කොමර්ෂල් බැංකුව හරහා වූ වංචාවක් ගැන CIDයෙන් විමර්ශනයක් සිදු කරනවාද?

Insight Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

එක් එක් සන්නාමයන්ට හානි පැමිණවීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සමාජගත කිරීම නැතිනම් සත්‍ය සිදුවීමක් නොමග යන අන්දමින් වාර්තා කිරීම ඇතැම් මාධ්‍ය කණ්ඩායම් තුළ ද, දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙසින් සමාජයේ දැඩිව කතා බහට ලක් වූ ප්‍රසිද්ධ සන්නාමයක් උපයෝගී කරගනිමින් සිදුකළ වංචාවක් පිළිබඳ නොමග යන අන්දමින් පළ කළ සමාජ මාධ්‍ය සහනක් පිළිබඳ අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

කොමර්ෂල් බැංකුව හරහා වූ තවත් හොරකමක් ගැන CID විමර්ශනයක්! යනුවෙන් සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link Archived Link

මෙම තේමාවෙන් පළ වූ තවත් සටහන් කිහිපයක් පහතින්.

මෙම සටහන් වල පළ වන ලෙස කොමර්ෂල් බැංකුවේ මුදල් ගනුදෙනු සිදු කරන ඩිජිටල් පද්ධතිය අනාරක්ෂක බැවින් වංචාක් සිදු වී ඇත්ද යන්න හා ඒ හා සම්බන්ධ බැංකුවේ නිලධාරීන් සැකකරුවන් ලෙසින් ප්‍රශ්න කිරීම සිදුවනවා ද, යන්න පිළිබඳ කරුණු සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

2025 අගභාගයේ සහ 2026 වසරේ මුල් භාගයේදී “ComBank Digital” පද්ධතියට සමාන අයුරින් සැකසූ ව්‍යාජ වෙබ් අඩවි හරහා පාරිභෝගිකයන්ගේ මුදල් සොරකම් කිරීමෙනි.

සයිබර් අපරාධකරුවන් විසින් කොමර්ෂල් බැංකුවේ නිල වෙබ් අඩවියට අතිශයින්ම සමාන ව්‍යාජ පිටු නිර්මාණය කරමින් මොවුන් පාරිභෝගිකයන්ව රවටා ගනිමින් මෙම වංචාවසිදු කළත්, මෙය කොමර්ෂල් බැංකුව පද්ධතිය මගින් සිදු කළ වංචාවක් නොවේ.

මෙය ක්‍රියාකර තිබුණේ, Google හි “Commercial Bank login” ලෙස සෙවූ විට, සැබෑ වෙබ් අඩවියට ඉහළින් වෙළඳ දැන්වීමක් ලෙස මෙම ව්‍යාජ අඩවිය පෙන්වා ඇති අතර, SMS සහ WhatsApp පණිවිඩ: “ඔබේ ගිණුම අත්හිටුවා ඇත” හෝ “තොරතුරු යාවත්කාලීන කරන්න” යනුවෙන් පවසමින් ව්‍යාජ සබැඳි (Link) දක්වා ඒ ඔස්සේ මෙම ව්‍යාජ වෙබ් අඩවියට ගනුදෙනුකරුවන් ගෙන්වා ගෙන තිබේ.

ඔබ එම ව්‍යාජ අඩවියට යන ගනුදෙනු කරුවන් වෙබ් අඩවියට පිවිසීසමට User ID සහ Password ඇතුළත් කළ සැණින්, එම තොරතුරු වෙබ් අඩවිය හරහා වංචාකරුවන් අතට පත්වේ.

ඉන්පසු එම ව්‍යාජ අඩවිය මඟින් ඔබෙන් එක් වරක්යොමු කරන මුරපදය (OTP) අංකයක් ඉල්ලනු ලබයි. ඔබ එය ඇතුළත් කළ විට, වංචාකරුවන් එම අවස්ථාවේදීම සැබෑ බැංකු පද්ධතියට ලොග් වී ඔබේ ගිණුමේ ඇති මුදල් වෙනත් ගිණුම්වලට හුවමාරු කර ගනී.

කෙසේ වෙතත් මෙය ව්‍යාජ වෙබ් අඩවියක් මාර්ගයෙන් සිදු කළ වංචාවක් වන අතර නිල කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය හරහා සිදුවීමක් නොවේ.

කොමර්ෂල් බැංකුව

බැංකුවේ අභ්‍යන්තර පද්ධති සුරක්ෂිත බවත්, මෙම වංචාවට හසුව ඇත්තේ පාරිභෝගිකයන් නොදැනුවත්ව තම රහස්‍ය තොරතුරු බාහිර පාර්ශවයන්ට ලබාදීම නිසා බවත් බැංකුව අවධාරණය කරයි. නමුත් ඇතැම් මාධ්‍ය විසින් මෙය කොමර්ෂල් බැංකු විසින් සිදු කළ වංචාවක් ලෙස සමාජයට ගෙනයාමට දිගින් දිගටම උත්සහ දරන බවත්, මෙම වංචාව පිළිබඳ බැංකුව තුළ නිලධාරීන්ගෙන් ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් ප්‍රශ්න කිරීම් කරන බව ත්, මෙය බැංකුව තුළ වූ වංචාවක් ලෙස ඒත්තු ගැන්වීමට කටයුතු කරන බව ත්, සඳහන් කළා. 

