ජාත්‍යන්තර කරුණු විමර්ශන දිනය අදයි!

Uncategorized

Subscribe to our WhatsApp Channel

ජාත්‍යන්තර කරුණු පිරික්සුම් දිනය (International Fact-checking Day) සෑම වසරක අප්‍රේල් 2 දින සමරනු ලැබේ. අන්තර්ජාලය හරහා පැතිරෙන වර්ධනය වන අසත්‍ය තොරතුරු මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාලය හරහා දකින සෑම දෙයක්ම සත්‍ය නොවන බව ජනතාවට අවබෝධ කර ගැනීමට සිහිකැඳවීම මෙම දින සැමරුම අතිශයින්ම වැදගත් වේ.

දිනයක් වෙන් කොට ජාත්‍යන්තර කරුණු විමර්ශන දිනය වාර්ෂිකව සමරනු ලැබූවත්, සැබවින්ම කරුණු පරික්ෂා කිරීමේ පුරුද්ද වසරේ සෑම දිනකම සෑම පුද්ගලයෙකුගේ වගකීමේ කොටසක් වුවහොත්, එමඟින් දුස්තොරතුරු අවම කිරීමට සමාජයේ සෑම අයෙකුටම දායක විය හැකියි.

විශේෂයන්ම ලෝක ආර්ථික සංසදයේ 2026 ගෝලීය අවදානම් වාර්තාව කෙටි කාලීන ගෝලීය අවදානමේ දෙවන ස්ථානය ලෙස දුස්තොරතුරු සහ ව්‍යාජ පුවත් මඟින් ගෙනෙන අවදානම ශ්‍රේණිගත කර ඇති අවධියක, සෑම පුරවැසියෙකුක කරුණු විමර්ශකයෙකු වීමේ වැදගත්කම වඩාත් ඉස්මතු වී තිබෙනවා.

ජාත්‍යන්තර කරුණු පිරික්සුම් දිනයේ ඉතිහාසය

ජාත්‍යන්තර කරුණු පරීක්ෂා කිරීමේ ජාලය (International Fact-Checking Network – IFCN), විසින් 2015 දී එක්සත් ජනපදයේ පදනම් වූ මාධ්‍ය පුහුණු සහ පර්යේෂණ සංවිධානයක් වන පොයින්ටර් ආයතනය විසින් දියත් කරන ලදී. මෙහි  ඉලක්කය වූයේ ගෝලීය වශයෙන් කරුණු පරීක්ෂා කිරීමේ සංවිධාන සම්බන්ධ කිරීම සහ වෘත්තීය කරුණු පරීක්ෂා කිරීම සඳහා පොදු ප්‍රමිතීන් සැකසීමයි.

ජාත්‍යන්තර තතු පිරික්සුම් දිනය සංකල්පය 2014 දී ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේදී හඳුන්වා දුන් අතර, එම දිනය නිල වශයෙන් 2016 දී නිර්මාණය කරන ලදී. අප්‍රේල් 2 වන දා ලෙස මෙම දිනය තෝරා ගනු ලැබුවේ අප්‍රේල් 01 වන දා “මෝඩයන්ගේ දිනය” සමරන බැවින් මිනිසුන් එකිනෙකාට අසත්‍ය තොරතුරක් පවසා එම දිනය සමරන බැවින් එම අවධානමය සත්‍ය තොරතුරු පිළිබඳ කතා කිරීම සත්‍ය තොරතුරුවල වැදගත්කම පහදා දීමට හැකිවන බැවිනි. 

සක්‍රීය කරුණු පිරික්සීමේ සංවිධාන 170කට වඩා ගෝලීයව පවතී

අප Fact crescendo අප ආයතනය ද ඇතුළුව , ජාත්‍යන්තර කරුණු පරීක්ෂා කිරීමේ ජාලයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙන සක්‍රීය කරුණු පරීක්‍ෂා කිරීමේ කණ්ඩායම් 170කට වැඩි ගණනක් ලොව පුරා රටවල් 69කට වැඩි ගණනක ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ දිනය වැදගත් වන්නේ ඇයි?

සත්‍යය සහ නිරවද්‍යතාවය ප්‍රවර්ධනය කිරීමට

තොරතුරු පතුරුවා හැරීමට පෙර එය සත්‍යාපනය කිරීමේ වැදගත්කම පිළිබඳව ජාත්‍යන්තර කරුණු පිරික්සීමේ දිනය අවධානය යොමු කරයි. සමාජ මාධ්‍ය හරහා අසත්‍ය, නොමග යන සුළු තොරතුරු ඉක්මනින් පැතිර යන ලෝකයක, සත්‍ය  තොරතුරු පමණක් බෙදා ගැනීම සහතික කිරීමට කරුණු පරීක්ෂක වාර්තාවන් උපකාරී වේ.

හානිකර අසත්‍ය තොරතුරුවලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමට

කරුණු පරීක්ෂා කිරීමකින් තොරව, පුද්ගලයන්ට තමන්ට හෝ අන් අයට හානිකර විය හැකි අසත්‍ය තොරතුරු විශ්වාස කිරීමට පෙළඹිය හැකිය. එබැවින් ජාත්‍යන්තර කරුණු පිරික්සුම් දිනයේ දී සත්‍යාපනය කරන ලද ප්‍රවෘත්ති සහ තොරතුරු පරිශීලනය කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් සහ ප්‍රවර්ධනය කරමින්, සැකසහිත පුවත් අන් අය සමඟ බෙදා ගැනීමට පෙර එහි නිරවද්‍යතාවය තහවුරු කිරීමට දිරිමත් කරයි.

