බව තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් එම වීඩියෝව ද, AI ඔස්සේ ජනනය කර ඇති බවට ත්, AI හදුනාගැනීමේ මෙවලම් මගින් ප්‍රතිඵල පෙන්වමින් ද, සමාජ මාධ්‍ය පරිශීලකයින් අදහස් දක්වා තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ ඉරාන ප්‍රහාරයකින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මිය ගිය බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. නෙතන්යාහු විසින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම සහ නිල රාජකාරි ඉටු කිරීම සිදු කරමින් පවතින අතර ඊශ්‍රායල බලධාරීන් ද එම ප්‍රකාශය වැරදි තොරතුරක් ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.


