
පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය තුළ රුසියාව සහ NATO සංවිධානය අතර මතුව ඇත්තේ උණුසුම් වාතාවරණයක්. රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව NATO සංවිධානයේ සාමාජික රටවල් සිය විරෝධය පළකර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ සමාජ ජාලා වලද මේ සම්බන්ධයෙන් විවිධ නොමගයවන සුලු ප්‍රචාර පැතිර යනවා. මේ සමාජ ජාලා තුළ පැතිර යන එවැනි නොමගයවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
NATO සංවිධානය සහ රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව සහ රුසියාව මගින් බ්‍රිතාන්‍යට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ලකිරීමේ අවදානමක් පිළිබඳවද , බ්‍රිතාන්‍ය රැජිණ බකිංහැම් මාලිගයෙන් පිටව ආරක්ෂිත ස්ථානයක සැගවීම ආදිය විස්තර කරන BBC පුවතක් ආකාරයෙන් මෙම වීඩියෝව සමාජ ජාලා තුල පැතිර යනවා . මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වන්නේ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය හරහායි. එම වීඩියෝව පහතින්.

Read also : රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )
මුලින්ම අප NATO සංවිධානය සහ රුසියාව අතර, මෙම වීඩියෝවේ සදහන් ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව ඇද්ද යන කරුණ පිළිබඳව විමසා බැලීමක් සිදු කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ එවැනි මාධ්‍ය වාර්තා නොමැති බවයි.
එමෙන්ම බ්‍රිතාන්‍යට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ලවන බවට හෝ ඉහත ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයක් නේටෝ සංවිධානය සහ රුසියානු ආරක්ෂක අංශ අතර ඇතිව ඇද්ද යන කාරණය පිළිබඳව BBC ය විසින් සැබැවින්ම වාර්තා කර ඇද්ද යන කාරණය පිළිබඳව සොයා බැලීමේදී අපට දැකගන්නට ලැබුණේ ඔවුන් එවැනි පුවතක් වාර්තා කර නොමැති බවයි.
එසේ නම් මෙම අසත්යසහගත වීඩියෝව පිළිබඳව BBC ය විසින් ප්‍රතිචාර දක්වා ඇතිද යන කාරණය පිළිබඳව සොයා බැලීමේදී අපට දැකගන්නට ලැබුණේ 2018 වසරේදීද මෙම වීඩියෝව සංසරණය වී ඇති බව සහ එහිදී ඔවුන් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් තමන් කිසිවිටෙක මෙවැනි පුවතක් වාර්තා කර නොමැති බවට ට්විටර් සටහනක් තබා තිබුණු බවයි.

මෙම වීඩියෝවේ ප්රවෘත්ති නිවේදකයා ලෙස කටයුතු කරන රංගන ශිල්පියාගෙන්(Mark Ryes) BBC ය විසින් මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ මෙය අයර්ලන්තය කේන්ද්‍ර කරගත් Benchmarking Assessment Group නම් සංවිධානයක් විසින් තම සේවාදායකයන් ආපදා තත්තවයකට මුහුණදීමේදී හැසිරෙන ස්වභාවය කෙබදුදැයි නිරීක්ෂණය කිරීම සඳහා මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා මෙම වීඩියෝව සකසා ඇති බවයි. මේ පිළිබඳව වන BBC වාර්තාව මෙතනින්. Archived.
මේ සම්බන්ධයෙන් වෙනත් කරුණු පරීක්ෂක කණ්ඩායමක් කළ විමර්ශනයක් මෙතනින්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන කාරණය වන්නේ නේටෝ සංවිධානය සහ රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවන බව පවසමින් ප්‍රචාරණය වන මෙම වීඩියෝව අසත්‍ය එකක් වන අතර එම වීඩියෝවේදී BBC ආයතනයේ නිල ලාංඡනයද අවභාවිතයට ලක්ව ඇත. සැබැවින්ම මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ ආපදා තත්ත්වයකදී මිනිසුන් හැසිරෙන ස්වභාවය නිරීක්ෂණය කරන මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් සදහා වෙනත් ආයතනයක් වන අතර BBC ආයතනය මෙවැනි ප්‍රවෘත්තියක් ප්‍රචාරණය කර නොමැත. 2018 වසරේදිද මෙය සමාජ ජාලවල පැතිර තිබෙනවා .
Read also : යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

Title:FACT CHECK: NATO සංවිධානය සහ රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවිය හැකි බවට BBC අනතුරු හැඟවීමක් ???
Fact Check By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,