කරුණු පරීක්ෂා කිරීම විවේචනාත්මක චින්තන කුසලතා ගොඩනඟයි

සත්‍ය පරීක්‍ෂාව පුද්ගලයන්ට තමන් පරිභෝජනය කරන තොරතුරු ගැන විවේචනාත්මකව සිතීමට දිරිගන්වන අතර, ව්‍යාජ ප්‍රවෘත්ති හෝ වැරදි තොරතුරුවලට හසුවීමට ඇති ඉඩකඩ අඩු වඩාත් බුද්ධිමත් පාඨකයන් සහ අසන්නන් නිර්මාණය කිරීමට උපකාරී වේ.

ජාත්‍යන්තර කරුණු විමර්ශන ආයතනයේ(IFCN) සහතික ලත් Factcrescendo අප කණ්ඩාම

FactCresendo Sri Lanka යනු ෆැක්ට්ක්‍රෙසෙන්ඩො මව් සමාගමේ ශාඛාවක් වන අතර මියන්මාරය,  බංග්ලාදේශය,  ඇෆ්ගනිස්තානය, තායිලන්තය වැනි කලාපීය රටවල ද මේ ආකාරයෙන් ශාඛා පසුගිය වසර කිහිපය තුළ පිහිටුවීමට සමත් වී තිබේ.

Factcresendo ප්‍රධාන කාර්යාලය ඉන්දියාවේ පිහිටා තිබෙන  අතර හින්දිදමිළමලයාලම්බංග්ලාමරාටිගුජරාටිඅසාම්ඔඩියා ඇතුළු ඉන්දීය භාෂා රැසකින් ද අප කරුණු විමර්ශනයන් සිදු කෙරේ.

අපගේ කරුණු විමර්ශන ස්වාධීනව කරුණු විමසීම් අගය කරන බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වෙන්නේ ද අපගේ නිර්පාක්ෂිකභාවය හේතුව නිසාවෙනි. එසේම, IFCN ජාත්‍යන්තර කරුණු විමර්ශන ජාලයේ මාර්ගෝපදේශ වලට අනුකූලව 2018 වර්ෂයේ සිට වාර්ෂිකව තත්ත්ව සහතිකය ලබා ඇත්තේද, නියමිත මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කරන බැවින් සහ අපගේ කරුණු පරීක්ෂාවල නිර්පාක්ෂිකභාවය සහ සාධාරණත්වය මෙන්ම ක්‍රමවේදයේ ප්‍රමිතිය සහ විනිවිදභාවය, අරමුදල් සපයා ගැනීමේ  විනිවිදභාවය, විවෘත හා අවංකභාවය, සත්‍ය පමණක් හෙළි කිරීම වැනි ප්‍රතිපත්තිය ඇතුළු කරුණු හේතුකොට ගෙනයි. 

අප වෙත කරුණු පරීක්ෂාවන් සිදු කිරීමට ඉල්ලීම් සමාජ මාධ්‍ය හරහා පරිශීලකයින් යොමු කරන අතර ඒ අතරින් ස්වාධීනව සත්‍යාපන කළ හැකි කරුණු සම්බන්ධයෙන් පමණක් අප කරුණු විමර්ශනය සිදු කරනු ලබනවා.  කරුණු පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර, සියලු වර්ගවල තොරතුරු පරීක්ෂා කළ නොහැක. කරුණු පරීක්‍ෂා කරන්නන් සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ සත්‍යාපනය කළ හැකි සත්‍ය හිමිකම් මත මිස මත හෝ අනාවැකි, උපකල්පන මත නොවේ.

Facebook ආයතනයේ කරුණු විමර්ශන කරන තෙවන පාර්ශ්වයක් ලෙස Facebook ආයතනය විසින් නිර්දේශ කරන ලද ශ්‍රේණිගත කිරීම් සිදු කිරීමේ බලය ලත් ලංකාවේ කරුණු විමර්ශන කණ්ඩායම අප වෙමු. ඒ අනුව අසත්‍ය(False), සංස්කරණය කරන ලද ඡායාරුප හෝ වීඩියෝ (Altered), අර්ධ වශයෙන් අසත්‍ය(Partly False), සම්පූර්ණ තොරතුරු නොමැති වීම හේතුවෙන් පාඨකයා නොමඟ යා හැකි පුවත්(Missing Context), උපහාසාත්මක කෝණයෙන් පළ වන නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් (Satire) සම්බන්ධයෙන් අප කරුණු විමර්ශන සිදුකරනු ලබනවා.

අසත්‍ය පැතිරීම වැළැක්වීම සඳහා Facebook ආයතනය විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීම්(Rating) වලට ලක් වුවද, ඇපීල් කිරීමක්(Appeal) මගින්ද ඉවත් කර ගැනීමේ අවකාශයක ද පවතිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

නමුත් කිසිදු අවස්ථාවක කිසිදු ෆේස්බුක් සටහනක්, පිටුවක් හෝ ගිණුමක් අවහිර කිරීමට, ඉවත් කිරීමට අපට අවකාශයක් නොමැත. ශ්‍රේණිගත කිරීම් (Rating) හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ වන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳ එම සටහන් දකින පාඨකයින් දැනුවත් වීමක් සිදුවන අතර වැඩි පිරිසක් අතර අසත්‍ය පුවත් හුවමාරු වීම ද සීමා වේ. මේ පිළිබඳ ෆේස්බුක් ආයතනයේ පැහැදිලි කිරීම මෙතනින්.

අප Factcrescendo කණ්ඩායම 2018 වසරේ සිට IFCN මූලධර්ම සංග්‍රහයේ සත්‍යාපිත අත්සන්කරුවන් වෙති. 

WhatsAppහි ද අප IFCN කරුණු පරීක්ෂා කිරීමේ සංවිධානයක් ලෙස සහතික වී තිබේ. faq.whatsapp.com

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp


Leave a Reply

Your email address will not be published. Required fields are marked *