ගණේමුල්ලේ සංජීව ඝාතනයට සම්බන්ධ වූ සැකකාරිය  අත්අඩංගුවට ගත්තා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා පසුගිය 19 වන දින කොළඹ අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළ ඝාතනයට ලක් වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙරට බොහෝදෙනාගේ අවදානය යොමුව තිබෙනවා. එමෙන් ම මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විවිධ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බැවින් එම සටහන් සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කරනු ලැබුවා.

සමාජ මාධ් සටහන් (Social Media)

“අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සහ ආයුධය ගෙනත්දුන් සැකකාරිය අත්අඩංගුවට” යනුවෙන් සඳහන් කරමින් මෙම ඝාතනය සිදුවූ දිනයේ ම එනම් පසුගිය (19) දින ම සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්,

Fb|Archive

එමෙන් ම තව ත් සටහනක් පහතින්.

එබැවින් මෙලෙස ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා අනුබල දුන් කාන්තාව එම සිදුවීම වූ දිනයේ ම (19) අත්අඩංගුවට ගෙන තිබේද යන්න අප පරීක්ෂා කර බැලුවේ මේ අයුරින්.

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම) :

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන්නේ සැකකාර කාන්තාවක් බවත්, වෙඩික්කරුට නීතීඥවරියක් ලෙස සැරසී ගිනිඅවිය රැගෙන විත් ඇත්තේ එම කාන්තාව බවත් , වෙඩි තැබීමෙන් පසු සැකකාරිය පලාගොස් ඇති බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පසුගිය දා ප්‍රකාශ කරනු ලැබුවා. එම කාන්තාව ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විෂේශ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් ඔහු ප්‍රකාශ කරනු ලැබුවා. එම ප්‍රකාශය මෙතනින්.

නමුත් එම ඝාතනය සිදු වූ දින ම පුත්තලම පාලවිය ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුකළ බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගත් නමුත් ඝාතකයාට ගිනි අවිය රැගෙනවිත් දුන් කාන්තාව අත්අඩංගුවට ගත්බවට පොලිස් මාධ් ප්රකාශක බුද්ධික මනතුංග ප්රකාශ නොකරන ලදී. එම ප්‍රකාශය මෙතනින්.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් පසු පලාගිය සැකකාරිය ඝාතනයෙන් පසු දිනය වනවිටත් සොයාගත නොහැකි වී ඇති බැවින් සැකකාරිය සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලීමක් සිදුකර තිබුණා.

සැකකාරිය සම්බන්ධ තොරතුරු සහ ඡායාරූප සහිතව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසා තිබුණේ, මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇති බවයි.

එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව ද පොලීසිය පවසා තිබුණා.

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ද මේ බව මහජනතාවට දැනුම්දී තිබුණේ මේ අයුරින්.

කෙසේ වෙතත් අප ප්‍රධාන මාධ්‍ය ඔස්සේ එවැනි පුවතක් වාර්තා කර තිබෙනවා ද යන්න පරීක්ෂා කළ නමුත් මේ වන විටත් එම කාන්තාව අත්අඩංගුවට ගත් බවට පුවත් වාර්තා වී නොතිබුණි.

අප මේ පිළිබඳව පොලිස් මාධ් කොට්ඨාශයෙන් විමසීමක් සිදුකළ අතර එහිදී තහවුරු කරනු ලැබුවේ අප විමසන මොහත වන තුරුත් එම කාන්තාව අත්අඩංගුවට ගෙන නොමැති බවයි. ඊයේ (21) දිනයේ දී ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබූ ඝාතකයා ලෙසට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාගේ පෙම්වතිය අත්අඩංගුවට ගත් නමුත් ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා එදින අනුබල දුන් කාන්තාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය තහවුරු කරනු ලැබුවා.

එම කාන්තාවගේ ලිපිනය ද මීගමුවේ වන බැවින් සහ එම කාන්තාව සමඟ සබඳතා පවත්වමින් මෙම ඝාතනයට අනුබල දුන් මීගමුව පොලිසියෙ පොලිස් කොස්තාපල්වරයෙක් ද මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පුවත් වාර්තා වී තිබූ බැවින් අප මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා ද යන්න විමසූ අතර මීගමුව පොලිසිය ද තහවුරු කරනු ලැබුවේ එම කාන්තාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

රටේ ආරක්ෂක තත්ත්වය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවති අතර එහිදී ද එම මහතා මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවක් ප්‍රකාශ නොකරන ලදී. 

ගණේමුල්ල සංජීව ඝාතනයට අනුබල දුන් කාන්තාව වන ඉෂාරා සෙව්වන්දි යන කාන්තාවගේ මිත්තණිය විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසනු ලබන්නේ මාස 3කින් මෙම කාන්තාව නිවසට නොපැමිණි බවයි. එමෙන් ම ඇය මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් මීට පෙර ද සිරගතව සිටි බවත් ඇය පවසනවා.

https://www.facebook.com/share/v/17kpBSh65Z/‍

වෙඩික්කරුගේ පෙම්වතිය අත්අඩංගුවට ගැනීම.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය විසින් ඊයේ(21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට ඇය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති අතර වයස අවුරුදු 23ක් වන එම කාන්තාව කපුගෙදර ගිම්හානි තරුෂිකා දෙව්මිණි නමැති මහරගම, පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසනවා. ඒ පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.

ඇය පන්නිපිටිය, 174 මාර්ගයේ සම්බාහන මධ්‍යස්ථානයක සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු මෙම කාන්තාවද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

ඒ අනුව තහවුරු වන්නේ ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස සැකපිට අත්ඩංගුවට ගෙන ඇති පුද්ගලයාගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන ඇති නමුත් පසුගිය 19 වන දින ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා අනුබල දුන් බවට හඳුනාගෙන ඇති කාන්තාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. 

එසේම අද (22) වන දින නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ඒකකය විසින් දැනට මෙම ගනේමුල්ල සංජීවගේඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් ද මෙසේ නිකුත් කර ඇති අතර එහි ද වෙදික්කරුගේ සහයට පැමිණි බවට සැකකරන කාන්තාව ගැන සඳහන් වන්නේ නොමැති අතර ඒ අනුව ද එම කාන්තාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පැහැදිලි වෙනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස සැකපිට අත්ඩංගුවට ගෙන ඇති පුද්ගලයාගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන ඇති නමුත් පසුගිය 19 වන දින ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා අනුබල දුන් බවට හඳුනාගෙන ඇති කාන්තාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Avatar

Title:ගණේමුල්ලේ සංජීව ඝාතනයට සම්බන්ධ වූ සැකකාරිය අත්අඩංගුවට ගත්තා ද?

Written By: Piumika Lakshani 

Result: False


Leave a Reply