මේ පිළිබඳව ඔවුන් සිය නිල ෆේස්බුක් ගිණුමේ ද, සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Facebook

ගූගල් ඔස්සේ පළ වූ වංචනික වෙබ් අඩවි දැන්වීම් හරහා අනිෂ්ට වෙබ් අඩවි වෙත යොමු වීමෙන් මෙම වංචා සිදුව ඇති බැවින්, පූර්වාරක්ෂාව සඳහා පියවරක් ලෙස, පාරිභෝගිකයින්ට දෛනික ගනුදෙනු සීමාව 100,000 දක්වා සීමා කරන ලදී. මෙම සීමාව අඩු කිරීම කොමර්ෂල් බැංකුවේ වෙබ් මාර්ගයෙන් ComBank Digital පද්ධතියේ ගනුදෙනු සිදුකරන පාරිභෝගිකයන් සඳහා පමණක් සීමා කර තිබූ අතර, ජංගම යෙදුම්(App) ගනුදෙනු සීමාවන්ට බලපෑමක් මින් සිදු නොවීය.

නිල කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය ලෙස පෙනී සිටිමින්, ඔවුන් ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගන්නා User ID ,Password සහ OTP නිල ComBank Digital පද්ධතියට හරහා යොමු කොට ගනුදෙනුකරුවන්ගේ බැංකු ගිණුම් වෙත පිවිස තිබේ.

මෙම වංචාවන්ට හසුවූ ගනුදෙනුකරුවන්ගේ මුදල් හැකි පමණින් ලබා ගැනීමට කටයුතු කළ අතර මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ද, දැනුවත් කර අදාළ ව්‍යාජ වෙබ් අඩවිය ඉවත් කිරීමට කටයුතු කළ බව ත් ඔවුන් සඳහන් කළා.

සෑම විටම නිල ComBank Digital පද්ධතියට පිවිසීමට නිල URL එක පරීක්ෂා කිරීම මෙන් ම, ජංගම යෙදුම්(Mobile App) හරහා ගනුදෙනු කිරීමට වගබලා ගැනීම කළ යුතු බව ඔවුන් අවධාරණය කරනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි වූ පාරිභෝගිකයන්ගේ පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ පවත්වනු ලබයි.

මෙම ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, සැකකරුවන් කිහිපදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ගෙන තිබේ. එමෙන් ම අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ විමසීමක් කළ අතර එහි ඉහළ නිලධාරියෙකුද, සඳහන් කළේ, කොමර්ෂල් බැංකුවේ නිල වෙබ් අඩවිය ආකාරයෙන් නිර්මාණය කර ඇති ව්‍යාජ වෙබ් අඩවියක් හරහා මෙම වංචාව සිදුව ඇති බවයි. මෙය බැංකුවේ නිල වෙබ් අඩවිය හැක් කිරීමක් මගින් සිදු වූ වාංචාවක් නොවන බවයි. එමෙන් ම මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව ත්, සැකකරුවන් ලෙසින් බැංකු නිලධාරීන්ගෙන් ප්‍රශ්න සිදු කිරීම් කිරීම සිදු කර නොමැති බව ත්, මෙය බැංකුවේ නිලධාරීන් සම්බන්ධ බවට ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝ අනාවරණය කර ගෙන නොමැති බව ත්, සඳහන් කළා.

මෙවැනි වංචනික වෙබ් අඩවි වලින් ඔබ ආරක්ෂා වන්නේ කෙලෙසද?

URL එක පරීක්ෂා කරන්න: සැමවිටම https://www.combank.lk හෝ https://www.combankdigital.com යන නිල ලිපිනයන් පමණක් භාවිතා කරන්න.

Mobile App භාවිතා කරන්න: වෙබ් අඩවි වලට වඩා නිල ComBank Digital ජංගම යෙදුම (App) භාවිතා කිරීම වඩාත් ආරක්ෂිතයි.

OTP රහස්‍යභාවය: කිසිම විටක දුරකථන ඇමතුමකින් හෝ පණිවිඩයකින් OTP අංකය කිසිවෙකුට ලබා නොදෙන්න. බැංකු නිලධාරීන් කිසිවිටෙකත් ඔබෙන් OTP අංකය හෝ මුරපදය අසන්නේ නැත.

සැක සහිත ලින්ක්: SMS හරහා එන සැක සහිත ලින්ක් මත ක්ලික් කිරීමෙන් වළකින්න.

ඔබ වංචාවකට හසු වූ බව දැනේ නම්:

වහාම කොමර්ෂල් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන +94 11 2353353 අමතා ඔබේ ගිණුම් අත්හිටුවීමට (Freeze) පියවර ගන්න. ඉන්පසු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ CID ආයතනයට පැමිණිලි කරන්න. 

මෙය ඔ්නෑම බැංකුවක අන්තර්ජාලය හරහා ගනුදෙනු කෙරෙන පාරිභෝගිකයන්ට පොදුවේ පිළිපැදිය හැකි පියවරයන් වේ.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර පරිගණක සංසදය

බැංකු පිටුවලට සමාන ව්‍යාජ බැංකු පිටු සම්බන්ධයෙන් උත්සව සමයේදී ද, ප්‍රවේශම් විය යුතු බවට ඔවුන් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Facebook

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න

Facebook| Twitter| Instagram| Google News| TikTok

Result Stamp

Title: කොමර්ෂල් බැංකුව හරහා වූ වංචාවක් ගැන CIDයෙන් විමර්ශනයක් සිදු කරනවාද?

Written By: Pavithra Sandamali

Result: Insight


Leave a Reply

Your email address will not be published. Required fields are marked *