හිටපු යුක්රේන රූ රැජිණක් යුක්රේන හමුදාවට බැඳුනාද?

International Misleading

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ඒ හා සම්බන්ධ ඇතැම් නොමග යවන සුළු කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ජාත්‍යන්තර වශයෙන්ද සංසරණය වෙනවා. මේ අතර හිටපු යුක්රේන රූ රැජිනක් යක්රේන හමුදා සේවයට බැඳුනු බවට පළ වූ ෆේස්බුක් සටහන් ඔස්සේ සැබවින්ම ඇය යුක්රේන හමුදාවට බැඳුනාද යන්න පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

2015 වසරේ Miss Ukraine කිරුළ පැළඳූ, Anastasiia Lenna සිය නිරූපන ක්ෂේත්‍රයෙන් සමුගෙන යුක්රේන හමුදාවට බැඳී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් ඉංග්‍රීසි බසින් සටහන් කරමින් පළ කර තිබෙනු අපට දක්නට ලැබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එම සටහන මේ වන විට ෆේස්බුක් පරිශිලකයින් 1500 දෙනා අතර සංසරණය වී තිබෙනවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

හිටපු යුක්රේන රූ රැජිණ වන ඇනස්ටේෂියා ලෙනා සැබවින්ම සිය මව් රට වන යුක්රේනය සහ රුසියාව අතර පවතින අර්බුද මධ්‍යයේ සිට රට වෙනුවෙන් හමුදා සේවයට බැඳුනාද යන්න විමර්ශනය කිරීම සඳහා අප ප්‍රථමයෙන්ම ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් නිරීක්ෂණය කිරීමට පියවර ගනු ලැබුවා.

ඇය තමන් හමුදා සේවයට බැඳුනු බවට කිසිදු සඳහනක් නොකර බවට නිරීක්ෂණය වූවත් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ දක්වා තිබූ ඡායාරූප දෙකක් වෙත අපගේ අවධානය යොමු වුණා.

තුවක්කුවක් අතැතිව හමුදා නිල ඇඳුමකින් සැරසී සිටින අයුරු දැක්වෙන මෙම ඡායාරූප දෙක යුක්රේන යුදමය වාතාවරණය ඇතිවීමෙන් පසු ඇය මීට දින කිහිපයකට පෙර බෙදාගෙන තිබුණ අතර ඇය ඒ සඳහා හෑෂ් ටැග් ලෙස #standwithukraine සහ #handsoffukraine ද එකතු කර තිබුණා.

Archived Link

ඇය විසින් හමුදා නිල ඇඳුමකින් සැරසී සටන් වදින ආකාරයේ දැක්වෙන තවත් පළ කිරීම් කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් මෙම ඡායාරූප හේතුවෙන් බොහෝ පිරිසක් නොමග ගොස් තිබූ බැවින් ඇනස්ටේෂියා ලෙනා විසින් නැවතත් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවට වීඩියෝවක් එක් කරමින් සඳහන් කළේ, තමන් යුක්රේන හමුදාවට නොබැඳුනු බවත් තමන් එම ඡායාරූපය පළ කළේ මිනිසුන් දිරිගැන්වීම සඳහා පමණක් බවයි. එමෙන්ම ඇය එයාර්සොෆ්ට් ක්‍රීඩිකාවක් බව ද සඳහන් කරමින් පැවසුවේ ඇයගේ සියලුම පළ කිරීම් වල ඇත්තේ මිනිසුන් දිරිමත් කිරීමට පමණක් බව ඇය වැඩි දුරටත් සඳහන් කර තිබුණා. එම සටහන පහතින්.

Archived Link

මේ සම්බන්ධයෙන් සත්‍ය හෙළිකරනු ලැබූ තවත් පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය) :

2015 වසරේ Miss Ukraine කිරුළ පැළඳූ, Anastasiia Lenna සිය නිරූපන ක්ෂේත්‍රයෙන් සමුගෙන යුක්රේන හමුදාවට බැඳී ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ. ඇය පවසනු ලබන්නේ ඇය යුක්රේන හමුදාවට නොබැඳුනු බවත් එම ඡායාරූපය පළ කළේ මිනිසුන් දිරිගැන්වීම සඳහා පමණක් බවයි. එමෙන්ම ඇය එයාර්සොෆ්ට් ක්‍රීඩිකාවක් බවත් එම ක්‍රීඩාවේදී ලබා ගත් ඡායාරූප මෙලෙස ඇය සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කර තිබෙනවා.

Avatar

Title:හිටපු යුක්රේන රූ රැජිණක් යුක්රේන හමුදාවට බැඳුනාද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *